News Category
From Date
To Date
Maximum Number of Result

මාඕගේ දත් මැදිල්ල..

Sep 21, 2026 at 05:16 AM
|

මේ වෙද්දි චීනය සමාජ - ආර්ථික හැම පැත්තකින් ම ඉතාමත් ඉහළට වර්ධනය වෙලා. චීනයේ විවිධාකාර ව්‍යාපාර අවස්ථාත් මහ ගොඩක් තියෙනවා. ඉතින් අධ්‍යාපනය වෙනුවෙන් බටහිර රටවල්වලට යන චීන ශිෂ්‍යයන්ගෙන් සීයට 99 කට වඩා ආපහු චීනයට යනවා.

ඒත්, 1978 දී, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පටන්ගනිද්දි චීනයේ සමාජ - ආර්ථික තත්ත්වය නූතන මිනුම්වල හැටියට වර්ධනය වෙලා තිබුණේ නෑ. ඉතින්, ඒ කාලයේ බටහිර දියුණුව ගැන චීනයේ “දැන උගත් අය” අතර ඉහළ ඇගැයීමක් තිබුණා. ඒ හින්දා, බටහිර භක්තිය තිබිච්ච ඒ අය විවිධ මාර්ගවලින් තමන්ගේ සිහින දේශවලට සංක්‍රමණය වෙන්න පටන්ගත්තා. මේ සංක්‍රමණය පහසු කරගැනීම වෙනුවෙන් සහ ඒ සුරංගනා රටවල්වල පුරවැසිකම් ලබාගැනීම වෙනුවෙන් ඒ අය චීනය ගැන විවිධාකාර කතන්දර කිව්වා. කවි ලිව්වා. කීයක් හරි ඉල්ලගන්න හිඟන්නෝ කියන කතා අපි හැමෝම අහලා තියෙනවා. පුරවැසිකම් හිඟා කාගෙන බටහිර රටවල්වලට ගිය අයත් එහෙම තමයි. ඒ අය කියපු හිඟන කතා පදනම් කරගෙන ලිපි ලියන වැඩේට, පොත් ලියන වැඩේට බටහිර අයත් කරගැහුවා.

අපේ සමහර අය බටහිර රටවල්වල පුරවැසිකම ලබාගැනීම වෙනුවෙන් කියන කතන්දර ගැන හිතන්න. ඒ කතාවෙන් ඇඳලා පෙන්නන චිත්‍රය මහ භයානක එකක්. ඒ චිත්‍රයෙන් පෙන්නන යකා කළු වෙන තරමට තමයි පුරවැසිකම් හිඟාකන අයට තමන්ගේ වැඩේ ලේසියෙන් ම කරගන්න පුළුවන් වෙන්නේ.

දැන් අපි ආයෙත් චීන කතාවට හැරෙමු.

පුරවැසිකම හිඟාකෑම වෙනුවෙන් ගිය චීන ජාතිකයෝ කියපු කතා පදනම් කරගෙන ලියපු කතන්දරත් සුපිරියට ම ඩ්‍රැමටික් (නාටකීයයි). ඒ කතන්දර ඩ්‍රැමටික් නැතිනම් ඒවා ඇතුළත් කරලා ලියන පොත් විකිණෙන්නේ නෑ. ඉතින් කතන්දරවලට යහමින් ලුණු, ඇඹුල් එකතු කරන්නත් අදාළ පොත් ප්‍රකාශකයෝ, ඒ පොත් සංස්කරණය කරපු කට්ටිය කටයුතු කළා.

ඕනෑම රටක වැඩියෙන් සිද්දවෙන්නේ හොඳ දේවල්. අපේ රටේ වුනත් එහෙම තමයි. අපේ ගම්වල මිනිස්සු කොච්චරක් නම් හොඳ වැඩ කරනවා ද? ඒත් බටහිර මාධ්‍ය සම්ප්‍රදාය ඇතුළේ වැඩියෙන් මාර්කට් කරන්න පුළුවන් කුණු කතා. ඉතින් බටහිර සම්ප්‍රදාය දේවත්වයෙන් පිළිගන්න අපේ සිරිලංකාවේ සමහර අයත් මෙහෙම කුණු කතා රස කර කර කියවන්න ලොකු කැමැත්තක් දක්වනවා. ඒ වගේ ම, තමන් රස විඳපු කුණු කතා අනිත් අයට බෙදලා දෙන්නත් මේ අය මහන්සිවෙනවා.

චීනය ගැන මෙහෙම පොත් පළ කරපු මුල් කාලේ, ඒවායින් කියපු මයිල් කෙළින් වෙන කතන්දර කියවන්න බටහිර අය තුළ ලොකු කැමැත්තක් තිබුණා. හැබැයි දැන් බටහිර එවුන්වත් ඒ කතා විශ්වාස කරන්නේ නෑ. ඒත් අපිට මේ කතා ලැබෙන්න ලොකු කාලයක් (සමහර විට අවුරුදු 30 ක්, 40 ක්, 50 ක් විතර) ගතවෙනවා. ඉතින් හුඟක් පරණ, පණුවෝ ගහපු කුණු කතා අපේ අය තවමත් රහ කර කර කියවනවා.

ඊයේ, පෙරේදා දවසක මෙහෙම කුණු කරවල කන්න කැමැති අපේ හාදයෙක් “මාඕ ත්ස-තුං කවදාවත් දත් මැද්දේ නෑ” කියලා මූණුපොතේ ලියලා තිබිච්ච ලිපිය දැක්කාම තමයි මට මේ කතාව කියන්න හිතුණේ.

මේ කතාවට පදනම් වෙන ඇත්ත චීන විස්තරය වාර්තාවෙලා තියෙන්නේ “毛泽东为何终生不用牙膏?” කියලා. ඒ මාතෘතාවෙන් අහන්නේ “මාඕ ත්ස-තුං ජීවිත කාලය පුරාම දන්තාලේප (ටූත් පේස්ට්) පාවිච්චි කළේ නැත්තේ ඇයි?” කියන ප්‍රශ්නය. මෙහෙම කතාවක් ඩ්‍රැමටික් මදි කියලා බටහිර මාධ්‍යකාරයෝ සහ පොත් වෙළෙන්දෝ දන්නවා. ඉතින් ඒ අය මේ කාරණය “පොඩ්ඩක්” වෙනස් කළා. ඒ, “මාඕ ත්ස-තුං ජීවිත කාලය පුරාම දත් මැද්දේ නැත්තේ ඇයි?” කියලා.

අපේ අයගේ දැනගැනීම වෙනුවෙන් මම චීන කතාව කියන්නම්.

මාඕ ත්ස-තුං ගොවි පවුලක ඉපැදිච්ච කෙනෙක්. ඔහු පොඩි කාලේ ඉඳලා ම පිරිසිදුකම ගැන, ශරීර සෞඛ්‍යය ගැන සැළැකිලිමත් වුණා. මම මේ සම්බන්ධ උදාහරණ දෙකක් කියන්නම්.

1911 අවුරුද්දේ ශින්-හයි විප්ලවය (辛亥革命, Xinhai Revolution) සිද්දවෙද්දි මාඕ ත්ස-තුංගේ වයස අවුරුදු 17 යි. ඔහු ඒ විප්ලවීය හමුදාවේ ලිපි ලියන්නෙක් විදිහට කටයුතු කළා. විප්ලව ජයග්‍රහණයෙන් පස්සේ ඔහු හමුදා සේවය අත්හැරියා. රට හරිමගට ගන්න නම් “සෞඛ්‍ය විප්ලවයක්” කරන්න ඕන කියලා ඔහු හිතුවා. මාඕ ත්ස-තුං ඒ ගැන මෙහෙම කියලා තියෙනවා.

“මම ඒ දවස්වල පත්තර දැන්වීම් බල බලා ඉගෙනගන්න පුළුවන් තැන් හෙව්වා. හුඟක් පාසල් අලුතින් විවෘත කරපු ඒවා. ඒවාට ළමයි බඳවාගන්න තමයි පත්තරවල දැන්වීම් දාලා තිබුණේ. පාසලක් හොඳ ද නරක ද කියලා මනින ක්‍රමයක් මම දැනැගෙන හිටියේ නෑ. කරන්න ඕන මොකක්ද කියන එකවත් මම තීරණය කරලා තිබුණේ නෑ. පොලිස් පුහුණුවට බඳවාගන්න පාසලක් ගැන දැන්වීමක් මම දැක්කා. ඒක හුඟක් ආකර්ෂණීය එකක්. ඉතින් මම ඒ පාසලේ බඳවාගැනීමේ විභාගයට සූදානම් වුණා. ඒත් ඒ විභාගයට කලින් මම සබන් හදන්න ළමයි පුරුදු කරන පාසලක දැන්වීමක් දැක්කා. ඒ පාඨමාලාවට සල්ලි ගන්නේ නෑ. ඊට අමතරව, ඒ අය නවාතැන් පහසුකම් සපයනවා. ළමයින්ට දීමනාවක් දෙන්න පුළුවන් බවකුත් ඒ දැන්වීමෙන් කියලා තිබුණා. ඊටත් අමතරව, සබන් නිෂ්පාදනයෙන් සමාජයටත් රටටත් විශාල සේවයක් කරන්න පුළුවන් බවත් ඒ දැන්වීමෙන් කියලා තිබුණා. ඉතින් පොලිස් පාසලට යන අදහස අත්හැරපු මම සිල්වර් ඩොලර් එකක ලියාපදිංචිවීමේ ගාස්තුවක් ගෙවලා සබන් හදන පාසලට බැඳුණා.”

මේ තෝරාගැනීමට කාරණා දෙකක් බලපෑවා කියලා මාඕ ත්ස-තුං කියලා තියෙනවා. එකක් තමයි ඒ ඉගැනීම වෙනුවෙන් වියදමක් දරන්න ඕන නොවීම. දෙවැනි කාරණය තමයි ඒ හරහා රටට, සමාජයට සේවයක් කරන්න පුළුවන්වීම. මාඕ ත්ස-තුං පොලිස් පාසලට බැ‍ඳෙන්න සූදානම් වුණේ ඒ සඳහා කරන්න ඕන වියදම ඔහුගේ පියාගෙන් ලැබිලා තිබුණු හින්දා. ඉතින් ඔහුට සැළැකිය යුතු මුදල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඔහුට ඉතාමත් ලේසියෙන් ඒ පොලිස් පාසලට බැ‍ඳෙන්න තිබුණා. ඒත් ඔහු ඒ අවස්ථාව අත්හැරියා. පොඩි කාලේ ඉඳලා ම විප්ලවවාදී වැඩ කරපු මාඕ ත්ස-තුං “රටට සහ සමාජයට සේවයක් කරන්න පුළුවන්” කියන දෙවැනි කාරණයට වැඩි බරක් තියපු බව පැහැදිළියි.

ඊට අවුරුදු පහකට පස්සේ - 1917 අප්‍රේල් මාසයේ දී, මාඕ ත්ස-තුං “නව තරුණයා” (新青年, New Youth) සඟරාවට “ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යයනයක්” (体育之研究, A Study of Physical Education) කියලා ලිපියක් ලිව්වා. ඒ ලිපිය පටන්ගන්නේ මේ විදිහට.

“අපේ ජාතිය බෙලහීන වෙලා. අපි අපේ සටන්කාමි ශක්තිය මුවහත් කරගෙන නෑ; අපේ මිනිස්සුන්ගේ ශාරීරික ශක්තිය දවසින් දවස පිරිහෙමින් තියෙනවා. මේක අතිශයින් ම කණගාටුදායක තත්ත්වයක්. අපේ ශාරීරික අධ්‍යාපන ප්‍රවර්ධකයෝ මේ ගැටලුවේ ස්වභාවය අවබෝධ කරගෙන නැති හින්දා, ඒ අය ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ උත්සාහ කළත් ඒ උත්සාහයෙන් වැඩක් වෙලා නෑ. මේ තත්ත්වය මේ විදිහට ම සිද්දවෙන්න ඉඩ හැරියොත් අපේ ජාතික බෙලහීනකම තව තවත් වර්ධනය වෙන බවට සැකයක් නෑ. අපේ ජාතික අරමුණු සාක්‍ෂාත් කරගැනීමත්, අපගේ බලපෑම දැනෙන්නට සැලැස්වීමත් බාහිර කරුණක්. අපි අපේ ශාරීරික ශක්තිය වර්ධනය කරගන්න ඕන. ඒක අභ්‍යන්තර කාරණයක්. බාහිර කාරණය තමයි ප්‍රතිඵලය. අභ්‍යන්තර කාරණය තමයි හේතුව. අපි අපේ ශාරීරික ශක්තිය කරගන්නේ නැතිනම්, සතුරු සොල්දාදුවෝ දකින අපේ අය බයට පත්වෙනවා; එහෙම වුණාම, අපි අපේ අරමුණු සාක්‍ෂාත් කරගෙන, ගරු බුහුමන් ලබන ජාතියක් බවට පත්වන්නේ කොහොම ද?”

ඇටෙන් පොත්තෙන් එළියට එද්දි ම මාඕ ත්ස-තුං, චීන ජාතියේ සෞඛ්‍ය සම්පන්න බව ගැන, ශාරීරික ශක්තිය ගැන සැළැකිලිමත් වෙච්ච විදිහ මේ අදහස්වලින් පැහැදිළිවෙනවා. දැන් තමන්ගේ ජාතිය ඉතාමත් ශක්තිමත් එකක් බවට පත්වෙලා තියෙන්නේ මාඕ ත්ස-තුං විසින් අවධාරණය කරපු මේ ආකාරයේ මගපෙන්වීම් හින්දා කියලා චීන මිනිස්සු නිතර ම කියනවා. (මෙතැන මම “චීන මිනිස්සු” කියලා කියන්නේ “පුරවැසිකම් හිඟාකන්න ගිය එවුන්” ගැන නම් නෙවෙයි).

කුඩා ගොවි පවුලක ඉපැදිච්ච මාඕ ත්ස-තුංට සාමාන්‍ය මිනිස්සු ගෙවපු ජීවිතය ගැන හොඳ අවබෝධයක් තිබුණා. පොත්වලින් කියවලා, පත්තර බලලා මිනිස්සුන්ගේ දුක් වේදනා හඳුනාගැනීමේ අවශ්‍යතාවක් ඔහුට තිබුණේ නෑ. ඉතින් පුද්ගලික කාරණාවල දී, සාමාන්‍ය මිනිස්සු මට්ටමෙන් ම තමන්ගේ ජීවිතය ගත කරන්න මාඕ ත්ස-තුං පෙළැඹිලා හිටියා. මේ පෙළැඹීම තාවකාලික, බලය ලබාගන්න කරපු රඟපෑමක් නෙවෙයි. 1949 දී, මහජන චීනය පිහිටෙව්වාට පස්සෙත් මාඕ ත්ස-තුං මේ ජීවිත රටාව වෙනස් කළේ නෑ.

1949 ඔක්තෝබර් 1 වැනි දා, මහජන ආණ්ඩුව පිහිටුවන උත්සවයටත් අලුත් ඇදුමක් අඳින්න මාඕ ත්ස-තුං කැමැතිවුණේ නෑ. ඒත් ඔහු වටේ හිටිය අය කරපු බලපෑම් හින්දා පිටට විතරක් අලුත් ඇඳුමක් අඳින්න ඔහු එකඟවුණා. ඒ මහා ජාතික උත්සවය පවත්වපු හීතග දවසේ ඔහු ඇතුළට ඇඳලා හිටිය වූල් කමිසය වැලමිටි ළඟින් අණ්ඩ දාලා තිබිච්ච එකක්. ඔහු ඇතුළට ඇඳපු වූල් කලිසම දණහිස් ළඟින් අණ්ඩ දාලා තිබුණු එකක්. ඒ දවස්වල ඹාඕ ත්ස-තුංගේ ආරක්‍ෂකයෙක් විදිහට රාජකාරි කරපු මා වූ-යී (马武义, Ma Wuyi) 2003 අවුරුද්දේ රූපවාහිනී වැඩසටහනකට සහභාගීවෙලා අඬ අඬා ඒ ගැන මෙහෙම කිව්වා. 

“රටේ නායකයා වෙච්ච සභාපතිතුමා, හරිහමන් ඇඳුමක්වත් අඳින්න බැරි තරම් දුප්පත් ද? සභාපතිතුමා හොඳ ඇඳුමක් ඇරැගෙන ඇන්දේ නැත්තේ ඇයි?” (堂堂一国主席,会穿不起一件衣服吗?主席为什么不能选一件好衣服穿?).

තමන්ගේ අරපිරිමැසුම් පාවිච්චිය ගැන මාඕ ත්ස-තුං කරුණු පැහැදිළි කරලා තියෙනවා. රටේ නායකයා විදිහට තමන් හිතේ හැටියට වියදම් කරද්දි, අනිත් පරිවාර නායකයෝ ඒ වැඩේ ම කරනවා නේ ද? ඒ අය එහෙම වැඩ කරද්දි ඒ අයගේ පරිවාර පිරිසත් එහෙම ම කරනවා නේ ද? මේ වසංගතය රට පුරා ම පැතිරුණාම රට හදන්නේ කොහොම ද? මෙන්න මේ විදිහට තමයි මාඕ ත්ස-තුං තමන්ගේ අරපිරිමැසුම් පාවිච්චිය සාධාරණීකරණය කළේ.

දේශපාලන සහ යුද්ධ ගැටුම්වල වැඩ වැඩිවුණාම, 1930 විතර ඉඳලා, මාඕ ත්ස-තුං ලියන කියන වැඩ කළේ මහ රෑ නිදි මරාගෙන. ඉතින් නිදි මැරිල්ල පහසු කරගන්න ඔහු දුම්බොන්න පටන්ගත්තා. ඔහු දුම් බිව්වාට වඩා ඒ දුම කටේ පුරවාගෙන ඉඳීමක් තමයි හුඟක් වෙලාවට කරලා තියෙන්නේ. මේ දුම්බීම වුනත් අරපිරිමැසුම් විදිහට කරන්න මාඕ ත්ස-තුං පුරුදුවෙලා හිටියා. ඒ වෙනුවෙන් යොදාගත්ත ගිනිපෙට්ටිය බොහොම පරිස්සමින් පාවිච්චි කරලා හැම වෙලාවේ ම ඒකේ එක පැත්තක් ඉතුරු කළා. පෙට්ටි නැතුව ලූස් විදිහට ගිනිකූරු ගෙන්නගත්ත ඔහු පෙට්ටියේ ඉතුරු පැත්තත් පාවිච්චි කළා.

තමන් රෑට ඇඳපු පිජාමා ඇඳුම කොච්චර පරණ වුනත් ඒක අයින් කරලා අලුත් එකක් ගන්න මාඕ ත්ස-තුං කැමැතිවුණේ නෑ. තවදුරටත් පාවිච්චි කරන්න බැරි තැන 1971 දී ඒක අයින් කරද්දි ඒ පිජාමාවට අණ්ඩ 73 ක් දාලා තිබුණා. අදටත් ඒ ඇඳුම ජාතික වස්තුවක් විදිහට ආරක්‍ෂා කරලා තියෙනවා.

මහජනතාවට නැති සැපතක් තමන්ට පුද්ගලික විදිහට භුක්ති විදින්න ඕන නෑ කියලා තමයි මාඕ ත්ස-තුං නිතර ම අවධාරණය කළේ. ඔහු දත් බෙහෙත් (ටූත් පේස්ට්) පාවිච්චි කරන්න බෑ කියලා කිව්වෙත් මේ හේතුව හින්දා ම තමයි.

අද අපි හැමෝම වගේ ටූත් පේස්ට් පාවිච්චි කරනවා. ඒත් මීට අවුරුදු 40 කට කලින් (1985 විතර වෙන කල්), අපේ ගෙවල්වලත් ටූත් පේස්ට් පාවිච්චියක් තිබුණේ නෑ. අපි දර අඟුරුවලින්, පොල් හනසු අඟරුවලින් තමයි දත් මැද්දේ. ඊට අමතරව, කලාතුරකින් පැරැකුම්බා දත් බෙහෙත් (දත් කුඩු පැකට්) පාවිච්චියත් සිද්දවුණා.

1965 විතර වෙන කල්, චීනයේ වුනත් තිබුණේ එහෙම තත්ත්වයක්. රටේ මිනිස්සුන්ගෙන් අතිමහත් බහුතරයක් ඒ වගේ මූලික ආදේශක පාවිච්චි කරලා දත් මැද්දා. නගරවල හිටිය “යමක් කමක් තිබ්බ අය” නම් දත් බෙහෙත් (ටූත් පේස්ට්) පාවිච්චි කළා. රටේ මිනිස්සු බහුතරයක් කරන වැඩේ ම තමයි මාඕ ත්ස-තුං කළේ. ඉතින් ඔහු එක දිගට ම ටූත් පේස්ට් පාවිච්චිය ප්‍රතික්‍ෂේප කරලා දත් කුඩු විතරක් දත් මදින්න යොමුවෙලා හිටියා. මිල අධික ටූත් පේස්ට්වලින් වෙන වැඩේ ම දත් කුඩුවලිනුත් කරගන්න පුළුවන් කියලා ඔහු අවධාරණය කළා. තමන්ගේ පරිවාර සේවකයෝ කොච්චර පෙරැත්ත කළත්, මාඕ ත්ස-තුං මේ වැඩපිළිවෙළ වෙනස් කළේ නෑ. ඔහු ඉතාමත් හිතුවක්කාර විදිහට තමන්ගේ ප්‍රතිපත්තියේ එල්ලිලා හිටියා.

1972 බෙපරවාරි 21 වැනි දා, ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් මුණගැහෙද්දිත් මාඕ ත්ස-තුං දාගෙන හිටියේ පරණ සපත්තු දෙකක්. ඒ පරණ සපත්තු දෙක පේන්නේ නැති විදිහට කකුල් ඇතුළට නමාගෙන ඉන්න කියලා ඔහුගේ පරිවාර සේවකයෝ ඔහුට තරයේ අවවාද කරලා තිබුණා. ඔහු ඒ අවවාදයට අනුව හොදින් හැසිරුණා.

අපි ආයෙත් මාඕගේ දත් මැදිල්ල ගැන කතා කරමු.

කාලයක් තිස්සේ දුම්පානය කරන්න පුරුදුවෙලා හිටිය හින්දා මාඕ ත්ස-තුංගේ දත් කහ පාටට හැරුණා. (මේ විපර්යාසය තමයි, “කවදාවත් දත් මැදපු නැති හින්දා, මාඕ ත්ස-තුංගේ දත් හැළුණා” කියලා බටහිර ප්‍රචාරක කතන්දරවලට රිංගවලා තියෙන්නේ). දත් බෙහෙත් (ටූත් පේස්ට්) පාවිච්චියෙන් දත් සුදු කරගන්න පුළුවන් කියලා ඔහුගේ පරිවාර සේවකයෝ ඔහුට කිව්වා. ඒත් මාඕ ත්ස-තුං ඒ අනුශාසනා පිළිගත්තේ නෑ. ඔහු ඉතාමත් දඩබ්බර විදිහට තමන්ගේ ප්‍රතිපත්තියේ එල්ලිලා හිටියා.

1965 අවුරුද්දේ දවසක, පිට පළාතක වැඩකට දුම්රියෙන් යද්දි, මාඕ ත්ස-තුංගේ පරිවාර සේවකයෙක් විදිහට කටයුතු කරපු වූ ශ්‍යු-ච්‍යුන් (吴旭君, Wú Xùjūn) දත් කුඩු වෙනුවට චුං හුවා (中华, Zhōnghuá) ටූත් පේස්ට් ටියුබ් එකක් මූණ හෝදන බේසම උඩින් තිබ්බා. “පොඩි වූ, දත් කුඩු ටින් එක ටූත් පේස්ට් ටියුබ් එකක් බවට පත්වුණේ කොහොම ද?” කියලා මාඕ ත්ස-තුං ඒ සේවකයාගෙන් ඇහුවා. “සභාපතිතුමාගේ දත් කහපාට වෙලා තියෙන හින්දා තමයි මම එහෙම කළේ” කියලා වූ ශ්‍යු-ච්‍යුන් කිව්වා. “රටේ හැම කෙනෙක් ම ටූත් පේස්ට් පාවිච්චි කරන්න පටන්ගත්ත දවසට, රටේ හැම කෙනෙක් ම දත් කුඩු පාවිච්චිය නවත්තපු දවසට මමත් ටූත් පේස්ට් පාවිච්චි කරනවා” (等到全国的老百姓都用上牙膏,或者牙粉彻底停产了,我就会开始使用牙膏, When every ordinary person across the country is using toothpaste, or when tooth powder has been discontinued altogether, I'll start using toothpaste) කියලා මාඕ ත්ස-තුං තමන්ගේ ස්ථාවරය නැවතත් ඉතාමත් තදින් අවධාරණය කළා.

මාඕ ත්ස-තුංගේ දත් මැදිල්ල මෙහෙම එකක්. බටහිර කුණු රස කර කර ගිලින අය මේ ඇත්ත දන්නේ නෑ.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව බලවත් රටවල රාජ්‍ය ප්‍රධානීන්ගේ හෝ අගමැතිවරුන්ගේ භාර්යාවන් (First Ladies / Spouses) විසින් සමාජ සේවා, පුණ්‍යාධාර සහ සහන සංවිධාන මෙහෙයවීම හෝ ඒවායේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.
ලොව පුරා කාන්තාවන් මුල් වී ආරම්භ කළ සහ මෙහෙයවනු ලබන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සහ ඒවායින් සිදුවන සමාජ සේවාවන් පිළිබඳ තොරතුරු ඇතුළත් විශේෂ සටහනක් ප්‍රකාශයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ අන්තවාදී මුලධර්මවාදී උම්මන්තකයන් අතර මෙතෙක් මෙලොව ප්‍රමුකතමයා කන්‍යාවන් 72 ක් වෙනුවෙන් තම ජීවිතය කැප කල "පරම දයාබර වූ, මහත් කරුණාවන්ත වූ" සහරන් මෞලවිතුමා බව නිසැකවම කිව හැකිය. එතුමා හා සමාන වූ තවත් තව්හිඩ් මතවාදයේ ප්‍රධානියෙක් වන්නේ අබ්දුල් රාසික් මෞලවිතුමාය.
ජනතාවට තමන්ගේ හිතවතුන්, සමාජ, සංස්කෘතික නායකයන් සැමරීමට තිබෙන අයිතිය උතුරේ ද දකුණේ ද පිළිගන්නා බව ජනාධිපතිවරයාත් පවසා ඇති හෙයින් එය එසේම පිළිගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඊයේ දිනයේ නියෝජ්‍ය නීතිපති දිලීප පීරිස් උසාවියට කරුණු දක්වමින් විශ්‍රාමලත් මේජර් ජෙනරල් සුරේෂ් සලේව පාච්චල් කළ අන්දම මිනිස් සංහතියට කරන ලද නින්දිත සමච්චලයක්.
ශ්‍රී ලංකාවේ අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් විවේචනය කිරීමට නීතිමය වශයෙන් ඉඩකඩ පවතී. නමුත් එම විවේචනය සිදුකරන ආකාරය සහ එහි සීමාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
ප්‍රභාකරන් තිලීපන් ව මරණය වෙත තල්ලු කළ බව සත්‍යයකි. ප්‍රභාකරන්ට උවමනා වූයේ තිලිපන් ගේ මරණය, යාපනයේ දෙමළ ජනයා ඉන්දියන් සාම සාධක හමුදාවට එරෙහිව කුළු ගැන්වීමට භාවිතා කිරීමයි.
මාලිමා වෛරී රා කළ හතම පානය කර උමතු වී දඟලන නූගත් සිංහල නාලාගිරියන්ට කිසිසේත් මේ පින්තූරවල යටිපෙළ කියවාගත හැකි වෙතැයි මම නොසිතමි. එහෙත් එය ලියා අහවර කර මම මාගේ හෘද සාක්ෂියෙන් නිදහස් විය යුතු හෙයින් මෙය ලියා තබමි.
ශ්‍රී ලංකාවේ සුනඛයින් වසරක් පාසා ලියාපදිංචි කිරීම සහ සුනඛයන් ලියාපදිංචියට ගාස්තුවක් අයකර ගැනීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට ආණ්ඩුව විසින් පියවර ගෙන ඇත.

ප්‍රධාන පුවත්

තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසු දැරියන් හා ගුරුවරුන් කැඳවාගෙන ගොස් උපහාර දැක්වීමේ බරපතල සිදුවීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ සිය දැඩි විරෝධය පළ කර සිටියි.

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව බලවත් රටවල රාජ්‍ය ප්‍රධානීන්ගේ හෝ අගමැතිවරුන්ගේ භාර්යාවන් (First Ladies / Spouses) විසින් සමාජ සේවා, පුණ්‍යාධාර සහ සහන සංවිධාන මෙහෙයවීම හෝ ඒවායේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..

ලංකා ලීඩර් වෙත වාර්තා වී ඇති ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් නාවික හමුදාවේ ඔත්තු සේවාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙකු 2008 දී කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..

ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා පොළී රහිතව ණය දීමට බිලියන 90ක් නැතිනම් කෝටි 900ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අකුරැස්සේ පැවති ජන රැලියක දී සඳහන් කළේය.

තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..

ජනතාවට තමන්ගේ හිතවතුන්, සමාජ, සංස්කෘතික නායකයන් සැමරීමට තිබෙන අයිතිය උතුරේ ද දකුණේ ද පිළිගන්නා බව ජනාධිපතිවරයාත් පවසා ඇති හෙයින් එය එසේම පිළිගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට සම්බන්ධවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී විමල් වීරවංශ මහතා පවසන්නේ අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන්නේ වර්තමාන ජනාධිපතිවරයාට බවය.

ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නවතම ගිවිසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..

පසුගිය කාලයේ ජනතාවට තෝරාගැනීමක් නැතිවූ තැන ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන ඒමට තෝරාගත් බවත්, එයත් දැන් නරියෙක් රජවුනා හා සමාන දෙයක් බවට පත්ව ඇති බවත් කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනාවකදී පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..

ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව රජය පවසයි.

"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයෙන් ඉල්ලා සිටී.

තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයි කියා පැවසුවද, උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. අද 18 පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..

පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත, චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යළි ක්‍රියාත්මක කරමින් සිටී.

රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..

රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.