මේ තක්කඩියා කවුද?..
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
මෙතැන පහළින් උපුටලා දක්වලා තියෙන්නේ මේ හාදයා කියපු කුපාඩි කතාවකට විරුද්ධව ප්‍රහාරයක් එල්ලවුණාට පස්සේ හුළං බැහලා කරපු තෙපරබෑමක්. 2026 අගෝස්තු 17 වැනි දා කරපු මේ තෙපරබෑමේ විනාඩි 8 යි තප්පර 24 වෙලාවේ ඉඳලා විනාඩි 12 යි තප්පර 58 දක්වා කරපු තෙපරබෑම එහෙම පිටින් ම පහළින් දක්වලා තියෙනවා. විනාඩි 9 යි තප්පර 46 ට “මගේ පුරාණ” කියපු ගමන් ම, මේ යකා තමන් කියන්න හදපු කතාවේ ඉතුරු ටික ගිලිනවා. ඉතින් ඒකත් මේ තෙපරබෑමේ ම කොටසක් විදිහට සළකන්න අපිට සිද්දවෙනවා.
=== === === === ===
(8:24)
“මම මේ මුලින් ම කියන්න ඕනේ මම මේ ඔය පැරණි ඉතිහාසය පිළිබඳව අ විශේෂඥයෙක් නෙමෙයි. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් ඒ පැරැණි ඉතිහාසය ඒ පැරැණි ඉතිහාසය ඒ ඉතිහාස මාතෘකා පිළිබඳව විශේෂඥෙක් නෙමෙයි.
දැන් අ එහෙනම් මොකක්ද මම මගේ පැරැණි ඉතිහාසය පිළිබඳව මගේ තියෙන උනන්දුව මොකක්ද? මෙන්න මේක හොඳට පැහැදිළි කරගන්න. කැමති අය මේක පැහැදිළිව අහගන්න. කැමති අයට විතරක්. අනිත් අයට වැඩක් නෑ මේක. මගේ මේ මගේ උනන්දුව මොකක්ද? මෙතන තියෙනවා අපි අවබෝධ කරගත යුතු දෙකක්. එකක් යම් යම් මේ මාතෘකා.
උදාහරණයක් විදිහට අපි හිතමු මේ ඔය මහින්දාගමනය කියලා කියමු. මහින්දාගමනය, විජයාගමනය මේ වගේ දේවල්වලට අදාළ ඒ ඓතිහාසික පසුබිම පිළිබඳ ක්‍ෂේත්‍රය. මේවා ගැන අ මම අ මම මම මගේ පර්යේෂණ ක්‍ෂේත්‍රය නෙමෙයි ඒවා.
උදාහරණයක් විදිහට දැන් ඔය ගොඩක් කියලා කියනවා ඒ ඉන්දියාවේ මේ පිළිබඳව කැනීම්වලින් තියෙනවා දේවල්. මේ inscriptions නැත්නම් අභිලේඛනවල තිබෙන දේවල්. අසෝක ලිපි-වල තිබෙන මේ පිළිබඳව තිබෙන දේවල්. මේවා මේවා පිළිබඳව අ හොයලා බලලා පරේෂණ කරන කෙනෙක් නෙමෙයි මම.
ඒක ඇවිල්ලා ඉතින් මේ පැහැදිළිව කියන්න ඕනනේ. ඒක ඒක මගේ ක්‍ෂේත්‍රය නෙමෙයි. විශේෂයෙන් ම මගේ පුරාණ”
(9:46)
“හැබැයි මගේ උනන්දුව තියෙන්නේ - අපි ඒකට කියනවා Historiography කියලා. මේ සම්බන්ධව පළවෙලා තිබෙන ඓතිහාසික ලේඛන - දැන් උදාහරණයක් විදිහට අපි කියමු අ දැන් මේ මේ සම්බන්ධව මහින්දාගමනය පිළිබඳව ලංකාවේ ඉතිහාස අර්ථ කථිකයින් අපි ඉතිහාසඥයින් කියලා කියන්නේ. ඉතිහාස අර්ථ කථිකයින් ලියලා තියෙනවා. මේ පිළිබඳව උදාහරණයක් විදිහට ලංකා විශ්වවිද්‍යාලයේ ‘ලංකාවේ ඉතිහාසය’ ගත්තොත් ඒ වගේ තවත් ගත්තොත් මේවා ලියලා තියෙනවා. හරි ‘ලක්දිව බුදුසමයේ ඉතිහාසය’ කියලා ඔය අ මේ අපේ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ කෘතියක් තියෙනවා. ඔය මේ ඊ. ඩබ්ලිව්. අදිකාරම් මේ වගේ අය මේ වගේ අය ලියලා තියෙනවා.
දැන් මේ මේ ලියලා තියෙන දේවල්වලට මේ නූතන අපි ඒකට කියනවා මේ ඒ නූතන ඉතිහාස අර්ථ කතිකයන් - ඒ කියන්නේ මොඩර්න් historical කමන්ටේටස්ලා කියලා කියමු. ඒමොඩර්න් historical කමන්ටේටර්ස්ලා කියන අය මේ පිළිබඳව ලියලා තියෙන දෙයක් තියෙනවා. අපි මේකට කියනවා Historiography. මෙන්න මේ Historiography එක ගැන තමයි මගේ ඇත්තට ම මගේ වැඩි උනන්දුව තියෙන්නේ.
මොකද ඒක උනන්දුව තියෙන්නේ ප්‍රධාන හේතුවක් තමයි අපේ විශ්වවිද්‍යාලයේ ඒ උපාධි අපේක්‍ෂකයන් සඳහා ඒ “ලංකාවේ ඉතිහාසකරණය” කියන පාඨමාලාව මේ පවත්වන්නේ මම නිසා. එතකොට ඒ මගේ උනන්දුවක් තියෙනවා ඒ ඉතිහාසකරණය. එතකොට මේ කොහොම ද මේ ඉතිහාසය ලියලා තියෙන්නේ. එතකොට මම බලනවා. දැන් මේක දෙකක්.
මේක හොඳින් මතක තියාගන්න. මේක අවශ්‍ය අයට නැවතත් මම කියන්නේ. අර දැන් කවුරු හරි හොයනවා නම් මේ ඒ මිහිඳු හාමුදුරුවෝ පිළිබඳ අ ඉතිහාසය හොයලා බලලා සංග්‍රහ කරන්න ඕනේ.. දැන් මගෙන් මගෙන් ඇහුවට වැඩක් නැහැ. මගෙන් ඇහුවට වැඩක් නැහැ. මේ ඔයා මේවා දන්නවා ද මෙහෙම කියලා. මම එතකොට මම කියන්නේ මම උනන්දුවෙන්නේ මේ තියෙන ඒ ඓතිහාසික ඒ මූලාශ්‍ර කියලා කියන දේවල් - ඒවායින් තොරතුරු හොයලා, සම්පාදනය කරලා තිබෙන විග්‍රහයන් තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසකරණයක් තිබෙනවා. හිස්ටොරිකල් කමන්ටරීස් තියෙනවා. ඓතිහාසික අර්ථ කථන තිබෙනවා. එතන ඇවිල්ලා මේ අදිකාරම්ගේ ඉඳලා අ මේ ලෙස්ලි ගුණවර්ධනගේ මේ මේ ඔය මේ වල්පොළ රාහුල හාමුදුරුවෝ ඒ වගේ විශාල පිරිසක් වර්තමානය දක්වා මේ ගැන ලියලා තියෙනවා.
ඉතින් ඒවා කියවලා බලපුවහම අ සහ ඊ ළඟට තිබෙනවා අපේ සාමාන්‍ය පොදුජන විඤ්ඤාණයක්. අපි සාමාන්‍ය පොදුජන විඤ්ඤාණයක් තිබෙනවා මේ මේ මහින්දාගමන ආශ්‍රිතව. අපි ඒ ගැනනේ මෙතන කතා කරන්නේ. ඒ පිළිබඳව එහෙම පොදුජන විඤ්ඤාණයක් තිබෙනවා. මෙන්න මේවා තමයි මගේ උනන්දුව කියන්නේ. මගේ උනන්දුව තියෙන ක්‍ෂේත්‍රය දෙක මේ. ඒ කියන්නේ අ අපි හිතමු මගේ පුළුල් උනන්දුව කියන ක්‍ෂේත්‍රය තමයි ඉතිහාස විඤ්ඤාණය.”
12:58
=== === === === ===
මේ කියන විදිහට, මහාවංශය වගේ ඓතිහාසික, පුරාණ මූලාශ්‍ර ගැන ගැටලුවක් මේ යකාට දැන් නෑ. තමන් ඒ පැරැණි මූලාශ්‍ර ගැන වදවෙන්නේ නෑ කියලා මේ යකා දැන් කියනවා. තමන් වදවෙන්නේ ඒ ඓතිහාසික, පුරාණ මූලාශ්‍ර පදනම් කරගෙන මෑත කාලයේ ඉතිහාස අටුවාකාරයන් ලියලා තියෙන දේවල් ගැන විතරයි කියලයි මේ යකා දැන් අවධාරණය කරන්නේ. ඉතින් මේ යකා කියන විදිහට, තමන් “ඉතිහාස සම්පාදන අධ්‍යයනය” (Historiography) කියන වැඩේට බැහැලා ඉන්න කෙනෙක්. ඊට අමතරව, තමන්ට “ඉතිහාස විඥානය” (Historical consciousness) ගැන “පුළුල් උනන්දුවක්” තියෙනවා කියලත් මේ යකා කියනවා.
“ඉතිහාස සම්පාදන අධ්‍යයනඥයෙක්” (A historiographer) වෙන්න නම් අදාළ ප්‍රාථමික මූලාශ්‍ර සහ ද්විතීයික මූලාශ්‍ර ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. තමන් දන්නේ නැති, තමන්ට කියවලා තේරුම්ගන්න බැරි ඉතිහාස වාර්තාවක් ලියලා තියෙන්නේ කොහොම ද කියලා අටුවා ටීකා ලියන්න කාටවත් බෑ.
ඉතිහාස සම්පාදන අධ්‍යයන කාර්යයේ දී, විවේචනාත්මක චින්තනය (Critical thinking) වැදගත් තමයි. හැබැයි මූලාශ්‍රවලින් තොරතුරු ලබාගත්තාට පස්සේ තමයි විවේචනාත්මක චින්තනය ඉස්සරහට එන්න ඕන. අවශ්‍ය මූලික තොරතුරු නැතුව විවේචනාත්මකව අධ්‍යයනය කරන්නේ (විග්‍රහ කරන්නේ) අහවල් බම්බුවක් ද?
ඉතිහාස සම්පාදන අධ්‍යයන කාර්යයට නැතුව ම බැරි තවත් අවශ්‍යතාවක් තියෙනවා. ඒ තමයි භාෂා ප්‍රවීනතාව. මහාවංශය වගේ මූලාශ්‍ර හදාරන්න නම් පාලි භාෂා දැනුම නැතුව ම බෑ. ඒ වගේ ම, සිංහල භාෂා ප්‍රවීනතාවත්, මේ විෂයය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් සෑහෙන අධ්‍යයන කටයුතු සිදු කරලා තියෙන හින්දා ඒ භාෂාවේ ප්‍රවීනතාවත් අත්‍යවශ්‍යයි. පුංචි සිංහල වාක්‍යයක්වත් හරියට ලියාගන්න බැරි ආබාධිතයෙක්ට මේ භාෂා ප්‍රවීනතාව තියෙනවා කියලා හිතක්ක පුළුවන් ද? එහෙම භාෂා හැකියාවක් නැතුව ඉතිහාස වාර්තා තේරුම්ගන්නේ, ඒවා ලියලා තියෙන විදිහ තේරුම්ගන්නේ කොහොම ද?
ඉතිහාස වාර්තාවල හැඩ රුව හොයන කෙනා ඒ වාර්තා පිටිපස්සේ තියෙන මූලධර්ම, න්‍යාය සහ අදාළ ඓතිහාසික සන්දර්භය තේරුම් ඇරැගෙන තියෙන්නත් ඕන. මේ අඥාන පුද්ගලයාට එහෙම අවබෝධයක් තියෙන බවට ලකුණක්වත් නෑ.
ඉතින් මේ යකා තමන්ගේ හෙළුව වහගන්න ඉස්සරහට දාන Historiography කතාව ඇත්තක් නෙවෙයි. ඒ, තමන්ගේ සැබෑ ස්වභාවය වහගන්න එල්ලගෙන ඉන්න වහන්තරාවක් විතරයි.
ඊ ළඟට, මේ යකා “ඉතිහාස විඥානය” (Historical consciousness) ගැන කියවන පම්පෝරිය ඇත්තක් ද කියලා අපි හොයලා බලමු.
“ඓතිහාසික විඥානය” ගැන හොයන, අධ්‍යයනය කරන අය අතර ඉතිහාස න්‍යායවාදියෝ (Theorists of history), ඉතිහාසය පිළිබඳ දාර්ශනිකයෝ (Philosophers of history) ඉන්නවා. ඓතිහාසික වාර්තාවලින් ඉස්මතු කරගන්න වියුක්ත මූලධර්ම, අර්ථ සහ ඒවා ගොඩනැගිලා තියෙන ඉතිහාසමය ආකෘති වගේ දේවල් ගැන තමයි ඉතිහාස න්‍යායවාදියෝ හොයන්නේ. මෙහෙම අය තමන්ගේ අධ්‍යයන ආශ්‍රයෙන් හඳුනාගන්න, ගොඩ නගාගන්න අදාළ න්‍යාය ඉදිරිපත් කරනවා. තමන් හඳුනාගන්න න්‍යාය, මූලධර්ම සහ ආකෘති ආශ්‍රයෙන් තමයි ඉතිහාසය පිළිබඳ දාර්ශනිකයෝ ඉතිහාස වාර්තාකරණයට අදාළ දෘෂ්ටිමය පදනම් ඉස්මතු කරගන්නේ. ඉතිහාස න්‍යායවාදියෝ ඉතිහාස වාර්තාකරණයේ ප්‍රායෝගික භාවිතාවන්, විශ්ලේෂණ විධි සහ ආඛ්‍යාන රටා ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඉතිහාස දර්ශනවාදීයෝ ඉතිහාස වාර්තාකරණ ක්‍රියාවලියේ පරමාර්ථ, අභිප්‍රායන් සහ අධ්‍යාත්මික පදනම් විමර්ශනය කරනවා.
මෙන්න මේ වගේ විමර්ශනයකින් සහ වැඩපිළිවෙළකින් තමයි මිනිස්සු ඉතිහාසය අත්දකින්නේ කොහොම ද, තේරුම්ගන්නේ කොහොම ද කියලා අදහසක් (ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඉතිහාස විඥානය ගැන අදහසක්) ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මේ තෙපරබාන්නා හීනෙන්වත් මෙහෙම වැඩක් කරලා තියෙනවා ද?
මේත් එක්ක පළ කරන වීඩියෝව බලන්න. මේ යකා මේ ඉදිරිපත් කරන්නේ “ඉතිහාස සම්පාදන අධ්‍යයනය” (Historiography) තුළින් හඳුනාගත්ත අදහසක් ද? එහෙමත් නැතිනම්, “ඉතිහාස විඥානය” (Historical consciousness) ගැන කරපු අධ්‍යයනයකින් හඳුනාගත්ත අදහසක් ද?
නෑ. ඇත්තෙන්ම, මේ හාදයා “ඉතිහාස සම්පාදන අධ්‍යයනඥයෙක්” (A historiographer) නෙවෙයි. ඒ වගේ ම, මූ මිනිස්සුන්ගේ “ඉතිහාස විඥානය අධ්‍යයනය කරන්නෙක්” (A scholar of historical consciousness) විදිහට හඳුන්වන්නත් බෑ.
එහෙම නම්, මූ කවුද?
ප්‍රතිශෝධනවාදී ඉතිහාසඥයෝ (Revisionist historians) කියලා ජාතියකුත් මේ ලෝකයේ ඉන්නවා. එහෙම අය සම්මත, සම්ප්‍රදායිකව එහෙම නැතිනම් පොදුවේ පිළිගත්ත ඉතිහාස කතා සහ මතවාද ප්‍රශ්න කරනවා. හැබැයි එහෙම කරන අයත්, ඒ වෙනුවෙන් අලුත් සාක්‍ෂි, අලුත් අර්ථකථන ඉදිරිපත් කරනවා. කිසිම පදනමක් නැතුව අරක බොරුවක්, මේක බොරුවක්, අරක මිථ්‍යාවක්, මේක මිථ්‍යාවක් කියලා කියවන එකෙක් ප්‍රතිශෝධනවාදී ඉතිහාසඥයෙක් විදිහට සළකන්නත් බෑ.
එහෙම නම්, ඇත්තට ම මූ කවුද?
“ජනමතය විකෘති කරන්නෝ” (Distorters of public opinion) කියලා අපතයෝ කොට්ඨාශයක් මේ ලෝකයේ ඉන්නවා. මෙහෙම එවුන් ඇත්ත යට ගහනවා. බොරුව උස්සනවා. මිනිස්සු අතර තියෙන මතවාදී එකඟතා බිඳිනවා. මිනිස්සු නොමඟ යවනවා. මිනිස්සුන්ගේ ඔළු අවුල් කරනවා. තනි පුද්ගලයෝ විදිහටත් සංවිධානගත කණ්ඩායම් විදිහටත් මෙහෙම එවුන් මේ වැඩ කරනවා.
දැන් සමාජ මාධ්‍ය පාවිච්චිය වැඩිවෙලා තියෙන හින්දා මෙහෙම අපතයන්ට ඒ අස්සේ හිතිච්ච හිතිච්ච විදිහට කරනම් ගහන්න පුළුවන්. තමක්ට දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන්, එහෙම නැතිනම් බාහිර බලවේගවල අතකොළු විදිහට වැඩ කරන්න මෙහෙම අය යොමුවෙලා ඉන්නවා. අධිරාජ්‍යවාදී බලවේග විසින් ක්‍රියාත්මක කරන මනෝවිද්‍යාත්මක යුද්ධවල කුලී හේවායෝ විදිහටත් මෙහෙම එවුන් වැඩ කරනවා. දේශපාලන හරි මූල්‍යමය වාසි ලබාගැනීම, තනතුරු තානාන්තර වගේ වරප්‍රසාද ලබාගැනීම, කුල පීඩනය වගේ වගේ ගැටලු හින්දා ඇතිවෙච්ච සමාජ වෛරය පිරිමසා ගැනීම වගේ පෙළැඹවීම් හින්දා තමයි මෙහෙම එවුන් මේ විනාශකාරී වැඩ කරන්නේ.
යම් යම් හේතු හින්දා පීඩාවට පත්වෙලා ඉන්න සමහර සාමාන්‍ය මිනිස්සු මෙහෙම ජනමතය විකෘති කරන තක්කඩියන්ගේ අනුගාමිකයෝ (Followers) බවට පත්වෙනවා. ඉතින් මෙහෙම අයට යම් ප්‍රමාණයක සමාජ බලයක් නිර්මාණය කරගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි.
එහෙම නම්, මේ යකා කවුද?
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - නිගමනය කථානායකට..
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ..
‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ
මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..