News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාව නිෂ්පාදනය කළ නවීන ඔරෙෂ්නික් බැලස්ටික් මිසයිලයේ ප්‍රහාරක බලය උල්කාපාත ප්‍රහාරයකට සමාන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(28) ප්‍රකාශ කළේය. හයිපර්සොනික් වර්ගයට අයත් නව අවියට ශක්තිමත් ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඩොලර් බිලියන 80 (පවුම් බිලියන 63) කට වඩා වැඩි වටිනාකමක් ඇති බවට ඇස්තමේන්තු කර ඇති ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතේ පිංජියැන්ග් ප්‍රාන්තයෙන් හමුව ඇති බව වාර්තා වේ.

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක් මෙතෙක් ලොව සිටි ධනවත්ම පුද්ගලයා ලෙස සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු හා හිටපු ආරක්ෂක ඇමති ඉයොන් ගැලන්ට්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද ජාතික ණය තත්වය මගින් පිළිබිඹු කරන්නේ ආණ්ඩුවව විසින් එහි මෙහෙයුම් සහ වගකීම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පියවා ගැනීම සඳහා ණය මත යැපෙන බවයි. කෙසේ වුවද ණය මට්ටමේ තිරසාරභාවය, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි එහි බලපෑම සහ බදු ගෙවන්නන් මත ඇති විය හැකි බර පිළිබඳ කනස්සල්ල, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අතර සැලකිය යුතු විවාදයකට තුඩු දෙනු ලබන්නේය.

ඊයේ(23) නේටෝ විරෝධී සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවෝ මොන්ට්‍රියල් නගරයේ වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් මෝටර් රථවලට ගිනි තබා කඩ සාප්පු ඉදිරිපස විනාශ කර සිටියදී පොලිසිය එම ක්‍රියාවන් වැලැක්වීමට ගත් උත්සාහයේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ Francophone නගරයේදී මේ මස 23 සහ 24 යන දිනයන්හිදී ණැඨ්O හි වාර්ෂික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

නෙදර්ලන්තයේ හේග් හි පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, එරට හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ හමාස් සංවිධානයේ හිටපු නායකයකු වන මොහොමඩ් ඩයබ් ඊබ්‍රාහිම් අල්-මස්රි (මොහමඩ් ඩීෆ්) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.

ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.