News Category
From Date
To Date
Maximum Number of Result

දිලීප පීරිස්ගේ ප්‍රකාශය රණවිරුවන්ට කළ නින්දාවක්..

Sep 19, 2026 at 04:23 PM
|

ඊයේ දිනයේ නියෝජ්‍ය නීතිපති දිලීප පීරිස් උසාවියට කරුණු දක්වමින් විශ්‍රාමලත් මේජර් ජෙනරල් සුරේෂ් සලේව පාච්චල් කළ අන්දම මිනිස් සංහතියට කරන ලද නින්දිත සමච්චලයක්.

තමන්ගේ වෘත්තියට ලැබෙන මාසික පඩිය වෙනුවෙන් මෙවන් උසස් තනතුරක් දරන පුද්ගලයෙක් ආණ්ඩුවක් වෙනුවෙන් මේ අන්දමින් කඩේ යා යුතුද ?

ඔහුගේ තකතීරු තර්කයට අනුව මේජර් ජෙනරල් සලේ රෝහලක ඇඳක් මතට වී සැපට විවේක ගනිමින් සිටී. කියන්න තරම් ලෙඩක් නැති නමුත් දත් ටික සුද්ද කර ගනී. ඇස් බළවා ගනියි. පවුලේ අය සමඟ සතුටු සාමීචියේ යෙදේ. 

දිලීප හැසිරෙන්නේ සලේ දිලීපගේ පෞද්ගලික මුදල් මුදල්වලින් නඩත්තු වෙමින් සැප ගන්නා ආකාරයක් හුවාදක්වමින්.

කුරිරු ත්‍රස්තවාදයට විරුද්ධව ජීවිත පරදුවට තබා යුද්ධය ජයග්‍රහණය කිරීමටත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම වර්ගයකම මිනිසුන්ට ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු නොවී නිදහසේ ජීවත් වීමටත් ඉඩ ලබාදීමට තම සේවා කාලය කැප කළ උදාර රණවිරුවකු රටට බරක් වී ඇති ආකාරයටයි දිලීප කට මැත දෙඩ වූයේ. 

යුද්ධයෙන් කොටි පරාජය වීම ඇත්තෙන්ම කතෝලික සභාවේ  හා එහි ප්‍රධානී  කාදිනල් මැල්කම් රංජිත්ගේගේ පුද්ගලික පරාජයක්. එය පාස්කු ප්‍රහාරයේ එක් ප්‍රබල මහමොළකරුවෙකුගේ ආත්මයම කඩා වැටීමක්.

ශ්‍රී ලංකාවේ අධිකරණ කටයුතු මෙහෙයවන දිලීප පිරිස වැනිි පුද්ගලයෙක් අප නොදන්නා කිසියම් හේතුවක් නිසාවෙන් කාදිනල්ගේ වෘක ක්ෂුධාව පිනවීමට තමන් දන්නා දේ මෙන්ම නොදන්නා දේත් පාවිච්චි කරමින් උසාවිය නොමඟ යැවීමට උත්සාහ කරන බව ඉතාමත් පැහැදිලියි.

සලේව දින 100ක් තිස්සේ රෝහල් ඇඳක් මත තබාගෙන "නැති ලෙඩවල්" වලට බොරුවට සාත්තු සප්පායම් කිරීමෙන් දොස්තරවරුන් ක්‍රියාත්මක කරන්නේ කුමන්ත්‍රණයක්ද යන්න සොයා බැලිය යුතු බව දිලීප උසාවියට දන්වනවා.

වෘත්තියෙන් නීතිඥයෙක් වුණත් චින්තනයෙන්  නොමේරූ බාල වයස්කාරයෙක් හැසිරෙන අන්දමින් දොස්තරලාටත් දෝෂාරෝපණය කරන පහත් තත්ත්වයට ඇද වැටීම ඇත්තෙන්ම ලැජ්ජාවට කරුණක්. 

මාගේ මිත්‍රයෙක් වන හිටපු නීතිපති මොහාන් පීරිස් එම තනතුරේ ගෞරවයත් අධිකරණයේ ගෞරවයත් ආරක්‍ෂා කර ගනිමින් කටයුතු කළ ආකාරය දිලීප පීරිස් වැන්නන්ට ආදර්ශයක්.

නමුත් අවාසනාව රජයන පරිහානි යුගයක ජාතියේ මුරදේවතාවකු වැනි විශ්‍රාමලත් මේජර් ජෙනරල් සුරේෂ් සලේ වැනි සැබෑ ලංකාපුත්‍රයෙකුට මේ අන්දමින් ගැරහීම සමස්ත ලාංකික ජනතාව විසින්ම පිළිකුල් සහගතව හෙළා දැකිය යුතුයි.

- Prof.Dr. Edward M Perera 


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් විවේචනය කිරීමට නීතිමය වශයෙන් ඉඩකඩ පවතී. නමුත් එම විවේචනය සිදුකරන ආකාරය සහ එහි සීමාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
ප්‍රභාකරන් තිලීපන් ව මරණය වෙත තල්ලු කළ බව සත්‍යයකි. ප්‍රභාකරන්ට උවමනා වූයේ තිලිපන් ගේ මරණය, යාපනයේ දෙමළ ජනයා ඉන්දියන් සාම සාධක හමුදාවට එරෙහිව කුළු ගැන්වීමට භාවිතා කිරීමයි.
මාලිමා වෛරී රා කළ හතම පානය කර උමතු වී දඟලන නූගත් සිංහල නාලාගිරියන්ට කිසිසේත් මේ පින්තූරවල යටිපෙළ කියවාගත හැකි වෙතැයි මම නොසිතමි. එහෙත් එය ලියා අහවර කර මම මාගේ හෘද සාක්ෂියෙන් නිදහස් විය යුතු හෙයින් මෙය ලියා තබමි.
ශ්‍රී ලංකාවේ සුනඛයින් වසරක් පාසා ලියාපදිංචි කිරීම සහ සුනඛයන් ලියාපදිංචියට ගාස්තුවක් අයකර ගැනීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට ආණ්ඩුව විසින් පියවර ගෙන ඇත.
රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රාජ්‍ය නායකයකු විසින් ජනතාව ඇමතීම හුදෙක් දේශපාලන කථාවක් කිරීමක් ලෙස සැලකිය නොහැක. රාජ්‍ය නායකයාගේ නිල ප්‍රකාශයක් හෝ ජාතිය අමතා කරන කථාවක් රාජ්‍යයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීම, ජනතාවට තොරතුරු සැපයීම, අර්බුදකාරී අවස්ථාවක ජනතාවට මඟපෙන්වීම සහ රාජ්‍යය කෙරෙහි මහජන විශ්වාසය පවත්වාගෙන යාම යන කාර්යයන් ඉටු කරයි.
2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ සිදුවූ ත්‍රස්තප්‍රහාරයෙන් පුද්ගලයින් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් විණි. ඉන් දින තුනකට පසු, එවක ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, වොෂින්ටන්හි පිහිටි දෙව්මැදුරේ සිට, ප්‍රහාරයෙන් කම්පනයට පත්ව සිටි ජාතිය අමතමින්, “ඉතිහාසය ඉදිරියේ අපගේ වගකීම පැහැදිලිය. එනම්, මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ ලෝකය නපුරෙන් මුදා ගැනීමයි.” යනුවෙන් පැවසීය. සැබැවින්ම, එම ප්‍රතිඥාව අතාර්කික එකක් විණි. එමතු නොව, ඉන්පසු ඇති වූ ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ (War on Terror) ද කිසිසේත්ම යථාර්ථවාදී නොවීය.
"ලබන වසරේ සිට සිපෙට්කෝ ආයතනය හරහා කෘමි නාශක සහ වල්නාශක ජනතාවට ලබාදෙනවා" - ජනාධිපති අනුර කුමාර දිසානායක පොළොන්නරුවේ දී "Ceypecto Agro" නැතහොත් "සිපෙට්කෝ කෘෂි රසායන අංශය" යනු 1969දී ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පිහිටවන ලද ආයතනයකි..

ප්‍රධාන පුවත්

කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට සම්බන්ධවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී විමල් වීරවංශ මහතා පවසන්නේ අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන්නේ වර්තමාන ජනාධිපතිවරයාට බවය.

ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නවතම ගිවිසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..

පසුගිය කාලයේ ජනතාවට තෝරාගැනීමක් නැතිවූ තැන ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන ඒමට තෝරාගත් බවත්, එයත් දැන් නරියෙක් රජවුනා හා සමාන දෙයක් බවට පත්ව ඇති බවත් කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනාවකදී පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..

ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව රජය පවසයි.

"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයෙන් ඉල්ලා සිටී.

තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයි කියා පැවසුවද, උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. අද 18 පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..

පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත, චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යළි ක්‍රියාත්මක කරමින් සිටී.

රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..

රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !

ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.

රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..

උත්තරීතර අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී දළදා වහන්සේගේ කරඬුව වෙනස් කිරීම සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බලයක් ලබාගත් කිසිදු ආණ්ඩුවකට තමන්ගේ සම්පූර්ණ ධුර කාලය සම්පූර්ණ වන තෙක් බලයේ රැඳී සිටීමට නොහැකි වී ඇති බව 'දෙවන පරපුර' පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ගමන්මඟ පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.

එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාල චෝදනා ප්‍රමාදයකින් ‍තොරව ගොනු කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ ඊයේ (16) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.