News Category
From Date
To Date
Maximum Number of Result

ධවල මන්දිරයේ දෙවන ධුර කාලය අපේක්ෂාවෙන් සිටින හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාස තුනක කාලයක් තුළ දෙවන වරටත් ඝාතනය කිරීමට උත්සහා කර ඇති බව පෙනී යයි.ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සහා කළ සැකකරු කියෙව් පරිපාලනය වෙනුවෙන් විදේශීය සටන්කාමීන් බඳවා ගැනීමට සම්බන්ධ වූ යුක්රේනයට වශී වූ පුද්ගලයෙකි.

එක්සත් ජනපද හිටපු ජනාධිපති සහ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ වෙස්ට් පාම් බීච් හි trump International Golf Club ක්‍රීඩා පිටියේ ඊයේ(14) ක්‍රීඩා කරමින් සිටියදී ඔහු ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශය පැවසුවේ වෙඩි තැබීමෙන් හිටපු ජනාධිපතිවරයාට හානියක් සිදුවී නොමැති අතර ඔහු ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි. “ජනාධිපති ට්‍රම්ප් අසල සිදුවූ වෙඩි තැබීම් වලින් පසුව ට්‍රම්ප් ආරක්ෂිතයි. මේ අවස්ථාවේ වැඩි තොරතුරක් දීමට නොහැකියි.”ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශයේ ප්‍රකාශක ස්ටීවන් චියුන්ග් පැවසීය.

කියුබාව ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීම හා ආර්ථික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය නැවත සලකා බලන ලෙස ජනාධිපති ජෝ බයිඩන් වෙත ලතින් ඇමරිකාව, කැරිබියන්, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ හිටපු ලෝක නායකයින්ගේ සාමූහිකයක් විසින් හදිසි ආයාචනයක් නිකුත් කර තිබේ.

එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිර කිරීම් හේතුවෙන් කියුබාවට 2023 සිට 2024 දක්වා ඩොලර් බිලියන 5.56 ක අලාභයක් සිදුවී ඇති බව කියුබානු විදේශ අමාත්‍ය බෘනො රොඩ්‍රිගුස් 12 වනදා ප්‍රකාශ කළේය.දේශීය සහ විදේශීය වාර්තාකරුවන් පිරිසක් ඉදිරියේ අදහස් දක්වමින් 2023 මාර්තු 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා සිදු වූ ආර්ථික හානිය ඊට පෙර වූ වාර්තාවට වඩා ඩොලර් මිලියන 189.8 ක වැඩිවීමක් නියෝජනය කරන බව රොඩ්‍රිගස් අවධාරණය කළේය. එහිදි ඔහු එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වල බලපෑම් පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කළේය.

තායිවානයේ කලාපීය නායක ලායි චිං-ටේ ඊනියා "ෆෝමෝසන් ස්වයං-ගැලවීමේ ප්‍රකාශය" සනිටුහන් කිරීමේ සම්මන්ත්‍රණයක් අතරතුර ඔහු විසින් කරන ලද බෙදුම්වාදී ප්‍රකාශයන් හේතුවෙන් චීන ප්‍රධාන භූමියේ ප්‍රකාශකයෙකු වන චෙන් බින්හුවා ඊයේ(14) ඔහු වෙත දොස් පැවරුවේය. එහිදී චෙන් බින්හුවා පැවසුවේ ලායිගේ ප්‍රකාශයන් ඔහුගේ ද්වේෂසහගත බෙදුම්වාදී චේතනාවන් සම්පූර්ණයෙන්ම හෙලිදරව් කරන බවයි.

නීතිය හා සාමය බිඳ වැටීම හේතු­වෙන් සිය කර්මා­න්ත­ශාලා සහ ව්‍යාපා­රික ස්ථාන විරෝ­ධ­තා­ක­රු­ව­න්ගෙන් රැක ගැනීම සඳහා කඩි­න­මින් ආර­ක්ෂාව සහ­තික කරන ලෙස බංග්ලා­දේ­ශයේ සමස්ත ව්‍යාපා­රික ප්‍රජාව අන්ත­ර්වාර රජ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී සිටින බංගලාදේශයේ ඇතැම් ප්‍රදේශවලට පැය 19ක විදුලි කප්පාදුවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බංගලදේශයේ ඉල්ලුමට සරිලන විදුලිබලය නිෂ්පාදනය කිරීමට නොහැකිව අන්තර්වාර රජය දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වේ.

විශාල එක්සත් ජනපද ෆෙඩරල් ණය ගොන්නට සේවා සැපැයීමේ පිරිවැය මේ වන විට ආරක්ෂක අයවැය ඉක්මවා යමි තිබෙන බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඇල්ල්-ඓන් පොඩ්කාස්ට් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. එහිදී ඔහු රට “ඉතාම ඉක්මනින් බංකොලොත්” වන බවද වැඩිදුරටත් පැවසීය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.