ධෛර්ය සම්පන්න ට්‍රම්ප්ට සුබ පතනවා- රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබ පැතුම් එක් කර ඇති බව වාර්තාවේ. එලෙසම එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද පුටින් අවධාරණය කර ඇතැයිද එම වාර්තා පවසයි. ජුලි මාසයේදී ට්‍රම්ප්ව ඝාතනය කිරීමට ගත් උත්සාහයේදි සහ ඉන් පසුව ට්‍රම්ප් දැක්වූ “ධෛර්ය සම්පන්න” ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද පුටින් ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූ බවද පැවසේ.
ඊයේ(07) දකුණු රුසියානු නගරයක් වන සෝචි හි Valdai ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ රැස්වීමකට එක් වෙමින් පුටින් පැවසුවේ, “ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මගේ සුබ පැතුම් පිරිනැමීමට අවස්ථාවක් කරගන්නවා." යනුවෙනි.
ට්‍රම්ප් යුක්රේන ගැටුම අවසන් කිරීමට අභිලාශයක් ඇති බව ප්‍රකාශ කර ඇති බවත්, එවැනි ප්‍රකාශයන් “අවම වශයෙන් අවධානය යොමු කළ යුතු” බවත් පුටින් එම රැස්වීමේ අදහස් දක්වමින් පැවසුවේය.
රුසියානු ජනාධිපතිවරයා මෙම ගිම්හානයේදී පෙන්සිල්වේනියාවේ දී ට්‍රම්ප්ගේ ජීවිතයට බිලිගැනීමට ගත් උත්සාහයේදී ට්‍රම්ප්ගේ ක්‍රියාවන් අගය කිරීමට කටයුතු කළේය. "එවකට අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් ඔහුව ඝාතනයට එල්ල කළ උණ්ඩයක් ඔහුගේ කනට වැදීමෙන් පසු ඔහුගේ හස්තය ඔසවා ජනතාවට ප්‍රතිචාර දක්වන දර්ශන දැකීමෙන් මම පුදුම වුණා. ඔහු නිර්භීත නායකෑය්ක්." පුටින් පැවසුවේය. "මෙවැනි අනපේක්ෂිත හදිසි අවස්ථා වලදී පුද්ගලයෙකු තමන්ගේ සැබෑ ස්වභාවය පෙන්නුම් කරනවා. මම සිතන්නේ ඔහු මිනිසෙකු ලෙස ප්‍රශංසනීය සහ නිර්භීත ආකාරයකින් තමාව නිදහස් කර ගත්තා කියායි."
මෙම වාර්තාව පලවීමට පැය කිහිපයකට පෙර, ක්‍රෙම්ලිනය පුටින් ට්‍රම්ප් වෙත පුද්ගලික සුබපැතුම් පණිවිඩයක් යවා ඇති බවට පලවූ වාර්තා ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කරනු ලැබුවේය. මේ අතර ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පුවත් වාර්තාකරුවන්ට පැවසුවේ එක්සත් ජනපදය “අපට එරෙහි යුද්ධයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ මිත්‍රශීලී නොවන රටක්” බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට තමා විවෘතව සිටින බව පැවසූ පුටින්, “ඔහුට මා ඇමතීම ඔසුව පහත හෙලන කාරණයක්" නොවන බවද පුටින් අවධාරණය කළේය.
ට්‍රම්ප් යුක්රේන ගැටුම කඩිනම් අවසානයකට ගෙන ඒමට නැවත නැවතත් පොරොන්දු වී ඇතත්, ඔහු මෙය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව සුළු හෝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නැත.
අමෙරිකානු උප ජනාධිපති ලෙස තේරී පත් වූ ජේ ඩී වැන්ස් සහ ඇමරිකානු මාධ්‍ය වාර්තා උපුටා දක්වන සමහර විදෙස් විත්ති විචාරකයින් යෝජනා කර ඇත්තේ, සාමය සඳහා හිලව්වක් ලෙස කියෙව්ට එහි භෞමික හිමිකම් සහ නේටෝ සාමාජිකත්වය පිළිබඳ බලාපොරොත්තු අත්හැරීමට සිදුවන බවයි.
මේ අතර ඕනෑම එකඟතාවයක් යුක්රේනය මිලිටරි මෙහෙයුම් නැවැත්වීමෙන් සහ ඩොනෙට්ස්ක්, ලුගාන්ස්ක්, කෙර්සන් සහ සැපෝරෝෂියේ මෙන්ම ක්‍රිමියාවේ ප්‍රදේශ වල පාලනය කිසිදා යළි ලබා නොගන්නා "භෞමික යථාර්ථය" පිළිගැනීමෙන් ආරම්භ විය යුතු බව මොස්කව් පරිපාලනය අවධාරණය කර තිබේ. මීට අමතරව, ක්‍රෙම්ලිනය අවධාරණය කරන්නේ යුක්‍රේනයේ මධ්‍යස්ථභාවය, හමුදාකරණය නැවැත්වීම සහ නාසිකරණය ප්‍රතික්ෂේප කිරීම ආදී කාරණා ඇතුලත් රුසියාවේ මිලිටරි මෙහෙයුමේ අරමුණු සාක්ෂාත් කර ගත යුතු බවයි.
"ට්‍රම්ප් ගැටුම අවසන් කිරීමට සහ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට තල්ලු කළහොත් සහ පුටින් මෙම සැලැස්ම පිළිගතහොත්,යුක්‍රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කිට යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාව බිංදුවට ආසන්න වේ,” සෙලෙන්ස්කිට සමීප ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ඊයේ(07) යුක්රේන මාධ්‍ය වෙත පැවසීය. .
යුක්රේනය "ඔහුගේ ප්‍රධාන සහකරුව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි තත්වයක සිටින අතර, ඔහුගේ සහයෝගය නොමැතිව යුද්ධය දිගටම කරගෙන යාම කිසි ලෙසකින් කළ නොහැක්කක් වනු ඇත." එම මූලාශ්‍රය පැවසීය.
Putin congratulates ‘courageous’ Trump
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..