News Category
From Date
To Date
Maximum Number of Result

අගවිනිසුරුගේ ප්‍රශ්නයට පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ශ්‍රේෂ්ඨාධිකරණයේදී දුන් පිළිතුර..

Sep 3, 2026 at 12:51 PM
|

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, වයස අවුරුදු වැඩිවීම මත පමණක් නිවැරදි හා කාර්යක්ෂම තීන්දු ගැනීමේ හැකියාව වර්ධනය නොවන බවත්, ඒ සඳහා ප්‍රඥාව සහ මනා සිහිය (සතිපට්ඨානය) අවශ්‍ය වන බවත්ය.

උන්වහන්සේ ලබාදුන් පිළිතුරු සටහන පහළින්..

"සමාවෙන්න ස්වාමීන් වහන්ස... මට ඔබ වහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොමද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතියයි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න

එයට පිළිතුරු දුන් පූජ්‍ය බලංගොඩ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ අගවිනිසුරු අමතා මෙසේ ප්‍රකාශ කරන ලදි.

ඔබතුමන්ලා ධර්මය නොදන්න නිසා තමයි, 

105(4) යටතේ වෙනම අධිකරණයක් අපිට පිහිටුවන්න කියලා ජනතාව විසින් පාර්ලිමේන්තුවට කියලා තියෙන්නේ. මොකද ධර්මය නොදන්න ඔබතුමන්ලාට බුදුදහමේ එන සියුම් කරුණු වටහා ගන්න බැහැ.

එම අධිකරණයේ විනිසුරුවරු පත්කරීමේ බලය තිබෙන්නේ ජනාධිපති හෝ එම නීතියෙන් පනවන වෙනත් අයට. එය සදහන්ව තිබෙන්නේ 105(4) ආ අනුව්‍යවස්ථාවේ. 

එම අධිකරණය තමයි දැනට අවුරුදු 2500 ක් පුරාවට පවත්වාගෙ එන පවත්වාගෙන යන පොහොය ගෙය. එහි මාර්ගෝපදේශ අනුව වයස විනිසුරුවරයෙකුගේ තීරණ ගැනීමේ හැකියාව මනින සාධකය නොවේ. ධර්ම විනය ගැන ඇති අවබෝධයත්, සම්‍යක් ප්‍රඥාව හා සම්මා සතිය තමයි විනිසුරුවරයෙකුට තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරන්නේ. එය සදහන්ව තියෙන්නේ 09 වන ව්‍යවස්ථාවේ එනම් සතිපට්ඨාන සූත්‍රයේ. 

105(4) සදහන් අධිකරණය පිහිටුවා තිබුණා නම් මෙම කාරණය ගැන අපිට මාර්ගෝපදේශ එම අධිකරණයෙන් ගන්න තිබුණා. එසේ නොපිහිටවපු නිසා තමයි අපි මෙම අධිකරණයට වැඩම කලේ. 

අධිකරණයේ ස්වාධීනත්වය කතා කල හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය සමඟයි. එවිට බුද්ධශාසනයට අගතිදායක දෙයත් සිදුකරන්න ව්‍යවස්ථාදායකට විධායකයට හා අධිකරණයට හැකියාවක් නෑ. 

ඒ බව SC/SD/22/2023 ආර්යුවේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ නඩුවේදී මෙම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දුන් නඩු තීන්දුවේ සදහන්ව තිබෙනවා. 

නමුත් 107(5) සංශෝධනය කිරීමේදී  09 වන ව්‍යවස්ථාවට අනුව පැනවූ නීති උල්ලංගනය කරනවා. එය බුද්ධශාසනයට සිදුකරන ඍණාත්මක බලපෑමක්. බුද්ධ ශාසනයට ඍණාත්මක බලපෑමක් සිදුකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්.

එනිසා 107(5) වගන්තිය 22 වන ව්‍යවස්ථාවෙන් සංශෝධනය කිරීමෙන් 09 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. 

09 වන ව්‍යවස්ථාව උග්ගංඝණය වන නීති පනවන්න පාර්ලිමේන‍්තුවට බලයක් නෑ. ඒ බව 83(අ) ව්‍යවස්ථාවේ සදහන්ව තිබෙනවා. එමනිසා මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවට පටහැනියි. 

එනිසා මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමතවිචාරණයකට යා යුතුයි.

තව ද ඔබතුමන්ලා අධිකරණ තීන්දුවත් ලියන විට 

I write this judgement after  been mindful of the fact and the law යනුවෙන් ලියනවා. මෙහි mindful යනු මනා වූ සිහියයි. එය 09 වන ව්‍යවස්ථාවේ සදහන් සතිපට්ඨාන සූත්‍රයයි. එනිසා බෞද්ධ මූලධර්ම නොසලකා තීරණ ගැනීමේ හැකියාවක් මෙම අධිකරණයට නැහැ.

16 වන ව්‍යවස්ථාවට අනුව ලිඛිත හා අලිඛිත නීති ද ක්‍රියාත්මකයි. ඒ අනුව ගත්කල ඉතිහාසයේ රජවරු මෙසිරිලක නොබෝසත් නොරජ් වම්හ යැයි සදහන්ව තිබෙනවා. අතීතයෙ නඩු ඇහුවේ රජු. නමුත් වර්තමානයේ විනිසුරුවරු හරිනම් අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුත් බෝධිසත්වවරු වෙන්න ඕන. 

කෙසේ නමුත් මෙවන් අත්තනොමතික තීන්දු තීරණ ගැනීමෙන් සිදුවන්නේ පදකුසලමාණව ජාතකයේ මෙන් ජනතාව තීන්දු තීරණ ගැනීමයි. 

ඉතිරි කරුණු ලිඛිත දේශණයෙන් දක්වන්නම් විනිසුරුතුමනි, යනුවෙන් පවසා පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අදහස් දැක්වීම අවසන් කළහ.

අගවිනිසුරු විසින් මෙම ප්‍රශ්ණය නැගීමට පෙර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් මෙසේද ප්‍රකාශ කරනු ලැබුවා.

මම මෙතැනට වැඩම කලේ බුදුරජාණන් වහන්සේගේ නියෝජිත භික්ෂුවක් ලෙස හා 09 ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාපිතව මා වෙත පැවරී ඇති යුතුකම ඉෂ්ඨ කිරීමට

මේ යෝජනාව ගෙන එන්නේ කවුද.? 

ජනාධිපතිතුමා හා ව්‍යවස්ථාදායකය

අරමුණ ලෙස ඔවුන් සදහන් කරන්නේ කුමක් ද.? 

මෙම සංශෝධනය ගෙන එන ව්‍යවස්ථාදායකය ප්‍රකාශ කරන්නේ විශ්‍රාම යාමේ වයස වැඩිවන වනවිට අත්දැකීම් වැඩි නිසා ඉක්මනින් නඩු කටයුතු නිමා කරන්නට මෙකී සංශෝධනය රැගෙන එන බවයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට අනුව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය යනුවෙන් සදහන්ව තිබෙනවා. එහි බුද්ධශාසනය යනු පරියත්ති පටිපත්ති පටිවේද යන ත්‍රිවිධ ශාසනය බව ආර්යුවේද සංශෝධන පනත් කෙටුම්පත තීරණව කිරීමේ නඩුවේදී SC/SD/22/2023 දරන නඩුවේදී ප්‍රකාශ කර තිබෙනවා. 

එම නඩු තීන්දුවේදී භේසජ්ජ යන වචනය යෙදීම නිසාම එය ත්‍රිවිධ ශාසනයට කරන නිගරුවක් සේ එනම්, බුද්ධ ශාසනයට ඍණාත්මක බලපෑමක් සිදුවන බව සලකා 09 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් පනත් කෙටුම්පත ජනමත විචාරණයට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලා.

එයින් ගම්‍යමාන වන්නේ බෞද්ධ මූලධර්ම මත පිහිටා අධිකරණය ද තීරණ ගතයුතු බවයි. එයයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවේ 09 ව්‍යවස්ථාවේද සාරය වන්නේ.

පරියප්ති ශාසනයේ ත්‍රිපිටකයේ මහාසාරෝපම හා චූලසාරෝපම සූත්‍රයන්හි සදහන් වන්නේ ගසක අරටුව හොයන්නා සේ කරුණේ සාරය සෙවිය යුතු බවයි. 

නමුත් ඉක්මනින් නඩු කටයුතු නිමා කරන්නට නම් ප්‍රඥාවයි වැදගත්. එනිසා වයස්ගත වූ පමණින් ප්‍රඥාව ලැබෙන්නේ නෑ. ප්‍රඥාව ලැබෙන්නට නම් සතර සතිපට්ඨානය වැඩිය යුතුයි. 

මොකද පොහොය ගෙය තුල විනිසුරුවරයෙකු ක්‍රියා කරන්නේ ධර්ම විනය මත පිහිටා මනා වූ සිහිණුවනින් හා සම්‍යක් ප්‍රඥාවෙන්. 

සතිපට්ඨාන සූත්‍රයට අනුව අරහත්වය ලබන්න දින හතක අවමයට හා අවුරුදු 07 ක උපරිමයකට යටත්ව පුළුවන්. එනම් වයස්ගත වන තෙක්ම ප්‍රතිපදාවේ නියැලෙන්න අවශ්‍ය නැහැ තීන්දු තීරණ ගැනීමේ හැකියාව දියුණු කරගැනීමට. 

එනම් 09 වන ව්‍යවස්ථාවෙන් සදහන් කරන්නේ වයස තීන්දු තීරණ ගැනීමේ හැකියාව මනින සාධකව නොවන බවත් ප්‍රඥාව වර්ධනය වීම එහි ප්‍රධාන සාධකය බවත්ය. එනම්, විනිසුරුගේ වයස නොවේ නඩු විසදීමේදී අත්‍යඅවශ්‍ය සාධකය ප්‍රඥාවයි.

එනිසා 107(5) ව්‍යවස්ථා සංශෝධනය කරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වගන්තියේ සාරය 09 ව්‍යවස්ථාව සමග ගැටෙනවා. එවිට 83(අ) ව්‍යවස්ථාවට අනුව එවැන් සංශෝධන ගෙන ඒමට නම් ජනමතවිචාරණයටකට යා යුතුයි. 

එබැවින් 22 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යා යුතු බව අප ප්‍රකාශ කර සිටිනවා.

සම්බන්ධිත පුවත් | Related News

තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
අද වන විට බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් වෙසෙන මධ්‍යම ආසියානු රටක් වන ටජිකිස්තානයේ මීට සහශ්‍රකයකට පෙර බුදු දහම ශක්තිමත්ව ව්‍යාප්තව තිබූ බව සැලකෙන කදිම සාක්ෂියක් හමු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක බලතුලනය නැවත සකස් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර නිර්මාණය වූ ශීතල යුද්ධයේ පදනම මත ය. මෙම ගෝලීය දේශපාලන පසුබිම තුළ 1951 වසරේ පැවැත්වුණු සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව සහ එහිදී ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) නියෝජිත ජේ. ආර්. ජයවර්ධන මහතා කළ කතාව, හුදෙක් උදාර හැඟීම් මත පදනම් වූවකට වඩා ඉතා සූක්ෂම භූ-දේශපාලනික සැලසුමක ප්‍රතිඵලයක් ලෙස විය හැක.
බුදුදහම සාපේක්ෂව බටහිර සංකල්පිත රාමුවලට කොටු කිරීමට තත්කාලීන මෙන්ම අතීත විද්වතුන් රැසක් උත්සාහ කර ඇත. එහිදී බොහෝ පිරිසක් බුදුදහම යනු "ආගමක්" (Religion) නොවන බව පිළිගන්නා අතරම, එය "දර්ශනයක්" (Philosophy) හෝ "ඩොක්ට්‍රින්" (Doctrine) එකක් ලෙස හඳුන්වනු ලබයි.
සැළැකිය යුතු කාලයක ඉඳලා මේ සිරිලංකාවේ දේශපාලනය කෙරෙන්නේ මතවාදයක් ගුරු කරගෙන නෙවෙයි. මතවාද ගැන කිසිම තැකීමක් නො කර පුද්ගල සාධක විතරක් ඉස්සරහින් තියාගෙන කරන දේශපාලනයක් තමයි මේ රටේ ක්‍රියාත්මකවෙන්නේ. ඉතින් දැන් මේ රටේ “මහින්දගේ පක්‍ෂය” තියෙනවා.”රනිල්ගේ පක්‍ෂය” තියෙනවා. “සජිත්ගේ පක්‍ෂය” තියෙනවා. “විමල්ගේ පක්‍ෂය” තියෙනවා. “චම්පිකගේ පක්‍ෂය” තියෙනවා. “ගම්මන්පිලගේ පක්‍ෂය” තියෙනවා. “දිලිත්ගේ පක්‍ෂය” තියෙනවා. “බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. “අක්මීමන දයාරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය” තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මාක්ස්වාදී මතවාදයක් ඉස්සරහින් තියාගනෙ හිටියත් “වාසුගේ පක්‍ෂය” කියලා එකකුත් හැදිලා තියෙනවා.

ප්‍රධාන පුවත්

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - නිගමනය කථානායකට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (2) සඳහන් කළේය.

‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්‍තුවට තේරි පත් වූ මන්‍ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සෑම ඒකාධිපතියෙකුම පාහේ තමන් ගනු ලබන තීරණ ජනතාවගේ සහ රටේ යහපත උදෙසා ගනු ලබන බව පවසමින් බලය තහවුරු කරගන්නා බවයි.

22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 67 ක් සලකා බැලීම අද (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..

වත්මන් ජනාධිපති ලේකම්වරයා රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.