News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි විසින් නිකුත් කරන ලද ලිඛිත ප්‍රකාශයකින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය හවුල් සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව ප්‍රවර්ධනය කරන ප්‍රබල බලවේගයක් බවට පත් කළ යුතු බවත්, ඒ සඳහා සියලු රටවල් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

ජෝර්දානයේ රැඳී සිටි අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් වරක් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

ජෝර්දානයට එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානය (CENTCOM) තහවුරු කරයි.

ඩොන්බාස් කලාපයේ උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් ක්‍රාස්නි ලිමාන් (Krasny Liman) නගරය මුදා ගැනීමේ අවසන් අදියරට රුසියානු හමුදා පැමිණ ඇති අතර, එම ප්‍රදේශයේ යුක්රේන හමුදාවේ සංවිධානාත්මක ආරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී, හමුදා ජනරාල් වැලෙරි ගෙරාසිමොව් (Valery Gerasimov) ප්‍රකාශ කළේය.

පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2023 වසරේදී අත්අඩංගුවට ගෙන වසරක් පිරීම නිමිත්තෙන් ලබන අගෝස්තු 5 වැනිදා දිවයින පුරා දැවැන්ත විරෝධතා රැලි පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම චීනයේ ශැංහයි නුවරදී අද (17) නිල වශයෙන් ආරම්භ විය.

අමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්, සංස්කෘතික හුවමාරු වැඩසටහන්වලට සම්බන්ධ වන පුද්ගලයන් සහ විදේශීය මාධ්‍යවේදීන් සඳහා මෙතෙක් පැවති වීසා නීතිරීති දැඩි ලෙස සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.


ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.