News Category
From Date
To Date
Maximum Number of Result

අපි කොතැන ද?

Sep 6, 2025 at 07:30 AM
|

ඇමෙරිකාවේ ආර්ථිකය සුපිරියට ම නැගලා යනවා නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ආරක්‍ෂණවාදී තීරු බදු පනවන්නේ නෑ. මේ වෙද්දි ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල්වල ආර්ථිකය නොන්ඩි ගහනවා. ඉතින් ඇමෙරිකාවේ දේශීය කර්මාන්ත නගා සිටුවීම අරමුණු කරගෙන තීරු බදු යුද්ධයක් මෙහෙයවන්න ට්‍රම්ප් ජනාධිපතිවරයා යොමුවෙලා. මෙහෙම ආරක්‍ෂණවාදී ප්‍රතිපත්තියකින් ඇමෙරිකාවේ රැකියා රැකගන්න, ආර්ථික වර්ධනයට දිරිදෙන්න, ආරම්භක මට්ටමේ පවතින කර්මාන්තවලට සපෝට් එකක් දෙන්න පුළුවන් කියලා ඔහු හිතනවා. කොහොම හරි, ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ නැටුම නටන්නේ ඇමෙරිකාවේ ආර්ථිකය නොන්ඩි ගහන හින්දා කියන එක හංගන්න පුළුවන් කාරණයක් නෙවෙයි.

මේ වෙද්දි බටහිර යුරෝපයේ තත්ත්වය ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ. 2023, 2024 අවුරුදු දෙකේ දී ම ජර්මනියේ ආර්ථිකය හැකිළුණා. 2023 දී, ජර්මනියේ උද්ධමනය සීයට 6 ඉක්මවලා ගියා. 2024 අවුරුද්දේ ඒ රටේ විරැකියාව සීයට 3.4 ක් තරම් ඉහළ අගයක් ගත්තා. මුළු යුරෝපය ම දේශපාලනිකවත් අනාථවෙලා. පහුගිය දවසක ට්‍රම්ප් ජනාධිපතිවරයා මුණගැහෙන්න ගිය යුරෝපයේ නායකයෝ පුටු පේළියක වාඩිවෙලා දොස්තර කතා කරන කල් වගේ හිටිය හැටි අපි හැමෝම වගේ දැක්කා. තමන්ගේ රටවල් නැගලා යනවා නම් නායකයෝ ඒ තරම් අසරණවෙන්නේ නෑ.

අධිරාජ්‍යවාදය නඩත්තුවෙන්නේ ප්‍රාග්ධන වෙළෙඳාමෙන්. 1980 න් පස්සේ කර්මාන්ත අංශයේ නිෂ්පාදනය මුළුමනින් ම වගේ “පරිධියේ” රටවල්වලට තල්ල කරපු හින්දා අධිරාජ්‍යවාදී රටවල් ප්‍රාග්ධන බිස්නස් එක තමන්ගේ ප්‍රධාන ම කර්මාන්තය බවට පත් කරගත්තා. ඉතින් මේ ප්‍රාග්ධන බිස්නස් එක නැතුව අධිරාජ්‍යවාදී රටවල්වලට පණ ගැට ගහගන්න බෑ. තමන්ගේ නිෂ්පාදන කර්මාන්ත නැතිවෙලා ගියාට පස්සේ සෘජු විදේශ ආයෝජන (FDI) බිස්නස් එක දිගට ම කරගෙන යන්න අධිරාජ්‍යවාදී රටවල් කැමැති නෑ. ඒ වෙනුවට, උන් කැමැති BlackRockලා වගේ ගිනි පොලීකාරයෝ ඉස්සරහට දාලා ණය දෙන්න. අපේ මේ සිරිලංකාව වගේ රටවල්වලට “ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර” (ISB) කියලා විකුණන්නේ ඒ කළු කඩේ ප්‍රාග්ධනය තමයි.

චීනය ඇතුළු රටවල් නිෂ්පාදනයෙන් කප් ගහද්දි ඒ රටවල්වල විදේශ සංචිතත් කඳු ගැහෙන්න පටන්ගත්තා. මේ වෙද්දි වැඩියෙන් ම විදේශ සංචිත හිමි කරගත්ත රට බවට චීනය පත්වෙලා ඉවරයි. විදේශ සංචිත හිමිකම් ලැයිස්තුවේ ඇමෙරිකාවට ලැබිලා තියෙන්නේ 15 වැනි තැන. අපේ සිරිලංකාවටත් වඩා පුංචි තායිවාන දූපත ඒ ලැයිස්තුවේ 6 වැනියා බවට පත්වෙලා. හොං-කොං ප්‍රදේශයට 8 වැනි තැන ලැබිලා. සිංගප්පූරුවට 11 වැනි තැන ලැබිලා. තායිලන්තය 15 වැනි තැනට ඇවිල්ලා ඇමෙරිකාව 16 වැනි තැනට තල්ලු කරලා දාන්න වැඩි දවසක් ගතවෙන එකකුත් නෑ.

ලෝකය පුදුමාකාර විදිහට වෙනස්වෙමින් තියෙනවා. අධිරාජ්‍යවාදී කඳවුර බිඳ වැටෙමින් තියෙනවා. ඒත් අපි ඒ ගැන හිතන්නේ නෑ. නොබැඳි විදේශ පිළිවෙතක් අනුගමනය කරමින් ලෝකයට ම ආදර්ශයක් වෙච්ච අපි දැන් කඩාගෙන වැටෙන අධිරාජ්‍යවාදී කඳවුරට හේත්තුවෙලා ආරක්‍ෂාවෙන්න හදනවා. අනුර දිිසානායක ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුව BRICS ගැන කතා කරන්නෙවත් නෑ. මේ දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ඇතුළු හැම රටක් ම වගේ ෂං-හයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක රැස්වීමට යද්දි ඇමෙරිකාවේ අනුග්‍රහයෙන් අරගල කරලා ආණ්ඩු පෙරලපු අපේ සිරිලංකාවත් බංග්ලාදේශයත් එහෙම එකක් නෑ වගේ ඉන්නවා.

මේ උදාවෙලා තියෙන්නේ ආසියාවේ සියවස. ඒත් ඒ ගැන වගේ වගක් අනුර දිසානායක ජනාධිපතිවරයාටත් මාලිමා ආණ්ඩුවටත් නෑ. ඒ විතරක් නෙවෙයි. තමන් නොදන්න සභ්‍යත්වයක්, සංස්කෘතියක් ගැන කියවා කියවා රඟන නළු බට්ටෝ මේ ගැන කියන්නෙත් නෑ. මුළු රට ම අඳුරට තල්ලු කරලා තමන්ගේ බඩ වඩාගන්න තමයි මේ හැම එකෙක් ම දඟලන්නේ.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති


සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.