වෙනිසියුලාවේ මරණ සංඛ්‍යාව 2,200 ඉක්මවයි - 50,000ක් තවමත් අතුරුදන්..
වෙනිසියුලාවට බලපෑ ඉතා දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ.
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අද (02) වන විට හත්වන දිනටත් ක්‍රියාත්මක වන අතර, අතුරුදන් වූවන් සොයාගැනීම සහ අවතැන් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් එර රට නව රජය දැඩි අභියෝගයකට මුහුණ දී සිටී.
පසුගිය ජූනි 24 වන දින තත්පර 39ක පරතරයක් ඇතිව වෙනිසියුලාවේ උතුරු-මධ්‍යම ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් බලපෑවේය.
නිකුත් කර ඇති නවතම වාර්තාවලට අනුව, මෙම අනතුරෙන් පුද්ගලයන් 11,267 දෙනෙකු තුවාල ලබා ඇත. ප්‍රධාන භූමිකම්පාවෙන් පසු පසුකම්පන 782ක් වාර්තා වී ඇති නමුත්, එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතී බව සඳහන් වේ.
දැනට විපතට පත් ප්‍රදේශවල ජාත්‍යන්තර මුදාගැනීමේ නිලධාරීන් 4,000කට අධික පිරිසක් සහ වෙනිසියුලානු හමුදාව, පොලිසිය, ගිනි නිවන භටයන් ඇතුළු 26,000ක පිරිසක් සහ ස්වේච්ඡා සේවකයන් 17,800කට වැඩි පිරිසක් සහන සේවා සඳහා යොදවා තිබේ.
මේ වන විට මුදාගැනීමේ මෙහෙයුම්වලට වඩා මානුෂීය ආධාර සැපයීම කෙරෙහි අවධානය යොමු වෙමින් පවතී.
කෙසේ වෙතත්, සුන්බුන් අතර තවමත් කොපමණ පිරිසක් සිරවී සිටින්නේද යන්න විශාලතම ගැටලුව වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇති පරිදි, තවමත් පුද්ගලයන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව හෝ සොයා ගැනීමට නොහැකිව පසුවේ.
සිවිල් සංවිධාන පවත්වාගෙන යන දත්ත පද්ධතිවලට අනුව ද අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 43,000කට අධිකය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..