News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන තෙල් වෙළඳාමට සම්බන්ධ බවට චෝදනා කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් චීන සමාගම් පහකට පනවන ලද සම්බාධක අවහිර කිරීමට චීන වාණිජ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඉරානයේ වයඹදිග සන්ජාන් (Zanjan) පළාතේ සිදු වූ බෝම්බ පිපිරීමකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු පළමු වරට පසුගිය මාර්තු මස අවසානයේදී එක්සත් ජනපද ජාතික ණය පර්මානය සමස්ථ අමෙරිකානු ආර්ථිකයේ ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂණ කාර්යාංශය විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් "ෆොක්ස් බිස්නස්" වාර්තා කළේය.

ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමෙරිකාව ක්‍රියාත්මක කරන නාවික අවහිරතා (Naval Siege) වොෂින්ටනය විසින් දියත් කළ හමුදා මෙහෙයුම්වල තවත් දිගුවක් බවත්, එය කිසිසේත්ම ඉවසා සිටිය නොහැකි බවත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කරයි.

ලෝක දේශපාලනයේ සහ ගෝලීය බලශක්ති සැපයුමේ තීරණාත්මක කලාපයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz), අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර ඇති සිතියමක් අන්තර්ජාලය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.

චීනයේ තීරයක් සහ මාර්ග මුලපිරීම ((Belt and Road Initiative) බටහිර විවරණ මගින් බොහෝ විට වරාය, දුම්රිය මාර්ග සහ මහාමාර්ගවලට ලඝු කරන තත්වයට වඩා බොහෝ සෙයින් අභිලාෂකාමී බව ජාත්‍යන්තර සබඳතා සහ භූ-ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රමුඛ ඉරාක-ස්වීඩන් විශාරදයෙකු වන හුසේන් අස්කරි පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC හෙවත් ඛනිජ තෙල් අපනයන රටවල සංවිධානයෙන් මෙන්ම OPEC+ වෙතින්ද ඉවත් වීමට තීරණය කර ඇති බව එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් ඇණහිට තිබියදී ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී ඇතැයි වාර්තා වේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.