News Category
From Date
To Date
Maximum Number of Result

රම්ප්ගේ "යුක්රේන සාම සැලැස්ම" අසාර්ථක වනු ඇත- රුසියානු හමුදාවේ විශ්‍රාමික කර්නල් Mikhail Khodarenok

Nov 12, 2024 at 03:36 PM
|

(Ukrainian President Volodymyr Zelensky and US President-elect Donald Trump. ©  Alex Kent/Getty Images)එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් කිරීම සඳහා නව සැලැස්මක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව පෙනේ. පසුගිය සතියේ එළි දැක්වූ Wall Street Journal පුවත් පත 

මේ සම්බන්ධයෙන් වන මූලික හෙළිදරව්ව වාර්තා කරන ලදී.

ඉදිරි ආරක්ෂක වලල්ල දිගේ කෙරෙණ හමුදා මෙහෙයුම් නතර කිරීම, හමුදා මුක්ත කලාපයක් නිර්මාණය කිරීම සහ කියෙව් පාලනය අවම වශයෙන් වසර 20ක්වත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නේ නැති බවට සහතිකයක් ලබාදීම මෙම යෝජනාවලට ඇතුළත් වේ. ඒ අතරම, බටහිර රටවල් යුක්රේනයට ආයුධ සැපයීම දිගටම කරගෙන යනු ඇත.

Wall Street Journal පුවත්පතට අනුව, ජනවාරි මාසයේ යෙදෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනපති පදවි ප්‍රාප්තියේ සමාරම්භක දිනය වන විට යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප්ගේ පොරොන්දුව මේ වන විට ඔහු වටා පොදු අදහසකින් එක්සත් වූ උපදේශකයින් ඉදිරිපත් කරන තරඟකාරී යෝජනා සහ  වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් ධූරයේ  සිටිනතාක් කියෙව් වෙත ආයුධ සහ මිලිටරි උපකරණ සැපයීමේ සැලසුම් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම යන යෝජනා අතරින් තෝරා ගැනීමේ තත්වයට ඩොනල්ඩ් ට්‍රම්ප්ව පත් කර තිබේ.

ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පුරාවටම , බයිඩන්ගේ යුක්රේනය සම්බන්ධ කටයුතු හැසිරවීම  පිළිබඳව තියුනු ලෙස විවේචනය කළ අතර, එය තුන්වන ලෝක යුද්ධයට අවතීර්ණ වීමේ සම්භාවිතාවය ඉහළ නංවන බවට අනතුරු ඇඟවීම කරනු ලැබුවේය. එලෙසම, කියෙව් පරිපාලනය විසින් එක්සත් ජනපදය සපයන ආයුධවලින් ඩොලර් බිලියන ගනනක් වංචා කර ඇති බවටද අනතුරු ඇඟවීය.

මෙම වසර මුලදී, ට්‍රම්ප්ගේ උපදේශකයින් වන කීත් කෙලොග් සහ ෆ්‍රෙඩ් ෆ්ලීට්ස් (ඔහුගේ පළමු ධූර කාලය තුළ ට්‍රම්ප්ගේ පරිපාලනයේ සේවය කළ) රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා කියෙව් පාලනය එකඟ වන තෙක් යුක්රේනයට ආයුධ සහ හමුදා උපකරණ සැපයීම අඩු කිරීමේ සැලැස්මක්ද ඉදිරිපත් කළහ.

Wall Street Journal පුවත් පත දක්වන මූලාශ්‍රවලට අනුව සන්නද්ධ ගැටුම විසඳීමේ නව යෝජනාවට ප්‍රධාන කරුණු කිහිපයක් ඇතුළත් වේ. වඩාත් සරල වචන වලින් පවසන්නේ නම්, යෝජනා මගින් ට්‍රම්ප් මුලින් දක්වා තිබුණු අදහස් යම් පමණකට පහත දක්වා ඇති පරිදි වාෂ්ප කර තිබේ.

ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය විසින් මේවන විට අත්පත් කරගෙන සිටින ස්ථාන අරමුණු කරගනිමින් සතුරුකම් නතර වනු ඇතැයි ඔවුහු උපකල්පනය කරති. මෙයින් අදහස් කරන්නේ ඉදිරි ආරක්ෂක වලල්ල ආශ්‍රිත කර ගනිමින් එය දිගේ යුද මුක්ත කලාපයක් නිර්මාණය කිරීමයි.

යුක්රේනය හිමිකම් කියන භූමි ප්‍රදේශයෙන් කොටසක් රුසියාව විසින් පාලනය කරනු ඇත. එයට අමතරව, ඉදිරි දශක දෙක තුළ නේටෝවට බැඳීමට උත්සාහ නොකරන බවට කියෙව් පාලනය පොරොන්දු විය යුතුය. යුක්‍රේනයේ පොරොන්දුවට ප්‍රතිඋපකාර වශයෙන් එක්සත් ජනපදය යුක්රේනයට අවි සහ යුධ උපකරණ සැපයීම දිගටම සිදු කරනු ඇත. ඒ අතරම, Wall Street Journal පුවත්පතේ මූලාශ්‍රවලට අනුව, ට්‍රම්ප් තවමත් ගැටුම විසඳීමේ අවසාන සැලැස්ම අනුමත කර නොමැති අතර ඔහුගේ සමීපතම උපදේශකයින් සමඟ එය දිගටම සාකච්ඡා කිරීමට අදහස් කරයි.

යුද මුක්ත කලාපය කෙබඳු වනු ඇත්ද?

Wall Street Journal පුවත් පත විසින් වාර්තා කර ඇති නව බෙරුම්කරණ සැලැස්ම, බොහෝ ප්‍රශ්න මතු කරනු ලබන්නේය. ආරම්භක පියවරේදී යුද මුක්ත කලාපය කෙබඳු වනු ඇත්ද? (අවම වශයෙන් එහි ජ්‍යාමිතික මානයන් සඳහන් කළ යුතුය). එසේම එය ක්‍රිමියානු අර්ධද්වීපය ඇතුළුව රුසියාවේ සියලුම නව ප්‍රදේශවලට ව්‍යාප්ත වේද යන්න පවා පැහැදිලි නැත.

යුද මුක්ත කලාපයේ සම්භාව්‍ය නිර්වචනයට අනුව, මෙම භූමියේ ස්ථානගත හමුදා කඳවුරු ඇතුලු සියළු යුදමය යටිතල පහසුකම් ඉවත් කළ යුතු අතර යුද හමුදා ඒකක පිහිටවීම සහ සන්නද්ධ හමුදා යෙදවීම, භූමිය යුදමය වශයෙන් ශක්තිමත් කිරීම සහ ඒ මත සටන් හා මෙහෙයුම් පුහුණු ක්‍රියාකාරකම් පැවැත්වීම සපුරා තහනම්ය. බොහෝ දුරට, මොස්කව් පලනය  සහ කියෙව් පාලනය ට්‍රම්ප් සැලැස්ම ඉදිරිපත් කරන පළමු වටයේදීම මෙම යෝජනාවට එකඟ නොවී ඔවුන්ගේ මිලිටරි යටිතල පහසුකම් ඉවත් කිරීම නිශ්චිතවම ප්‍රතික්ෂේප කරනු ඇත.

මෙම විශේෂිත කාරණයේදී දෙපක්ෂයේ හමුදා වෙන් කිරීම පමණක් අරමුණු කරන්නේ නම් ඉදිරි ආරක්ෂක වලල්ල  පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙනත් දේ අතර, සාම සාධක භට කණ්ඩායමක් සිටීම අවශ්‍ය වේ. මේ සඳහා එක්සත් ජනපද හමුදා ඒකක යුක්රේනයට යැවීමට ධවල මන්දිරය අදහස් නොකරන බව වොෂින්ටනය දැනටමත් පැහැදිලි කර ඇත.ඒ අනුව විකල්ප වශයෙන් බටහිර යුරෝපීය රටවල් වලට සම්බන්ධ විය හැකිය. Wall Street Journal පුවත් පත ඉදිරිපත් කරන වාර්තාව සැලකීමේදී, ඕනෑම සාම සාධක හමුදාවක සංයුතිය සහ ප්‍රමාණය, අණ දෙන අය කවුරුන්ද සහ මෙම හමුදාවන්ගේ නීතිමය තත්ත්වය කුමක් විය හැකිද යන බොහෝ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දීමට තවමත් නොහැකි වී තිබේ.

එබැවින්, “යුද මුක්ත කලාපය” යන යෙදුම භාවිතා කිරීම අපහසු නැති නමුත් මෙය ප්‍රායෝගිකව සහ සවිස්තරාත්මකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න විස්තර කිරීම ඇමරිකානු පාර්ශවයට ගැටළු සහගත බව පෙනේ.

නෛතික තත්ත්වය සහ සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?

ට්‍රම්ප්ගේ සැලැස්මේ ඇති මීළඟ මතභේදයට තුඩු දෙන කරුණ නම්, "රුසියාව යුක්රේන භූමියෙන් කොටසක්  පාලනය කරනු ඇත." යන කරුණයි. එයට අනුව යුක්‍රේන භූමියට අයත් හරියටම කුමන කොටසද?,  එහි නීත්‍යානුකූල තත්ත්වය විස්තර කළ හැක්කේ කෙසේද? සහ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කියෙව්ගේ ස්ථාවරය කුමක්ද? යන්න පැහැදිලි කිරීමට ඉතිරිව ඇත. (වෙනත් වචන වලින් කිවහොත්, ට්‍රම්ප්ගේ සැලැස්මේ මෙම උපකල්පනය සමඟ යුක්රේනය එකඟද?). මේවා කිසිවක් පැහැදිලි නැත.

ඊළඟ කාරණය යෝජනා අනුව, යුක්රේනය ඉදිරි වසර 20 සඳහා නේටෝවට බැඳීමට උත්සාහ නොකරනු ඇත. මෙවැනි යෝජනා අධ්‍යනයේදි, මෙම නිබන්ධනය ඉතා විහිළුවක් ලෙස හැඟී යාම වැලැක්විය නොහැක.

වෙනත් වචන වලින් කිවහොත්, මෙම කාරණයේ සියලු වගකීම් බ්‍රසල්ස් පාලනයට සහ වොෂින්ටන් පාලනය මතට නොව කියෙව් වෙතට මාරු කරනු ලැබේ. උදාහරණයක් ලෙස - NATO වෙත අයදුම් නොකරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙහි අදහස කෙටියෙන් කිවහොත්, "අපි ඔවුන්ගෙන් බොරු නොකියන ලෙස ඉල්ලා සිටිමු, නමුත් ඔවුන් බොරු කියනු ඇත."

නැවතත්, අවුරුදු 20 ක කාල පරාසය පමණක් යෝජනා වන්නේ ඇයි?. මෙම නිශ්චිත කාල රාමුව සඳහා සාධාරණීකරණය කුමක්ද?. එවැනි කාල පරාසයක් හොතනින් පැමිනෙන්නේද?. එයට පිළිතුර වන්නේ මෙම යෝජනාව පදනම්ව ඇත්තේ ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ 1845 එළි දැක්වුණු සුප්‍රසිද්ධ නවකතාව වන "Twenty Years After" නවකතාවද?.

අවසාන වශයෙන්, ඊට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය යුක්රේනයට ආයුධ සහ මිලිටරි උපකරණ සැපයීම දිගටම කරගෙන යනු ඇත. වැදගත්ම කරුණ මෙයයි. මක්නිසාද යත්, වොෂින්ටනය යුක්රේනයට හමුදා උපකරණ සැපයීම නැවැත්වියහොත්, යුද මුක්ත කලාපයක් නොමැතිව යුද්ධය හෙට අවසන් වනු ඇත.

කියෙව් සමඟ ගිවිසුමකට එළඹිය හැකිද?

ට්‍රම්ප්ගේ සැලැස්ම අධ්‍යනය කිරීමේදී පෙනෙන්නට තිබෙන වැදගත්ම දෙය නම්, සැලැස්මේ කතුවරුන් මොස්කව් හෝ කියෙව් පාලන තන්ත්‍රයන් සමඟ කිසිදු ආකාරයකින් සම්බන්ධීකරණය කර නැති බවයි. යුක්‍රේන- රුසියා ගැටුමට විසඳුම් සෙවීමේදී යුක්රේනියානුවන්ගේ හැසිරීම ප්‍රධානතම ගැටලුව වනු ඇත. මන්ද ඕනෑම සාම මුලපිරීමක් ක්‍රියාත්මක කිරීමට තිබෙන ප්‍රධාන බාධාව වන්නේ කියෙව්හි පරම උමතු සහ ප්‍රමාණවත් නොවන මිලිටරි-දේශපාලන නායකත්වයයි (Tomahawk මිසයිල ලබා ගැනීම සඳහා වන ඉල්ලීම් ඇතුළුව ඔවුන්ගේ මෑත කාලීන ක්‍රියාවන් සියල්ල මත පදනම්ව නිරපේක්ෂව නිශ්චිතව ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් විනිශ්චය කළ හැකිය.)

තවත් එක උදාහරණයක් සලකා බලමු. හිටපු යුක්රේන ජනාධිපති Pyotr Poroshenko, එක්සත් ජනපද මැතිවරණයෙන් පසුව, 'රතු ඉරි' පහක් සම්බන්ධයෙන් අදහස්  දැක්වීය. ඔහුට අනුව, යුක්රේනයේ ස්වාධීනත්වය පිලිබඳ සම්මුතියක් නැත, "රුසියාවේ බලපෑම් කලාපයට" නැවත යුක්‍රේනයේ පැමිණීමක් නැත; කියෙව් කිසි විටෙකත් රුසියානු පාලනයට යටත් වූ භූමි ප්‍රදේශ අත් නොහරිනු ඇත; යුක්රේනය ‘එහි සන්නද්ධ හමුදාවන්ගේ ධාරිතාව සීමා කිරීමට’ එකඟ නොවනු ඇත, මන්ද යුක්‍රේන හමුදාව යනු ‘යුක්රේන රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ වඩාත්ම විශ්වාසදායක සහ ඵලදායී සහතික කරන්නා’ ය; යුක්රේනයට තම භූමියේ ‘සම්පූර්ණ විමුක්තිය’ ලැබෙන තුරු, ‘සම්මුතියක් ඇති කර ගැනීමට හෝ සම්බාධක ඉවත් කිරීමට එකඟ වීමට’ නොහැකිය.

ඇත්ත වශයෙන්ම, Pyotr Poroshenko ගේ ප්‍රකාශයන් යුක්‍රේන දේශපාලන පන්තියේ මනෝභාවය ඉතා නිවැරදිව පිළිබිඹු කරන අතර කියෙව්ගේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ සැබෑ හැකියාවන්, එහි බලවේග සහ මාධ්‍යයන් මත පදනම් නොවන ප්‍රකාශ සමූහයක් ලෙස නිරූපනය කරනු ලබයි.

ට්‍රම්ප්ගේ ඕනෑම සාම සැලැස්මක පළමු කරුණ ලෙස මෙවැන්නක් මෙවැන්නක් අඩංගු කළේ එබැවිනි: “පළමුවෙන්ම, අපි කොන්ත්‍රාත්තු ඉටු කිරීමට සමත් නායකත්වයක් කියෙව් පාලන බලයට ගෙන ආ යුතුය. වැදගත්ම දෙය නම්, සාධාරණ සහ සුදුසු පුද්ගලයින් තනතුරු වලට පත් විය යුතුය. ඕනෑම තත්වයක් පිළිබඳව සාකච්ඡා සහ සම්මුතින්ට එළඹීම කළ හැක්කේ එවිට පමණි.

Mikhail Khodarenok යනු RT.com හි හමුදා විචාර රචනා කරන ලේඛකයෙකි. ඔහු විශ්‍රාමික කර්නල්වරයෙකි. ඔහු රුසියානු සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන කාර්ය මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරියෙකු ලෙස සේවය කළේය.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

Trump’s reported Ukraine peace plan is doomed to fail

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.