ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානය සම්බන්ධයෙන් 'වැරදි ලෙස ගණනය කළා' -විශ්‍රාමික මොසාඩ් නිලධාරි රාමි ඉග්‍රා (වීඩියෝ)
විප්ලවයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් ඉරාන නායකත්වයේ හිස ගසා දැමීමේ එක්සත් ජනපද ඊශ්‍රායල උපාය මාර්ගය ඉස්ලාමීය ජනරජය අස්ථාවර කිරීමට අසමත් වූ "වැරදි ගණනය කිරීමක්" බව හිටපු ජ්‍යෙෂ්ඨ මොසාඩ් නිලධාරියෙක් වූ රාමි ඉග්‍රා RT පුවත් සේවය වෙත පැවසීය.
RT පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඊශ්‍රායෙල් බුද්ධි අංශයේ ප්‍රාණ ඇපකරුවන් හා අතුරුදන් වූ පුද්ගලයින් සඳහා වන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රාමි ඉග්‍රා, ඉරාන උත්තරීතර නායක අලි කමේනි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඝාතනය කිරීමෙන් පසු ඉරාන ජාතිකයන් වීදි බසිනු ඇතැයි අපේක්ෂා කළ පිරිස් "දැඩි ලෙස කලකිරීමට පත් වූ" බව පැවසීය.
"විප්ලවයක් යනු කුමක්දැයි ජනතාවට අවබෝධ වන්නේ නැහැ," ඉග්‍රා පැවසීය. "ඉරාන පාලනය පෙරලා දැමීමට ජනප්‍රිය ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි - ඉරානයේ ජනප්‍රිය ජනතා ව්‍යාපාරයක් අදටත් නැහැ. තුන්වන පාර්ශවයකට ඉරාන පාලනය පෙරලා දැමීමට අවශ්‍ය වන්නේ නම් දේශීය නායකත්වයක් අවශ්‍යයි. ඒ ලොස් ඇන්ජලීස් ජීවත් වන රේසා පහ්ලවි නොවේ," ඔහු තවදුරටත් පැවසුවේ, රටේ වත්මන් පූජක නායකත්වයට විකල්පයක් ලෙස තමාව ස්ථානගත කර ඇති අවසාන ඉරාන ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා ගැන සඳහන් කරමිනි.
දෙවන ලෝක යුද්ධයට සාපේක්ෂව, දැනට ක්‍රියාත්මක වන එක්සත් ජනපද-ඊශ්‍රායල ගුවන් මෙහෙයුමට ඉරානය තීරණාත්මක ලෙස පරාජය කළ හැකි බවට ඇති මතය ද ඉග්‍රා ප්‍රතික්ෂේප කළේය. "රුසියානු හමුදා බර්ලිනයට ඇතුළු වන තුරු, කිසිවක් සාර්ථක වූයේ නැහැ." ඔහු පැවසුවේ, "යුද්ධය ගුවන් ප්‍රහාරවලින් දිනන්නේ නැහැ! එය බිමට බහින සපත්තු වලින් දිනනු ලැබේ!" යනුවෙන් අවධාරණය කරමිනි.
හිටපු මොසාඩ් නිලධාරියා මෙලෙස ප්‍රකාශ කරන්නේ ටෙහෙරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම වැළැක්වීමේ අරමුණින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාරවල සිව්වන සතිය දක්වා දිග් ගැසී ඇති තත්වය අතරතුර ය. වත්මන් ඉරාන නායකයින් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමට සහාය දක්වමින් නව ආගමික තීන්දුවක් නිකුත් කර ඇති බවට පලවන වාර්තා පෙන්වා දෙමින්, අමෙරිකාව සහ ඊශ්‍රායලය ගන්න ක්‍රියා මාර්ග ඇත්ත වශයෙන්ම ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමේ අවස්ථා වැඩි කළ හැකි බවද ඉග්‍රා පවසයි.
ගැටුම දැන් ගෝලීය ප්‍රතිවිපාක සහිත "බලශක්ති යුද්ධයක්" කරා මාරු වෙමින් පවතින බවට ඔහු අනතුරු ඇඟවීය. ගැටුම අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති හැකියාව පිළිබඳවද ඔහු සැක පළ කළේය.
රමි ඉග්‍රා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..