නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, කිසිදු සාක්ෂියකින් තොරව හුදෙක් එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත පමණක් පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.
මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 08 ක කොමිස් මුදලක් ලබාගත් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ගම්මන්පිල මහතා, එයාර් බස් සමාගමෙන් ප්‍රියංකා විජේනායක යන අයට කොමිස් මුදලක් ලැබුණු බවටත්, ඇය එම මුදලින් කොටසක් ඕස්ට්‍රේලියාවේ වසන නිමල් පෙරේරා නමැත්තෙකුට ලබාදුන් බවටත් සාක්ෂි පවතින බව පිළිගත්තේය.
එහෙත්, නිමල් පෙරේරා විසින් එම මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට පවසන ප්‍රකාශය හැර වෙනත් කිසිදු සාක්ෂියක් විමර්ශකයන් සතුව නොමැති බව ඔහු අවධාරණය කළේය.
"නිමල් පෙරේරා කියන්නේ කවුරුත් නැති වෙලාවක ගිහින් නාමල් රාජපක්ෂ මහතාගේ මේසය උඩ ඩොලර් ලක්ෂ 8 තියලා ආවා කියලා. මේ ප්‍රකාශය ඇරුණම වෙන කිසිම සාක්ෂියක් නෑ. මේක හරියට උගන්ඩාවේ සල්ලි හැංගුවා, රොකට් යැව්වා, රත්තරන් අශ්වයෝ ගෙනාවා, ලැම්බෝගිනි ගෙනාවා වගේම තවත් එක මාලිමා පචයක් පමණයි," යැයි ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
යම් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක නම සඳහන් වූ පමණින් අත්අඩංගුවට ගැනීමට හැකි නම්, මෙරට කිසිදු පුරවැසියෙකුට තවදුරටත් ආරක්ෂාවක් නොමැති බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම පොදු දේපළ පනත යටතේ නඩු පැවරීම හරහා සැකකරුවන්ට ඇප ලබාගැනීම අතිශය දුෂ්කර කර ඇති බවත්, මෙය මර්දනකාරී පාලනයක ලක්ෂණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අත්තනෝමතික ක්‍රියාව හරහා නාමල් රාජපක්ෂ මහතා පමණක් නොව, සමස්ත ජනතාවම අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව උදය ගම්මන්පිල මහතා සිය මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..