News Category
From Date
To Date
Maximum Number of Result

ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යාහ්යා සින්වාර් ඝාතනය කර ඇති බව ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

පලස්තීන හිතවාදී යුදෙව් ක්‍රියාකාරීන් සියගණනක් නිව් යෝර්ක් නගරයේ වෝල් වීදියේදී ඊශ්‍රායලය ගාසා තීරයේ කරනු ලබන "ජන සංහාරයට" එක්සත් ජනපදය දක්වන සහයෝගයට විරෝධය පළ කර ඇත. විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නිව්යෝක් පොලිසිය පවසයි.

චීන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන වැන්ග් යී ඊයේ(14) ඉරානයේ සහ ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ බව වාර්තා වේ. ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ආතතිය පිළිබඳව චීනය දැඩි සැලකිල්ලක් දක්වන අතර කලාපයේ අලුත් ගැටුම් සහ කැලඹීම් කිසිවකුගේ අවශ්‍යතා සඳහා සේවය නොකරන බව විශ්වාස කරන බව ගාසා තීරයේ ක්ෂණික, සම්පූර්ණ සහ ස්ථිර සටන් විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් වැන්ග් පැවසීය.

මොස්කව්හි අවසාන ඉලක්කය නේටෝව බෙදීම සහ පවතින ජ්ගත් පටිපාටිය වෙනස් කිරීම බව ජර්මානු විදේශ ඔත්තු සේවයේ (BND) ප්‍රධානී Bruno Kahl පවසයි. යුක්රේනය සමඟ ගැටුම පවතිද්දී පවා රුසියාව මිලිටරි වියදම් අතින් යුරෝපීය රාජ්‍යයන් අභිබවා ගොස් ඇති බව Bruno Kahl ඊයේ (14) Bundestag හිදි ජර්මානු මන්ත්‍රීවරුන්ට පැවසීය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් "බටහිර රතු ඉරි පරීක්ෂා කිරීම දිගටම කරගෙන යමින් ගැටුම තවදුරටත් තීව්‍ර කරනු ලබනවා" යනුවෙන් ජර්මනියේ ප්‍රධනතම ඔත්තුකරුවා ප්‍රකාශ කළේය. "නේටෝව සමග සෘජු මිලිටරි ගැටුම මොස්කව් පරිපාලනයට විකල්පයක් වී තිබෙනවා." ඔහු පැවසීය.

එක්සත් ජනපද හමුදා නිලධාරීන් පසුගිය වසර පුරා ගාසා තීරයේ ඊශ්‍රායලය කරනු ලබන මෙහෙයුමට රහසිගතව සහය ලබා දුන් බව ත්වදුරටත් රහසක් නොවේ. කෙසේ වුවද පෙන්ටගනය විසින් අද(14) නිකුත් කරන ලද ප්‍රකාශයකින් බයිඩන් පරිපාලනය ඊශ්‍රායලය වෙත අමෙරිකානු සෙබළුන් යවන බවට ඇඟවුම් කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජනපදය සහ ඔවුන්ගේ යුරෝපීය සහචර රාජ්‍යයන් බයිඩන් පරිපාලනය අභාවයට යමින් පවතින මේ දිනවලදී අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අමෙරිකාව ලබාදෙන සහයෝගය දෙගුණ කරමින්, බටහිර රටවල හමුදාවන්ට ඊශ්‍රායල කුරිරුකම්වලට හෝ පුලුල් කලාපීය ගිනිදැල් වලට ඉන්ධන හෙළීමට සෘජුවම සහභාගී වීමට වේදිකාව සකසන බව විද්වතුන්ගේ අදහස වේ.

පසුගිය රජයේ ප්‍රතිපත්තිමය තීරණය මත රාජ්‍යය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහ ගත කිරීමේ අංශයක් පිහිටුවනු ලැබු අතර ඒ යටතේ ජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කරනු ලැබීය.

එක්සත් ජනපද ආණ්ඩුව ඩොලරය, මුදල් හුවමාරු මාධ්‍යයක් හෝ වටිනාකම් ගබඩාවක් ලෙස සේවය කරනවාට වඩා යුද ආයුධයක් ලෙස භාවිත කන බව සම්මානලාභී ඇමරිකානු ආර්ථික විද්‍යාඥ සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂක ජෙෆ්රි සැක්ස් පවසයි. සැක්ස් ඊයේ(10) BRICS මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමකට වීඩියෝ සබැඳියක් ඔස්සේ කළ සිය දේශනයේදී මෙලෙස ප්‍රකාශ කළේය. මෙම මස අගදී කසාන්හි පැවැත්වෙන BRICS 2024 සමුළුවට පෙර ජාත්‍යන්තර මූල්‍ය හා මූල්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් මොස්කව්හිදී මෙලෙස රැස්ව සිටියහ.

එක්සත් ජනපද ආණ්ඩුව ඩොලරය, මුදල් හුවමාරු මාධ්‍යයක් හෝ වටිනාකම් ගබඩාවක් ලෙස සේවය කරනවාට වඩා යුද ආයුධයක් ලෙස භාවිත කන බව සම්මානලාභී ඇමරිකානු ආර්ථික විද්‍යාඥ සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂක ජෙෆ්රි සැක්ස් පවසයි. සැක්ස් ඊයේ(10) BRICS මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමකට වීඩියෝ සබැඳියක් ඔස්සේ කළ සිය දේශනයේදී මෙලෙස ප්‍රකාශ කළේය. මෙම මස අගදී කසාන්හි පැවැත්වෙන BRICS 2024 සමුළුවට පෙර ජාත්‍යන්තර මූල්‍ය හා මූල්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් මොස්කව්හිදී මෙලෙස රැස්ව සිටියහ.

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.