News Category
From Date
To Date
Maximum Number of Result

සමාජ මාධ්‍ය භාවිතය සඳහා අනුමත වයස් සීමාව අවුරුදු 13 සිට 15 දක්වා වැඩි කිරීමට සහ තරුණ පරිශීලකයින්ට අන්තර්ජාල ක්‍රියාකාරකම්වලින් සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන කනස්සල්ලට විසඳුම් සෙවීමට දැඩි පාලනයන් හඳුන්වා දීමට නෝර්වේ රජය සැලසුම් කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානයේ “හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර” සිදු කරමින් සිටින බව ඊශ්‍රායල හෞම්දා ප්‍රකාශක ඩැනියෙල් හගාරි අද(26) උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කළේය.

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර ඇති අතර, ඒ ඉකුත් ඔක්තෝම්බර් 01 වනදා ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවට ප්‍රතිචාර ලෙසය.

පසුගියදා ‍YouGov නම් සමාජ මත විමසුම් කරනු ලබන ආයතනයක් විසින් කළ මත විමසුමකට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් යන දෙදෙනාගේම ආධාරකරුවන් විසින් කළ සමාන ලෙස මත දක්වීමට අනුව, ඇමරිකානුවන්ගෙන් 27% ක් පමණ එළඹෙන එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසු සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට විශවාසය පළ කරයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(23) Kazan හි BRICS සමුළුවේ නායකයින්ගේ රැස්වීමේදී ඓතිහාසික දේශනයක් කරනු ලැබීය. ඔහුගේ දේශනයේදී, BRICS කණ්ඩායමේ වර්ධනය වන භූමිකාව සහ අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කළ අතර, බටහිර සම්බාධක සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලින් ගෝලීය ආර්ථිකයට ඇති අවදානම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය. ධාන්‍ය හුවමාරුව සහ නව ආයෝජන වේදිකාවක් පිහිටුවීම ඇතුළුව BRICS රාමුව තුළ රුසියාවේ මුල පිරීම් ද පුටින් අනාවරණය කළේය. ජනාධිපතිවරයාගේ දේශනයේ ඇති ප්‍රධාන කරුණු පහත පරිදිය.

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර සාමූහිකයේ අණපනත්වලින් ලෝකය වෙහෙසට පත්ව ඇති බව රුසියාවේ කසාන් නගරයෙහි පැවති BRICS සමුළුවේ දී ප්‍රකාශ වූ බව RT හී ප්‍රධාන කර්තෘ මාගරිටා සිමෝනියන් පවසයි.

තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදුකළ ප්‍රහාරයකින් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ ටැටර්ස්ථාන් පළාතේ කසාන් නගරයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව ඊයේ(22) ඇරැඹිණි.

කතෝලික සභාව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට සාමාජිකයින්ට ඉඩ නොදීම "පරිපූර්ණ ඒකාධිපතිත්වයක්" ප්‍රදර්ශනය් කිරීමක් ලෙස නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා හඳුන්වයි. නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා නිකරගුවා පොලිසිය පිහිටුවීමේ 43 වැනි සංවත්සරය සැමරීම වෙන්ජ්වෙන් ;අසුගිය සැප්තැම්බර් 25 වනදා පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මෙසේ පැවසීය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.