News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේන හමුදා රුසියාවේ කර්ස්ක් න්‍යෂ්ටික බලාගාරයට පහර දීමට උත්සාහ කළ බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කැබිනට් රැස්වීමකදී පැවසීය.

රුසියාවේ ක්‍රසනොදාර් කලාපයේ කව්කාස් වරායේ දුම්රිය අංගනයට කියෙව් හමුදා ඊයේ(22) මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බව රුසියානු ප්‍රවෘත්ති සේවා ප්‍රාදේශීය හදිසි සේවා උපුටා දක්වමින් වාර්තා කළේය. මිසයිල ප්‍රහාරයෙන් දුම්‍රිය අංගනයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර ගිනි නිවීමේ දුම්රියක් එම ස්ථානයට යවා ඇති බව වාර්තා වේ.

ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව පුරා රුසියානු හමුදා වල ස්ථාවර ඉදිරි ගමන තහවුරු වී ඇතැයි වාර්තාවේ. රුසියානු හමුදා මැදිහත් වීමෙන් සමූහ ආණ්ඩුවේ ජනාවාස මුදා ගැනීම පමණක් නොව, යුක්රේන හමුදාවේ සොල්දාදුවන් ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කිරීමද දක්නට ඇති බවද වාර්තාවේ.

රුසියානු හමුදා ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නිව් යෝර්ක් නගරය සම්පූර්ණයෙන්ම මුදාගෙන ඇති බව රුසියානු මාධ්‍ය පසුගිය 18 දා වාර්තා කළේය. සුවිශේෂී නමක් සහිත ජනාවාස යුක්රේනය විසින් ප්‍රධාන බලකොටුවක් බවට පත් කර තිබූ බව රුසියානු මාධ්‍ය වාර්තා කර සිටියේය. රුසියානු හමුදාව ඩොන්බාස් හි සිදුකළ අඛණ්ඩ මෙහෙයුම් වල කොටසක් ලෙස ජුනි මාසයේදී නිව් යෝර්ක් සහ අසල්වැසි ටොරෙට්ස්ක් සමුහයට මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන ලදී. රුසියානු මාධ්‍ය වාර්තාවලට අනුව, ජූලි මස මුලදී, යුක්‍රේන හමුදා එහි උතුරු මායිම දෙසට තල්ලු කරමින් නගර මධ්‍යය අල්ලා ගැනීමට රුසියානු හමුදා සමත් විය. ඒ අනුව මේ වන විට නගරයේ උතුරු කොටස ද රුසියානු පාලනයට නතු වී ඇත.

පසුගිය 17 දා පැවති "ගෝලීය දකුණ" සංවිධානයේ Virtual Voice of the Global South සමුළුවට සහභාගී වන ලෙස අසල්වැසි චීනයට සහ පකිස්ථානයට ආරාධනා නොකිරීමට නවදිල්ලිය තීරණය කළ බව විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශන්කර් මාධ්‍ය වෙත පැවසීය. පසුගිය වසරේ ඉන්දියාවේ සභාපතිත්වයෙන් පැවැති G20 සංවිධානයේ නිෂ්පාදනයක් වන Virtual Voice of the Global South සමුළුවේ තුන්වන සංස්කරණයට රටවල් 123 ක් සහභාගී විය. මෙම උත්සවය ගෝලීය දකුණේ රටවලට ඔවුන්ගේ පොදු ගැටළු සාකච්ඡා කිරීමට සහ විසඳුම් සෙවීමට වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යය වල රුසියාවේ කර්ස්ක් කලාපය ඉලක්ක කර යුක්‍රේන හමුදා එල්ල කරන ආක්‍රමණික ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු වාර්තා කර නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අද (19) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ප්‍රවෘත්ති උපුටාගත් මාධ්‍යවල කතුවරුන්ගේ මතය අනුව රුසියානු සමූහාණ්ඩුවේ භූමිය තුළ යුක්‍රේන හමුදා කළ ආක්‍රමණය "කියෙව් පාලන තන්ත්‍රයේ සටන්කාමීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා මෙන්ම සාර්ථකව සිදුවෙමින් පවතී". කෙසේ වුවද සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව පවසන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ප්‍රකාශ උපුටා දක්වන බවද පවසයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

‘එම්පොක්ස්’ හෙවත් ‘මන්කිපොක්ස්’ රෝගය ජාත්‍යන්තර වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ.

අගෝස්තු තිස්වනදාට පෙර, දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස එරට ප්‍රධාන ශිෂ්‍ය ව්‍යාපාරය වන පාකිස්තාන ශිෂ්‍ය ෆෙඩරේෂනය ඉල්ලා තිබේ.

බංග්ලාදේශයේ සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හමුවේ ධුරයෙන් ඉවත්ව ඉන්දියාවට පළායාමෙන් පසු පළමුවරට බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා නිකුත් කළ නිවේදනයක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.