News Category
From Date
To Date
Maximum Number of Result

හිතාගන්නත් අමාරු හපන්කමක්..

Sep 5, 2026 at 05:27 AM
|

“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක්  ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.

මෙහෙම පුඟුලන්ට බුද්ධ චරිතයවත්, බුදුරජාණන්වහන්සේගේ බලයවත් කිසිම විදිහකින් තේරුම්ගන්න බෑ. අපි ඒ හින්දා, ඒ අමාරු මාතෘකාව පැත්තකින් තියලා ඉතිහාසයේ හොඳින් සටහන් වෙලා තියෙන වෙනත් චරිතයක් ආශ්‍රයෙන් ලෝකය තේරුම්ගන්න උත්සාහ කරමු.

අපි හැමෝම වගේ චීන ජාතික ෆා-ශියැන් (法显, Faxian) ස්වාමීන්වහන්සේ ගැන අහලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 337 දී තමයි උන්වහන්සේ ඉපැදිලා තියෙන්නේ. උන්වහන්සේ තමන්ගේ මහා දේශාටනය ආරම්භ කළේ තරුණ වයසේ දී නෙවෙයි. කාලයක් තිස්සේ චීනයේ දී ධර්මය හදාරලා, ඒ වෙද්දි චීනයේ තිබිච්ච ධර්ම ග්‍රන්ථවල අඩුපාඩුව (විශේෂයෙන් ම, විනය පිටකය නැතිකම) තේරුම් ඇරැගෙන ඒ අඩුව නැති කරගැනීමේ අරමුණෙන් උන්වහන්සේ තමන්ගේ ගමන පටන්ගත්තා. ක්‍රිස්තු වර්ෂ 399 දී, ඒ මහා දුෂ්කර, අපිට හිතාගන්නත් අමාරු දේශාටනය පටන්ගනිද්දී උන්වහන්සේගේ වයස අවුරුදු 62 ක්. ඒ කියන්නේ, අද කාලයේ හැටියට නම්, කෙනෙක් විශ්‍රාම ගිහිල්ලා ගෙදර විවේක සුවයෙන් ඉන්න ඕන වයසක දී තමයි ෆා-ශියැන් ස්වාමින්වහන්සේ තමන්ගේ දේශාටනය ආරම්භ කළේ.

ෆා-ශියැන් ස්වාමින්වහන්සේගේ දේශාටනය සිද්දවෙච්ච මාර්ගයේ දුෂ්කර බව, බිහිසුණු බව ගැනත් අපි අහලා තියෙනවා. කියවලා තියෙනවා. ඒ ගැන විස්තරාත්මකව අධ්‍යයනය කරපු අයත් අපි අතර ඉන්නවා. නැදෑ - හිත මිතුරන්ගෙන් වෙන්වෙලා, මහ කාන්තාර, ජන ශූන්‍ය ප්‍රදේශ, හිම කඳු, මහ ගංගා තරණය කරලා, විවිධාකාර සමාජ, දේශපාලන සහ සංස්කෘතික අතවරවලටත් මුහුණදීලා, තෙහෙට්ටුවෙන් සහ කුසගින්නෙන් පීඩාවට ලක්වෙලා, ඊට පස්සේ මහ මුහුද තරණය කරලා ලංකාවටත් වැඩම කරලා, අන්තිමේ දී මහා සාගර තරණය කරලා අවුරුදු 13 කට පස්සේ ආපහු චීනයට වැඩම කරපු ඒ දේශාටනය ශක්තිමත් තරුණයෙක්ටවත් දරාගන්න පුළුවන් එකක් නෙවෙයි.

මේ දුෂ්කර මාර්ගය සහ ගමන සම්බන්ධයෙන් දැනුමක් නැති අය වෙනුවෙන් ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.

ෆා-ශියැන් ස්වාමින්වහන්සේ තමන්ගේ දේශාටනය ආරම්භ කළේ චීනයේ ඡං-අන් (长安, Chang'an) නගරයෙන්. චීනයේ බටහිර පැත්තට ගමන් කරලා තක්ලමකාන් කාන්තාරය (Taklamakan Desert) තරණය කළා. ජලය සහ ජීවය නැති ඒ භූමිය “මරණයේ කාන්තාරය” කියලත් හඳුන්වනවා. ෆා-ශියැන් ස්වාමින්වහන්සේ ඊ ළඟට ඉතාමත් අන්තරාදායක හිම කඳුවලින් පිරිච්ච පමීර් කදුවැටිය (Pamir Mountains) තරණය කළා. ඒ කඳු වැටිය තරණය කරන අතරතුර දී ඇතිවෙච්ච අධික සීතල සහ දරුණු හිම කුණාටු හින්දා උන්වහන්සේ එකක් වැඩම කරපු භික්‍ෂූන්වහන්සේලා සහ අනෙකුත් පිරිස දැඩි පීඩාවකට පත්වුණා.

පමීර් කඳුවැටිය තරණයේ අමාරුව හින්දා ෆා-ශියැන් ස්වාමින්වහන්සේ එක්ක ආපු සැළැකිය යුතු පිරිසක් ගමන අත්හැරියා. සමහරු අසනීප වෙලයි හිටියේ. අධික සීතලට ගොදුරුවෙච්ච හුයි-චිං (慧景, Huijing) ස්වාමින්වහන්සේ කඳු මුදුණේ දී ම අපවත් වුණා. අන්තිමේ දී, ගමනට ඉතුරුවුණේ ෆා-ශියැන් ස්වාමින්වහන්සේත් තඕ-චං (道整, Daozheng) ස්වාමින්වහන්සේත් විතරයි.

එයින් පස්සේ ෆා-ශියැන් ස්වාමින්වහන්සේ ගාන්ධාරය, පෙෂාවෝරය හරහා වර්තමාන පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය පහු කරලා වර්තමාන ඉන්දියානු භූමියට ඇතුළුවුණා. ඊ ළඟට පාටලීපුත්‍රය, සාරානාත්, ලුම්බිණි වගේ ප්‍රදේශවල දේශාටනයේ යෙදුණා. මධ්‍ය මණ්ඩල ප්‍රදේශයේ වසර ගණනාවක් ගතකිරීමෙන් පස්සේ තමයි ක්‍රිස්තු වර්ධ 410 අවුරුද්දේ උන්වහන්සේ ලංකාවට වැඩම කළේ. ලංකාවට වැඩම කරද්දි, ෆා-ශියැන් ස්වාමින්වහන්සේගේ වයස අවුරුදු 73 යි.

ලංකාවට වැඩම කළේ දුෂ්කර මුහුදු ගමනකින් බව අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ. ඒ වෙද්දි, උන්වහන්සේ තනි පුද්ගලයෙක් බවට පත්වෙලා හිටියා. අවුරුදු 11 කට කලින් ගමනට එකතුවෙච්ච අනිත් හැම කෙනෙක් ම ඒ වෙද්දි විවිධ හේතු හින්දා ගමනෙන් ඉවත්වෙලා තිබුණා. ෆා-ශියැන් ස්වාමින්වහන්සේ තනිවෙලා තිබුණා.

ෆා-ශියැන් ස්වාමින්වහන්සේ ලංකාවේ අවුරුදු 2 ක් වැඩ හිටියා. එයින් පස්සේ, උන්වහන්සේ මුහුදු මාර්ගයෙන් ආපහු චීනයට වැඩම කළා. ඒ ගමන යද්දි, උන්වහන්සේගේ වයස අවුරුදු 75 යි. ඒ ගමනේ දී, මුහුණ දීපු මහ කුණාටු, නැව බිඳීයාමේ තර්ජනය වගේ ඒවා ගැන උන්වහන්සේ කියලා තියෙනවා.

ආපහු චීනයට වැඩම කරද්දි, හොඳට ම වයස්ගත වෙලා හිටියත් ෆා-ශියැන් ස්වාමින්වහන්සේ විවේක ගත්තේ නෑ. දැන් අපි හැමෝ ම කියවන “බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තා” (佛国记, Record of Buddhistic Kingdoms) පොත රචනා කරද්දි උන්වහන්සේගේ වයස අවුරුදු 77 යි.

මේ සියලු ම වැඩ අවසන් කරලා, ක්‍රිස්තු වර්ෂ 422 දී තමයි ෆා-ශියැන් ස්වාමින්වහන්සේ අපවත් වෙලා තියෙන්නේ. ඒ වෙද්දි, උන්වහන්සේගේ වයස අවුරුදු 85 යි.

දැන් මේ කාරණය ගැන අපිට හොඳින් හිතලා බලන්න පුළුවන්. ෆා-ශියැන් ස්වාමින්වහන්සේ කරපු මේ හපන්කම කරන්න තියා එහෙම ගමනක් ගැන හිතන්නවත් දැන් ඉන්න අපිට පුළුවන් ද? ඒ තරම් වැඩිහිටි වයසක දී, උන්වහන්සේ මේ කියපු හැම පීඩාවක් ම දරාගත්තේ කොහොම ද? ෆා-ශියැන් ස්වාමින්වහන්සේ කියන්නේ මාර්ග ඵලයකටවත් එළැඹිච්ච ස්වාමින්වහන්සේ නමක් නෙවෙයි.

අපේ දැන් තියෙන අබ්බගාතකම් එක්ක සන්සන්දනය කරලා ලෝකය තේරුම්ගන්න උත්සාහ කරන්න එපා. මේ ලෝකයේ හුඟක් ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ අය කරපු වැඩ ගැන හිතන්නවත් හැකියාවක් අද මේ සිරිලංකාවේ ඉන්න අපිට නෑ.

ඉතින් අපේ අබ්බගාතකම් මුල් කරගෙන බුදුරජාණන්වහන්සේ ගැන හීනෙන්වත් හිතන්න එපා. බුද්ධ විෂයය පුහුදුන් අපිට ගෝචර නෑ!

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.