සෞදි අරාබියේදී පුටින් හමුවීමට 'බොහෝ විට' ඉඩ තිබෙනවා- ට්‍රම්ප් පවසයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව පළමු අවස්ථාව සඳහා සත්කාරක රටක් ලෙස සෞදි අරාබිය විය හැකි බවට නම් කර තිබේ. මොස්කව් මේ දක්වා ට්‍රම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති බවද වාර්තා වේ.
යුක්රේන ගැටුම සහ අනෙකුත් මාතෘකා සාකච්ඡා කිරීම සඳහා දෙරටේ නායකයින් දෙදෙනා අතර දුරකථන සංවාදයක් පවත්වා පැය කිහිපයකට පසු මෙම නිවේදනය නිකුත් විය.
"අපි පළමු වතාවට සෞදි අරාබියේදී හමුවෙමු. අපිට යමක් කළ හැකිදැයි බලමු," ට්‍රම්ප් ධවල මන්දිරයේ මාධ්‍යවේදීන්ට පැවසීය.
ඉදිරි මාස කිහිපය තුළ පුටින් සමඟ හමුවීම් කිහිපයක් සිදුවිය හැකි බවද ට්‍රම්ප් ඇඟවුම් කරමින්, “පුටින් මෙහි පැමිණෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මම සෞදි අරාබියට යනවා. අපි සෞදි අරාබියේදී හමුවෙනු ඇති.” යනුවෙන් පැවසීය.
පුටින් සමඟ "පළමු හමුවීම" ලෙස හැඳින්වූ කාර්ණය සඳහා නිශ්චිත දිනයක් ට්‍රම්ප් නම් නොකළ නමුත් එය "එතරම් ඈත අනාගතයක නොවන" බවද පැවසීය. නායකයන් දෙදෙනාම සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් දන්නා බවත්, රාජධානිය “හමුවීමට ඉතා හොඳ ස්ථානයක්” විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
ඊයේ(12) පෙරවරුවේදී ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍යවේදීන්ට පැවසුවේ දුරකථන ඇමතුම අතරතුර පුටින් ට්‍රම්ප්ට මොස්කව් වෙත පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි. මෙය සිදුවිය හැක්කේ කවදාද යන්න පිළිබඳ කාල රාමුවක් ඔහු ලබා දුන්නේ නැත. "එකිනෙකාගේ ජාතික රාජ්‍යන් වෙත යාම ඇතුළුව ඉතා සමීපව එකට වැඩ කිරීමට" නායකයින් දෙදෙනා එකඟ වූ බව ට්‍රම්ප් තහවුරු කළේය.
සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නායකයන් දෙදෙනා අතර සමුළුවක් සඳහා සුදුසු ස්ථාන ලෙස මොස්කව් විසින් සලකනු ලැබූ බව, මෙවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රකට රුසියානු මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පෙබරවාරි මස මුලදී වාර්තා කළේය. රුසියානු නිලධාරීන් පසුගිය මාසයේ දෙරටටම සංචාරය කළ බවද වාර්තාවේ සඳහන් වේ.
ට්‍රම්ප් පවසා සිටි හමුව පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය හෝ රියාද් හෝ අබුඩාබි අදහස් දැක්වූයේ නැත. මේ අතර ඊයේ(12) රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත රුසියාවේ සිරගත කර සිටි ඇමරිකානු ජාතික මාක් ෆොගල් මේ සතියේ නිදහස් කිරීමට හේතු වූ සාකච්ඡාවලට බින් සල්මාන් සහ රුසියානු සෘජු ආයෝජන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී කිරිල් දිමිත්‍රීව් සම්බන්ධ වූ බවයි. ඒ වෙනුවට, රුසියානු ක්‍රිප්ටෝ ව්‍යාපාරිකයෙකු සහ පරිගණක ක්‍රමලේඛකයෙකු වන ඇලෙක්සැන්ඩර් විනික් එක්සත් ජනපද අත්අඩංගුවෙන් නිදහස් කිරීමටද වොෂින්ටනය එකඟ විය.
Trump says he will ‘probably’ meet with Putin in Saudi Arabia
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්