News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් නුවර බලා පැමිණෙන බව රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ (26) තහවුරු කර තිබේ.

තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ප්‍රකාශ කර ඇත.

වොෂින්ටන් හි වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත.

වොෂින්ටන් හි 'වොෂින්ටන් හිල්ටන්' හෝටලයේ පැවැත්වෙමින් තිබූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් යැයි සැක කළ හැකි ප්‍රබල ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට රහස් ඔත්තු සේවා නිලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථානයේදී ඉරාන සහ අමෙරිකානු සාකච්ඡාකරුවන් අතර හමුවක් පැවැත්වීමට කිසිදු සැලසුමක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි (Esmaeil Baghaei) X පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී වාර්තාගත ඡන්දදායකයින් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

චීනයේ විදුලි වාහන (EV) නිෂ්පාදකයෙකු වන Xpeng සමාගම සිය "පියාඹන" මෝටර් රථ නිෂ්පාදනය ලබන වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එම සමාගමේ සභාපති බ්‍රයන් ගු (Brian Gu) රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.