පලස්තීන හිතවාදී යුදෙව්වෝ වෝල් වීදිය අත්පත් කර ගනී

පලස්තීන හිතවාදී යුදෙව් ක්‍රියාකාරීන් සියගණනක් නිව් යෝර්ක් නගරයේ වෝල් වීදියේදී ඊශ්‍රායලය ගාසා තීරයේ කරනු ලබන "ජන සංහාරයට" එක්සත් ජනපදය දක්වන සහයෝගයට විරෝධය පළ කර ඇත. විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නිව්යෝක් පොලිසිය පවසයි.
"ඊශ්‍රායලය සන්නද්ධ කිරීම නවත්වන ලෙස යුදෙවන් බලකරනව" සහ "ගාසා තීරයට බෝම්බ වෝල් වීදියට සමෘද්ධිය" යනුවෙන් සඳහන් බැනර් අතැතිව රතු කමිස ඇඳගත් විරෝධතාකරුවන් පිරිසක් පසුගිය 14 වනදා නිව් යෝර්ක් කොටස් වෙළඳපොලෙන් පිටත රැස් වූහ. ගිණිකොනදිග එක්සත් ජනපදයට බලපෑ මෑත කාලීන සුළි කුණාටු දෙකෙන් පසු පොරබදමින් සිටින ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සිය(Federal Emergency Management Agency-FEMA) පිළිබඳව සඳහන් කරමින් අනෙකුත් සටන්පාඨවලට “ ජන සංහාරයට නොව FEMA වට අරමුදල් සපයනු" යන්න ඇතුළත් විය.
සාමය සඳහා වූ යුදෙව් හඬ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම පෙලපාලියට 500 දෙනෙකු පමණ පැමිණ සිටියහ. නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ විරෝධතාකරුවන් ආරක්ෂක වැටක් බිඳ දැමීම හේතුවෙන් පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. සමාජ මාධ්‍යවල හුවමාරුවන වීඩියෝ දර්ශන වලින් පෙන්නුම් කරන්නේ ක්‍රියාකාරීන් වාඩි ලාගෙන විරෝධතාවක් පවත්වන බවත්,පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ගෙන් සමහරක් ඉවතට ඇදගෙන යන බවත්, ගැටුම් හෝ සක්‍රීය ප්‍රතිරෝධයක් නොමැති බවත්ය.
X හි සටහනක් තබමින් සාමය සඳහා වූ යුදෙව් හඬ සංවිධානය මෙසේ පැවසීය: “එක්සත් ජනපදය ඊශ්‍රායලය සන්නද්ධ කරන්නේ යුදෙව්වන් ආරක්ෂා කිරීමට නොවේ. එක්සත් ජනපදය ඊශ්‍රායලය සන්නද්ධ කරන්නේ තමන්ගේම ලාභය සහ කලාපයේ පාලනය සඳහායි.ජනාධිපති ජෝ බයිඩන්ට අවශ්‍ය වන්නේ මේ වසරේ ඊශ්‍රායල රජය සඳහා ඔහුගේ ඩොලර් බිලියන 18 ක් පමණ වන "ගොහොරු" අරමුදල වියදම් කරන්නේ 'යුදෙව් ආරක්ෂාව සඳහා' බව අප ලවා විශ්වාස කරවීමයි. යුදෙව්වන් ලෙස අපගේ සෑම ඇට මිදුලක්ම නහරය්ක්ම පලස්තීනුවන් සමූල ඝාතනය කිරීම සඳහා අපගේ සම්ප්‍රදායන්, ඉතිහාස සහ අනන්‍යතා භාවිතා කිරීමට ඉඩ දීම අපි ප්‍රතික්ෂේප කරනවා."
ඊශ්‍රායලයට මිසයිල ආරක්ෂණ පහසුකම් අලුතින් ලබාදීම මෙන්ම ඊශ්‍රායලට හමුදා සෙබළුන් යවන බවට එක්සත් ජනපදය පසුගිය 12 වනදා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම විරෝධතාවන් ආරම්භ විය. “ඊශ්‍රායලයට එරෙහිව ඉරානය එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාරවලින්” පසුව යුදෙව් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා මෙම ශක්තිමත් කිරීම් අවශ්‍ය බවට අදහස් කරන බව පෙන්ටගනය පැවසීය.
පසුගිය ඔක්තෝබරයේ හමාස්-ඊශ්‍රායල් යුද්ධයේ ආරම්භයේ සිට කළ එළි බැසුණු පලස්තීන හිතවාදී විරෝධතා බොහෝ විට ප්‍රචණ්ඩත්වයට පෙරලී ඇත. ගාසා තීරයේ සිවිල් වැසියන්ට අවිචාරශීලී ප්‍රහාර එල්ලකරන්නේ යැයි පවසමින් එම ප්‍රහාර හෙළා දකිමින් පෙලපාලිකරුවන් එක්සත් ජනපදය පුරා පෙලපාලි පැවැත්වූහ. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී හමාස් සංවිධානය එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය පලස්තීන ප්‍රදේශයේ ගොඩබිම් මෙහෙයුමක් දියත් කළේය. පසුගිය සතිවලදී, බටහිර ජෙරුසලම හිස්බුල්ල සංවිධානයේ ඉහළ නිලධාරීන් ගණනාවක් ඝාතනය කර ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර ආතතීන් ද උත්සන්න විය.
Pro-Palestine Jewish activists occupy Wall Street
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..