මුදල් අමාත්‍යාංශය කියන්නේ බොරු ත්‍රිපෝෂ සමාගම ඈවර කරන බවට ගැසට් නිවේදනයක් නිකුත් කළා- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ
වත්මන් ආණ්ඩුව ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සම්බන්ධයෙන් පසුගිය 07 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා කරුණු එලිදරව් කරණු ලැබීය. එයට ප්‍රතිචාර දක්වමින් පසුගිය 09 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් ත්‍රිපෝෂ සමාගම ඈවර කරන බවට පුබුදු ජයගොඩ කළ හෙළිදරව්ව මුසාවක් බව පවසයි. එයට ප්‍රතිචාර දක්වමින් සිය මුහුණුපොතෙහි සටහනක් තබන පුබුදු ජයගොඩ සාක්ෂි සහිත ත්‍රිපෝෂ සමාගම විකුණන බව පෙන්වයි.
පහත පලවන්නේ ඔහු සිය මුහුණු පොතේ තැබූ සටහනයි...
"ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ තොරතුරු නොමග යවන සුළු බවට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. සමාජය නොමග යැවීම සැබවින්ම සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශයම බව එම නිවේදනය කියවන විට පෙනේ. එම නිවේදනයේ තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනය. අප කිව්වේ ත්‍රිපෝෂ සමාගම වසා දමන බව සඳහන්ව ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක කියා නොවේ. එය සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සනින් 2024 සැප්තැම්බර් මස 27 වන දින නිකුත් කරන ලද අංක 2403/53 දරණ ගැසට් නිවේදනයේය.
එම ගැසට් නිවේදනයේද එවැන්නක් සඳහන්ව නැති බව නිවේදනයේ යට ඡේදයක සඳහන්ව ඇත. මුදල් අමාත්‍යාංශය සමාජය නොමග යවන බවට හොඳම නිදසුන එම වාක්‍යයි. අපට අසන්නට ඇත්තේ මෙපමණකි. එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අත්සන් කර රජයේ මුද්‍රණාලයාධිපති විසින් නිකුත් කරන ලද එකක් නොවේද? රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවියට ව්‍යාජ ගැසට් නිවේදනයක් එකතු වුයේ කෙසේද? එය නිවැරදි ගැසට් නිවේදනයනම් එහි මුදල් අමාත්‍යංශයට අදාළ කොටසේ 36 වන වගන්තියේ ඈවර කිරීමට නියමිත ආයතන II උපලේඛනයේ 54 සිට 57 දක්වා සඳහන්ව ඇති බව ලියා නැද්ද? එය අපට ඇතිවූ යම් දෘෂ්ටි මායාවක්ද? II උපලේඛනයේ 57 වන අංකය යටතේ ශ්‍රී ලංකා සීමාසහිත ත්‍රිපෝෂ සමාගම ලෙස සඳහන්ව නැද්ද? එයත් යම් දෘෂ්ටි මායාවක්ද?
ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහයක් දරන ලද බව සඳහන්ව ඇත්තේ රජයේ නිල ගැසට් නිවේදනයකය. එයට සමාජ විරෝධය එනවිට එය නිවැරදි කිරීමට මැදිහත්වීම යහපත් ප්‍රවණතාවයකි. එහෙත් රජයේ නිල සහ නීත්‍යානුකූල ලියවිලි වන්නේ ගැසට් නිවේදන මිස මාධ්‍ය නිවේදන නොවේ. ඒ නිසා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පසෙක ලා ගැසට් නිවේදනය සංශෝධනය කර වහාම නැවත අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය. එය සිදු නොකර අතේ පැලවෙන මුසාවන් දෙසා බෑම මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට තරම් නොවේ.
මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු රජයේ බලධාරීනි, විහිලු කරන්න එපා! වගකීමෙන් වැඩ කරන්න."




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්