එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක සුදු ජාතික සිසුන් සුළුතරයක් බවට පත්වී ඇතැයි Telegraph පුවත් පත පවසයි
The Telegraph පුවත්පත විසින් කරන ලද විශ්ලේෂණයක් මගින් අනාවරණය වී ඇත්තේ නිල උසස් අධ්‍යාපන දත්තවලට අනුව, එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක සුදු ජාතික සිසුන් මේ වන විට සුළුතරයක් බවට පත්ව ඇති බවයි.
ඊයේ(02) දින පළ කළ එම විශ්ලේෂණයේ වාර්තා වලට අනුව, 2024–25 අධ්‍යයන වර්ෂයේදී රටේ විශ්වවිද්‍යාල 147 අතරින් 27ක සුදු බ්‍රිතාන්‍ය සිසුන්ගේ ලියාපදිංචි වීමේ ප්‍රතිශතය 50%ට වඩා අඩු වී තිබේ.එහෙත් මීට දශකයකට පෙර එවැනි විශ්වවිද්‍යාල තිබුණේ 13ක් පමණක් බව පුවත් පත අවධාරණය කළේය.
සමහර විශ්වවිද්‍යාලවල සුදු ජාතික සිසුන්ගේ ප්‍රතිශතය 25%ටත් වඩා අඩු මට්ටමක පැවති බවද Telegraph විශ්ලේෂණ වාර්තාව සඳහන් කරයි. සුදු ජාතික සිසුන්ගේ අඩුම ප්‍රතිශතය වාර්තා වූයේ University of Bradford (26%) වන අතර Brunel University London සහ SOAS University of London (27% බැගින්) ස්ථානගත වූ බවද වාර්තාව පවසයි.
මෙම විශ්ලේෂණයට අනුව, එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල 80කදී සුදු ජාතික සිසුන්ගේ නියෝජනය රටේ සමස්ත ජනගහනයේ ඔවුන්ගේ ප්‍රතිශතයට සාපේක්ෂව අඩු මට්ටමක පවතී. ප්‍රමුඛ පෙළේ පර්යේෂණ විශ්වවිද්‍යාල 24කින් සමන්විත Russell Group හිද විශ්වවිද්‍යාල 15ක සුදු ජාතික සිසුන් අඩු නියෝජනයක් දක්වන බව සඳහන් වේ.
බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වල ජනගහන සංයුතියේ මෙම වෙනස සිදුව තිබියදීත්, සුදු ජාතික සිසුන් සුළුතරයක් වන විශ්වවිද්‍යාල අවම වශයෙන් 10ක් තවදුරටත් කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික (BAME) පසුබිම්වල අයදුම්කරුවන් සඳහා පමණක් වෙන් කළ ශිෂ්‍යත්ව, දීමනා සහ වෙනත් මූල්‍ය ආධාර ලබාදෙන බව The Telegraph වාර්තා කරයි. එම වැඩසටහන් කිහිපයකින් වසරකට පවුම් 18,000 (ඇමෙරිකානු ඩොලර් 24,000කට ආසන්න) දක්වා මූල්‍ය ආධාර ලබාදෙන බවද සඳහන් වේ.
University of Buckingham හි දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු මෙන්ම විශ්වවිද්‍යාලවල විවිධත්ව ප්‍රතිපත්ති විවේචනය කරන Eric Kaufmann The Telegraph වෙත පවසා ඇත්තේ, ජාතිය පදනම් කරගත් ශිෂ්‍යත්ව අහෝසි කළ යුතු බවයි.
"BAME ශිෂ්‍යත්ව පවත්වාගෙන යාමට කිසිදු හේතුවක් නැහැ. ඒවා සරලවම ජාතික පදනම මත සිදුවන වෙනස්කොට සැලකීමක්," යැයි ඔහු පැවසීය.
Telegraph පුවත් පතෙහි මෙම සොයාගැනීම් බ්‍රිතාන්‍යයේ ජාතිය පදනම් කරගත් ප්‍රතිපත්ති පිළිබඳ පවතින විවාදය තවදුරටත් උණුසුම් කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2010 Equality Act (සමානාත්මතා පනත) මගින් විශ්වවිද්‍යාල, සේවා යෝජකයන් සහ රාජ්‍ය ආයතනවලට ආරක්ෂිත කණ්ඩායම් මුහුණ දෙන අවාසි හෝ අඩු නියෝජනය අවම කිරීම සඳහා ඊනියා "positive action" (ධනාත්මක ක්‍රියාමාර්ග) ගැනීමට අවසර ලබාදී ඇත. විවේචකයන් පවසන්නේ, ඇතැම් ආයතන මෙම ප්‍රතිපාදනය භාවිත කරමින් සුදු ජාතික අයදුම්කරුවන් බැහැර කරන ශිෂ්‍යත්ව සහ වෙනත් වැඩසටහන් සාධාරණීකරණය කරන බවයි. එහෙත් එම ප්‍රතිපත්තිවලට සහාය දක්වන්නන් පවසන්නේ, ඉතිහාසයේ අඩු නියෝජනයක් තිබූ ප්‍රජාවන්ට උසස් අධ්‍යාපනයට ප්‍රවේශය පුළුල් කිරීමට එම ක්‍රියාමාර්ග උපකාරී වන බවයි.
Reform UK පක්ෂයේ නායක Nigel Farage බ්‍රිතාන්‍ය රජය "සුදු ජාතිකයන්ට එරෙහි ගැඹුරු වර්ණවාදයක්" ප්‍රවර්ධනය කරන බවට චෝදනා කර ඇත. එසේම, Equality Act පනත අහෝසි කරන බවටද ඔහු ප්‍රතිඥා දී ඇති අතර, එම පනත "පුරවැසියන්ට වෙනස් මට්ටම් දෙකකින් සලකන නීති පද්ධතියක්" (two-tier state) නිර්මාණය කර ඇති අතර, රාජ්‍ය ජීවිතය පුරා "සුදු ජාතික විරෝධී" ප්‍රවණතා ආයතනගත කර ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්