News Category
From Date
To Date
Maximum Number of Result

කුලියට හැඬූ මීගමු කාන්තාවන් ගේ කතාව

Nov 21, 2024 at 12:29 PM
|

“කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ

කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ

මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ

ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ”

මෙම ජන කවිය බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත. මෙය මතු පිටින් එක්තරා ආකාරයකට පරිසර වර්ණනාවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පාසල් පෙළපොත්වල ද මේ කවිය පරිසර වර්ණනාවක් ලෙස දක්නට ලැබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ උපත ලද මෙම ජන කවිය අපේ රටේ සිවිල් සේවා නිලධාරියෙකු ව සිටි, විශිෂ්ට ජනශ්‍රැති පර්යේෂකයකු ද වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් 1964 වර්ෂයේදී සම්පාදනය කරන ලද “සිංහල කාව්‍ය සංග්‍රහය – මාතර යුගය” කෘතියෙහි ද ඇතුළත් කර තිබේ.

මේ කවියෙහි මතුපිටින් ධ්වනිත වන අර්ථයට වඩා බෙහෙවින්ම වෙනස් අරුතක් මෙහි අභ්‍යන්තරයෙහි පවතින බව වර්තමානයෙහි ප්‍රකට ජනශ්‍රැති පර්යේෂකයෙකු වන මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා සියනෑ කෝරලයෙහි ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ කරන ලද ගවේෂණයක් මගින් අනාවරණය කරගෙන තිබේ. කුවේණිගේ සනුහරේ ගැන කතා කරන මා ඒ පිළිබඳ කතාව පසෙක තබා මේ ලෙස ජන කවියක් විවරණය කරන්නට යන්නේ ඇයිද? යන්න මෙය කියවන ඔබට ගැටලුවක් විය හැකිය. නමුත් මීට වඩා හොඳ ආරම්භයක්, ඊට තිබිය හැකි යැයි මට නම් නොසිතේ. එනිසා අපි යළිත් ඒ ජන කවියේ කතාවට යමු. සේනාසිංහ මහතාගේ ගවේෂණයෙහි මෙවැනි සඳහනක් වෙයි.

කුලියට හැඬූ මීගමු කාන්තාවන් ගේ කතාව

“දහ අට වන සියවසේ අග භාගයත්, දහ නව වන සියවසේ මුල් භාගයත් අතර අපේ රටේ සියනෑ කෝරළයෙහි විසූ මහා ධන කුවේරයකු ගේ ලිංගික ජීවිතය මෙම ජන කවියෙහි ඇතුළතින් ගම්‍ය වන අර්ථයයි. මේ තැනැත්තා සුවිසල් පොල් ඉඩම් ඇතුළු විශාල දේපළකට උරුමකම් කියූවෙකි. අපේ රටේ බොහෝ ප්‍රභූ සහ රදළ පැලැන්තියේ අතීතයේ බහුලව දක්නට ලැබුණු තත්ත්වයක් නම් තමන්ගේ ඉඩකඩම් ආදියෙහි වැඩ කටයුතුවල යෙදෙමින් ජීවනෝපාය සලසා ගන්නා එම ගම් ප්‍රදේශවලම වාසය කරන සේවක කාරකාදීන්ගේ රූමත් බිරියන් සහ තරුණ දියණියන් තම ලිංගික අවශ්‍යතා සඳහා යොදා ගැනීම ය. මෙහිදී එම භාර්යාවන්ගේ ස්වාමිපුරුෂයන් හට මීට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අවසර දෙන්නට සිදුවේ. “කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ” යනු ඒ තැනැත්තාගේ එම ලිංගික චර්යාවයි.

“කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ” යනු එම දෙදෙනා අතර සිදුවන ලිංගික කාර්යය බව දැක්වේ. එසේම මෙම ධන කුවේරයා සමග අනියම් ඇසුරක් පැවැත්වීම පවා එම කාන්තාවන් සලකන්නේ තමන්ට ලැබෙන ගරු නම්බුවක් ලෙස ය. එනිසා ඔවුන් තම සැමියාට සේම ගම්මුන්ට පවා මහත් උඩඟු බවක් පෙන්වූ බවද ප්‍රකට කරුණකි. මෙම දෙවන පද පේළියෙන් එම අරුත ද ගම්‍ය වන බව පැවසේ.

“මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ” යන්නෙන් එම කාන්තාවන්ගේ සැමියන් පිළිබඳව අදහස් කෙරේ. එම ප්‍රභූවරයාගේ දාසයන් වන තමන්ට සිදුවන මෙවැනි ප්‍රබල අසාධාරණයකදී පවා හිස වනා එය පිළිගැනීම මිස ඊට එරෙහිව යෑමට ඔවුන්ට හයියක් තිබුණේ නැත. එනිසා මෙම ස්වාමිපුරුෂයන්ව මී හරකාට උපමා කෙරිණි.

“ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ” මෙහි සිව්වන පේළියයි. ඇටිකිත්තන් යනු කුඩා ගෙඹි විශේෂයකි. මීට ජානෝ හෙවත් ජනතාව යන පදය එකතු කිරීමෙන් කවියා අදහස් කරන්නට ඇත්තේ අවශේෂ ජනතාව ය.

“ජෙග ජෙග” ගෑම යනු ඔවුනොවුන් රහසේ කතිකා කිරීමයි. ගමේ ප්‍රභූවරයකුගේ කුමන ක්‍රියාවකට වුවද එළිපිට විරෝධය දැක්වීමට අතීතයේ සාමාන්‍ය ජනතාව බිය වූහ. එනිසා ඔවුන් මෙවැනි දෙයක් කතා කරන්නේ රහසේ ය. මෙහි “ජෙග ජෙග” යන්නට තවත් විවරණයක් ද සේනාසිංහ මහතා සිය ලිපියෙහි දක්වයි. අරාබි බසින් ලිංගික ක්‍රියාව දක්වන පහත් ඕලාරික වදනක් වන්නේ “ජිගි ජිගි” යන්න ය. මෙහි ජිගි යන වදන having sex යන අරුත ගෙනෙන, නමුත් පහත් වදනක් ලෙස ඉංග්‍රීසි ශබ්ද කෝෂවල දැක්වේ.

අපේ රටේ අතීතයේ ජීවත් වූ බොහෝ ප්‍රභූවරුන්ගේ සහ රදළ පැලැන්තියේ ක්‍රියාකාරකම් ඉහත සඳහන් කළෙමු. මෙයින් අදහස් කරන්නේ වර්තමානයේ මෙවැනි දේවල් නැති බවක් නොවේ. සිදු වී තිබෙන්නේ ඒවායේ මුහුණුවර වෙනස් වීම පමණි. ඒ කෙසේ වුව ද එම කුලවතුන්ගේ සහ ප්‍රභූවරුන්ගේත්, ධන කුවේරයන්ගේත් භාර්යාවන් වන කුමාරිහාමිලා, මැණිකේලා, ළමාතැනීලා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මේ කෙරුවාවල් නොදැන හිඳින්නේ නොවේ. එම ගම් ප්‍රදේශවල තම ස්වාමිපුරුෂයාගේ මුහුණුවර ඇති දරුවන් ද ඔවුන්ට සාමාන්‍ය දෙයකි. මේවා එම පැලැන්තිවල අංගයක් වීම ඔවුන්ට සුපුරුදු ය. ඊට අකැමැති වුවත් මොන හේතුවකටවත් දික්කසාද වීම ඔවුන් සිහිනෙකින්වත් නොසිතූ බවක් පෙනේ. එය එම කාන්තාවට සේම ඇගේ හත්මුතු පරම්පරාවට පවා සිදු කරගන්නා විශාල කැළලක් ලෙස අතීතයේ සැලකිණි. එසේම දික්කසාද නිසා ඔවුනොවුනට අහිමි වන ධනය සහ දේපළ කන්දරාව ගැන ද සුළු කොට සැලකිය නොහැකිය. මේ සියලු දේ තුළ අතීතයේ ප්‍රභූ කාන්තාවන්ට තමන්ගේ සැමියාගේ අනාචාරයන් දරාගෙන සිටීමේ හැකියාව පරම්පරාවෙන්ම උරුම වන්නට ඇති බවට සැකයක් නැත.

මෙවැනි ජීවිතයක් ගත කළ සැමියකු මියගිය පසු එම කුමාරිහාමිට, මැණිකේට නැතහොත් ළමාතැනීට එය ඒ හැටි දුකක් වන්නට කාරණාවක් නොවේ. වර්තමානයේ අවමඟුල් ගෙවල්වල ශෝක කරන්නන් මිස කෑ ගසා ළතෝනි දෙමින් හඬන අය අඩු ය. නමුත් අතීතයේ එලෙස විලාප දෙමින් කෑගසා නොහැඬුවොත් එය මියගිය පුද්ගලයාට කරන මදි පුංචිකමකි. අනෙක් අතට මියගියේ සැමියා නම් ඔහුගේ බිරිඳ එලෙස විලාප නඟා නොහැඬුවොත් “ඒකිට හොර මිනිහෙක් ඉන්නව ඇති” කියන්නට තරම් අපේ සමාජය සැහැසි වූහ. හඬන්නේ කවුදැයි බලන්නටම මළ ගෙවල්වලට ගොඩ වූ අයත් නොසිටියා නොවේ. මෙය පිරිමින්ට අදාළ නොවන්නේ පිරිමින් සාමාන්‍යයෙන් හඬන්නේ නැතැයි හෝ හැඬිය යුතු නැතැයි නිගමනයක් සමාජය විසින්ම ගෙන තිබූ නිසා ය.

මෙබඳු වාතාවරණයක් තුළ හැඬීම සඳහා ගැහැනුන් ව කුලියට හෝ ගැනීමට මියගිය පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරිඳ ඇතුළු පවුලේ අය පෙළඹීම පුදුමයට කරුණක් නොවේ. කුලියට හඬන ගැහැනුන් පිළිබඳ කතන්දරය කරළියට එන්නේ මෙලෙස ය.

කුවේණිගේ සනුහරේ කාන්තාවන් ලෙස සැලකිය හැකි මෙම කාන්තාවන් එකල ජීවත් වුණේ පුත්තලම සිට කොළඹ දක්වා වෙරළබඩ තීරයේ බවත්, ඉනුත් මීගමු ප්‍රදේශය විශේෂිත බවත් පෙර ලිපියෙහි සඳහන් කළෙමු. කුලියට හඬන කාන්තාවන් මීගමුවේ සිටි බව ප්‍රචලිත ය. එක්දහස් අටසිය ගණන්වලටත් පෙර සිටම මෙය ආදායම් මාර්ගයක් ලෙස ඔවුන් විසින් කරගෙන ආ බව කරුණු සොයා බැලීමේදී පැහැදිලි වෙයි. එක්කෙනෙක් දෙන්නෙක් නොව කාන්තාවන් පිරිසක් විසින් මෙය සාමූහිකව කරගෙන ආ ක්‍රියාදාමයකි.

මොවුන්ගෙන් සේවය ලබා ගත්තේ ඉහත විස්තර කළ පරිදි අපේ රටේ ධනවතුන්ගේ නිවෙස්වල ය. අවමඟුල් නිවසේ සෙනඟ වැඩි අවස්ථාවට මේ කාන්තාවෝ පැමිණ හඬන්නට පටන් ගනිති. මියගිය පුද්ගලයාගේ බිරිඳට සිය සැමියා වෙනුවෙන් කෑ ගසා වැළපීමට තරම් හේතුවක් නොමැති වීම පමණක් නොව, ඔහුගේ හොර අඹුවන් ඔහුට දාව උපන් දරුවන් ද සමග පැමිණ යම් හෙයකින් ඒ දරුවන් “අනේ අප්පච්චි” නැතහොත් “අනේ තාත්තේ” යනුවෙන් කෑ ගසා හඬන්නට වුවහොත් එවැනි තත්ත්වයකදී ඇති විය හැකි ලජ්ජාව මකා ගන්නට ද මෙසේ කුලියට හඬන කාන්තාවන්ගෙන් විශාල සේවයක් ඔවුහු ලබා ගත්හ. සමූහයක් මැද මෙලෙස විලාප නගමින් කාන්තාවන් හඬන ආකාරය රැස්ව සිටින අනෙක් අයගේ ද දෑස්වලට කඳුළු උනන්නට සමත් වෙයි. එහි දී ඔව්හු මෙම මිය ගිය ප්‍රභූන්ගේ නැති ගුණ පවා වර්ණනා කරමින් හඬා වැළපෙති. අප රටේ අවමඟුල්වල දී මෙවැනි ගුණ වැයුම් විලාපයක් දෙවන රාජසිංහ රජ සමයේ (ක්‍රි.ව 1635-1687) ද පැවැති බව ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් කියයි. මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුය. මෙලෙස කුලියට හඬන කාන්තාවන්ගේ සේවය ලබාගන්නේ ඉහත කී ආකාරයට ධන කුවේරයන්ගේ නිවෙස්වල එම ගෘහ මූලිකයා මියගිය අවස්ථාවල පමණක්ම නොවේ. අවශ්‍ය ආකාරයට පවුලේ වෙනත් අය මියගිය අවස්ථාවල වුවද එම මරණය හඬා දොඩා වැළපෙන්නට තරම් කාරණයක් නොවේ නම් තම ජාමෙ බේරා ගැනීම සඳහා කුලියට හඬන කාන්තාවන්ගේ සේවාව ලබා ගැනේ.

සමහරුන්ගේ මතය වන්නේ මෙම කාන්තාවන් මත්පැන් පානය කර මෙම කාර්යයට එන බවයි. මීගමු කාන්තාවන් බහුතරයක් අතර, විශේෂයෙන් වෙරළබඩ කාන්තාවන් අතර මත්පැන් ප්‍රචලිත බව මුසාවක් නොවේ. නමුත් මෙය එම කාන්තාවන්ගේ රාජකාරියක් මිස, මෙය ඔවුන් මත්පැන් බී වෙරි වී මළගෙදර නාඩගමක් නටන්නට එන ගමනක් නොවේ.

මෙම හඬා වැළපීම් අතීතයේ හැඳින්වූයේ “ළතෝනි” ලෙසිනි. සිංහලයෙහි ළතෝනි යන්න ළ තැවුම යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි. ක්‍රිස්තියානි ආගමිකයන් යේසුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසීම සිහිකරමින් කරනු ලබන දුක්ප්‍රාප්ති ගායනා ද ළතෝනි ලෙසින් අතීතයේ හැඳින්විණි. දුක්ප්‍රාප්ති ගායනාවලින් සංකේතවත් වන්නේ යේසුස් වහන්සේගේ මෑණියන් වන මරියතුමියගේ වැළපිල්ලයි.

ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ ළතෝනි යනු litany (ලිටනි) යන ඉංග්‍රීසි වදනින් බිඳී සිංහලයට නැගුණු වදනක් ලෙස ය. litany යන්නෙහි අරුත් දෙකක් දක්වයි. එකක් නම් යාඥාව ය. අනෙක වෙහෙසකර වූ එක දිගට කියාගෙන යෑම ය. ළතෝනි යනු වෙහෙසකර කියාගෙන යෑමක් ලෙස දක්වන්නට පුළුවන. litany යන ඉංග්‍රීසි වදන ග්‍රීක භාෂාවෙන් litaneia ( ලිටානියා) වෙයි. ලිටනි, ලිටානියා යන වචන දෙකම ළතෝනි යනුවෙන් සිංහලයට වර නගන්නට නොහැකිකමක් නොමැත.

මුලින්ම මෙම දුක්ප්‍රාප්ති ගායනා හඳුන්වා දුන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස සිටි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය. සංගීත ශිල්පය හොඳින් හදාරා තිබූ මෙම පියතුමා වයලීන වාදනයෙහි අතිදක්ෂයකු ලෙස සැලකේ. සිංහල භාෂාවෙන් ළතෝනි ලියා ගොන්සාල්වෙස් පියතුමා ඊට තනු යොදා තිබුණේ බෞද්ධයන් මළගෙවල්වල අතීතයේ සිට ගායනා කළ වෙස්සන්තර ජාතක කතාව ඇසුරින් නිර්මාණය වූ වෙස්සන්තර වැළපිල්ලෙහි තනුව ඇසුරු කරගෙන ය. මෙම කිතුණු ශෝකාකූල නාද රටාවන් ළතෝනි, දුක්ප්‍රාප්ති ගායනා මෙන්ම පසම් ලෙසින් ද හඳුන්වයි. පසම් යනු පෘතුගීසි පයිසම් යන වදනින් බිඳී ආවකි. පයිසම් යන්නෙහි අරුත ද දුක්ප්‍රාප්ති යන්නයි. සාමාන්‍යයෙන් මේවා ගායනා කරන විට වාද්‍ය භාණ්ඩ යොදා ගන්නේ නැත.

මෙම දුක්ප්‍රාප්ති ගායනා විලාසය මීගමු කාන්තාවන්ගේ පාරම්පරික උරුමයක් බඳු ය. ඔවුන් කිතුනු බැතිමතුන් බැවින් ජන්මයෙන්ම ඔවුන්ට මෙය ලැබී ඇති දෙයකි. එනිසා අවමඟුල් නිවෙස්වල වැළපීම ද ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ අසන්නන්ගේ සිරුරු ලොමුදැහැගැන්වෙන ආකාරයට මහත් කම්පනයක් ඇති කරවන අයුරිනි. අවමඟුලට පැමිණෙන කිසිවකුටවත් මේ පිළිබඳව සැකයක් ඇති නොවෙන අයුරින් අගේට මේ කටයුත්ත කරන ආකාරය ඔවුහු දනිති. ඇත්තටම හඬන්නේ කවුද, බොරුවට හඬන්නේ කවුද මේ කිසිවක් අමුත්තන්ට වෙන් කර සොයා ගැනීමට කෙසේවත් හැකියාවක් නොලැබේ.

අද වන විට කුලියට හඬන මීගමු කාන්තාවන් යනු ජන වහරට සීමාවූවක් පමණි. ඉතිහාසඥයන් සහ මානව විද්‍යාඥයන් මේවා ගවේෂණය කර අනාගත පරපුර වෙනුවෙන් ලියා තැබීම සුදුසු යැයි සිතමු.

තවත් කොටසකින් ලබන සතියේ හමු වෙමු.

ඉන්දු පෙරේරා

-Sunday Divaina'

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.