News Category
From Date
To Date
Maximum Number of Result

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනයට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබේ.

ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

බීජිං, (ස්පුට්නික්) - ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා බීජින් පාලනය දැඩි ලෙස සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව වැඩබලන ලෙබනන් විදේශ අමාත්‍ය අබ්දුල්ලා බූ හබීබ් සමඟ පැවති හමුවකදී පැවසීය. "චීනය ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස සහාය දක්වනවා. තත්වය කුමණ අතට වෙනස් වුවද, අපි සැමවිටම යුක්තිය සහ ලෙබනනය ඇතුළු අපගේ අරාබි සහෝදරයන් වෙනුවෙන් පෙනී සිටිනවා." චීන විදේශ අමාත්‍ය වැන්ග් යී උපුටා දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය අද(24) පැවසීය.

පසුගිය 20 වනදා ප්‍රකාශයට පත් කරන ලද පොලිස් දත්ත වලට අනුව ලන්ඩනයේ සෑම පැයකටම වරක් එක් ස්ත්‍රී දූෂණයක් වාර්තාවන බව පැවසේ.

දකු­ණු­දිග බංග්ලා­දේ­ශයේ කග්රා­චරි දිස්ත්‍රි­ක්කයේ ආදි­වාසී ගම්මා­න­ය­කට 19 රාත්‍රී එල්ල වූ ප්‍රහා­ර­ය­කින් ආදි­වා­සීන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, තවත් 12 දෙනකු තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඉහළ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් ඝාතනය කිරීමේ ඉරාන කුමන්ත්‍රණයකට සම්බන්ධ වූ බව කියන යුදෙව් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කළේ යැයි ෂින් බෙට් පුවත් සේවය පවසයි.

බංග්ලා­දේ­ශයේ කොමි­ෂන් ලත් හමුදා නිල­ධා­රීන්ට විනි­සු­රු­වන්ට ව්‍යව­ස්ථා­වෙන් ලබා දී ඇති බලයට සමාන බල­යක් සහි­තව දින 60ක කාල සීමා­ව­කට රටේ සාමය ස්ථාපිත කිරී­මට හමුදා බලය යෙද­වී­මට එරට අන්ත­ර්වාර රජය අව­සර දුන් බව එරට මාධ්‍ය වාර්තා කළේය.

වසරක් ගතවී ඇති ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද ගැටුම් අවසන් කිරීම සඳහා මැදිහත් විය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවට ඊයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල විශේෂ සැසියේදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 124 ලැබී තිබේ.

ලෙබනනයේ සිදුව ඇති පිපිරීම් මාලාවකින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.