අමෙරිකාවේ තෙල් සංචිත 1983න් පසු අවම මට්ටමට ළඟාවෙයි..
ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව, එරට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයේ පවතින බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 5.5කින් තවත් අඩු වී තිබේ.
මේ වන විට එම සංචිතය බැරල් මිලියන 325.7ක් දක්වා පහත වැටී ඇති අතර, රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ මෙය 1983 මැයි මාසයෙන් පසු වාර්තා වූ අවම තොග මට්ටම බවයි.
ගෝලීය වෙළඳපොළේ ඇති වූ තෙල් හිඟය පියවීම සහ ඉන්ධන මිල පාලනය කිරීම වෙනුවෙන් තම සංචිතයෙන් බැරල් මිලියන 172ක් මුදා හැරීමට ඇමෙරිකාව මීට පෙර එකඟතාවයකට පැමිණ තිබුණි.
ඉරාන යුද්ධයෙන් පසු ඇති වූ බලපෑම් අවම කිරීමට ගත් මෙම පියවර හේතුවෙන් මෙලෙස සංචිත වේගයෙන් වැය වෙමින් පවතී.
පෙබරවාරි අග භාගයේ යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ගත වූ කාලය තුළ, වාණිජ සහ උපායමාර්ගික යන අංශ දෙකෙහිම සමස්ත ඇමෙරිකානු තෙල් සංචිතය ජුනි 19 වැනිදා වන විට බැරල් මිලියන 111.4කින් පහත වැටී ඇත. මේ වන විට එහි ඉතිරිව ඇත්තේ බැරල් මිලියන 743.3ක් පමණක් වන අතර, එය 1984 වසරෙන් පසු වාර්තා වූ අවම අගයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්