මුදල් අමාත්‍යාංශය කියන්නේ බොරු ත්‍රිපෝෂ සමාගම ඈවර කරන බවට ගැසට් නිවේදනයක් නිකුත් කළා- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ
වත්මන් ආණ්ඩුව ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සම්බන්ධයෙන් පසුගිය 07 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා කරුණු එලිදරව් කරණු ලැබීය. එයට ප්‍රතිචාර දක්වමින් පසුගිය 09 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් ත්‍රිපෝෂ සමාගම ඈවර කරන බවට පුබුදු ජයගොඩ කළ හෙළිදරව්ව මුසාවක් බව පවසයි. එයට ප්‍රතිචාර දක්වමින් සිය මුහුණුපොතෙහි සටහනක් තබන පුබුදු ජයගොඩ සාක්ෂි සහිත ත්‍රිපෝෂ සමාගම විකුණන බව පෙන්වයි.
පහත පලවන්නේ ඔහු සිය මුහුණු පොතේ තැබූ සටහනයි...
"ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ තොරතුරු නොමග යවන සුළු බවට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. සමාජය නොමග යැවීම සැබවින්ම සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශයම බව එම නිවේදනය කියවන විට පෙනේ. එම නිවේදනයේ තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනය. අප කිව්වේ ත්‍රිපෝෂ සමාගම වසා දමන බව සඳහන්ව ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක කියා නොවේ. එය සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සනින් 2024 සැප්තැම්බර් මස 27 වන දින නිකුත් කරන ලද අංක 2403/53 දරණ ගැසට් නිවේදනයේය.
එම ගැසට් නිවේදනයේද එවැන්නක් සඳහන්ව නැති බව නිවේදනයේ යට ඡේදයක සඳහන්ව ඇත. මුදල් අමාත්‍යාංශය සමාජය නොමග යවන බවට හොඳම නිදසුන එම වාක්‍යයි. අපට අසන්නට ඇත්තේ මෙපමණකි. එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අත්සන් කර රජයේ මුද්‍රණාලයාධිපති විසින් නිකුත් කරන ලද එකක් නොවේද? රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවියට ව්‍යාජ ගැසට් නිවේදනයක් එකතු වුයේ කෙසේද? එය නිවැරදි ගැසට් නිවේදනයනම් එහි මුදල් අමාත්‍යංශයට අදාළ කොටසේ 36 වන වගන්තියේ ඈවර කිරීමට නියමිත ආයතන II උපලේඛනයේ 54 සිට 57 දක්වා සඳහන්ව ඇති බව ලියා නැද්ද? එය අපට ඇතිවූ යම් දෘෂ්ටි මායාවක්ද? II උපලේඛනයේ 57 වන අංකය යටතේ ශ්‍රී ලංකා සීමාසහිත ත්‍රිපෝෂ සමාගම ලෙස සඳහන්ව නැද්ද? එයත් යම් දෘෂ්ටි මායාවක්ද?
ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහයක් දරන ලද බව සඳහන්ව ඇත්තේ රජයේ නිල ගැසට් නිවේදනයකය. එයට සමාජ විරෝධය එනවිට එය නිවැරදි කිරීමට මැදිහත්වීම යහපත් ප්‍රවණතාවයකි. එහෙත් රජයේ නිල සහ නීත්‍යානුකූල ලියවිලි වන්නේ ගැසට් නිවේදන මිස මාධ්‍ය නිවේදන නොවේ. ඒ නිසා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පසෙක ලා ගැසට් නිවේදනය සංශෝධනය කර වහාම නැවත අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය. එය සිදු නොකර අතේ පැලවෙන මුසාවන් දෙසා බෑම මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට තරම් නොවේ.
මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු රජයේ බලධාරීනි, විහිලු කරන්න එපා! වගකීමෙන් වැඩ කරන්න."




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..