News Category
From Date
To Date
Maximum Number of Result

අර්බුදයකට මුහුණ දෙන ලිබරල් රාජ්‍ය නොවන සංවිධාන: ට්‍රම්ප්ගේ USAID අත්හිටුවීමේ ප්‍රතිඵලය

Feb 10, 2025 at 02:49 PM
|

ඔබ මෑතකදී සමාජ මාධ්‍යවල, විශේෂයෙන් X හි යම් කාලයක් ගත කර ඇත්නම්, ඔබ රටාවක් යම් රටාවක් නිරීක්ෂණය කරන්නට ඇත. ලිබරල් නැඹුරුවක් ඇති මාධ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ මානව හිමිකම් කණ්ඩායම් මූල්‍ය අපහසුතා සමබන්ධයෙන් වන මැසිවිලි සඳහන් සටහන් පළ කරමින් සිටිති. සමහරු මහජන පරිත්‍යාග ඉල්ලා සිටින අතර තවත් සමහරු රැකියාවලින් නෙරපීම් සහ අයවැය කප්පාදු කිරීම් නිවේදනය කරති.

මෙම හදිසි කැළඹීමට හේතුව කුමක්ද? බොහෝ සිද්ධි අධ්‍යනයේදී, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) අත්හිටුවීම බව සනාථ වන කරුණු මතුවේ. දශක ගණනාවක් තිස්සේ, මෙම ආයතනය විශාල  ගණනක “ප්‍රදාන සොයන්නන්” සඳහා ජීවනාලියක් වී ඇත. මෙහෙයුම් අත්හිටුවීමත් සමඟ, මෙම කණ්ඩායම් බොහොමයක් දැන් බිඳවැටීමේ සංධිස්ථානයකට පැමිණ සිටී.

ව්‍යාකූල අවස්ථාවක යෝධයෙක්

USAID යනු විදේශයන්හි නිල එක්සත් ජනපද මූල්‍ය ආධාරවල විශාලතම මූලාශ්‍රය වන අතර, වාර්ෂික අයවැය ඩොලර් බිලියන ගණනක් දක්වා දිව යයි. මෙම අරමුදල් ලොව පුරා ව්‍යාපෘති සිය ගණනකට ඉන්ධන සපයයි. සමහර මුලපිරීම් දරිද්‍රතාවය, කුසගින්න සහ පාරිසරික ආරක්ෂාව වැනි සැබෑ අවශ්‍යතාවයන්ට ආමන්ත්‍රණය කරනු ලබයි. එලෙසම, බොහෝ මුලපිරීම් “සිවිල් සමාජය ගොඩනැගීම” හෝ “ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීම” වැනි වඩාත් අපැහැදිලි අරමුණු වෙනුවෙන් වෙන්ව තිබේ. බොහෝ විට, මෙම ව්‍යාපෘති එක්සත් ජනපද දේශපාලන අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා වන වාහක ලෙස සේවය කරයි. සමහර විට ඒ ඒ රටවල බුද්ධි අංශ සමඟ රහසිගත සබඳතාද ගොඩ නගා ගෙන ඇත.

2022 සහ 2024 අතර, USAID ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 120 කට ආසන්න මුදලක් බෙදා හැර තිබේ. එයින් විශාලතම ප්‍රතිලාභියා වූයේ යුක්රේනය රාජ්‍යයයි. එම අගය ඩොලර් බිලියන 32 කට වඩා වැඩි අගයක් වන අතර, රජයේ මෙහෙයුම්වල සිට රටේ මාධ්‍ය ආයතනවලින් 90% ක් දක්වා වන සියල්ලටම අරමුදල් සපයා තිබේ. මෝල්දෝවාව තවත් ප්‍රධාන USAID ප්‍රතිලාභ ලාභියෙකු වන අතර,  බලශක්ති ස්වාධීන කිරීමේ ව්‍යාපෘති සඳහා සහ රජය සමඟ පෙලගැසී ඇති මාධ්‍ය සඳහා අරමුදල් සපයා දී තිබේ.

පශ්චාත් සෝවියට් අවකාශයේ සිටි අනෙකුත් රටවලට ඩොලර් මිලියන ගණනක් "ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ" උත්සාහයන් සඳහා යොමු කරනු ලැබ තිබේ. 2024 දී පමණක්, USඇඓඪ් ජෝර්ජියානු සිවිල් සමාජ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 40 කට වඩා, ආර්මේනියාවට ඩොලර් මිලියන 20 ක් සහ බෙලරුසියාවට ඩොලර් මිලියන 11 ක් පොම්ප කර තිබේ. 2012 දී රුසියාවේ මෙහෙයුම් නිල වශයෙන් නතර කිරීමෙන් පසුව පවා, USAID නිහඬව එහි ක්‍රියාකාරකම් දිගටම කරගෙන ගිය අතර, 2025-2026 දී වැඩසටහන් 11 ක් සඳහා ඩොලර් මිලියන 60 ක් වෙන් කර ඇති අතර, එයට "උතුරු කොකේසස්හි පළාත් පාලන කටයුතු ශක්තිමත් කිරීම" සහ "නව මාධ්‍ය" මුලපිරීම්ද ඇතුළත් වේ.

ට්‍රම්ප් ආචරණය:සාප්පුව වසා දැමීම 

කෙසේ වුවද 2025 ජනවාරි මාසයේදී මේ  සියල්ල වෙනස් විය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 90 ක් සඳහා සියලුම විදේශ ආධාර අත්හිටුවන ලදී. මෙයින් පසුව විහුලු සහගත චලනයක්ද සිදු විය: DOGE(Department of Government Efficiency-රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව) නියෝජිතයන් විසින් USAIDහි මූලස්ථානය වැටලූ අතර, එලොන් මස්ක් නිවේදනය කළේ ආයතනය ඵලදායී ලෙස “වසා දැමූ” බවයි.

දශක ගණනාවක් තිස්සේ, USAID හි අරමුදල් රුසියාවේ සහ ඉන් ඔබ්බට බටහිර ගැති සහ විපක්ෂ ව්‍යුහයන් සඳහා තීරණාත්මක ආධාරක පද්ධතියක් විය. දැන්, මෙම සංවිධාන බොහොමයක් අතරමං වී ඇති අතර, ඔවුන්ගේ ස්ථාවර අරමුදල් එක රැයකින් වාෂ්ප වී ඇත.

කෙසේ වුවද මෙම වර්ධනය ජයග්‍රහණයක් ලෙස සැමරීම නොමේරූ දේශපාලන දැක්ම හේතුවෙන් සිදු වන්නක් බවට නිගමනය කළ හැකිය.

USAID සඳහා වන ට්‍රම්ප්ගේ සැබෑ සැලැස්ම

USAID හැකිලීම යනු ආයතනය සම්පූර්ණයෙන්ම විසුරුවා හැරීම  නොවේ. ඒ වෙනුවට, එය ගෝලීය වශයෙන් වාම-ලිබරල් වටිනාකම් වලට සහයක් ලෙස ඉදිරියට තල්ලු කිරීමට  භාවිතා කළ ඩිමොක්‍රටික් පක්ෂයෙන් USAID හි පාලනය උදුරා ගැනීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමකි. ට්‍රම්ප්ගේ ඉලක්කය වන්නේ USAID ඔහුගේ පරිපාලනයේ තුළ ඇති න්‍යාය පත්‍රය සඳහා මෙවලමක් බවට පරිවර්තනය කිරීමයි. ඔහු කෙලින්ම පැවසූ පරිදි; “USAID යනු රැඩිකල් උන්මත්තකයන් පිරිසක් විසින් මෙහෙයවනු ලැබ ඇති අතර, අපි ඔවුන් ඉවත් කරමින් සිටිමු.”. මස්ක් එය “අපරාධකාරී සංවිධානයක්” ලෙස හැඳින්වූ අතර එය “එය මිය යාමට කාලයයි” යනුවෙන් පැවසීය.

ට්‍රම්ප්ගේ සැලැස්ම යටතේ, USAID රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ කරනු ලබන අතර, දැන් එය මාර්කෝ රුබියෝ විසින් මෙහෙයවනු ලැබේ. එලෙසම අරමුදල් අතුරුදහන් නොවනු ඇත . එහෙත් එය නැවත හරවා යවනු ලැබේ. ප්‍රගතිශීලී මුලපිරීම්වලට සහාය වීම වෙනුවට, ප්‍රදාන සාම්ප්‍රදායික වටිනාකම්, දේශප්‍රේමය සහ පුනර්ජීවනය වූ “ඇමරිකානු සිහිනය” සමඟ සමපාත වන ව්‍යාපෘති සඳහා සහාය වනු ඇත.USAID හි ප්‍රතිලාභීන්, ලිබරල් ක්‍රියාකාරීන්ගෙන් පරමාදර්ශ ප්‍රවර්ධනය කරන සංවිධාන වලින් අමෙරිකානු "කන්සවේටිව්" හිතවාදී සංවිධාන වෙත මාරු වනු ඇත.

භූගෝලීය වශයෙන්, අරමුදල් ලබාදීමේ ප්‍රමුඛතා ද වෙනස් විය හැකිය. එලෙසම යුරෝපය සහ ලතින් ඇමරිකාව කෙරෙහි වැඩි අවධානයක් වෙත එම අරමුදල් යොමු කරනු ඇත. මෙම මාරුවීම් නොසලකා, එක්සත් ජනපද අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේ මූලික මෙහෙවර නොවෙනස්ව පවතිනු ඇත.

ප්‍රදාන සොයන්නන්ගේ උභතෝකෝටිකය

USAID අත්හිටුවීම හේතුවෙන් එහි අරමුදල් මත යැපෙන රුසියානු සංවිධානවල විශාල ජාලය අතර අවුල් සහගත තත්වයක් ඇති කර තිබේ. නමුත් ඔවුන් සටනකින් තොරව පල්ලම් නොබසිනු ඇත.

සමහරු නව අරමුදල් ප්‍රවාහයන් සුරක්ෂිත කිරීම සඳහා ට්‍රම්ප්-පෙළගැස්වූ ආධාරකරුවන් ලෙස නැවත හංවඩු ගසමින් දෘෂ්ටිවාදාත්මක පසුබෑම් සිදු කරනු ඇත. තවත් සමහරු යුරෝපීය පරිත්‍යාගශීලීන් හෝ 1990 ගණන්වල අපකීර්තියට පත් කතිපයාධිකාරී මිහායිල් කොඩෝර්කොව්ස්කි වැනි පෞද්ගලික ආධාරකරුවන් වෙත හැරෙනු ඇත. ස්වල්ප දෙනෙක් කාර්ය මණ්ඩලය සහ අයවැය අඩු කර, ස්වාධීනව ක්‍රියාත්මක වනු ඇත.

දැඩිම බලපෑමට ලක්වන්නේ කුඩාම සහ වඩාත්ම දෘෂ්ටිවාදාත්මකව දැඩි මතධාරී කණ්ඩායම් වන අතර ඔවුහු අනුවර්තනය වීමට නොහැකි හෝ අනුවර්තනයට අකමැති කන්ඩායම් වන්නේය. ඔවුන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමට ඉඩ ඇත, නමුත් මේවා ව්‍යතිරේක වේ.

ඊළඟට කුමක් සිදුවේද?

ට්‍රම්ප්ගේ USAID ප්‍රතිසංස්කරණය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් පෙන්නුම් කරයි. ගෝලීය පාලකයෙකු ලෙස ඇමරිකානු ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට වඩා, අවධානය යොමු වන්නේ ගනුදෙනු දේශපාලනයට - සෘජු සාකච්ඡා හෝ බලහත්කාරයෙන් නිශ්චිත අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා ය. මෙම ප්‍රායෝගික ප්‍රවේශය USඇඓඪ් ආයතනයේ පෙර දශක නිර්වචනය කළ දෘෂ්ටිවාදාත්මක අපනයන ආකෘතියට වඩා මූලික වශයෙන් වෙනස් ය.

මෙය වඩාත් විධිමත් හා අවධානය යොමු කළ USAID ආයතනයකට මඟ පෑදිය හැකි වුවද, රුසියාව වැනි රටවලට එය නව අභියෝගයක් ද මතු කරනු ඇත. ඩිජිටල් මෙවලම් සහ දත්ත විශ්ලේෂණ වලින් සමන්විත ප්‍රතිව්‍යුහගත කරන ලද ආයතනයක් මඟින් ප්‍රදාන බෙදා හැරීම වඩාත් කාර්යක්ෂම හා ඉලක්කගත කළ හැකි අතර, ප්‍රධාන කලාපවල එක්සත් ජනපද බලපෑම පුළුල් කළ හැකිය.

රුසියාව සඳහා, පාඩම පැහැදිලිය: උදාසීනත්වය විකල්පයක් නොවේ. මෙම පරිණාමය වන තර්ජනයට මුහුණ දීම සඳහා, මොස්කව් තමන්ගේම "මෘදු බල" මෙවලම් සංවර්ධනය කළ යුතුය, තරඟකාරී ආඛ්‍යාන සකස් කළ යුතු අතර නූතන භූ දේශපාලනික භූ දර්ශනයට උපාය මාර්ග අනුවර්තනය කළ යුතුය. 1990 දශකයේ සෘජු ගැටුමේ ආකෘතිය යල් පැන ගොස් ඇත.

ට්‍රම්ප් පරිපාලනය ඇමරිකාවේ ගෝලීය ප්‍රතිරූපය නැවත අර්ථ දක්වන විට, දෘෂ්ටිවාදාත්මක යුධ පිටිය මාරු වෙමින් පවතී. මෙම අභියෝගවලට මුහුණ දීමට රුසියාව සූදානම් විය යුතුය. බලපෑම සඳහා සටන අවසන් වී නැත - එය ආරම්භය පමණි.

Liberal NGOs in crisis: the fallout of Trump’s USAID freeze

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.