News Category
From Date
To Date
Maximum Number of Result

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..

Sep 22, 2026 at 05:57 AM
|

2013 වසරේ සිදුවූ බව කියන එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැය පහක දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැප්තැම්බර් 4 වනදා අත්අඩංගුවට ගන්නා ලදී. 

ඉන් පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, නැවත සැප්තැම්බර් 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය විය. 

කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමක්ද නැතහොත් දේශපාලන දඩයමක්ද යන්න පිළිබඳව නීතිමය සහ දේශපාලනමය වශයෙන් ගැටලු රැසක් මතුවෙමින් පවතින බව ප්‍රකට මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව දැනට අධිකරණ දෙකක නඩු කටයුතු දෙකක් පවතින අතර, එයින් එකක් වන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වනු ලබන විමර්ශනයයි. අනික් නඩුව වන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වනු ලබන ප්‍රධාන නඩුවයි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ 4 වන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව වී ඇත්තේ, එයාර්බස් ගනුදෙනුවෙන් 'සේබර්විෂන් හෝල්ඩින්ග්ස්' (Saber Vision Holdings) සමාගමට ලැබුණු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8කට ආසන්න මුදලක් (රුපියල් මිලියන 100ක් පමණ) නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දුන් බවට ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශයයි.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේදී නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වී තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතු වන බව ධර්මශ්‍රී කාරියවසම් මහතා පෙන්වා දෙයි. 

2019 සහ 2020 කාලයේ මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) මගින් අධිකරණයට වාර්තා කර තිබුණේ නිමල් පෙරේරා යනු අසත්‍ය හා නොමග යවන තොරතුරු ලබා දුන්, විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකු බවයි. එසේ තිබියදී 2026 වන විට ඔහුගේ දිවුරුම් ප්‍රකාශය පමණක් පදනම් කරගෙන නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට තරම් ස්වාධීන සාක්ෂි සොයාගත්තේ කෙසේද යන්න ගැටලුවකි. 

එමෙන්ම, අදාළ ගනුදෙනුවෙන් සිය සමාගම් ගිණුමට මුදල් ලැබුණු බව පිළිගෙන ඇති නිමල් පෙරේරා අත්අඩංගුවට නොගෙන, ඔහු ලබා දුන් ප්‍රකාශයක් මත පමණක් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේ මන්ද යන්නත්, මුදල් ලබා දුන් බව තහවුරු කිරීමට බැංකු රිසිට්පත්, විද්‍යුත් තැපැල් (Emails), දුරකථන වාර්තා හෝ වෙනත් විද්‍යාත්මක සාක්ෂි තිබේද යන්නත් අල්ලස් කොමිසම පැහැදිලි කළ යුතුව තිබේ.

මෙම කරුණු සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මහතා නිදොස් කොට දැක්වීම අරමුණ නොවන බවත්, යම් තැනෙක වරදක් සිදුව ඇත්නම් ඊට දඬුවම් ලැබිය යුතු බවත් සඳහන් කරන ඒ මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන්නේද යන්න සමාජය හමුවේ තැබීම මෙහි ප්‍රධාන අරමුණ බව වැඩිදුරටත් අවධානයට යොමු කරයි.

වීඩියෝව නරඹන්න..


සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.
රටේ පවතින නීතියට ගරු කිරීම භික්ෂූන් වහන්සේලා ඇතුළු සෑම පුරවැසියෙකුගේම වගකීමක් බැවින් තමන් වහන්සේ නීතියට හිස නමන බවත්, තමන් සිදුකළ අරගලය කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික න්‍යායපත්‍රයක් වෙනුවෙන් නොව ජාතියේ හා ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකළ එකක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.
මුතුරාජවෙල ප්‍රදේශයේ නව ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක සහ රුපියල් මිලියන 8,548.75 ක දැවැන්ත කොන්ත්‍රාත්තුව 'China Petroleum Pipeline Engineering Company Limited' වෙත පිරිනමා තිබේ.
වත්මන් ආණ්ඩුව වසර දෙකක් පුරා ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර, අලුත් බොරු පොරොන්දු දෙමින් රට පුරා සැරිසරන බවත්, රට තුළ සිදුවන බරපතළ වංචා දූෂණ සහ ජනතා පීඩාවන් හමුවේ ජනාධිපතිවරයා ඇස් කන් පියාගෙන සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රඳවා ප්‍රශ්න කෙරෙන, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා හැරීම සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද (22) දැනුම් දුන්නේය.
2027 මුදල් වර්ෂය සඳහා වන රජයේ සේවා වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,992 ඉක්මවමින් සකස් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියමය පරිදි රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (22) දහවල් 12.27ට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ආරම්භ විය.
ගම්පහ, යක්කල පාරේ පිහිටි ‘අපේ නිවහන’ පක්ෂ කාර්යාලයේ දැනට පවතින තත්ත්වය වෙනස් කිරීම මෙන්ම එහි භුක්තිය වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව වාරණ සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ගම්පහ අංක 3 දිසා විනිසුරු දුලානි වීරවර්ධන මහත්මිය නියෝග කර තිබේ.
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..

රටේ පවතින නීතියට ගරු කිරීම භික්ෂූන් වහන්සේලා ඇතුළු සෑම පුරවැසියෙකුගේම වගකීමක් බැවින් තමන් වහන්සේ නීතියට හිස නමන බවත්, තමන් සිදුකළ අරගලය කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික න්‍යායපත්‍රයක් වෙනුවෙන් නොව ජාතියේ හා ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකළ එකක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..

2013 වසරේ සිදුවූ බව කියන එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැය පහක දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැප්තැම්බර් 4 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

සවුදි අරාබිය මේ වන විට දැඩි දේශපාලනික සහ ආරක්ෂක අර්බුදයකට මුහුණ දී සිටින බවත්, සටන් විරාමයක් ලබා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව වෙත පණිවිඩ යොමු කරමින් සිටින බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

වත්මන් රජය ක්‍රියාත්මක කරන විදේශීය සහ දේශපාලනික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අනාගතයේදී ආසියාවේ ඊශ්‍රායලය සහ පලස්තීනය බවට පත්වීමේ බරපතල අවදානමක් මතුවෙමින් පවතින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසු දැරියන් හා ගුරුවරුන් කැඳවාගෙන ගොස් උපහාර දැක්වීමේ බරපතල සිදුවීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ සිය දැඩි විරෝධය පළ කර සිටියි.

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව බලවත් රටවල රාජ්‍ය ප්‍රධානීන්ගේ හෝ අගමැතිවරුන්ගේ භාර්යාවන් (First Ladies / Spouses) විසින් සමාජ සේවා, පුණ්‍යාධාර සහ සහන සංවිධාන මෙහෙයවීම හෝ ඒවායේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..

ලංකා ලීඩර් වෙත වාර්තා වී ඇති ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් නාවික හමුදාවේ ඔත්තු සේවාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙකු 2008 දී කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..

ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා පොළී රහිතව ණය දීමට බිලියන 90ක් නැතිනම් කෝටි 900ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අකුරැස්සේ පැවති ජන රැලියක දී සඳහන් කළේය.

තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..

ජනතාවට තමන්ගේ හිතවතුන්, සමාජ, සංස්කෘතික නායකයන් සැමරීමට තිබෙන අයිතිය උතුරේ ද දකුණේ ද පිළිගන්නා බව ජනාධිපතිවරයාත් පවසා ඇති හෙයින් එය එසේම පිළිගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට සම්බන්ධවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී විමල් වීරවංශ මහතා පවසන්නේ අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන්නේ වර්තමාන ජනාධිපතිවරයාට බවය.

ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නවතම ගිවිසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..

පසුගිය කාලයේ ජනතාවට තෝරාගැනීමක් නැතිවූ තැන ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන ඒමට තෝරාගත් බවත්, එයත් දැන් නරියෙක් රජවුනා හා සමාන දෙයක් බවට පත්ව ඇති බවත් කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනාවකදී පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.