හිතාගන්නත් අමාරු හපන්කමක්..
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
මෙහෙම පුඟුලන්ට බුද්ධ චරිතයවත්, බුදුරජාණන්වහන්සේගේ බලයවත් කිසිම විදිහකින් තේරුම්ගන්න බෑ. අපි ඒ හින්දා, ඒ අමාරු මාතෘකාව පැත්තකින් තියලා ඉතිහාසයේ හොඳින් සටහන් වෙලා තියෙන වෙනත් චරිතයක් ආශ්‍රයෙන් ලෝකය තේරුම්ගන්න උත්සාහ කරමු.
අපි හැමෝම වගේ චීන ජාතික ෆා-ශියැන් (法显, Faxian) ස්වාමීන්වහන්සේ ගැන අහලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 337 දී තමයි උන්වහන්සේ ඉපැදිලා තියෙන්නේ. උන්වහන්සේ තමන්ගේ මහා දේශාටනය ආරම්භ කළේ තරුණ වයසේ දී නෙවෙයි. කාලයක් තිස්සේ චීනයේ දී ධර්මය හදාරලා, ඒ වෙද්දි චීනයේ තිබිච්ච ධර්ම ග්‍රන්ථවල අඩුපාඩුව (විශේෂයෙන් ම, විනය පිටකය නැතිකම) තේරුම් ඇරැගෙන ඒ අඩුව නැති කරගැනීමේ අරමුණෙන් උන්වහන්සේ තමන්ගේ ගමන පටන්ගත්තා. ක්‍රිස්තු වර්ෂ 399 දී, ඒ මහා දුෂ්කර, අපිට හිතාගන්නත් අමාරු දේශාටනය පටන්ගනිද්දී උන්වහන්සේගේ වයස අවුරුදු 62 ක්. ඒ කියන්නේ, අද කාලයේ හැටියට නම්, කෙනෙක් විශ්‍රාම ගිහිල්ලා ගෙදර විවේක සුවයෙන් ඉන්න ඕන වයසක දී තමයි ෆා-ශියැන් ස්වාමින්වහන්සේ තමන්ගේ දේශාටනය ආරම්භ කළේ.
ෆා-ශියැන් ස්වාමින්වහන්සේගේ දේශාටනය සිද්දවෙච්ච මාර්ගයේ දුෂ්කර බව, බිහිසුණු බව ගැනත් අපි අහලා තියෙනවා. කියවලා තියෙනවා. ඒ ගැන විස්තරාත්මකව අධ්‍යයනය කරපු අයත් අපි අතර ඉන්නවා. නැදෑ - හිත මිතුරන්ගෙන් වෙන්වෙලා, මහ කාන්තාර, ජන ශූන්‍ය ප්‍රදේශ, හිම කඳු, මහ ගංගා තරණය කරලා, විවිධාකාර සමාජ, දේශපාලන සහ සංස්කෘතික අතවරවලටත් මුහුණදීලා, තෙහෙට්ටුවෙන් සහ කුසගින්නෙන් පීඩාවට ලක්වෙලා, ඊට පස්සේ මහ මුහුද තරණය කරලා ලංකාවටත් වැඩම කරලා, අන්තිමේ දී මහා සාගර තරණය කරලා අවුරුදු 13 කට පස්සේ ආපහු චීනයට වැඩම කරපු ඒ දේශාටනය ශක්තිමත් තරුණයෙක්ටවත් දරාගන්න පුළුවන් එකක් නෙවෙයි.
මේ දුෂ්කර මාර්ගය සහ ගමන සම්බන්ධයෙන් දැනුමක් නැති අය වෙනුවෙන් ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.
ෆා-ශියැන් ස්වාමින්වහන්සේ තමන්ගේ දේශාටනය ආරම්භ කළේ චීනයේ ඡං-අන් (长安, Chang'an) නගරයෙන්. චීනයේ බටහිර පැත්තට ගමන් කරලා තක්ලමකාන් කාන්තාරය (Taklamakan Desert) තරණය කළා. ජලය සහ ජීවය නැති ඒ භූමිය “මරණයේ කාන්තාරය” කියලත් හඳුන්වනවා. ෆා-ශියැන් ස්වාමින්වහන්සේ ඊ ළඟට ඉතාමත් අන්තරාදායක හිම කඳුවලින් පිරිච්ච පමීර් කදුවැටිය (Pamir Mountains) තරණය කළා. ඒ කඳු වැටිය තරණය කරන අතරතුර දී ඇතිවෙච්ච අධික සීතල සහ දරුණු හිම කුණාටු හින්දා උන්වහන්සේ එකක් වැඩම කරපු භික්‍ෂූන්වහන්සේලා සහ අනෙකුත් පිරිස දැඩි පීඩාවකට පත්වුණා.
පමීර් කඳුවැටිය තරණයේ අමාරුව හින්දා ෆා-ශියැන් ස්වාමින්වහන්සේ එක්ක ආපු සැළැකිය යුතු පිරිසක් ගමන අත්හැරියා. සමහරු අසනීප වෙලයි හිටියේ. අධික සීතලට ගොදුරුවෙච්ච හුයි-චිං (慧景, Huijing) ස්වාමින්වහන්සේ කඳු මුදුණේ දී ම අපවත් වුණා. අන්තිමේ දී, ගමනට ඉතුරුවුණේ ෆා-ශියැන් ස්වාමින්වහන්සේත් තඕ-චං (道整, Daozheng) ස්වාමින්වහන්සේත් විතරයි.
එයින් පස්සේ ෆා-ශියැන් ස්වාමින්වහන්සේ ගාන්ධාරය, පෙෂාවෝරය හරහා වර්තමාන පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය පහු කරලා වර්තමාන ඉන්දියානු භූමියට ඇතුළුවුණා. ඊ ළඟට පාටලීපුත්‍රය, සාරානාත්, ලුම්බිණි වගේ ප්‍රදේශවල දේශාටනයේ යෙදුණා. මධ්‍ය මණ්ඩල ප්‍රදේශයේ වසර ගණනාවක් ගතකිරීමෙන් පස්සේ තමයි ක්‍රිස්තු වර්ධ 410 අවුරුද්දේ උන්වහන්සේ ලංකාවට වැඩම කළේ. ලංකාවට වැඩම කරද්දි, ෆා-ශියැන් ස්වාමින්වහන්සේගේ වයස අවුරුදු 73 යි.
ලංකාවට වැඩම කළේ දුෂ්කර මුහුදු ගමනකින් බව අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ. ඒ වෙද්දි, උන්වහන්සේ තනි පුද්ගලයෙක් බවට පත්වෙලා හිටියා. අවුරුදු 11 කට කලින් ගමනට එකතුවෙච්ච අනිත් හැම කෙනෙක් ම ඒ වෙද්දි විවිධ හේතු හින්දා ගමනෙන් ඉවත්වෙලා තිබුණා. ෆා-ශියැන් ස්වාමින්වහන්සේ තනිවෙලා තිබුණා.
ෆා-ශියැන් ස්වාමින්වහන්සේ ලංකාවේ අවුරුදු 2 ක් වැඩ හිටියා. එයින් පස්සේ, උන්වහන්සේ මුහුදු මාර්ගයෙන් ආපහු චීනයට වැඩම කළා. ඒ ගමන යද්දි, උන්වහන්සේගේ වයස අවුරුදු 75 යි. ඒ ගමනේ දී, මුහුණ දීපු මහ කුණාටු, නැව බිඳීයාමේ තර්ජනය වගේ ඒවා ගැන උන්වහන්සේ කියලා තියෙනවා.
ආපහු චීනයට වැඩම කරද්දි, හොඳට ම වයස්ගත වෙලා හිටියත් ෆා-ශියැන් ස්වාමින්වහන්සේ විවේක ගත්තේ නෑ. දැන් අපි හැමෝ ම කියවන “බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තා” (佛国记, Record of Buddhistic Kingdoms) පොත රචනා කරද්දි උන්වහන්සේගේ වයස අවුරුදු 77 යි.
මේ සියලු ම වැඩ අවසන් කරලා, ක්‍රිස්තු වර්ෂ 422 දී තමයි ෆා-ශියැන් ස්වාමින්වහන්සේ අපවත් වෙලා තියෙන්නේ. ඒ වෙද්දි, උන්වහන්සේගේ වයස අවුරුදු 85 යි.
දැන් මේ කාරණය ගැන අපිට හොඳින් හිතලා බලන්න පුළුවන්. ෆා-ශියැන් ස්වාමින්වහන්සේ කරපු මේ හපන්කම කරන්න තියා එහෙම ගමනක් ගැන හිතන්නවත් දැන් ඉන්න අපිට පුළුවන් ද? ඒ තරම් වැඩිහිටි වයසක දී, උන්වහන්සේ මේ කියපු හැම පීඩාවක් ම දරාගත්තේ කොහොම ද? ෆා-ශියැන් ස්වාමින්වහන්සේ කියන්නේ මාර්ග ඵලයකටවත් එළැඹිච්ච ස්වාමින්වහන්සේ නමක් නෙවෙයි.
අපේ දැන් තියෙන අබ්බගාතකම් එක්ක සන්සන්දනය කරලා ලෝකය තේරුම්ගන්න උත්සාහ කරන්න එපා. මේ ලෝකයේ හුඟක් ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ අය කරපු වැඩ ගැන හිතන්නවත් හැකියාවක් අද මේ සිරිලංකාවේ ඉන්න අපිට නෑ.
ඉතින් අපේ අබ්බගාතකම් මුල් කරගෙන බුදුරජාණන්වහන්සේ ගැන හීනෙන්වත් හිතන්න එපා. බුද්ධ විෂයය පුහුදුන් අපිට ගෝචර නෑ!
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..