News Category
From Date
To Date
Maximum Number of Result

මහල්ලා සහ මහ මුහුද..

Sep 7, 2025 at 10:19 AM
|

මම වයසක මිනිහෙක්..  උදේ පාන්දර නැගිටින එක මහ  අමාරු වැඩක්. ඇඟපත රිදෙනවා.. මහන්සියි. ඒත් එහෙම කියලා බෑ. මම  මාළු කාරයෙක්.. බෑ කියලා බෑ මම මාළුකාරයෙක්. මේ තමයි මගෙ ජීවිතය.  මෙහෙම කියන්නෙ මහළු කියුබානු ධීවරයෙක් වූ සන්තියාගෝ.

දවස් අසූ හතරක් එක දිගටම මුහුදු ගියත් මේ කිසිම දවසක මට බැරි වුනා මාළුවෙක් අල්ලගන්න.

 අත්දැකීම් ඇති දක්ශ ධීවරයෙක්ට බෑ එකම මාළුවෙක්වත් අල්ලගන්න... අසල්වැසි ධීවරයො හිනාවෙනවා මේ මහල්ලාට.

හැමෝම හිනාවුනත් මනොලීනෝ විශ්වාස කරනවා සන්තියාගෝ ගැන. මනෝලීනෝ තරුණ වයසට ලඟාවෙන දරුවෙක්. එක අතකින් සන්තියාගෝගේ මිත්‍රයා... අනෙත් අතින් එයාගේ ධීවර සහායකයා.

සන්තියාගෝගේ ජීවිතයේ ලොකුම අරමුණ විශාල මාළුවෙක් අල්ලාගැනීම. තමන්ගෙ හැකියාව ඔප්පුකිරීම..

තවත් විදිහකට කීවොත් මහළු වුනත්.. ජීවිතය පුරාම සටන් කරත්.. මුළු ජීවිතයම මාළු අල්ලන්න කැපකරත්.. පරාජයන් සිය දාස් ගාණක් ලැබුවත් සන්තියාගෝට බැහැ තමන්ගෙ දැවෙන ආශාවෙන් ගැලවෙන්න.

දැන් ඇති.. උඹ ජීවිතේ පුරාම වැඩකරා.. තවත් සටන්කරන්න.. ඔප්පු කරන්න දෙයක් උඹට ඉතුරුවෙලා නෑ.

ඉහ නිකට පැහුණු මහල්ලෙක් වුනු උඹ ඇයි මේ තරම් නහින්නෙ.. සටන් කරන්නෙ..?  දැන් ඇති.. උඹට විවේක ගන්න කාලයයි ඇවිහ් තියෙන්නෙ.  එහෙම කියන්නෙ කෙනෙක් සන්තියාගෝ අවට නැහැ.

 ඒ වෙනුවට මනෝලිනෝ තවදුරටත් සන්තියාගෝව විශ්වාස කරනවා... සන්තියාගෝට දහිරිය දෙනවා.

ජීවිතේ පුරාම බලාපොරොත්තු .. ඉලක්ක හඹාගිය සන්තියාගෝට අන්තිමේදි හමුවෙනවා තමන් බලාපොරොත්තු වූ දේ.

හිතාගන්න බැරිතරම් විශාල මාළුවෙක්. මේ තමයි ජීවිතය කාලය පුරාම හීන දැක්ක බලාපොරොත්තු වුනු ඉලක්කය.

ඒත් ඒ මාළුවා සන්තියාගෝට වගේම සන්තියාගෝගේ බෝට්ටුවටත්  ලොකු වැඩියි.

දරන්න බැරි තරම් විශාලයි.    මහළු ධීවරයාගේ ඇමට අහුවුනු මාලින් මාළුවා  බෝට්ටුව ඇදගෙන යනවා ගැඹුරු මුහුදට.  

මෑත කාලෙකදි සන්තියාගෝ ගැඹුරු මුහුදට ගිහින් නෑ. 

නමුත් මේ තරම් ලොකු මාළුවෙක් වෙනුවෙන් කරන්න බැරි  දෙයක් නෑ.

දවල් රෑ නැතුව සන්තියාගෝ සටන් කරනවා මාළුවාව තමන්ගෙ ග්‍රගණයට ගන්න.

අත් කැපිලා ලේ ගැලුවත්.. ශක්තිය හීනවූ අත පය වෙව්ලුවත්  ඇඟේ ඉතුරුවෙලා අන්තිම ශක්තියත් වැය කරලා මාළුවා අල්ලගන්න මේ මහල්ලාට පුළුවන් වෙනවා. බෝට්ටුවේ පැත්තක බැඳගත් මාළුවාත් අරන් ගොඩබිමට යන්න සන්තියාගෝ පිටත් වෙනවා.

ඒත් දරුණු මෝරුන්ගෙන් තමන්ගෙ මාර්ලින් මාළුවා බේරගන්න මේ මහල්ලාට බැහැ. දවල් රෑ නැතුව සටන් කරත් අන්තිමේදී මෝරුන් විසින් මාර්ලින් මාළුවාව කා දමනවා. ගොඩබිමට අරන් යන්න පුළුවන් වෙන්නෙ මාළුවාගෙ ඇටසැකිල්ල විතරයි.

සන්තියාගෝට හිනාවුනු බොහෝදෙනෙක් තේරුම් ගන්නවා මේ මහළු මිනිසා විශාලම මාළුවෙක් අල්ලාගත් බව.

ඉතුරුවුනේ ඇට සැකිල්ල විතරක් වුනත් ඔහු අති දක්ශයෙක්.

තමන්ට අහිමිවුනු කීර්තිය නැවත වරක් සන්තියාගෝට ලැබෙනවා. ගමේ අනිත් ධීවරයෝ තවදුරටත් හිනාවෙන්නෙ විහිළු කරන්නෙ නෑ. සන්තියාගෝ නැවත මුහුදු යන්න තීරණය කරනවා. එයාව ධෛර්‍යමත් කරන්නෙ මාර්ලිනෝ. 

කොයිතරම් බිඳ වැටුනත් බලාපොරොත්තු නැතිකරගන්න එපා.. සටන් කරන්න.. පරාජයන් අමතක කරන්න.. අළු මතින් නැගී සිටින්න.  ඒ තමයි මතුපිටින් දෙන පණිවිඩය.

සන්තියාගෝ මිනිසෙකුගේ ජීවිතයට සමාන කරොත්.. ජීවිතය පුරාම ලුහුබැඳයන බලාපොරොත්තුව හෝ ඉලක්කය මාර්ලින් මාළුවා වෙන්න පුළුවන්.  ඒ ඉලක්කය කොයිතරම් විශාලයිද කියනවා නම් ඒ ඉලක්කය බලාපොරොත්තුව විසින්ම ජීවිතය ගිලගන්නවා. ජීවිතය අමතක කරලා බලාපොරොත්තුව පිටුපස්සෙ හඹායන මිනිසා ජීවිතය අවසන් කරගන්නවා නොදැනීම.

කොයිතරම් පරාද වුනත්.. කොයිතරම් වෙහෙස මහන්සි වුනත්.. ජීවිතයේ අවසන් කඩ ඉම කිට්ටුවට ඇවිත් හිටියත්.. අධික ආශාවේ ඉලක්කය අමතක කරන්න මිනිසා සූදානම් නෑ.

මෙතැනදි මට මතක් වෙන්නෙ ජෙනී හොල්සර්ගෙ වාක්‍යයක්.

“Protect Me from what I want”

මට අවශ්‍ය දෙයින් මාව  ආරක්ශා කරනු මැනවි. මම දැඩිව  ආශාකරන දෙයින් මා ගලවාගත මැනවි.

ඒ බොහොම බරපතල ප්‍රකාශයක්.

“Man can destroy but not defeated”

මිනිසෙක්ව විනාශ කරන්න පුළුවන් වුනත් ඔහුව පරාජය කරන්න බෑ... මහල්ලා හෙවත් අර්නස්ට් හෙමින්ග්වේ කියනවා.

මහල්ලා හා මහ මුහුද ලියපු අර්නස්ට් හෙමින්ගේවේ ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවා.. ඇමරිකා එක්සත් ජනපදය බිහිකරපු විශිෂ්ඨතම ලේඛකයෙක් බවට පත්වෙනවා. 

මහල්ලා සහ මහ මුහුද අමතක කරපු අපි මහල්ලාව උත්කර්ශයට නගනවා.

මහ මුහුද හා මාළුවාව අමතක කරලා හෙමින්ග්වේ උත්කර්ශයට නැගීමේදී, අපි බොහෝම සටකපට විදිහට අමතක කරනවා ලිංගිකත්වය.. වර්ණභේදවාදී මතවාද.. 

හෝමෝෆෝබියා..  ධනය හා බලය මත පදනම් වූ අර්නස්ට්ගේ  සුඛෝපභෝගී ජීවන රටාව පිලිබඳව. 

එතන කිසිම ගැටළුවක් නැහැ.. අපි කතා කරන්නෙ දක්ශ ලේඛකයා ගැන මිස ඔහුගේ පෞද්ගලික ජීවිතය නෙවේ.

ඒ තමයි සමාජයේ සරල පිළිතුර.

හතර වරක් විවාහ වූ .. ඒ සමගම පෙම්වතියන් කිහිප දෙනෙක් ඇසුරුකල  අර්නස්ට් හෙමින්ග්වේ, ජීවිතය විනෝදයෙන් ගෙවන්න උත්සාහකල රසවතෙක්.  අඩුම තරමෙ තමන් ජීවිතය විඳින බව ලෝකයට පෙන්වන්න උත්සාහ කරපු.. ඒත් විශාදයෙන් හා මානසික අවපීඩනයෙන් පෙළුනු මිනිසෙක්.

එකල ඇමරිකා එක්සත් ජනපදයේ නිවාඩු තිප්පල වූ කියුබාවේ ජීවත්වන හෙමින්ග්වේ .. මහල්ලා සහ මහමුහුද කතාව ලියන්නෙ 1951 වර්ශයේ.  

මොනවගේ පසුබිමකද මේ කතාව ලියවෙන්නෙ?

1948 අවුරුද්දේදි තමන්ගෙ දෙවනි බිරිඳ වූ පෝලින් ප්ෆෙයිෆර් එක්ක හෙමින්ග්වේ මහත්තයා සංචාරයකට යනවා ඉතාලියේ වැනීසියට. ඒ වෙද්දි වයස අවුරුදු පනහකට ආසන්න වූ අර්නස්ට් හෙම්න්ග්වේගේ ශරීරය ටිකක් දුර්වලයි. ලෝක යුද්ධ දෙකකට සහභාගි වූ මේ මාධ්‍යවේදියා දෙවරක් තුවාල ලබපු කෙනෙක්. විශේෂයෙන්ම එයාගෙ දණහිස් දුර්වලයි. ඒත් එක්කම අධික මත්පැන් එයාව මහල්ලෙක් බවට පත්කර අවසන්. ඒත් පෙම්වතියන් ඇසුරුකරන්න ඒක බාධාවක් නෙවෙයි.  කියුබානු හවානා සුරුට්ටු.. විස්කි හා රම් .. මුහුද අසල සුවපහසු බංගලාවක  ජීවිතයකට  මේ හැමදේම කදිමට ගැලපෙනවා.

තමන්ගෙ භාර්‍යාවන් දෙදෙනාගෙන්ම දියණියක් නොලබපු අර්නස්ට් හෙම්න්ග්වේ පසුවන්නෙ කනස්සල්ලෙන්.

එයාට ඕනෙ දුවකගෙ තාත්තා කෙනෙක් වෙන්න. නමුත් ඔහුට ඉන්නෙ පුතුන් තුන්දෙනෙක් විතරයි.

මේ වෙනීස් සංචාරයේදී හෙමින්ග්වේට මුනගැහෙනවා බොහෝම ලස්සන තරුණියක්.

ඉතාලියේ ධනවත් වංශවත්  පවුලක තරුණියක් වූ  ආද්‍රියානා ඉවාන්චිච්ට වයස අවුරුදු දහ අටයි. ඉතාම රූමත් මේ තරුණියට හිතින් තරුණ අර්න්ස්ට් හෙමින්ග්වේ වසඟවෙනවා.

මේ සම්භන්ධය ඉතාම සංකීර්ණයි.  එක අතකින් අර්න්ස්ට්  ආදරයෙන් බැඳෙනවා ආද්‍රියානා එක්ක.  විවාහ යෝජනාවක් කරන්න තරම් මේ  ආදරය බලවත්. අනෙත් අතින් හෙම්න්ග්වේ කියනවා මේ මගේ දියණිය වෙන්න පුළුවන්… දියණියක් නැති අඩුව පුරවන්න ආද්‍රියානාට පුළුවන්.

මේ සම්භන්ධයේ ඇති පැරඩොක්සල් ස්වාභාවය වෙන්නෙ .. අර්න්ස්ට් හෙමින්ග්වේට අවශ්‍යයි ආද්‍රියානා එක්ක විවාහ වෙන්න.. ඒත් එක්කම එයා ආද්‍රියානාට කියනවා මට පපා ( තාත්තා)  කියලා කතා කරන්න.. ඔබ තමයි මම බලපොරොත්තුවෙන් සිටි දියණිය.  

මේ හැඟීම් අර්න්ස්ට් හෙමින්ග්වේගෙ ඇතුලාන්තය හෙමින් සැරේ විනාශ කරනවා වගේම ඔහුට අවශ්‍ය ඉන්ධන සපයනවා තවදුරටත් ජීවිතය පිලිබඳ බලාපොරොත්තු දල්වන්න.

ආද්‍රියානා අර්නස්ට් සම්භන්ධය ආදරය සම්භන්ධයක් හෝ පියා දියණිය සම්භන්ධයක් ලෙස වර්ධනය වෙනවා.

රැවුල හා කොන්ඩය කපන අර්නස්ට් ශාරීරික ව්‍යායාමවලට යොමුවෙනවා. තරුණ පෙනුම ලබාදෙන ඇඳුම් පැලඳුම් වගේම නිතරම සතුටින් සිටින මුහුණවක් හරහා තමන් තරුණ බව පෙන්වන්න මේ ලේඛකයා ගන්නෙ ලොකු උත්සාහයක්.

ජීවිතය පුරාම මහළු මිනිසා බලාපොරොත්තු වූ විශාල මාළුවා සහ අර්නස්ට් හෙමින්ග්වේ මහත් ආශාවෙන් බලාපොරොත්තු වූ තරුණ කාන්තාව වූ ආද්‍රියානා යනු එක් අයෙක්ද.?

මේ ආශාව හා මහා බලාපොරොත්තුව සන්තියාගෝ ධීවරයා වගේම අර්නස්ට් හෙමින්ග්වේ නම් ලේඛකයාව ටිකෙන් ටික ගිල දැම්මාද?  ආද්‍රියානා විසින් පෙන්වන අළුත් ලෝකය සන්තියාගෝ ගමන් කරන ගැඹුරු මුහුදට සමානද.?

මේ වගේ විචාර හා විචාරශීලී ප්‍රශ්ණ ගණනාවක් අපිට අහන්න පුළුවන්. 

මේ සම්භන්ධය ඇතිවූ අළුත ඒ අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද Across the River and into the Trees නම් පොත සාර්ථක වෙන්නෙ නෑ.  තමන්ගෙ ඇතුලාන්තයේ වේදනාව වගේම ලේඛකයෙකු ලෙස අසාර්ථකවීමේ වේදනාවේ ප්‍රථිඵලය වන්නේ  මහල්ලා සහ මහ මුහුද.  ඒ කතාව නැවත සැරයක් හෙමින්ග්වේව ලෝකයේ ඉහලටම ඔසවා තබනවා.

වේදනාවන්.. ආශාවන්.. ආදරය.. පියෙකුගේ හා ආදරවන්තයෙකුගේ බලාපොරොත්තු අතර හිරවෙන අර්නස්ට් හෙම්න්ග්වේගේ ජීවිතය කොයි ආකාරයටද තමන්ගෙ සමීපතයන්ට බලපාන්නෙ.?

තවදුරත් කියුබානු ජීවිතය හෝ කැරිබියානු මුහුද හිස් ජීවිතයට පිළිතුරක් නෙවෙයි.

1951 වසරේදීම හෙම්න්ග්වේගෙ බිරිඳ පෝලින් මියයන්නේ දරුණු පිලිකාවකින්.  තම ලිංගිකත්වය හා හැඟීම් අතර හිරවෙන පෝලින් ප්ෆෙයිවර්  ආදරණීය එහෙත් සංකීර්ණ  කාන්තාවක් බවට අර්නස්ට් විසින් හඳුන්වනවා.

අර්නස්ට් හෙමින්ග්වේගේ තුන්වෙනි පුත්‍රයා ග්‍රෙගරි.  ග්‍රෙගරි හා අර්නස්ට් හෙමින්ග්වේ අතර ඇති සම්භන්ධය ඉතාම සංකීර්ණයි.  දියණියක් බලාපොරොත්තුවෙන් සිටි අර්නස්ට් තමන්ට නැවතත්  ලැබෙන්නෙ පුත්‍රයෙක් නිසා අධික වේදනාවට පත්වෙනවා.   සමහර අවස්ථාවන්වලදී තමන්ගෙ පුතාට දියණියක් විදිහට සලකලා කතා කරන්න තරම් මේ මානසිකත්වය සංකීර්ණ වෙනවා.

මේ සියළුම සිද්ධීන්වල ප්‍රථිඵලයක් විදිහට පසුකාලීනව ග්‍රෙගරි හෙමින්ග්වේ සැත්කම් කීපයකින් පස්සෙ කාන්තාවක් බවට පත්වෙනවා ග්ලෝරියා හෙමින්ග්වේ විදිහට.   වෛද්‍ය විද්‍යාව හා මනෝවිද්‍යාව හදාරන ග්ලෝරියා වෘත්තීමය වශයෙන් දක්ශයි. නමුත් මුළු ජීවිතය පුරාම පීඩා විඳිනවා තම ලිංගික අනන්‍යතාවය සම්න්හන්ධව.

සන්තියාගෝ විදිහට ස්පාඤ්ඤ භාශාවෙන්  අදහස් වෙන්නෙ ශාන්ත ජේම්ස් හෙවත් සේන්ට් ජේම්ස්.   ස්පාඤ්ඤ කොලනියක් වූ කියුබාවේ වගේම ස්පාඤ්ඤයේත් වඩාත් ගෞරවයට ලක්වෙන සාන්තුවරයා වන්නේ සෙන්ට් ජේම්ස්.

අත් නොහැර සටන් කිරීම.. ධෛර්‍ය.. බලාපොරොත්තු.. විශ්වාසය පිලිබඳ ශාන්තුවරයා සෙන්ට් ජේම්ස් හෙවත් සන්තියාගෝ.

මනෝලින් හෙවත් මැනුවෙල් යන්නෙහි  අදහස දෙවියන් අප සමගයි. ( God is with us ).

සන්තියාගෝට ධෛර්‍ය දෙන්නෙත්.. සන්තියාගෝව විශ්වාස කරන්නෙත් මනෝරිනෝ හෙවත් මැනුවෙල් විසින්.

කොයිතරම් දක්ශ ලේඛකයෙක්.. දාර්ශණිකයෙක් වුනත් දෙවියන් පිලිබඳ ක්‍රිස්තියානි විශ්වාසයෙන් මිදෙන්න හෙම්න්ග්වේට පුළුවන් වෙන්නෙ නැහැ.

ජීවිතය පුරාම ආදරය හා පරිත්‍යාගය ගැනත්.. වේදනාව හා හිස්කම ගැනත් කතා කල.. එහෙත් අවසානයේ දෙවියන්ගේ ආලෝකයට යටත්වූ ලියෝ තෝල්ස්තෝයි අයිතිවෙන්නෙත් මේ ඛාන්ඩයටම විය යුතුයි.

තමන්ගේම දෙවියන් සොයාගත්තත් ඔහුටත් හැකියාවක් නෑ දිව්‍යමය විශ්වාසයෙන් මිදෙන්න.

ඒත් දෙවියන් පිලිබඳ විශ්වාසය හෙමින්ග්වේ තුල බලෙන් ඇතිකල එකක්ද.? කුඩාකලදී ඔහුට බලකරපු.. උගන්වපු විශ්වාසය ඔහුගේ  ඇතුලාන්තයට ගමන් කලේ නැතිද.?

දෙවියන් විසින් නිර්මාණය කලායැයි කියන ජීවිතය මිනිසා විසින් අවසන් කිරීමේ අභියෝගය හෝ  පව අර්න්ස්ට් හෙමින්ග්වේ විසින් දරන ලද්දේ කුමක් නිසාද.?

අර්නස්ට් හෙමින්ග්වේ නම් අති දක්ශ ලේඛකයා සියදිවි නසාගන්නෙ තමන්ගේම ගිනි අවියෙන් වෙඩි තබාගැනීමෙන්.

පලවෙනි අවස්ථාවේදී අසාර්ථකවෙන සියදිවිනසාගැනීම දෙවනි වර  සාර්ථක වෙන්නෙ 1961 අවුරුද්දේ.

ලොවට ප්‍රදර්ශණය කරන සාර්ථක .. සුඛෝපභෝගී ජීවිතය හැබෑවක්ද... ? ලෝකයට පෙන්වන ආශ්වාද ජනක ජීවිතය හා තම ඇතුලාන්තය අතර වෙනස ගැන  අපි කතා නොකරන්නෙ ඇයි.? හිස් බව හා සැප පහසුව අතර දෝලනයවෙන ජීවිතය කතා නොකල යුතු ටැබූ එකක්ද?

මහළු ධීවරයාව විනාශ කලේ ජීවිතය පුරා බලාපොරොත්තු වූ ඉලක්කය හෝ ආශාවද.  අධික ආශාව ධීවරයෙක්ව  ගැඹුරු මුහුදට ඇදෙගෙන ගොස් අසරණකිරීම ගැන අපි දැනුවත්ද? 

වඩා වැදගත් වන්නේ අර්නස්ට් හෙමින්ග්වේ නම් මහල්ලාද... නැතහොත් මහල්ලා හා මහ මුහුදද.?

Ernest Miller Hemingway- 1899/1961

Picture - Adriana .. Ernest Hemingway and the Shotgun.

(අන්තර්ජාලෙයන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.