පුටින්ට 'නව ජගත් පටිපාටියක්' අවශ්‍යයි - ප්‍රධනතම ජර්මානු ඔත්තුකරුවෙකු පවසයි.
(German foreign intelligence service head Bruno Kahl, Berlin, July 19, 2024. © Getty Images / Britta Pedersen/picture alliance)
මොස්කව්හි අවසාන ඉලක්කය නේටෝව බෙදීම සහ පවතින ජ්ගත් පටිපාටිය වෙනස් කිරීම බව ජර්මානු විදේශ ඔත්තු සේවයේ (BND) ප්‍රධානී Bruno Kahl පවසයි.
යුක්රේනය සමඟ ගැටුම පවතිද්දී පවා රුසියාව මිලිටරි වියදම් අතින් යුරෝපීය රාජ්‍යයන් අභිබවා ගොස් ඇති බව Bruno Kahl ඊයේ (14) Bundestag හිදි ජර්මානු මන්ත්‍රීවරුන්ට පැවසීය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් "බටහිර රතු ඉරි පරීක්ෂා කිරීම දිගටම කරගෙන යමින් ගැටුම තවදුරටත් තීව්‍ර කරනු ලබනවා" යනුවෙන් ජර්මනියේ ප්‍රධනතම ඔත්තුකරුවා ප්‍රකාශ කළේය. "නේටෝව සමග සෘජු මිලිටරි ගැටුම මොස්කව් පරිපාලනයට විකල්පයක් වී තිබෙනවා." ඔහු පැවසීය.
පසුගිය මාසයේ පුටින්, යුක්රේනයට එක්සත් ජනපද මිලිටරි ආධාර හේතුවෙන් පැන නගින විභවයන් උත්සන්න වීමට ප්‍රතිචාර වශයෙන් රුසියානු න්‍යෂ්ටික බ්ලය භාවිත කිරිමේ මූලධර්මය තුළ කර්නු ලබන වෙනස්කම් නිවේදනය කළේය. ගැටුමේ සෘජු සහභාගීත්වය නේටෝව ලෙස මොස්කව් පරිපාලනය දැනටමත් සලකයි. රුසියානු භූමියේ අභ්‍යන්තර ප්‍රහාර සඳහා විදේශයන් විසින් සපයන ලද ආයුධ භාවිතා කිරීම සඳහා කොළ එළි දල්වන ලෙස කියෙව් පරිපාලනය බටහිර රටවලට දිගින් දිගටම බලපෑම් කිරීමත් සමඟ රුසියානු න්‍යෂ්ටික බ්ලය භාවිත කිරිමේ මූලධර්මය තුළ මෙම සංශෝධනය සිදු කරනු ලැබීය.
රුසියානු නායකයාගේ අවසාන අරමුණ "එක්සත් ජනපදය යුරෝපයෙන් ඉවතට තල්ලු කිරීම" සහ 1990 ගණන්වල අගභාගයේ පැවැති නේටෝවේ දේශසීමා වෙත ප්‍රතිස්ථාපනය කිරීම බව කෝල් කියා සිටියේය. "මොස්කව් පරිපාලනය "රුසියානු බලපෑම් කලාපයක්" පිහිටුවීමට සහ "නව ජගත් පටිපාටියක්" පිහිටුවීමට උත්සාහ කරනවා." ඔහු අවධාරණය කළේය.
යුක්රේනය සමග එක්සත් ජනපදය ප්‍රමුඛ කන්ඩායමේ මිලිටරි සහයෝගීතාවය සමග නේටෝව නැගෙනහිර දෙසට අඛණ්ඩව ව්‍යාප්ත කිරීම ගැටුමේ මූලික හේතුවක් ලෙස රුසියාව මිට පෙර කරුණු දක්වා ඇත.
වොෂින්ටනයේ “ඒකපාර්ශ්විකවාදයෙන්” නිදහස් වන ජාත්‍යන්තර සබඳතාවල නව බහුධ්‍රැව ආකෘතියකට මොස්කව්හි අභිලාශය බව පුටින් පවසා ඇත.
රුසියාව සහ එහි සහචරයින් "එක්සත් ජාතීන්ගේ ප්‍රධාන භූමිකාව සහිත ජාත්‍යන්තර නීතියේ විශ්වීය වශයෙන් පිළිගත් මූලධර්ම මත පදනම් වූ සාධාරණ ලෝක පිළිවෙලක් ගොඩනැගීම සඳහා" පෙනී සිටින බව ඔහු පසුගියදා පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍යයේ (CIS) නායකයින්ගේ රැස්වීමකදී පැවසීය. මෙම සංවිධානය පශ්චාත්-සෝවියට් රටවල් කිහිපයක් එක්සත් කරන සමූහයකි.
"ලෝකයේ විවිධත්වය පිළිබිඹු කරන නව ජගත් පටිපාටියක් මතුවෙමින් තිබේ. මෙම ක්‍රියාවලිය නොවැළැක්විය හැකි සහ ආපසු හැරවිය නොහැකියි.”පුටින් පසුගිය 10 වනදා ටර්ක්මෙනිස්තානයේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී පැවසීය. රුසියාවට ප්‍රථමයෙන් ප්‍රහාර එල්ල නොකළහොත් නේටෝ සාමාජික රාජ්‍යයකට රුසියාව පහර නොදෙන බව ද පුටින් පසුගිය කාලයේ අවධාරණය කරනු ලැබීය.
Putin wants ‘new world order’ – top German spy
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්