News Category
From Date
To Date
Maximum Number of Result

දියුණු රටවල ශිෂ්ට ඩ්‍රයිවර්ලා වාහන එළවන හැටි

Sep 9, 2025 at 10:24 AM
|

👉 2022 වසරේ සංඛ්යා ලේඛන අනුව බීමතින් රිය පැදවීම නිසා අමෙරිකාවේ සෑම විනාඩි 39කටම එක් පුද්ගලයෙක් මරණයට පත් වී තිබේ. බීමත් රිය අනතුරු නිසා ඒ වසරේ එරට වාර්තා වූ මරණ සංඛ්යාව 13524කි. එය මුළු මාරක අනතුරු සංඛ්යාවේ ප්රතිශතයක් ලෙස 32%කි. පසුගිය වසර 10 තුළ සෑම වසරකම 11000ක පමණ ප්රමාණයක් බීමත් රිය පැදවීම් නිසා මරණයට පත් වී තිබේ.
👉 ස්වීඩනයේ 2022 වසර තුළ බීමතින් රිය පැදවීම නිසා වරදකරුවන් වූ සංඛ්යාව 9774කි. මත්ද්රව්ය භාවිතා කොට රිය පැදවීම සම්බන්ධ වරදකරුවන් වූ සංඛ්යාව 12050කි. 2022 වසරේ ස්වීඩනය තුළ මත්ද්රව්ය ආශ්රිත අපරාධ 113475ක් සහ මත්පැන් ආශ්රිත අපරාධ 13657ක් වාර්තා වී තිබේ.
👉 කැනඩාවේ 2021 වසර තුළ බීමත්ව රිය පැදවීමෙන් සිදුවූ මරණ සංඛ්යාව 459කි. 2021 වසරේදී එරට තුළ බීමත් රියදුරන්ගේ බලපත්ර අත්හිටුවීම් 78480ක් වාර්තා වේ.
👉 ප්රංශයේ 2000 - 2022 යන කාලය අතර බීමතින් රිය පැදවීම්වලට වරදකරුවන් වන සංඛ්යාව වසරකට ලක්ෂයකට ආසන්න අගයකි. 2022 වසරේදී මේ අගය 70998කි. 2019 වසරේදී පුද්ගලයන් 1052ක් බීමත් රිය අනතුරු නිසා මරණයට පත්ව ඇති අතර, එය මුළු මාරක අනතුරු ප්රමාණයෙන් 32% ප්රතිශතයකි.
👉 නෝර්වේ රාජ්යයේ 2020 වර්ෂය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් 25%ක් බීමත්කම නිසා සිදුවී ඇති අතර, 2022 වසරේ බීමත් රිය පැදවීම් සම්බන්ධව වරදකරුවන් වූ සංඛ්යාව 11651කි.
👉 ඔස්ටේ්රලියාවේ 2022 වසරේ සිදුවූ මාරක අනතුරුවලින් 21%ක් සිදුව ඇත්තේ මත්පැන් භාවිතය හේතුවෙනි. මොනෑෂ් විශ්වවිද්යාලයේ මාර්ග අනතුරු පිළිබඳ පර්යේෂණ ආයතනය පෙන්වා දෙන ආකාරයට සාමාන්යයෙන් එරට වාර්ෂික මාරක අනතුරුවලින් සීයට 30%ක් පමණ බීමත්කම හා සම්බන්ධය.
👉 දකුණු කොරියාවේ 2023 වසර තුළ බීමත් රිය පැදවීම්වලට වරදකරුවන් වූ සංඛ්යාව 130150කි. 2018 - 2022 අතර කාලය තුළ බීමත් රිය පැදවීම් නිසා 1348ක් මරණයට පත්ව 134890ක් තුවාල ලබා තිබේ.
👉 දකුණු අප්රිකාව ලෝකයේ බීමත් රිය අනතුරු සම්බන්ධ නරකම වාර්තා සහිත රටක් වන අතර, එරට සිදුවන මාරක අනතුරුවලින් 58%ක් මත්පැන් භාවිතය හා සම්බන්ධය. එරට ජනගහනයෙන් සෑම ලක්ෂයකටම 25.1ක් වාර්ෂිකව බීමත් රිය අනතුරුවලින් මිය යන බව WHO's globle status report on road safety for 2015 වාර්තාව පෙන්වා දෙයි.
👉 සුප්රකට ෆෝබ්ස් වෙබ් අඩවියට අනුව 2015 වසරේ බීමතින් රිය පැදවීම් නිසා සිදුවන මරණ සංඛ්යාව ප්රතිශතයක් ලෙස ඉහළම රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානය දකුණු අප්රිකාවට හිමිවී තිබේ. පිළිවෙළින් කැනඩාව, අමෙරිකාව, ඔස්ටේ්රලියාව, ප්රංශය, ඉතාලිය, එක්සත් රාජධානිය, දකුණු කොරියාව, ජර්මනිය, රුසියාව, ඉන්දියාව, චීනය එහි සෙසු ස්ථාන හිමිවී තිබේ.
👉 මේ කාරණා අප මෙහි පෙන්වා දෙන්නේ කුමක් සඳහාද?
👉 මෙහි අරමුණ බටහිර රටවල් අන්තිම නරක බව හෝ හොඳ දේවල් කිසිවක් ඒ රටවල නැතැයි කීම නොවේ.
👉 එසේම මෙහි අරමුණ බටහිර රටවලට වඩා ලංකාවේ සියලු දේ හොඳ යැයි කීමද නොවේ.
👉 එසේත් නොමැති නම් බටහිර වැරදි පෙන්වා ලංකාවේ වැරදි මෝඩකම් සාධාරණීකරණය කිරීමද නොවේ.
👉 මෙහි එකම අරමුණ ලංකාවේ බොහෝදෙනා යටත්විජිත හීනමානය මත පදනම්ව බටහිර ලෝකය පිළිබඳ සිතේ මවාගෙන සිටින පැතලි සිහින ලෝකවල සැබෑ තත්ත්වය පෙන්වා දීම පමණි.
👉 ලංකාවේ බොහෝදෙනා සිතන ආකාරයට බීමත් අශීලාචාර රියදුරන් හා අශීලාචාර මිනිසුන් ඇත්තේ ලංකාව වැනි නොදියුණු ගෝත්රික රටවල් තුළ පමණි.
👉 ඔවුන්ට අනුව සුදු හම ඇති දියුණු බටහිර රටවල්වල ඇත්තේ රහසින්වත් වැරදි නොකරන, ශිෂ්ටත්වය, නීතිය ඉහළින්ම අගයන දෙවිදේවතාවුන් වැනි මිනිසුන් සහිත සමාජයකි.
👉 ඔවුන් මත්පැන් පානය කළද, පාරේ ගමන් කළද ඒ සෑම දෙයක්ම කරනුයේ ඉහළින්ම නීති රකිමින් බව ලංකාවේ බොහෝදෙනා විශ්වාස කරති.
👉ලංකාවේ රිය අනතුරු වැනි දේවල් ගැන සංවාද ඇති වන සෑම අවස්ථාවකම පාහේ ලංකාවේ බොහෝ රැඩිකල් මහත්වරුන්ගේ වෝල් පිරී යනුයේ බටහිර රටවල විනීත රියදුරන් ගැන ගුණ වර්ණනාවලිනි.
👉 එහෙත් සැබෑ ලෝකය යනු ඒ ආකාරයට කළු සුදු ලෙස දෙකට බෙදිය හැක්කක් නොවේ.
👉 රටක නීති රාමුව, නීතිය ක්රියාත්මක වන ආකාරය, මිනිසුන්ගේ හැදියාව ආදිය ගැන කුමන සම්මුතීන් ගොඩනගා තිබුණද ඒ සෑම තැනකම ජීවත් වන්නේ මිනිසුන් මිස අමුතු සත්ත්ව කොට්ඨාස නොවේ.
👉 එහෙයින් ඒ ඕනෑම තැනක අඩු වැඩි වශයෙන් වැරදි අඩුපාඩු සිදුවීම වැළැක්විය නොහැක්කකි.
👉 අප කළ යුත්තේ ඒවා අවම කර ගැනීමට අවශ්ය පියවර ගැනීම මිස යටත්විජිත හීනමානය ප්රදර්ශනය කරමින් සුදු ඩ්රයිවර්ලාගේ ශිෂ්ටත්වය ගැන උදම් ඇනීම නොවේ.
(මෙහි දැක්වෙන සියලු සංඛ්යාලේඛන එම රටවල අදාළ වාර්තා සහිත වෙබ් අඩවි හා ඊට අදාළ පිළිගත් මූලාශ්රවලින් ලබාගෙන ඇත. පින්තූරයේ දැක්වෙන ප්රස්ථාරය statiscca වෙබ් අඩවියෙන් ලබාගත්තකි.)

උපුටා ගැනීම - https://www.facebook.com/nextpage.srilanka

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.