News Category
From Date
To Date
Maximum Number of Result

මාරාන්තික හන්ටා වෛරසය සහ ඉබෝලා වෛරසය ව්‍යාප්ත වන්නේ භයානක කාලසීමාවක් තුළ වර්තාවන නවතම අර්බුදයක් ලෙසින් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom Ghebreyesus සඳහන් කරයි.

එක්සත් ජනපදය ටෙහෙරානයට එරෙහි නාවික අවහිර කිරීම දිගටම කරගෙන ගියහොත් ඕමාන් බොක්ක ඇමරිකානු යුද නැව් සඳහා "සොහොන් බිමක්" බවට පත්විය හැකි බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

නම් සඳහන් නොකළ නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පල කළ වාර්තාවකට අනුව, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එලබෙන සතියේ මුලදී ඉරානයට නව ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් සිටී.

පසුගිය පැය 24 තුළ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථාන සහ ස්ථාන මෙහෙයුම් 19 ක් විනාශ කර ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා ආයතන පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අමෙරිකානු සහ නයිජීරියානු හමුදා විසින් ISISහි දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් අමෙරිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව යි.

ඉරානය සතු සාරවත් කරන ලද යුරේනියම් තොගය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඇමරිකාව සමඟ පවතින සාකච්ඡා මේ වන විට දැඩි අවහිරතාවයකට (deadlock) පත්ව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

චීනය සහ ඇමරිකාව හොඳ හවුල්කරුවන් ලෙස එකිනෙකාගේ සාර්ථකත්වයට උදව් කළ හැකි බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා පැවසීය.

චීනය බෝයිං සමාගමෙන් ගුවන් යානා 200ක් මිලදී ගැනීමට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාවට පැවසූ අතර, එම සංඛ්‍යාව විශ්ලේෂකයින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වීම හේතුවෙන් සමාගමේ කොටස් අගය පහත වැටී තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.