සාම යෝජනා ඉවතට.. ඩොනල්ඩ් ට්‍රම්ප් ට යුද්ධය අවසන් කරන දිනය තීරණය කිරීමට ඉඩ දෙන්නේ නෑ..
පවතින යුද තත්ත්වය අවසන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ නවතම සාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන සහ ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් 'ප්‍රෙස් ටීවී' (Press TV) පුවත් සේවය වාර්තා කළේ, ඕනෑම සටන් විරාමයක් සිදුවිය යුත්තේ ඉරානය පනවන කොන්දේසි සහ කාලසටහනකට අනුව පමණක් බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට යුද්ධය අවසන් කරන දිනය තීරණය කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ එම නිලධාරියා, "ඉරානය යුද්ධය අවසන් කරන්නේ තම කොන්දේසි සපුරා ඇති බවට තහවුරු වූ පසුව සහ තමන්ට අවශ්‍ය වෙලාවට පමණයි" යනුවෙන් ප්‍රකාශ කර ඇත.
සතුරාට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් තම ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විවිධ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වොෂින්ටනය ඉදිරිපත් කරන යෝජනා අතිශය අසාධාරණ බවත්, ඒවා යුද පිටියේ පවතින සැබෑ තත්ත්වයට පටහැනි බවත් ඉරානය පවසයි.
2025 වසරේ වසන්ත හා ශීත සෘතුවලදී පැවැත්වූ සාකච්ඡා වංචනික බවත්, එම සාකච්ඡා අතරතුර පවා ඇමරිකාව ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගත් බවත් හෙළි කර ඇත.
මිත්‍රශීලී කලාපීය රාජ්‍යයක් හරහා ඉදිරිපත් වූ මෙම යෝජනාව, යුද ආතතිය තවදුරටත් වැඩිකිරීමේ උපක්‍රමයක් ලෙස ඉරානය හඳුනාගෙන තිබේ.
සටන් විරාමයකට එකඟ වීම සඳහා ඉරානය කොන්දේසි පහක් ඉදිරිපත් කර ඇත:
සතුරා විසින් එල්ල කරනු ලබන සියලු ආක්‍රමණ සහ ඝාතන වහාම නැවැත්වීම.
යළිත් වරක් ඉරානය මත යුද්ධයක් පටවනු නොලබන බවට ස්ථිර යාන්ත්‍රණයක් සකස් කිරීම.
යුද හානි සඳහා වන වන්දි ගෙවීම් සම්බන්ධයෙන් පැහැදිලි සහ සහතික කළ ගිවිසුමක් ඇති කර ගැනීම.
කලාපයේ සියලුම පෙරමුණු වල සහ සියලුම ප්‍රතිරෝධී කණ්ඩායම් සම්බන්ධයෙන් යුද්ධය අවසන් කිරීම.
හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් ඉරානය සතු ස්වෛරී අයිතිය ජාත්‍යන්තරව පිළිගැනීම සහ ඒ සඳහා සහතික ලබා දීම.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නායකයින් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් පසු මෙම යුද තත්ත්වය උත්සන්න විය.
ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන සන්නද්ධ හමුදා මේ වන විට කලාපය පුරා පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර මාලාවන් 80කට ආසන්න ප්‍රමාණයක් එල්ල කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා
මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි