ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී ඒ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් හමුවී ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මීට අමතරව, කොළඹ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමටද අමාත්‍යවරයා සැලසුම් කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඉන්දීය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත උසස් පෙළේ දූත පිරිසක්ද මෙම සංචාරයට එක්වන අතර, රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 10 වනදා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ අප්‍රේල් 5 වනදා ඉන්දියාවේ කළ සංචාරයේදී අත්සන් තැබූ ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු වීමට නියමිතය.
රාජ්නාත් සිං මහතා බදාදා දිනයේදී ජනාධිපතිවරයා හමුවන අතර, පාර්ලිමේන්තු සංචාරයක් අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවීමට නියමිතව තිබේ. විශේෂත්වයක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන දිනයේදී ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය (OCDS) අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ද පැවැත්වීමට නියමිතව තිබීමයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන සිං මහතා, ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ඉන්දීය ආධාර මත සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇතුළු ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙම සංචාරයේදී නිරීක්ෂණය කිරීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..