News Category
From Date
To Date
Maximum Number of Result

මේ තක්කඩියා කවුද?..

Sep 4, 2026 at 06:31 AM
|

තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.

මෙතැන පහළින් උපුටලා දක්වලා තියෙන්නේ මේ හාදයා කියපු කුපාඩි කතාවකට විරුද්ධව ප්‍රහාරයක් එල්ලවුණාට පස්සේ හුළං බැහලා කරපු තෙපරබෑමක්. 2026 අගෝස්තු 17 වැනි දා කරපු මේ තෙපරබෑමේ විනාඩි 8 යි තප්පර 24 වෙලාවේ ඉඳලා විනාඩි 12 යි තප්පර 58 දක්වා කරපු තෙපරබෑම එහෙම පිටින් ම පහළින් දක්වලා තියෙනවා. විනාඩි 9 යි තප්පර 46 ට “මගේ පුරාණ” කියපු ගමන් ම, මේ යකා තමන් කියන්න හදපු කතාවේ ඉතුරු ටික ගිලිනවා. ඉතින් ඒකත් මේ තෙපරබෑමේ ම කොටසක් විදිහට සළකන්න අපිට සිද්දවෙනවා.

=== === === === ===

(8:24)

“මම මේ මුලින් ම කියන්න ඕනේ මම මේ ඔය පැරණි ඉතිහාසය පිළිබඳව අ විශේෂඥයෙක් නෙමෙයි. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් ඒ පැරැණි ඉතිහාසය ඒ පැරැණි ඉතිහාසය ඒ ඉතිහාස මාතෘකා පිළිබඳව විශේෂඥෙක් නෙමෙයි.

දැන් අ එහෙනම් මොකක්ද මම මගේ පැරැණි ඉතිහාසය පිළිබඳව මගේ තියෙන උනන්දුව මොකක්ද? මෙන්න මේක හොඳට පැහැදිළි කරගන්න. කැමති අය මේක පැහැදිළිව අහගන්න. කැමති අයට විතරක්. අනිත් අයට වැඩක් නෑ මේක. මගේ මේ මගේ උනන්දුව මොකක්ද? මෙතන තියෙනවා අපි අවබෝධ කරගත යුතු දෙකක්. එකක් යම් යම් මේ මාතෘකා.

උදාහරණයක් විදිහට අපි හිතමු මේ ඔය මහින්දාගමනය කියලා කියමු. මහින්දාගමනය, විජයාගමනය මේ වගේ දේවල්වලට අදාළ ඒ ඓතිහාසික පසුබිම පිළිබඳ ක්‍ෂේත්‍රය. මේවා ගැන අ මම අ මම මම මගේ පර්යේෂණ ක්‍ෂේත්‍රය නෙමෙයි ඒවා.

උදාහරණයක් විදිහට දැන් ඔය ගොඩක් කියලා කියනවා ඒ ඉන්දියාවේ මේ පිළිබඳව කැනීම්වලින් තියෙනවා දේවල්. මේ inscriptions නැත්නම් අභිලේඛනවල තිබෙන දේවල්. අසෝක ලිපි-වල තිබෙන මේ පිළිබඳව තිබෙන දේවල්. මේවා මේවා පිළිබඳව අ හොයලා බලලා පරේෂණ කරන කෙනෙක් නෙමෙයි මම.

ඒක ඇවිල්ලා ඉතින් මේ පැහැදිළිව කියන්න ඕනනේ. ඒක ඒක මගේ ක්‍ෂේත්‍රය නෙමෙයි. විශේෂයෙන් ම මගේ පුරාණ”

(9:46)

“හැබැයි මගේ උනන්දුව තියෙන්නේ - අපි ඒකට කියනවා Historiography කියලා. මේ සම්බන්ධව පළවෙලා තිබෙන ඓතිහාසික ලේඛන - දැන් උදාහරණයක් විදිහට අපි කියමු අ දැන් මේ මේ සම්බන්ධව මහින්දාගමනය පිළිබඳව ලංකාවේ ඉතිහාස අර්ථ කථිකයින් අපි ඉතිහාසඥයින් කියලා කියන්නේ. ඉතිහාස අර්ථ කථිකයින් ලියලා තියෙනවා. මේ පිළිබඳව උදාහරණයක් විදිහට ලංකා විශ්වවිද්‍යාලයේ ‘ලංකාවේ ඉතිහාසය’ ගත්තොත් ඒ වගේ තවත් ගත්තොත් මේවා ලියලා තියෙනවා. හරි ‘ලක්දිව බුදුසමයේ ඉතිහාසය’ කියලා ඔය අ මේ අපේ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ කෘතියක් තියෙනවා. ඔය මේ ඊ. ඩබ්ලිව්. අදිකාරම් මේ වගේ අය මේ වගේ අය ලියලා තියෙනවා.

දැන් මේ මේ ලියලා තියෙන දේවල්වලට මේ නූතන අපි ඒකට කියනවා මේ ඒ නූතන ඉතිහාස අර්ථ කතිකයන් - ඒ කියන්නේ මොඩර්න් historical කමන්ටේටස්ලා කියලා කියමු. ඒමොඩර්න් historical කමන්ටේටර්ස්ලා කියන අය මේ පිළිබඳව ලියලා තියෙන දෙයක් තියෙනවා. අපි මේකට කියනවා Historiography. මෙන්න මේ Historiography එක ගැන තමයි මගේ ඇත්තට ම මගේ වැඩි උනන්දුව තියෙන්නේ.

මොකද ඒක උනන්දුව තියෙන්නේ ප්‍රධාන හේතුවක් තමයි අපේ විශ්වවිද්‍යාලයේ ඒ උපාධි අපේක්‍ෂකයන් සඳහා ඒ “ලංකාවේ ඉතිහාසකරණය” කියන පාඨමාලාව මේ පවත්වන්නේ මම නිසා. එතකොට ඒ මගේ උනන්දුවක් තියෙනවා ඒ ඉතිහාසකරණය. එතකොට මේ කොහොම ද මේ ඉතිහාසය ලියලා තියෙන්නේ. එතකොට මම බලනවා. දැන් මේක දෙකක්.

මේක හොඳින් මතක තියාගන්න. මේක අවශ්‍ය අයට නැවතත් මම කියන්නේ. අර දැන් කවුරු හරි හොයනවා නම් මේ ඒ මිහිඳු හාමුදුරුවෝ පිළිබඳ අ ඉතිහාසය හොයලා බලලා සංග්‍රහ කරන්න ඕනේ.. දැන් මගෙන් මගෙන් ඇහුවට වැඩක් නැහැ. මගෙන් ඇහුවට වැඩක් නැහැ. මේ ඔයා මේවා දන්නවා ද මෙහෙම කියලා. මම එතකොට මම කියන්නේ මම උනන්දුවෙන්නේ මේ තියෙන ඒ ඓතිහාසික ඒ මූලාශ්‍ර කියලා කියන දේවල් - ඒවායින් තොරතුරු හොයලා, සම්පාදනය කරලා තිබෙන විග්‍රහයන් තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසකරණයක් තිබෙනවා. හිස්ටොරිකල් කමන්ටරීස් තියෙනවා. ඓතිහාසික අර්ථ කථන තිබෙනවා. එතන ඇවිල්ලා මේ අදිකාරම්ගේ ඉඳලා අ මේ ලෙස්ලි ගුණවර්ධනගේ මේ මේ ඔය මේ වල්පොළ රාහුල හාමුදුරුවෝ ඒ වගේ විශාල පිරිසක් වර්තමානය දක්වා මේ ගැන ලියලා තියෙනවා.

ඉතින් ඒවා කියවලා බලපුවහම අ සහ ඊ ළඟට තිබෙනවා අපේ සාමාන්‍ය පොදුජන විඤ්ඤාණයක්. අපි සාමාන්‍ය පොදුජන විඤ්ඤාණයක් තිබෙනවා මේ මේ මහින්දාගමන ආශ්‍රිතව. අපි ඒ ගැනනේ මෙතන කතා කරන්නේ. ඒ පිළිබඳව එහෙම පොදුජන විඤ්ඤාණයක් තිබෙනවා. මෙන්න මේවා තමයි මගේ උනන්දුව කියන්නේ. මගේ උනන්දුව තියෙන ක්‍ෂේත්‍රය දෙක මේ. ඒ කියන්නේ අ අපි හිතමු මගේ පුළුල් උනන්දුව කියන ක්‍ෂේත්‍රය තමයි ඉතිහාස විඤ්ඤාණය.”

12:58

=== === === === ===

මේ කියන විදිහට, මහාවංශය වගේ ඓතිහාසික, පුරාණ මූලාශ්‍ර ගැන ගැටලුවක් මේ යකාට දැන් නෑ. තමන් ඒ පැරැණි මූලාශ්‍ර ගැන වදවෙන්නේ නෑ කියලා මේ යකා දැන් කියනවා. තමන් වදවෙන්නේ ඒ ඓතිහාසික, පුරාණ මූලාශ්‍ර පදනම් කරගෙන මෑත කාලයේ ඉතිහාස අටුවාකාරයන් ලියලා තියෙන දේවල් ගැන විතරයි කියලයි මේ යකා දැන් අවධාරණය කරන්නේ. ඉතින් මේ යකා කියන විදිහට, තමන් “ඉතිහාස සම්පාදන අධ්‍යයනය” (Historiography) කියන වැඩේට බැහැලා ඉන්න කෙනෙක්. ඊට අමතරව, තමන්ට “ඉතිහාස විඥානය” (Historical consciousness) ගැන “පුළුල් උනන්දුවක්” තියෙනවා කියලත් මේ යකා කියනවා.

“ඉතිහාස සම්පාදන අධ්‍යයනඥයෙක්” (A historiographer) වෙන්න නම් අදාළ ප්‍රාථමික මූලාශ්‍ර සහ ද්විතීයික මූලාශ්‍ර ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. තමන් දන්නේ නැති, තමන්ට කියවලා තේරුම්ගන්න බැරි ඉතිහාස වාර්තාවක් ලියලා තියෙන්නේ කොහොම ද කියලා අටුවා ටීකා ලියන්න කාටවත් බෑ.

ඉතිහාස සම්පාදන අධ්‍යයන කාර්යයේ දී, විවේචනාත්මක චින්තනය (Critical thinking) වැදගත් තමයි. හැබැයි මූලාශ්‍රවලින් තොරතුරු ලබාගත්තාට පස්සේ තමයි විවේචනාත්මක චින්තනය ඉස්සරහට එන්න ඕන. අවශ්‍ය මූලික තොරතුරු නැතුව විවේචනාත්මකව අධ්‍යයනය කරන්නේ (විග්‍රහ කරන්නේ) අහවල් බම්බුවක් ද?

ඉතිහාස සම්පාදන අධ්‍යයන කාර්යයට නැතුව ම බැරි තවත් අවශ්‍යතාවක් තියෙනවා. ඒ තමයි භාෂා ප්‍රවීනතාව. මහාවංශය වගේ මූලාශ්‍ර හදාරන්න නම් පාලි භාෂා දැනුම නැතුව ම බෑ. ඒ වගේ ම, සිංහල භාෂා ප්‍රවීනතාවත්, මේ විෂයය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් සෑහෙන අධ්‍යයන කටයුතු සිදු කරලා තියෙන හින්දා ඒ භාෂාවේ ප්‍රවීනතාවත් අත්‍යවශ්‍යයි. පුංචි සිංහල වාක්‍යයක්වත් හරියට ලියාගන්න බැරි ආබාධිතයෙක්ට මේ භාෂා ප්‍රවීනතාව තියෙනවා කියලා හිතක්ක පුළුවන් ද? එහෙම භාෂා හැකියාවක් නැතුව ඉතිහාස වාර්තා තේරුම්ගන්නේ, ඒවා ලියලා තියෙන විදිහ තේරුම්ගන්නේ කොහොම ද?

ඉතිහාස වාර්තාවල හැඩ රුව හොයන කෙනා ඒ වාර්තා පිටිපස්සේ තියෙන මූලධර්ම, න්‍යාය සහ අදාළ ඓතිහාසික සන්දර්භය තේරුම් ඇරැගෙන තියෙන්නත් ඕන. මේ අඥාන පුද්ගලයාට එහෙම අවබෝධයක් තියෙන බවට ලකුණක්වත් නෑ.

ඉතින් මේ යකා තමන්ගේ හෙළුව වහගන්න ඉස්සරහට දාන Historiography කතාව ඇත්තක් නෙවෙයි. ඒ, තමන්ගේ සැබෑ ස්වභාවය වහගන්න එල්ලගෙන ඉන්න වහන්තරාවක් විතරයි.

ඊ ළඟට, මේ යකා “ඉතිහාස විඥානය” (Historical consciousness) ගැන කියවන පම්පෝරිය ඇත්තක් ද කියලා අපි හොයලා බලමු.

 “ඓතිහාසික විඥානය” ගැන හොයන, අධ්‍යයනය කරන අය අතර ඉතිහාස න්‍යායවාදියෝ (Theorists of history), ඉතිහාසය පිළිබඳ දාර්ශනිකයෝ (Philosophers of history) ඉන්නවා. ඓතිහාසික වාර්තාවලින් ඉස්මතු කරගන්න වියුක්ත මූලධර්ම, අර්ථ සහ ඒවා ගොඩනැගිලා තියෙන ඉතිහාසමය ආකෘති වගේ දේවල් ගැන තමයි ඉතිහාස න්‍යායවාදියෝ හොයන්නේ. මෙහෙම අය තමන්ගේ අධ්‍යයන ආශ්‍රයෙන් හඳුනාගන්න, ගොඩ නගාගන්න අදාළ න්‍යාය ඉදිරිපත් කරනවා. තමන් හඳුනාගන්න න්‍යාය, මූලධර්ම සහ ආකෘති ආශ්‍රයෙන් තමයි ඉතිහාසය පිළිබඳ දාර්ශනිකයෝ ඉතිහාස වාර්තාකරණයට අදාළ දෘෂ්ටිමය පදනම් ඉස්මතු කරගන්නේ. ඉතිහාස න්‍යායවාදියෝ ඉතිහාස වාර්තාකරණයේ ප්‍රායෝගික භාවිතාවන්, විශ්ලේෂණ විධි සහ ආඛ්‍යාන රටා ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඉතිහාස දර්ශනවාදීයෝ ඉතිහාස වාර්තාකරණ ක්‍රියාවලියේ පරමාර්ථ, අභිප්‍රායන් සහ අධ්‍යාත්මික පදනම් විමර්ශනය කරනවා.

මෙන්න මේ වගේ විමර්ශනයකින් සහ වැඩපිළිවෙළකින් තමයි මිනිස්සු ඉතිහාසය අත්දකින්නේ කොහොම ද, තේරුම්ගන්නේ කොහොම ද කියලා අදහසක් (ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඉතිහාස විඥානය ගැන අදහසක්) ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මේ තෙපරබාන්නා හීනෙන්වත් මෙහෙම වැඩක් කරලා තියෙනවා ද?

මේත් එක්ක පළ කරන වීඩියෝව බලන්න. මේ යකා මේ ඉදිරිපත් කරන්නේ “ඉතිහාස සම්පාදන අධ්‍යයනය” (Historiography) තුළින් හඳුනාගත්ත අදහසක් ද? එහෙමත් නැතිනම්, “ඉතිහාස විඥානය” (Historical consciousness) ගැන කරපු අධ්‍යයනයකින් හඳුනාගත්ත අදහසක් ද?

නෑ. ඇත්තෙන්ම, මේ හාදයා “ඉතිහාස සම්පාදන අධ්‍යයනඥයෙක්” (A historiographer) නෙවෙයි. ඒ වගේ ම, මූ මිනිස්සුන්ගේ “ඉතිහාස විඥානය අධ්‍යයනය කරන්නෙක්” (A scholar of historical consciousness) විදිහට හඳුන්වන්නත් බෑ.

එහෙම නම්, මූ කවුද?

ප්‍රතිශෝධනවාදී ඉතිහාසඥයෝ (Revisionist historians) කියලා ජාතියකුත් මේ ලෝකයේ ඉන්නවා. එහෙම අය සම්මත, සම්ප්‍රදායිකව එහෙම නැතිනම් පොදුවේ පිළිගත්ත ඉතිහාස කතා සහ මතවාද ප්‍රශ්න කරනවා. හැබැයි එහෙම කරන අයත්, ඒ වෙනුවෙන් අලුත් සාක්‍ෂි, අලුත් අර්ථකථන ඉදිරිපත් කරනවා. කිසිම පදනමක් නැතුව අරක බොරුවක්, මේක බොරුවක්, අරක මිථ්‍යාවක්, මේක මිථ්‍යාවක් කියලා කියවන එකෙක් ප්‍රතිශෝධනවාදී ඉතිහාසඥයෙක් විදිහට සළකන්නත් බෑ.

එහෙම නම්, ඇත්තට ම මූ කවුද?

“ජනමතය විකෘති කරන්නෝ” (Distorters of public opinion) කියලා අපතයෝ කොට්ඨාශයක් මේ ලෝකයේ ඉන්නවා. මෙහෙම එවුන් ඇත්ත යට ගහනවා. බොරුව උස්සනවා. මිනිස්සු අතර තියෙන මතවාදී එකඟතා බිඳිනවා. මිනිස්සු නොමඟ යවනවා. මිනිස්සුන්ගේ ඔළු අවුල් කරනවා. තනි පුද්ගලයෝ විදිහටත් සංවිධානගත කණ්ඩායම් විදිහටත් මෙහෙම එවුන් මේ වැඩ කරනවා.

දැන් සමාජ මාධ්‍ය පාවිච්චිය වැඩිවෙලා තියෙන හින්දා මෙහෙම අපතයන්ට ඒ අස්සේ හිතිච්ච හිතිච්ච විදිහට කරනම් ගහන්න පුළුවන්. තමක්ට දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන්, එහෙම නැතිනම් බාහිර බලවේගවල අතකොළු විදිහට වැඩ කරන්න මෙහෙම අය යොමුවෙලා ඉන්නවා. අධිරාජ්‍යවාදී බලවේග විසින් ක්‍රියාත්මක කරන මනෝවිද්‍යාත්මක යුද්ධවල කුලී හේවායෝ විදිහටත් මෙහෙම එවුන් වැඩ කරනවා. දේශපාලන හරි මූල්‍යමය වාසි ලබාගැනීම, තනතුරු තානාන්තර වගේ වරප්‍රසාද ලබාගැනීම, කුල පීඩනය වගේ වගේ ගැටලු හින්දා ඇතිවෙච්ච සමාජ වෛරය පිරිමසා ගැනීම වගේ පෙළැඹවීම් හින්දා තමයි මෙහෙම එවුන් මේ විනාශකාරී වැඩ කරන්නේ.

යම් යම් හේතු හින්දා පීඩාවට පත්වෙලා ඉන්න සමහර සාමාන්‍ය මිනිස්සු මෙහෙම ජනමතය විකෘති කරන තක්කඩියන්ගේ අනුගාමිකයෝ (Followers) බවට පත්වෙනවා. ඉතින් මෙහෙම අයට යම් ප්‍රමාණයක සමාජ බලයක් නිර්මාණය කරගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි.

එහෙම නම්, මේ යකා කවුද?

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.