හමාස් නායකයා මරා දැම්මා- ඊශ්‍රායලය පවසයි
ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යාහ්යා සින්වාර් ඝාතනය කර ඇති බව ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(17) ප්‍රකාශ කළේ නිශ්චිත ස්ථානයක දී ඇති වූ ගැටුමකින් මියගිය පලස්තීන සටන්කාමීන් අතර සින්වාර් සිටියේද යන්න “පරීක්ෂා කරමින් සිටින” බවයි.
"Eliminated: Yahya Sinwar,"IDF බ්‍රහස්පතින්දා සවස X (කලින් ට්විටර්) හි සටහනක් තබමින් පවසා සිටියේය.
ඊශ්‍රායලය නිකුත් කර ඇති නිල ප්‍රකාශයකට අනුව විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් විසින් සින්වාර්ගේ මරණය තහවුරු කරමින් ලොව පුරා සිටින ඔහුගේ සගයන් කිහිප දෙනෙකුට සටහනක් ද යවා ඇත.
62 හැවිරිදි සින්වාර්, 2017 මුල් භාගයේ සිට ගාසා තීරයේ හමාස් සංවිධානයේ දේශපාලන නායකයා ලෙස කටයුතු කර ඇත. ටෙහෙරානයේ දී ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමෙන් පසු අගෝස්තු මාසයේදී ඔහු කණ්ඩායමේ පූර්ණ නායකත්වය භාර ගත්තේය.
Ezzedeen al-Kassam Brigades (හමාස් හමුදා අංශය) හි ප්‍රධානියා වන Mohammed Deif, සින්වාර්, 2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට එල්ල වූ ගැටුමේ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇති බවද ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලය මේ වසර මුලදී ගුවන් ප්‍රහාරයකින් ඩෙයිෆ්ව මරා දැමූ බව පැවසූ නමුත් හමාසි සංවිධානය ඔහු මරාදැමූ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.
ඊයේ(17) අන්තර්ජාලය හරහා සංසරණය වන සත්‍යාපනය නොකළ සහ "ග්‍රැෆික්" පින්තූර සින්වාර්ගේ සිරුර අර්ධ වශයෙන් සුන්බුන්වල තැන්පත් කර ඇති බව පෙන්නුම් කරයි. සිරුරේ විවිධ පිපිරුම් තුවාලවල සලකුණු මෙන්ම හිසට වෙඩි වැදී ඇති බව පෙනෙන්නට තිබුණි. මාධ්‍ය වාර්තාවලට අනුව, ඩීඑන්ඒ පරීක්ෂණය සඳහා සිරුර හමුදාව විසින් රසායනාගාරයක් වෙත රැගෙන ගොස් ඇත.
ඊශ්‍රායලය පසුගිය වසරේ හමාස් සංවිධානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ, ඔක්තෝබර් 7දා සිදුවූ හදිසි ප්‍රහාරයේදී 1,100ක් පමණ මිය ගොස්, රටේ දකුණේදී දළ වශයෙන් 250ක් පමණ පැහැරගෙන යාමෙන් පසුවය. බර කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර මෙන්ම ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුම් ද එතැන් සිට වසර තුළ ගාසා තීරයේ පුලුල් විනාශයක් ඇති කළේය. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව පලස්තීන ප්‍රදේශයේ මිනිසුන් 42,000 ක්, මූලික වශයෙන් කාන්තාවන් සහ ළමයින් මිය ගොස් ඇත.
https://www.rt.com/news/605879-hamas-leader-killed/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්