News Category
From Date
To Date
Maximum Number of Result

මහල්ලා සහ මහ මුහුද..

Sep 7, 2025 at 10:19 AM
|

මම වයසක මිනිහෙක්..  උදේ පාන්දර නැගිටින එක මහ  අමාරු වැඩක්. ඇඟපත රිදෙනවා.. මහන්සියි. ඒත් එහෙම කියලා බෑ. මම  මාළු කාරයෙක්.. බෑ කියලා බෑ මම මාළුකාරයෙක්. මේ තමයි මගෙ ජීවිතය.  මෙහෙම කියන්නෙ මහළු කියුබානු ධීවරයෙක් වූ සන්තියාගෝ.

දවස් අසූ හතරක් එක දිගටම මුහුදු ගියත් මේ කිසිම දවසක මට බැරි වුනා මාළුවෙක් අල්ලගන්න.

 අත්දැකීම් ඇති දක්ශ ධීවරයෙක්ට බෑ එකම මාළුවෙක්වත් අල්ලගන්න... අසල්වැසි ධීවරයො හිනාවෙනවා මේ මහල්ලාට.

හැමෝම හිනාවුනත් මනොලීනෝ විශ්වාස කරනවා සන්තියාගෝ ගැන. මනෝලීනෝ තරුණ වයසට ලඟාවෙන දරුවෙක්. එක අතකින් සන්තියාගෝගේ මිත්‍රයා... අනෙත් අතින් එයාගේ ධීවර සහායකයා.

සන්තියාගෝගේ ජීවිතයේ ලොකුම අරමුණ විශාල මාළුවෙක් අල්ලාගැනීම. තමන්ගෙ හැකියාව ඔප්පුකිරීම..

තවත් විදිහකට කීවොත් මහළු වුනත්.. ජීවිතය පුරාම සටන් කරත්.. මුළු ජීවිතයම මාළු අල්ලන්න කැපකරත්.. පරාජයන් සිය දාස් ගාණක් ලැබුවත් සන්තියාගෝට බැහැ තමන්ගෙ දැවෙන ආශාවෙන් ගැලවෙන්න.

දැන් ඇති.. උඹ ජීවිතේ පුරාම වැඩකරා.. තවත් සටන්කරන්න.. ඔප්පු කරන්න දෙයක් උඹට ඉතුරුවෙලා නෑ.

ඉහ නිකට පැහුණු මහල්ලෙක් වුනු උඹ ඇයි මේ තරම් නහින්නෙ.. සටන් කරන්නෙ..?  දැන් ඇති.. උඹට විවේක ගන්න කාලයයි ඇවිහ් තියෙන්නෙ.  එහෙම කියන්නෙ කෙනෙක් සන්තියාගෝ අවට නැහැ.

 ඒ වෙනුවට මනෝලිනෝ තවදුරටත් සන්තියාගෝව විශ්වාස කරනවා... සන්තියාගෝට දහිරිය දෙනවා.

ජීවිතේ පුරාම බලාපොරොත්තු .. ඉලක්ක හඹාගිය සන්තියාගෝට අන්තිමේදි හමුවෙනවා තමන් බලාපොරොත්තු වූ දේ.

හිතාගන්න බැරිතරම් විශාල මාළුවෙක්. මේ තමයි ජීවිතය කාලය පුරාම හීන දැක්ක බලාපොරොත්තු වුනු ඉලක්කය.

ඒත් ඒ මාළුවා සන්තියාගෝට වගේම සන්තියාගෝගේ බෝට්ටුවටත්  ලොකු වැඩියි.

දරන්න බැරි තරම් විශාලයි.    මහළු ධීවරයාගේ ඇමට අහුවුනු මාලින් මාළුවා  බෝට්ටුව ඇදගෙන යනවා ගැඹුරු මුහුදට.  

මෑත කාලෙකදි සන්තියාගෝ ගැඹුරු මුහුදට ගිහින් නෑ. 

නමුත් මේ තරම් ලොකු මාළුවෙක් වෙනුවෙන් කරන්න බැරි  දෙයක් නෑ.

දවල් රෑ නැතුව සන්තියාගෝ සටන් කරනවා මාළුවාව තමන්ගෙ ග්‍රගණයට ගන්න.

අත් කැපිලා ලේ ගැලුවත්.. ශක්තිය හීනවූ අත පය වෙව්ලුවත්  ඇඟේ ඉතුරුවෙලා අන්තිම ශක්තියත් වැය කරලා මාළුවා අල්ලගන්න මේ මහල්ලාට පුළුවන් වෙනවා. බෝට්ටුවේ පැත්තක බැඳගත් මාළුවාත් අරන් ගොඩබිමට යන්න සන්තියාගෝ පිටත් වෙනවා.

ඒත් දරුණු මෝරුන්ගෙන් තමන්ගෙ මාර්ලින් මාළුවා බේරගන්න මේ මහල්ලාට බැහැ. දවල් රෑ නැතුව සටන් කරත් අන්තිමේදී මෝරුන් විසින් මාර්ලින් මාළුවාව කා දමනවා. ගොඩබිමට අරන් යන්න පුළුවන් වෙන්නෙ මාළුවාගෙ ඇටසැකිල්ල විතරයි.

සන්තියාගෝට හිනාවුනු බොහෝදෙනෙක් තේරුම් ගන්නවා මේ මහළු මිනිසා විශාලම මාළුවෙක් අල්ලාගත් බව.

ඉතුරුවුනේ ඇට සැකිල්ල විතරක් වුනත් ඔහු අති දක්ශයෙක්.

තමන්ට අහිමිවුනු කීර්තිය නැවත වරක් සන්තියාගෝට ලැබෙනවා. ගමේ අනිත් ධීවරයෝ තවදුරටත් හිනාවෙන්නෙ විහිළු කරන්නෙ නෑ. සන්තියාගෝ නැවත මුහුදු යන්න තීරණය කරනවා. එයාව ධෛර්‍යමත් කරන්නෙ මාර්ලිනෝ. 

කොයිතරම් බිඳ වැටුනත් බලාපොරොත්තු නැතිකරගන්න එපා.. සටන් කරන්න.. පරාජයන් අමතක කරන්න.. අළු මතින් නැගී සිටින්න.  ඒ තමයි මතුපිටින් දෙන පණිවිඩය.

සන්තියාගෝ මිනිසෙකුගේ ජීවිතයට සමාන කරොත්.. ජීවිතය පුරාම ලුහුබැඳයන බලාපොරොත්තුව හෝ ඉලක්කය මාර්ලින් මාළුවා වෙන්න පුළුවන්.  ඒ ඉලක්කය කොයිතරම් විශාලයිද කියනවා නම් ඒ ඉලක්කය බලාපොරොත්තුව විසින්ම ජීවිතය ගිලගන්නවා. ජීවිතය අමතක කරලා බලාපොරොත්තුව පිටුපස්සෙ හඹායන මිනිසා ජීවිතය අවසන් කරගන්නවා නොදැනීම.

කොයිතරම් පරාද වුනත්.. කොයිතරම් වෙහෙස මහන්සි වුනත්.. ජීවිතයේ අවසන් කඩ ඉම කිට්ටුවට ඇවිත් හිටියත්.. අධික ආශාවේ ඉලක්කය අමතක කරන්න මිනිසා සූදානම් නෑ.

මෙතැනදි මට මතක් වෙන්නෙ ජෙනී හොල්සර්ගෙ වාක්‍යයක්.

“Protect Me from what I want”

මට අවශ්‍ය දෙයින් මාව  ආරක්ශා කරනු මැනවි. මම දැඩිව  ආශාකරන දෙයින් මා ගලවාගත මැනවි.

ඒ බොහොම බරපතල ප්‍රකාශයක්.

“Man can destroy but not defeated”

මිනිසෙක්ව විනාශ කරන්න පුළුවන් වුනත් ඔහුව පරාජය කරන්න බෑ... මහල්ලා හෙවත් අර්නස්ට් හෙමින්ග්වේ කියනවා.

මහල්ලා හා මහ මුහුද ලියපු අර්නස්ට් හෙමින්ගේවේ ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවා.. ඇමරිකා එක්සත් ජනපදය බිහිකරපු විශිෂ්ඨතම ලේඛකයෙක් බවට පත්වෙනවා. 

මහල්ලා සහ මහ මුහුද අමතක කරපු අපි මහල්ලාව උත්කර්ශයට නගනවා.

මහ මුහුද හා මාළුවාව අමතක කරලා හෙමින්ග්වේ උත්කර්ශයට නැගීමේදී, අපි බොහෝම සටකපට විදිහට අමතක කරනවා ලිංගිකත්වය.. වර්ණභේදවාදී මතවාද.. 

හෝමෝෆෝබියා..  ධනය හා බලය මත පදනම් වූ අර්නස්ට්ගේ  සුඛෝපභෝගී ජීවන රටාව පිලිබඳව. 

එතන කිසිම ගැටළුවක් නැහැ.. අපි කතා කරන්නෙ දක්ශ ලේඛකයා ගැන මිස ඔහුගේ පෞද්ගලික ජීවිතය නෙවේ.

ඒ තමයි සමාජයේ සරල පිළිතුර.

හතර වරක් විවාහ වූ .. ඒ සමගම පෙම්වතියන් කිහිප දෙනෙක් ඇසුරුකල  අර්නස්ට් හෙමින්ග්වේ, ජීවිතය විනෝදයෙන් ගෙවන්න උත්සාහකල රසවතෙක්.  අඩුම තරමෙ තමන් ජීවිතය විඳින බව ලෝකයට පෙන්වන්න උත්සාහ කරපු.. ඒත් විශාදයෙන් හා මානසික අවපීඩනයෙන් පෙළුනු මිනිසෙක්.

එකල ඇමරිකා එක්සත් ජනපදයේ නිවාඩු තිප්පල වූ කියුබාවේ ජීවත්වන හෙමින්ග්වේ .. මහල්ලා සහ මහමුහුද කතාව ලියන්නෙ 1951 වර්ශයේ.  

මොනවගේ පසුබිමකද මේ කතාව ලියවෙන්නෙ?

1948 අවුරුද්දේදි තමන්ගෙ දෙවනි බිරිඳ වූ පෝලින් ප්ෆෙයිෆර් එක්ක හෙමින්ග්වේ මහත්තයා සංචාරයකට යනවා ඉතාලියේ වැනීසියට. ඒ වෙද්දි වයස අවුරුදු පනහකට ආසන්න වූ අර්නස්ට් හෙම්න්ග්වේගේ ශරීරය ටිකක් දුර්වලයි. ලෝක යුද්ධ දෙකකට සහභාගි වූ මේ මාධ්‍යවේදියා දෙවරක් තුවාල ලබපු කෙනෙක්. විශේෂයෙන්ම එයාගෙ දණහිස් දුර්වලයි. ඒත් එක්කම අධික මත්පැන් එයාව මහල්ලෙක් බවට පත්කර අවසන්. ඒත් පෙම්වතියන් ඇසුරුකරන්න ඒක බාධාවක් නෙවෙයි.  කියුබානු හවානා සුරුට්ටු.. විස්කි හා රම් .. මුහුද අසල සුවපහසු බංගලාවක  ජීවිතයකට  මේ හැමදේම කදිමට ගැලපෙනවා.

තමන්ගෙ භාර්‍යාවන් දෙදෙනාගෙන්ම දියණියක් නොලබපු අර්නස්ට් හෙම්න්ග්වේ පසුවන්නෙ කනස්සල්ලෙන්.

එයාට ඕනෙ දුවකගෙ තාත්තා කෙනෙක් වෙන්න. නමුත් ඔහුට ඉන්නෙ පුතුන් තුන්දෙනෙක් විතරයි.

මේ වෙනීස් සංචාරයේදී හෙමින්ග්වේට මුනගැහෙනවා බොහෝම ලස්සන තරුණියක්.

ඉතාලියේ ධනවත් වංශවත්  පවුලක තරුණියක් වූ  ආද්‍රියානා ඉවාන්චිච්ට වයස අවුරුදු දහ අටයි. ඉතාම රූමත් මේ තරුණියට හිතින් තරුණ අර්න්ස්ට් හෙමින්ග්වේ වසඟවෙනවා.

මේ සම්භන්ධය ඉතාම සංකීර්ණයි.  එක අතකින් අර්න්ස්ට්  ආදරයෙන් බැඳෙනවා ආද්‍රියානා එක්ක.  විවාහ යෝජනාවක් කරන්න තරම් මේ  ආදරය බලවත්. අනෙත් අතින් හෙම්න්ග්වේ කියනවා මේ මගේ දියණිය වෙන්න පුළුවන්… දියණියක් නැති අඩුව පුරවන්න ආද්‍රියානාට පුළුවන්.

මේ සම්භන්ධයේ ඇති පැරඩොක්සල් ස්වාභාවය වෙන්නෙ .. අර්න්ස්ට් හෙමින්ග්වේට අවශ්‍යයි ආද්‍රියානා එක්ක විවාහ වෙන්න.. ඒත් එක්කම එයා ආද්‍රියානාට කියනවා මට පපා ( තාත්තා)  කියලා කතා කරන්න.. ඔබ තමයි මම බලපොරොත්තුවෙන් සිටි දියණිය.  

මේ හැඟීම් අර්න්ස්ට් හෙමින්ග්වේගෙ ඇතුලාන්තය හෙමින් සැරේ විනාශ කරනවා වගේම ඔහුට අවශ්‍ය ඉන්ධන සපයනවා තවදුරටත් ජීවිතය පිලිබඳ බලාපොරොත්තු දල්වන්න.

ආද්‍රියානා අර්නස්ට් සම්භන්ධය ආදරය සම්භන්ධයක් හෝ පියා දියණිය සම්භන්ධයක් ලෙස වර්ධනය වෙනවා.

රැවුල හා කොන්ඩය කපන අර්නස්ට් ශාරීරික ව්‍යායාමවලට යොමුවෙනවා. තරුණ පෙනුම ලබාදෙන ඇඳුම් පැලඳුම් වගේම නිතරම සතුටින් සිටින මුහුණවක් හරහා තමන් තරුණ බව පෙන්වන්න මේ ලේඛකයා ගන්නෙ ලොකු උත්සාහයක්.

ජීවිතය පුරාම මහළු මිනිසා බලාපොරොත්තු වූ විශාල මාළුවා සහ අර්නස්ට් හෙමින්ග්වේ මහත් ආශාවෙන් බලාපොරොත්තු වූ තරුණ කාන්තාව වූ ආද්‍රියානා යනු එක් අයෙක්ද.?

මේ ආශාව හා මහා බලාපොරොත්තුව සන්තියාගෝ ධීවරයා වගේම අර්නස්ට් හෙමින්ග්වේ නම් ලේඛකයාව ටිකෙන් ටික ගිල දැම්මාද?  ආද්‍රියානා විසින් පෙන්වන අළුත් ලෝකය සන්තියාගෝ ගමන් කරන ගැඹුරු මුහුදට සමානද.?

මේ වගේ විචාර හා විචාරශීලී ප්‍රශ්ණ ගණනාවක් අපිට අහන්න පුළුවන්. 

මේ සම්භන්ධය ඇතිවූ අළුත ඒ අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද Across the River and into the Trees නම් පොත සාර්ථක වෙන්නෙ නෑ.  තමන්ගෙ ඇතුලාන්තයේ වේදනාව වගේම ලේඛකයෙකු ලෙස අසාර්ථකවීමේ වේදනාවේ ප්‍රථිඵලය වන්නේ  මහල්ලා සහ මහ මුහුද.  ඒ කතාව නැවත සැරයක් හෙමින්ග්වේව ලෝකයේ ඉහලටම ඔසවා තබනවා.

වේදනාවන්.. ආශාවන්.. ආදරය.. පියෙකුගේ හා ආදරවන්තයෙකුගේ බලාපොරොත්තු අතර හිරවෙන අර්නස්ට් හෙම්න්ග්වේගේ ජීවිතය කොයි ආකාරයටද තමන්ගෙ සමීපතයන්ට බලපාන්නෙ.?

තවදුරත් කියුබානු ජීවිතය හෝ කැරිබියානු මුහුද හිස් ජීවිතයට පිළිතුරක් නෙවෙයි.

1951 වසරේදීම හෙම්න්ග්වේගෙ බිරිඳ පෝලින් මියයන්නේ දරුණු පිලිකාවකින්.  තම ලිංගිකත්වය හා හැඟීම් අතර හිරවෙන පෝලින් ප්ෆෙයිවර්  ආදරණීය එහෙත් සංකීර්ණ  කාන්තාවක් බවට අර්නස්ට් විසින් හඳුන්වනවා.

අර්නස්ට් හෙමින්ග්වේගේ තුන්වෙනි පුත්‍රයා ග්‍රෙගරි.  ග්‍රෙගරි හා අර්නස්ට් හෙමින්ග්වේ අතර ඇති සම්භන්ධය ඉතාම සංකීර්ණයි.  දියණියක් බලාපොරොත්තුවෙන් සිටි අර්නස්ට් තමන්ට නැවතත්  ලැබෙන්නෙ පුත්‍රයෙක් නිසා අධික වේදනාවට පත්වෙනවා.   සමහර අවස්ථාවන්වලදී තමන්ගෙ පුතාට දියණියක් විදිහට සලකලා කතා කරන්න තරම් මේ මානසිකත්වය සංකීර්ණ වෙනවා.

මේ සියළුම සිද්ධීන්වල ප්‍රථිඵලයක් විදිහට පසුකාලීනව ග්‍රෙගරි හෙමින්ග්වේ සැත්කම් කීපයකින් පස්සෙ කාන්තාවක් බවට පත්වෙනවා ග්ලෝරියා හෙමින්ග්වේ විදිහට.   වෛද්‍ය විද්‍යාව හා මනෝවිද්‍යාව හදාරන ග්ලෝරියා වෘත්තීමය වශයෙන් දක්ශයි. නමුත් මුළු ජීවිතය පුරාම පීඩා විඳිනවා තම ලිංගික අනන්‍යතාවය සම්න්හන්ධව.

සන්තියාගෝ විදිහට ස්පාඤ්ඤ භාශාවෙන්  අදහස් වෙන්නෙ ශාන්ත ජේම්ස් හෙවත් සේන්ට් ජේම්ස්.   ස්පාඤ්ඤ කොලනියක් වූ කියුබාවේ වගේම ස්පාඤ්ඤයේත් වඩාත් ගෞරවයට ලක්වෙන සාන්තුවරයා වන්නේ සෙන්ට් ජේම්ස්.

අත් නොහැර සටන් කිරීම.. ධෛර්‍ය.. බලාපොරොත්තු.. විශ්වාසය පිලිබඳ ශාන්තුවරයා සෙන්ට් ජේම්ස් හෙවත් සන්තියාගෝ.

මනෝලින් හෙවත් මැනුවෙල් යන්නෙහි  අදහස දෙවියන් අප සමගයි. ( God is with us ).

සන්තියාගෝට ධෛර්‍ය දෙන්නෙත්.. සන්තියාගෝව විශ්වාස කරන්නෙත් මනෝරිනෝ හෙවත් මැනුවෙල් විසින්.

කොයිතරම් දක්ශ ලේඛකයෙක්.. දාර්ශණිකයෙක් වුනත් දෙවියන් පිලිබඳ ක්‍රිස්තියානි විශ්වාසයෙන් මිදෙන්න හෙම්න්ග්වේට පුළුවන් වෙන්නෙ නැහැ.

ජීවිතය පුරාම ආදරය හා පරිත්‍යාගය ගැනත්.. වේදනාව හා හිස්කම ගැනත් කතා කල.. එහෙත් අවසානයේ දෙවියන්ගේ ආලෝකයට යටත්වූ ලියෝ තෝල්ස්තෝයි අයිතිවෙන්නෙත් මේ ඛාන්ඩයටම විය යුතුයි.

තමන්ගේම දෙවියන් සොයාගත්තත් ඔහුටත් හැකියාවක් නෑ දිව්‍යමය විශ්වාසයෙන් මිදෙන්න.

ඒත් දෙවියන් පිලිබඳ විශ්වාසය හෙමින්ග්වේ තුල බලෙන් ඇතිකල එකක්ද.? කුඩාකලදී ඔහුට බලකරපු.. උගන්වපු විශ්වාසය ඔහුගේ  ඇතුලාන්තයට ගමන් කලේ නැතිද.?

දෙවියන් විසින් නිර්මාණය කලායැයි කියන ජීවිතය මිනිසා විසින් අවසන් කිරීමේ අභියෝගය හෝ  පව අර්න්ස්ට් හෙමින්ග්වේ විසින් දරන ලද්දේ කුමක් නිසාද.?

අර්නස්ට් හෙමින්ග්වේ නම් අති දක්ශ ලේඛකයා සියදිවි නසාගන්නෙ තමන්ගේම ගිනි අවියෙන් වෙඩි තබාගැනීමෙන්.

පලවෙනි අවස්ථාවේදී අසාර්ථකවෙන සියදිවිනසාගැනීම දෙවනි වර  සාර්ථක වෙන්නෙ 1961 අවුරුද්දේ.

ලොවට ප්‍රදර්ශණය කරන සාර්ථක .. සුඛෝපභෝගී ජීවිතය හැබෑවක්ද... ? ලෝකයට පෙන්වන ආශ්වාද ජනක ජීවිතය හා තම ඇතුලාන්තය අතර වෙනස ගැන  අපි කතා නොකරන්නෙ ඇයි.? හිස් බව හා සැප පහසුව අතර දෝලනයවෙන ජීවිතය කතා නොකල යුතු ටැබූ එකක්ද?

මහළු ධීවරයාව විනාශ කලේ ජීවිතය පුරා බලාපොරොත්තු වූ ඉලක්කය හෝ ආශාවද.  අධික ආශාව ධීවරයෙක්ව  ගැඹුරු මුහුදට ඇදෙගෙන ගොස් අසරණකිරීම ගැන අපි දැනුවත්ද? 

වඩා වැදගත් වන්නේ අර්නස්ට් හෙමින්ග්වේ නම් මහල්ලාද... නැතහොත් මහල්ලා හා මහ මුහුදද.?

Ernest Miller Hemingway- 1899/1961

Picture - Adriana .. Ernest Hemingway and the Shotgun.

(අන්තර්ජාලෙයන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.