ආරුගම්බේ ප්‍රහාර සැලැසුම හා ට්‍රම්ප් ඝාතනයට උත්සාහ කළ ප්‍රධාන සැකකරු ගැන ඉරානයෙන් ප්‍රතිචාර.... ඇතැම් පාර්ශ්ව තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කරන්න උත්සාහ දරනවා - ඉරානයෙන් චෝදනා
ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ෆර්හාඩ් ෂකේරි නැමැත්තා සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
ප්‍රතිවිරුද්ධ මතදාරී රටවල් දෙක අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
සිය "x" ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි මේ බව සඳහන් කර තිබේ.
වර්තමානයේ නව ජවනිකාවක් නිර්මාණය කරමින් තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇතැම් පාර්ශව උත්සහ දරමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.
අමෙරිකානු ජනතාව ඔවුන්ගේ තීරණය ගෙන ඇති බව සඳහන් කරන ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට පවතින අයිතියට ගරුකරන බවද සඳහන් කර තිබේ.
ඉරානය පසු වන්නේ න්‍යෂ්ටික අවි පසුපස ගමන් කරන කාල පරිච්ඡේදයක නොවන බව ඉරාන විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සඳහන් කර ඇත.
විශ්වාසය ගොඩනැංවීම දෙපාර්ශ්වයේම අත්‍යවශ්‍ය කරුණක් බවත් එය තනි මාවතක් නොවන බව ද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා ප්‍රකාශ කළේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු වන ෆර්හාඩ් ෂකේරි විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවය.
එමෙන්ම ඔහු මෙරට ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කර ඇති බව ද අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය.
ෂකේරි 2019 වසරේ දී මහා පරිමාණ හෙරොයින් ජවාරමකට අදාළ ව මෙරට දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු වන ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවට විශ්වාසකරන බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..