News Category
From Date
To Date
Maximum Number of Result

කුලියට හැඬූ මීගමු කාන්තාවන් ගේ කතාව

Nov 21, 2024 at 12:29 PM
|

“කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ

කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ

මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ

ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ”

මෙම ජන කවිය බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත. මෙය මතු පිටින් එක්තරා ආකාරයකට පරිසර වර්ණනාවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පාසල් පෙළපොත්වල ද මේ කවිය පරිසර වර්ණනාවක් ලෙස දක්නට ලැබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ උපත ලද මෙම ජන කවිය අපේ රටේ සිවිල් සේවා නිලධාරියෙකු ව සිටි, විශිෂ්ට ජනශ්‍රැති පර්යේෂකයකු ද වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් 1964 වර්ෂයේදී සම්පාදනය කරන ලද “සිංහල කාව්‍ය සංග්‍රහය – මාතර යුගය” කෘතියෙහි ද ඇතුළත් කර තිබේ.

මේ කවියෙහි මතුපිටින් ධ්වනිත වන අර්ථයට වඩා බෙහෙවින්ම වෙනස් අරුතක් මෙහි අභ්‍යන්තරයෙහි පවතින බව වර්තමානයෙහි ප්‍රකට ජනශ්‍රැති පර්යේෂකයෙකු වන මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා සියනෑ කෝරලයෙහි ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ කරන ලද ගවේෂණයක් මගින් අනාවරණය කරගෙන තිබේ. කුවේණිගේ සනුහරේ ගැන කතා කරන මා ඒ පිළිබඳ කතාව පසෙක තබා මේ ලෙස ජන කවියක් විවරණය කරන්නට යන්නේ ඇයිද? යන්න මෙය කියවන ඔබට ගැටලුවක් විය හැකිය. නමුත් මීට වඩා හොඳ ආරම්භයක්, ඊට තිබිය හැකි යැයි මට නම් නොසිතේ. එනිසා අපි යළිත් ඒ ජන කවියේ කතාවට යමු. සේනාසිංහ මහතාගේ ගවේෂණයෙහි මෙවැනි සඳහනක් වෙයි.

කුලියට හැඬූ මීගමු කාන්තාවන් ගේ කතාව

“දහ අට වන සියවසේ අග භාගයත්, දහ නව වන සියවසේ මුල් භාගයත් අතර අපේ රටේ සියනෑ කෝරළයෙහි විසූ මහා ධන කුවේරයකු ගේ ලිංගික ජීවිතය මෙම ජන කවියෙහි ඇතුළතින් ගම්‍ය වන අර්ථයයි. මේ තැනැත්තා සුවිසල් පොල් ඉඩම් ඇතුළු විශාල දේපළකට උරුමකම් කියූවෙකි. අපේ රටේ බොහෝ ප්‍රභූ සහ රදළ පැලැන්තියේ අතීතයේ බහුලව දක්නට ලැබුණු තත්ත්වයක් නම් තමන්ගේ ඉඩකඩම් ආදියෙහි වැඩ කටයුතුවල යෙදෙමින් ජීවනෝපාය සලසා ගන්නා එම ගම් ප්‍රදේශවලම වාසය කරන සේවක කාරකාදීන්ගේ රූමත් බිරියන් සහ තරුණ දියණියන් තම ලිංගික අවශ්‍යතා සඳහා යොදා ගැනීම ය. මෙහිදී එම භාර්යාවන්ගේ ස්වාමිපුරුෂයන් හට මීට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අවසර දෙන්නට සිදුවේ. “කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ” යනු ඒ තැනැත්තාගේ එම ලිංගික චර්යාවයි.

“කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ” යනු එම දෙදෙනා අතර සිදුවන ලිංගික කාර්යය බව දැක්වේ. එසේම මෙම ධන කුවේරයා සමග අනියම් ඇසුරක් පැවැත්වීම පවා එම කාන්තාවන් සලකන්නේ තමන්ට ලැබෙන ගරු නම්බුවක් ලෙස ය. එනිසා ඔවුන් තම සැමියාට සේම ගම්මුන්ට පවා මහත් උඩඟු බවක් පෙන්වූ බවද ප්‍රකට කරුණකි. මෙම දෙවන පද පේළියෙන් එම අරුත ද ගම්‍ය වන බව පැවසේ.

“මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ” යන්නෙන් එම කාන්තාවන්ගේ සැමියන් පිළිබඳව අදහස් කෙරේ. එම ප්‍රභූවරයාගේ දාසයන් වන තමන්ට සිදුවන මෙවැනි ප්‍රබල අසාධාරණයකදී පවා හිස වනා එය පිළිගැනීම මිස ඊට එරෙහිව යෑමට ඔවුන්ට හයියක් තිබුණේ නැත. එනිසා මෙම ස්වාමිපුරුෂයන්ව මී හරකාට උපමා කෙරිණි.

“ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ” මෙහි සිව්වන පේළියයි. ඇටිකිත්තන් යනු කුඩා ගෙඹි විශේෂයකි. මීට ජානෝ හෙවත් ජනතාව යන පදය එකතු කිරීමෙන් කවියා අදහස් කරන්නට ඇත්තේ අවශේෂ ජනතාව ය.

“ජෙග ජෙග” ගෑම යනු ඔවුනොවුන් රහසේ කතිකා කිරීමයි. ගමේ ප්‍රභූවරයකුගේ කුමන ක්‍රියාවකට වුවද එළිපිට විරෝධය දැක්වීමට අතීතයේ සාමාන්‍ය ජනතාව බිය වූහ. එනිසා ඔවුන් මෙවැනි දෙයක් කතා කරන්නේ රහසේ ය. මෙහි “ජෙග ජෙග” යන්නට තවත් විවරණයක් ද සේනාසිංහ මහතා සිය ලිපියෙහි දක්වයි. අරාබි බසින් ලිංගික ක්‍රියාව දක්වන පහත් ඕලාරික වදනක් වන්නේ “ජිගි ජිගි” යන්න ය. මෙහි ජිගි යන වදන having sex යන අරුත ගෙනෙන, නමුත් පහත් වදනක් ලෙස ඉංග්‍රීසි ශබ්ද කෝෂවල දැක්වේ.

අපේ රටේ අතීතයේ ජීවත් වූ බොහෝ ප්‍රභූවරුන්ගේ සහ රදළ පැලැන්තියේ ක්‍රියාකාරකම් ඉහත සඳහන් කළෙමු. මෙයින් අදහස් කරන්නේ වර්තමානයේ මෙවැනි දේවල් නැති බවක් නොවේ. සිදු වී තිබෙන්නේ ඒවායේ මුහුණුවර වෙනස් වීම පමණි. ඒ කෙසේ වුව ද එම කුලවතුන්ගේ සහ ප්‍රභූවරුන්ගේත්, ධන කුවේරයන්ගේත් භාර්යාවන් වන කුමාරිහාමිලා, මැණිකේලා, ළමාතැනීලා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මේ කෙරුවාවල් නොදැන හිඳින්නේ නොවේ. එම ගම් ප්‍රදේශවල තම ස්වාමිපුරුෂයාගේ මුහුණුවර ඇති දරුවන් ද ඔවුන්ට සාමාන්‍ය දෙයකි. මේවා එම පැලැන්තිවල අංගයක් වීම ඔවුන්ට සුපුරුදු ය. ඊට අකැමැති වුවත් මොන හේතුවකටවත් දික්කසාද වීම ඔවුන් සිහිනෙකින්වත් නොසිතූ බවක් පෙනේ. එය එම කාන්තාවට සේම ඇගේ හත්මුතු පරම්පරාවට පවා සිදු කරගන්නා විශාල කැළලක් ලෙස අතීතයේ සැලකිණි. එසේම දික්කසාද නිසා ඔවුනොවුනට අහිමි වන ධනය සහ දේපළ කන්දරාව ගැන ද සුළු කොට සැලකිය නොහැකිය. මේ සියලු දේ තුළ අතීතයේ ප්‍රභූ කාන්තාවන්ට තමන්ගේ සැමියාගේ අනාචාරයන් දරාගෙන සිටීමේ හැකියාව පරම්පරාවෙන්ම උරුම වන්නට ඇති බවට සැකයක් නැත.

මෙවැනි ජීවිතයක් ගත කළ සැමියකු මියගිය පසු එම කුමාරිහාමිට, මැණිකේට නැතහොත් ළමාතැනීට එය ඒ හැටි දුකක් වන්නට කාරණාවක් නොවේ. වර්තමානයේ අවමඟුල් ගෙවල්වල ශෝක කරන්නන් මිස කෑ ගසා ළතෝනි දෙමින් හඬන අය අඩු ය. නමුත් අතීතයේ එලෙස විලාප දෙමින් කෑගසා නොහැඬුවොත් එය මියගිය පුද්ගලයාට කරන මදි පුංචිකමකි. අනෙක් අතට මියගියේ සැමියා නම් ඔහුගේ බිරිඳ එලෙස විලාප නඟා නොහැඬුවොත් “ඒකිට හොර මිනිහෙක් ඉන්නව ඇති” කියන්නට තරම් අපේ සමාජය සැහැසි වූහ. හඬන්නේ කවුදැයි බලන්නටම මළ ගෙවල්වලට ගොඩ වූ අයත් නොසිටියා නොවේ. මෙය පිරිමින්ට අදාළ නොවන්නේ පිරිමින් සාමාන්‍යයෙන් හඬන්නේ නැතැයි හෝ හැඬිය යුතු නැතැයි නිගමනයක් සමාජය විසින්ම ගෙන තිබූ නිසා ය.

මෙබඳු වාතාවරණයක් තුළ හැඬීම සඳහා ගැහැනුන් ව කුලියට හෝ ගැනීමට මියගිය පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරිඳ ඇතුළු පවුලේ අය පෙළඹීම පුදුමයට කරුණක් නොවේ. කුලියට හඬන ගැහැනුන් පිළිබඳ කතන්දරය කරළියට එන්නේ මෙලෙස ය.

කුවේණිගේ සනුහරේ කාන්තාවන් ලෙස සැලකිය හැකි මෙම කාන්තාවන් එකල ජීවත් වුණේ පුත්තලම සිට කොළඹ දක්වා වෙරළබඩ තීරයේ බවත්, ඉනුත් මීගමු ප්‍රදේශය විශේෂිත බවත් පෙර ලිපියෙහි සඳහන් කළෙමු. කුලියට හඬන කාන්තාවන් මීගමුවේ සිටි බව ප්‍රචලිත ය. එක්දහස් අටසිය ගණන්වලටත් පෙර සිටම මෙය ආදායම් මාර්ගයක් ලෙස ඔවුන් විසින් කරගෙන ආ බව කරුණු සොයා බැලීමේදී පැහැදිලි වෙයි. එක්කෙනෙක් දෙන්නෙක් නොව කාන්තාවන් පිරිසක් විසින් මෙය සාමූහිකව කරගෙන ආ ක්‍රියාදාමයකි.

මොවුන්ගෙන් සේවය ලබා ගත්තේ ඉහත විස්තර කළ පරිදි අපේ රටේ ධනවතුන්ගේ නිවෙස්වල ය. අවමඟුල් නිවසේ සෙනඟ වැඩි අවස්ථාවට මේ කාන්තාවෝ පැමිණ හඬන්නට පටන් ගනිති. මියගිය පුද්ගලයාගේ බිරිඳට සිය සැමියා වෙනුවෙන් කෑ ගසා වැළපීමට තරම් හේතුවක් නොමැති වීම පමණක් නොව, ඔහුගේ හොර අඹුවන් ඔහුට දාව උපන් දරුවන් ද සමග පැමිණ යම් හෙයකින් ඒ දරුවන් “අනේ අප්පච්චි” නැතහොත් “අනේ තාත්තේ” යනුවෙන් කෑ ගසා හඬන්නට වුවහොත් එවැනි තත්ත්වයකදී ඇති විය හැකි ලජ්ජාව මකා ගන්නට ද මෙසේ කුලියට හඬන කාන්තාවන්ගෙන් විශාල සේවයක් ඔවුහු ලබා ගත්හ. සමූහයක් මැද මෙලෙස විලාප නගමින් කාන්තාවන් හඬන ආකාරය රැස්ව සිටින අනෙක් අයගේ ද දෑස්වලට කඳුළු උනන්නට සමත් වෙයි. එහි දී ඔව්හු මෙම මිය ගිය ප්‍රභූන්ගේ නැති ගුණ පවා වර්ණනා කරමින් හඬා වැළපෙති. අප රටේ අවමඟුල්වල දී මෙවැනි ගුණ වැයුම් විලාපයක් දෙවන රාජසිංහ රජ සමයේ (ක්‍රි.ව 1635-1687) ද පැවැති බව ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් කියයි. මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුය. මෙලෙස කුලියට හඬන කාන්තාවන්ගේ සේවය ලබාගන්නේ ඉහත කී ආකාරයට ධන කුවේරයන්ගේ නිවෙස්වල එම ගෘහ මූලිකයා මියගිය අවස්ථාවල පමණක්ම නොවේ. අවශ්‍ය ආකාරයට පවුලේ වෙනත් අය මියගිය අවස්ථාවල වුවද එම මරණය හඬා දොඩා වැළපෙන්නට තරම් කාරණයක් නොවේ නම් තම ජාමෙ බේරා ගැනීම සඳහා කුලියට හඬන කාන්තාවන්ගේ සේවාව ලබා ගැනේ.

සමහරුන්ගේ මතය වන්නේ මෙම කාන්තාවන් මත්පැන් පානය කර මෙම කාර්යයට එන බවයි. මීගමු කාන්තාවන් බහුතරයක් අතර, විශේෂයෙන් වෙරළබඩ කාන්තාවන් අතර මත්පැන් ප්‍රචලිත බව මුසාවක් නොවේ. නමුත් මෙය එම කාන්තාවන්ගේ රාජකාරියක් මිස, මෙය ඔවුන් මත්පැන් බී වෙරි වී මළගෙදර නාඩගමක් නටන්නට එන ගමනක් නොවේ.

මෙම හඬා වැළපීම් අතීතයේ හැඳින්වූයේ “ළතෝනි” ලෙසිනි. සිංහලයෙහි ළතෝනි යන්න ළ තැවුම යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි. ක්‍රිස්තියානි ආගමිකයන් යේසුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසීම සිහිකරමින් කරනු ලබන දුක්ප්‍රාප්ති ගායනා ද ළතෝනි ලෙසින් අතීතයේ හැඳින්විණි. දුක්ප්‍රාප්ති ගායනාවලින් සංකේතවත් වන්නේ යේසුස් වහන්සේගේ මෑණියන් වන මරියතුමියගේ වැළපිල්ලයි.

ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ ළතෝනි යනු litany (ලිටනි) යන ඉංග්‍රීසි වදනින් බිඳී සිංහලයට නැගුණු වදනක් ලෙස ය. litany යන්නෙහි අරුත් දෙකක් දක්වයි. එකක් නම් යාඥාව ය. අනෙක වෙහෙසකර වූ එක දිගට කියාගෙන යෑම ය. ළතෝනි යනු වෙහෙසකර කියාගෙන යෑමක් ලෙස දක්වන්නට පුළුවන. litany යන ඉංග්‍රීසි වදන ග්‍රීක භාෂාවෙන් litaneia ( ලිටානියා) වෙයි. ලිටනි, ලිටානියා යන වචන දෙකම ළතෝනි යනුවෙන් සිංහලයට වර නගන්නට නොහැකිකමක් නොමැත.

මුලින්ම මෙම දුක්ප්‍රාප්ති ගායනා හඳුන්වා දුන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස සිටි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය. සංගීත ශිල්පය හොඳින් හදාරා තිබූ මෙම පියතුමා වයලීන වාදනයෙහි අතිදක්ෂයකු ලෙස සැලකේ. සිංහල භාෂාවෙන් ළතෝනි ලියා ගොන්සාල්වෙස් පියතුමා ඊට තනු යොදා තිබුණේ බෞද්ධයන් මළගෙවල්වල අතීතයේ සිට ගායනා කළ වෙස්සන්තර ජාතක කතාව ඇසුරින් නිර්මාණය වූ වෙස්සන්තර වැළපිල්ලෙහි තනුව ඇසුරු කරගෙන ය. මෙම කිතුණු ශෝකාකූල නාද රටාවන් ළතෝනි, දුක්ප්‍රාප්ති ගායනා මෙන්ම පසම් ලෙසින් ද හඳුන්වයි. පසම් යනු පෘතුගීසි පයිසම් යන වදනින් බිඳී ආවකි. පයිසම් යන්නෙහි අරුත ද දුක්ප්‍රාප්ති යන්නයි. සාමාන්‍යයෙන් මේවා ගායනා කරන විට වාද්‍ය භාණ්ඩ යොදා ගන්නේ නැත.

මෙම දුක්ප්‍රාප්ති ගායනා විලාසය මීගමු කාන්තාවන්ගේ පාරම්පරික උරුමයක් බඳු ය. ඔවුන් කිතුනු බැතිමතුන් බැවින් ජන්මයෙන්ම ඔවුන්ට මෙය ලැබී ඇති දෙයකි. එනිසා අවමඟුල් නිවෙස්වල වැළපීම ද ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ අසන්නන්ගේ සිරුරු ලොමුදැහැගැන්වෙන ආකාරයට මහත් කම්පනයක් ඇති කරවන අයුරිනි. අවමඟුලට පැමිණෙන කිසිවකුටවත් මේ පිළිබඳව සැකයක් ඇති නොවෙන අයුරින් අගේට මේ කටයුත්ත කරන ආකාරය ඔවුහු දනිති. ඇත්තටම හඬන්නේ කවුද, බොරුවට හඬන්නේ කවුද මේ කිසිවක් අමුත්තන්ට වෙන් කර සොයා ගැනීමට කෙසේවත් හැකියාවක් නොලැබේ.

අද වන විට කුලියට හඬන මීගමු කාන්තාවන් යනු ජන වහරට සීමාවූවක් පමණි. ඉතිහාසඥයන් සහ මානව විද්‍යාඥයන් මේවා ගවේෂණය කර අනාගත පරපුර වෙනුවෙන් ලියා තැබීම සුදුසු යැයි සිතමු.

තවත් කොටසකින් ලබන සතියේ හමු වෙමු.

ඉන්දු පෙරේරා

-Sunday Divaina'

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.