ආරුගම්බේ ප්‍රහාර සැලැසුම හා ට්‍රම්ප් ඝාතනයට උත්සාහ කළ ප්‍රධාන සැකකරු ගැන ඉරානයෙන් ප්‍රතිචාර.... ඇතැම් පාර්ශ්ව තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කරන්න උත්සාහ දරනවා - ඉරානයෙන් චෝදනා
ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ෆර්හාඩ් ෂකේරි නැමැත්තා සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
ප්‍රතිවිරුද්ධ මතදාරී රටවල් දෙක අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
සිය "x" ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි මේ බව සඳහන් කර තිබේ.
වර්තමානයේ නව ජවනිකාවක් නිර්මාණය කරමින් තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇතැම් පාර්ශව උත්සහ දරමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.
අමෙරිකානු ජනතාව ඔවුන්ගේ තීරණය ගෙන ඇති බව සඳහන් කරන ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට පවතින අයිතියට ගරුකරන බවද සඳහන් කර තිබේ.
ඉරානය පසු වන්නේ න්‍යෂ්ටික අවි පසුපස ගමන් කරන කාල පරිච්ඡේදයක නොවන බව ඉරාන විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සඳහන් කර ඇත.
විශ්වාසය ගොඩනැංවීම දෙපාර්ශ්වයේම අත්‍යවශ්‍ය කරුණක් බවත් එය තනි මාවතක් නොවන බව ද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා ප්‍රකාශ කළේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු වන ෆර්හාඩ් ෂකේරි විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවය.
එමෙන්ම ඔහු මෙරට ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කර ඇති බව ද අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය.
ෂකේරි 2019 වසරේ දී මහා පරිමාණ හෙරොයින් ජවාරමකට අදාළ ව මෙරට දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු වන ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවට විශ්වාසකරන බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා