News Category
From Date
To Date
Maximum Number of Result

අමරන් සහ චානක

Nov 23, 2024 at 12:03 PM
|

'අමරන්' කියන්නෙ මේ දවස්වල හුගක් අය කතා කරන ෆිල්ම් එකක්. සත්‍ය කතාවක් ඇසුරෙන් කරල තියෙන දුක්බර අවසානයක් තියෙන ෆිල්ම් එකක්. ඉන්දීය යුද්ධ හමුදා නිලධාරියෙක් සහ ඔහුගේ ආදර කතාව අර්ථාන්විත ලෙස  සමාජයට යොමු කරන චිත්‍ර පටයක්.  

මේ කතාව බැලුවම මට මතක් වුනේ කැප්ටන් සදුන් චානක. මානුශික මෙහෙයුමේ අවසාන කාලෙදි චානක එයාගෙ ජීවිතේ රට වෙනුවෙන් පූජා කලා. 

චානක කියන්නෙ වෘතාන්තයක්. මට චානක මුලින්ම හම්බවෙන්නෙ ස්කෝලෙදි. මට වඩා අව් රුද්දක් බාල පන්තියෙ එයා හිටියෙ. 800m, 1500m රෙකෝඩ් තියපු මලල ක්‍රීඩකයෙක්. හුගක් දුර තිබුන ගෙදර ඉදන් උදේ පාන්දර  ස්කෝලෙට ඇවිත් හැමදාම උදේ 6 වෙනකොට ප්‍රැක්ටිස් පටන් ගන්නවා.  ක්‍රීඩාවෙන් හුගක් ජයග්‍රහණ ස්කෝලෙට අරන් දුන්නා. අධ්‍යාපනේට ක්‍රීඩාව බාධාවක් කරගත්තෙ නෑ. 

චානක ඒලෙවල් කලේ ඇග්‍රි ස්ට්‍රීම් එකෙන්, රිසල්ට් A3 යි. ඔය වයසෙදි කොල්ලෙක්  කැම්පස් සෙලෙක්ට් වෙලා ඉදිද්දි ආමි එකට ජොයින් වෙන්න  තීරණයක් ගන්නෙ හුගක් කලාතුරකින්. අනිත් එක රටේ යුද්ධයක් තියෙන වෙලාවක. ඒක නිසා මම හිතන විදියට චානක කියන්නෙ විරල චරිතයක් සහ උතුම් මනුස්සයෙක්.

චානක කැඩෙට් ට්‍රේනින් සෙලෙක්ට් වෙන්නෙ දියතලාව ඇකඩමි එකේ Intake 59 එකට, මම ආමි එකට ජොයින් වෙන්න මාස හයකට කලින්. නමුත් මට ඇකඩමි එකේදි චානක හම්බවුනේ නැහැ. එයාගෙ දක්ශතාවය නිසා පකිස්තාන් මිලිටරි ඇකඩමි එකේ ශිෂ්‍යත්වයක් ලැබිල ට්‍රේනින් වලට පකිස්තාන් ගිහින් තිබුන.

චානක පකිස්තාන් ඉදල ඇවිත් ඉතා විශිෂ්ට විදියට ට්‍රේනින් ඉවර කරල සපෝට් රෙජිමන්ට් එකක් තෝර ගන්නෙ නැතිව ඉන්ෆන්ට්‍රි රෙජිමන්ට් එකක් වන සිංහ රෙජිමේම්තුව තෝර ගන්නවා. යුද්ධයක් තියෙන කාලෙ තමන්ට ජීවිත අවදානම අඩු සපෝට් රෙජිමන්ට් එකක් තෝරගන්නෙ නැතිව ඉන්ෆන්ට්‍රි රෙජිමන්ට් එකක් තෝරගත්තු චානක මම හිතන විදියට විරල ගතිගුණ තියෙන උතුම් මනුස්සයෙක්.

ඒ කාලෙ මට චානක හම්බවෙලාම නැහැ. එකම එක දවසක් නිවාඩු ඉවර වෙලා යනවෙලාවක කෝල් කරල මගෙන් මැප් එකක් ඉල්ලුවා, ඒක මම කොටුවේ ස්ටෑන්ඩ් එකට යැව්වා. ඕක තමයි මට ආමි එකේ ඉන්නකම් චානක ගැන තියෙන මතකය.

ඊට පස්සෙ වැලිඔයදි චානකගෙ කකුලට වෙඩි වැදිල හොදටම තුවාල වෙනව. ඩොක්ටර්ස් ල චානකගෙ කකුල කපන්න හදද්දි චානකගෙ අම්ම ඒකට තදින්ම විරුද්ධ වෙනව. කාලෙත් එක්ක චානකගෙ තුවාලෙ සනීප වෙලා ඇවිදින්න පුලුවන් වෙනව. වයිද්‍ය වර්ගකිරීම් යටතෙ ආපහු යුද්දෙට යන්නෙ නැතිව ඉන්න පුළුවන්කම තියෙද්දි චානක ආපහු යුද්ධ පෙරමුණට යනවා. ඒ වගේ දෙයක් කරන චානක මම හිතන විදියට විරල ගතිගුණ තියෙන උතුම් මනුස්සයෙක්.

යුද්දෙ අවසාන කාලෙදි පුදුකුඩිරිප්පු වලදි චානක බිම් බෝම්බෙකට ගොදුරු වෙලා රට වෙනුවෙන් තම ජීවිතය පූජා කරනවා. …………..

අමරන් එකේ වගේ නෙමෙයි චානකගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් බව දැනගෙන ඒ වෙනකොට දවස් හතරයි. සමහරවිට ඒ දවස්වල තිබ්බ සන්නිවේදන අපහසුතා නිසා චානක මැරෙනකම්ම ඒක දැනගෙන නැතිව ඇති. චානකගෙ අම්ම අඩල තියෙනවා කකුල තුවාල වුනවෙලාවෙ කපන්න දුන්නනම් අද මගේ පුතා මට ඉන්නව කියල....... පුතාව කොහෙවත් යවන්න බෑ කියපු චානකගේ දෙමව්පියෝ ගෙදර ඉඩමේම චානකව භුමදානය කරනවා.

පොඩ්ඩක් හිතල බලන්න මට හෝ ඔබට මේ වගේ දෙයක් සිදු වුනොත්........

ඊට පස්සෙ 2017 දි මට පකිස්තාන් මාණ්ඩලික නිලධාරි පාඨමාලාව කරන්න අවස්තාවක් හම්බවෙනවා. ඒ කෝස් එකේ හිටිය හුගක් අය චානක හා සමකාලීනව පකිස්තාන මිලිටරි ඇකඩමි එකේ ට්‍රේනින් වුන අය. හුගක් අය මම ලගට ඇවිත් චානක දැන් ඉන්නෙ කොහෙද කියල අහනකොට මම ඒ අයට විස්තරේ කියනවා. විශ්වාස කරන්න සමහර නිලධාරින්ගෙ ඇස් වලට කඳුළු ආවා. චානක මුලු පකිස්තාන් මිලිටරි ඇකඩමි එකේම සුප්‍රසිද්ධ දක්ශ චරිතයක්. ඒ දක්ශකම නිසාම එයා කැඩෙට් ගවමන්ට් එකේ ප්ලැටූන් කමාන්ඩ කෙනෙක් විදියට පත් කරල තිබුන. ඒ ප්ලැටුන් එකේ අය ඇවිත් චානක ඒ අයට පාඩම් කියාදීපු විදිය මෝටිවේට් කරපු විදිය ගැන කතාක රනකොට මට ආපහු කියන්න තියෙන්නේ චානක කියන්නෙ උතුම් චරිතයක්  කියල. ඒ සමහර පකිස්තාන් නිලදාරීන් මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවා.

චානකගෙ ආදර කතාවත් අමරන් එකේ වගේම ලස්සන එකක් වෙන්න ඇති. මේ වගේ හුගක් ආදර කතා යුද්ධ හමුදාව වටා ගෙතිල තියෙනවා . එකම දේ තියෙන්නේ ඒව අමරන් එකේ වගේ මිනිස්සු අතරට නොයන එක.

චානක වගේම කැපකිරීම් කරපු හුගක් අය යුද්ධ හමුදාවෙ තවමත් සේවය කරනවා.

නමුත් හුගක් අවස්ථාවලදි රටේ පිලිගත් උගත් බොහෝ අය පවා අට පාස් ආමි කාරයගෙ පඩිය මෙච්චරයි උගත් උපාධි තියෙන ගුරුවරුන් ගෙ  පඩිය මෙච්චරයි වගේ සමාජ මත නිර්මාණය කරනකොට තවමත් සේවය කරන චානක වගේ අය හිතනව අපි දිවි පරදුවට තියල යුද්ධ කලේ මේ වගේ සමාජයක් වෙනුවෙන්ද කියල.......

ප.ලි. - චානකගෙ පුතා දැන් ලොකුයි.

චානකගෙ පාසල් යාලුවො චානකගෙ පුතාගෙ අධ්‍යාපනය වෙනුවෙන් උදව් කරනවා. එහෙම මිනිස්සුත් මේ සමාජයෙ ඉන්නවා..

- වසන්ත රණසිංහ

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.