ජපානයේ ‘නව මිලිටරිවාදයට’ එරෙහිව චීනයෙන් දැඩි ආර්ථික ප්‍රහාරයක්.. ආයතන 40කට එරෙහිව දැඩි අපනයන සීමාවන්..
ජපානයේ ක්‍රියාත්මක වන “නව මිලිටරිවාදී” සහ නැවත ආයුධකරණ වැඩපිළිවෙළ පාලනය කිරීම සඳහා චීන වාණිජ අමාත්‍යාංශය විසින් ජපාන ආයතන 40කට එරෙහිව දැඩි අපනයන සීමාවන් පනවා තිබේ. ඒ අනුව ජපානයේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ඇතුළු ආයතන 20ක් අපනයන පාලන ලැයිස්තුවටත්, MITSUI E&S ඇතුළු තවත් ආයතන 20ක් නිරීක්ෂණ ලැයිස්තුවටත් ඇතුළත් කිරීමට චීනය පියවර ගෙන ඇත.
මෙම පියවර හරහා ජපානයේ ආරක්ෂක කර්මාන්තයට සහ යුද පර්යේෂණවලට අවශ්‍ය අධි-තාක්ෂණික ද්විත්ව භාවිත (dual-use) භාණ්ඩ සහ දුර්ලභ භූ මූලද්‍රව්‍ය (dysprosium, terbium) සැපයීම චීනය විසින් සීමා කරනු ලබයි. චීන සැපයුම් දාමයන් මත දැඩි ලෙස රඳා පවතින ජපාන ආරක්ෂක අංශ වෙත එල්ල වූ මෙම බලපෑම හේතුවෙන්, ඉදිරියේදී ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 1.3කින් (යෙන් ට්‍රිලියන 7කින්) පමණ පහත වැටිය හැකි බව ජපාන ආයතන ගණනය කර ඇත.
මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක කරුණු අඩංගු ග්ලෝබල් ටයිම්ස් කතුවැකියේ සිංහල පරිවර්තනය පහළ සබැඳියෙන්..
චීනයට ‘නව මිලිටරිවාදය’ මැඩපැවැත්වීමට තවත් ප්‍රතිචාරාත්මක පියවර තිබේ..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්