News Category
From Date
To Date
Maximum Number of Result

The Telegraph පුවත්පත විසින් කරන ලද විශ්ලේෂණයක් මගින් අනාවරණය වී ඇත්තේ නිල උසස් අධ්‍යාපන දත්තවලට අනුව, එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක සුදු ජාතික සිසුන් මේ වන විට සුළුතරයක් බවට පත්ව ඇති බවයි.

වෙනිසියුලාවට බලපෑ ඉතා දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් බෙයිජිංහි පැවති නිල සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, වසර 105ක් පුරා විහිදුණු පක්ෂයේ අඛණ්ඩ අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කිරීමට සමත් වී ඇති බවයි. මෙම ඓතිහාසික ගමන්මඟ චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මාක්ස්වාදයේ බලගතු ජීවගුණය මනාව පෙන්නුම් කරන මෙම වසර 105ක ඉතිහාසය ලෝක ඉතිහාසයේ ගමන් මඟ ශක්තිමත්ව ගොඩනැගීමට ද සෘජුවම දායක වී ඇති බව අවධාරණය කළේය.

වෙනිසියුලාවේ පසුගියදා සිදු වූ ප්‍රබල ද්විත්ව භූමිකම්පා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,943 දක්වා ඉහළ ගොස් ඇති බව එරට නිල වාර්තා සනාථ කරයි.

අමෙරිකා එක්සත් ජනපදය තුළ උපත ලබන සංක්‍රමණිකයන්ගේ දරුවන්ට ස්වයංක්‍රීයව හිමිවන පුරවැසි අයිතිය අහෝසි කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර තිබූ විධායක නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතෝලික අගරදගුරු පදවිය (Catholic Archdiocese of San Francisco) ළමා ලිංගික අපයෝජන නඩු 500කට අධික සංඛ්‍යාවක් සමථයකට පත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 395ක වන්දියක් ගෙවීමට මූලික එකඟතාවකට පැමිණ තිබේ.

ජපානයේ ක්‍රියාත්මක වන “නව මිලිටරිවාදී” සහ නැවත ආයුධකරණ වැඩපිළිවෙළ පාලනය කිරීම සඳහා චීන වාණිජ අමාත්‍යාංශය විසින් ජපාන ආයතන 40කට එරෙහිව දැඩි අපනයන සීමාවන් පනවා තිබේ. ඒ අනුව ජපානයේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ඇතුළු ආයතන 20ක් අපනයන පාලන ලැයිස්තුවටත්, MITSUI E&S ඇතුළු තවත් ආයතන 20ක් නිරීක්ෂණ ලැයිස්තුවටත් ඇතුළත් කිරීමට චීනය පියවර ගෙන ඇත.

ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව, එරට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයේ පවතින බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 5.5කින් තවත් අඩු වී තිබේ.

ඉදිරි දින කිහිපය තුළ ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර කිසිදු නිල සාකච්ඡාවක් හෝ හමුවීමක් සැලසුම් කර නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) ප්‍රකාශ කර ඇති බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.