News Category
From Date
To Date
Maximum Number of Result

අගවිනිසුරුගේ ප්‍රශ්නයට පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ශ්‍රේෂ්ඨාධිකරණයේදී දුන් පිළිතුර..

Sep 3, 2026 at 12:51 PM
|

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, වයස අවුරුදු වැඩිවීම මත පමණක් නිවැරදි හා කාර්යක්ෂම තීන්දු ගැනීමේ හැකියාව වර්ධනය නොවන බවත්, ඒ සඳහා ප්‍රඥාව සහ මනා සිහිය (සතිපට්ඨානය) අවශ්‍ය වන බවත්ය.

උන්වහන්සේ ලබාදුන් පිළිතුරු සටහන පහළින්..

"සමාවෙන්න ස්වාමීන් වහන්ස... මට ඔබ වහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොමද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතියයි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න

එයට පිළිතුරු දුන් පූජ්‍ය බලංගොඩ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ අගවිනිසුරු අමතා මෙසේ ප්‍රකාශ කරන ලදි.

ඔබතුමන්ලා ධර්මය නොදන්න නිසා තමයි, 

105(4) යටතේ වෙනම අධිකරණයක් අපිට පිහිටුවන්න කියලා ජනතාව විසින් පාර්ලිමේන්තුවට කියලා තියෙන්නේ. මොකද ධර්මය නොදන්න ඔබතුමන්ලාට බුදුදහමේ එන සියුම් කරුණු වටහා ගන්න බැහැ.

එම අධිකරණයේ විනිසුරුවරු පත්කරීමේ බලය තිබෙන්නේ ජනාධිපති හෝ එම නීතියෙන් පනවන වෙනත් අයට. එය සදහන්ව තිබෙන්නේ 105(4) ආ අනුව්‍යවස්ථාවේ. 

එම අධිකරණය තමයි දැනට අවුරුදු 2500 ක් පුරාවට පවත්වාගෙ එන පවත්වාගෙන යන පොහොය ගෙය. එහි මාර්ගෝපදේශ අනුව වයස විනිසුරුවරයෙකුගේ තීරණ ගැනීමේ හැකියාව මනින සාධකය නොවේ. ධර්ම විනය ගැන ඇති අවබෝධයත්, සම්‍යක් ප්‍රඥාව හා සම්මා සතිය තමයි විනිසුරුවරයෙකුට තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරන්නේ. එය සදහන්ව තියෙන්නේ 09 වන ව්‍යවස්ථාවේ එනම් සතිපට්ඨාන සූත්‍රයේ. 

105(4) සදහන් අධිකරණය පිහිටුවා තිබුණා නම් මෙම කාරණය ගැන අපිට මාර්ගෝපදේශ එම අධිකරණයෙන් ගන්න තිබුණා. එසේ නොපිහිටවපු නිසා තමයි අපි මෙම අධිකරණයට වැඩම කලේ. 

අධිකරණයේ ස්වාධීනත්වය කතා කල හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය සමඟයි. එවිට බුද්ධශාසනයට අගතිදායක දෙයත් සිදුකරන්න ව්‍යවස්ථාදායකට විධායකයට හා අධිකරණයට හැකියාවක් නෑ. 

ඒ බව SC/SD/22/2023 ආර්යුවේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ නඩුවේදී මෙම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දුන් නඩු තීන්දුවේ සදහන්ව තිබෙනවා. 

නමුත් 107(5) සංශෝධනය කිරීමේදී  09 වන ව්‍යවස්ථාවට අනුව පැනවූ නීති උල්ලංගනය කරනවා. එය බුද්ධශාසනයට සිදුකරන ඍණාත්මක බලපෑමක්. බුද්ධ ශාසනයට ඍණාත්මක බලපෑමක් සිදුකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්.

එනිසා 107(5) වගන්තිය 22 වන ව්‍යවස්ථාවෙන් සංශෝධනය කිරීමෙන් 09 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. 

09 වන ව්‍යවස්ථාව උග්ගංඝණය වන නීති පනවන්න පාර්ලිමේන‍්තුවට බලයක් නෑ. ඒ බව 83(අ) ව්‍යවස්ථාවේ සදහන්ව තිබෙනවා. එමනිසා මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවට පටහැනියි. 

එනිසා මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමතවිචාරණයකට යා යුතුයි.

තව ද ඔබතුමන්ලා අධිකරණ තීන්දුවත් ලියන විට 

I write this judgement after  been mindful of the fact and the law යනුවෙන් ලියනවා. මෙහි mindful යනු මනා වූ සිහියයි. එය 09 වන ව්‍යවස්ථාවේ සදහන් සතිපට්ඨාන සූත්‍රයයි. එනිසා බෞද්ධ මූලධර්ම නොසලකා තීරණ ගැනීමේ හැකියාවක් මෙම අධිකරණයට නැහැ.

16 වන ව්‍යවස්ථාවට අනුව ලිඛිත හා අලිඛිත නීති ද ක්‍රියාත්මකයි. ඒ අනුව ගත්කල ඉතිහාසයේ රජවරු මෙසිරිලක නොබෝසත් නොරජ් වම්හ යැයි සදහන්ව තිබෙනවා. අතීතයෙ නඩු ඇහුවේ රජු. නමුත් වර්තමානයේ විනිසුරුවරු හරිනම් අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුත් බෝධිසත්වවරු වෙන්න ඕන. 

කෙසේ නමුත් මෙවන් අත්තනොමතික තීන්දු තීරණ ගැනීමෙන් සිදුවන්නේ පදකුසලමාණව ජාතකයේ මෙන් ජනතාව තීන්දු තීරණ ගැනීමයි. 

ඉතිරි කරුණු ලිඛිත දේශණයෙන් දක්වන්නම් විනිසුරුතුමනි, යනුවෙන් පවසා පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අදහස් දැක්වීම අවසන් කළහ.

අගවිනිසුරු විසින් මෙම ප්‍රශ්ණය නැගීමට පෙර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් මෙසේද ප්‍රකාශ කරනු ලැබුවා.

මම මෙතැනට වැඩම කලේ බුදුරජාණන් වහන්සේගේ නියෝජිත භික්ෂුවක් ලෙස හා 09 ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාපිතව මා වෙත පැවරී ඇති යුතුකම ඉෂ්ඨ කිරීමට

මේ යෝජනාව ගෙන එන්නේ කවුද.? 

ජනාධිපතිතුමා හා ව්‍යවස්ථාදායකය

අරමුණ ලෙස ඔවුන් සදහන් කරන්නේ කුමක් ද.? 

මෙම සංශෝධනය ගෙන එන ව්‍යවස්ථාදායකය ප්‍රකාශ කරන්නේ විශ්‍රාම යාමේ වයස වැඩිවන වනවිට අත්දැකීම් වැඩි නිසා ඉක්මනින් නඩු කටයුතු නිමා කරන්නට මෙකී සංශෝධනය රැගෙන එන බවයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට අනුව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය යනුවෙන් සදහන්ව තිබෙනවා. එහි බුද්ධශාසනය යනු පරියත්ති පටිපත්ති පටිවේද යන ත්‍රිවිධ ශාසනය බව ආර්යුවේද සංශෝධන පනත් කෙටුම්පත තීරණව කිරීමේ නඩුවේදී SC/SD/22/2023 දරන නඩුවේදී ප්‍රකාශ කර තිබෙනවා. 

එම නඩු තීන්දුවේදී භේසජ්ජ යන වචනය යෙදීම නිසාම එය ත්‍රිවිධ ශාසනයට කරන නිගරුවක් සේ එනම්, බුද්ධ ශාසනයට ඍණාත්මක බලපෑමක් සිදුවන බව සලකා 09 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් පනත් කෙටුම්පත ජනමත විචාරණයට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලා.

එයින් ගම්‍යමාන වන්නේ බෞද්ධ මූලධර්ම මත පිහිටා අධිකරණය ද තීරණ ගතයුතු බවයි. එයයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවේ 09 ව්‍යවස්ථාවේද සාරය වන්නේ.

පරියප්ති ශාසනයේ ත්‍රිපිටකයේ මහාසාරෝපම හා චූලසාරෝපම සූත්‍රයන්හි සදහන් වන්නේ ගසක අරටුව හොයන්නා සේ කරුණේ සාරය සෙවිය යුතු බවයි. 

නමුත් ඉක්මනින් නඩු කටයුතු නිමා කරන්නට නම් ප්‍රඥාවයි වැදගත්. එනිසා වයස්ගත වූ පමණින් ප්‍රඥාව ලැබෙන්නේ නෑ. ප්‍රඥාව ලැබෙන්නට නම් සතර සතිපට්ඨානය වැඩිය යුතුයි. 

මොකද පොහොය ගෙය තුල විනිසුරුවරයෙකු ක්‍රියා කරන්නේ ධර්ම විනය මත පිහිටා මනා වූ සිහිණුවනින් හා සම්‍යක් ප්‍රඥාවෙන්. 

සතිපට්ඨාන සූත්‍රයට අනුව අරහත්වය ලබන්න දින හතක අවමයට හා අවුරුදු 07 ක උපරිමයකට යටත්ව පුළුවන්. එනම් වයස්ගත වන තෙක්ම ප්‍රතිපදාවේ නියැලෙන්න අවශ්‍ය නැහැ තීන්දු තීරණ ගැනීමේ හැකියාව දියුණු කරගැනීමට. 

එනම් 09 වන ව්‍යවස්ථාවෙන් සදහන් කරන්නේ වයස තීන්දු තීරණ ගැනීමේ හැකියාව මනින සාධකව නොවන බවත් ප්‍රඥාව වර්ධනය වීම එහි ප්‍රධාන සාධකය බවත්ය. එනම්, විනිසුරුගේ වයස නොවේ නඩු විසදීමේදී අත්‍යඅවශ්‍ය සාධකය ප්‍රඥාවයි.

එනිසා 107(5) ව්‍යවස්ථා සංශෝධනය කරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වගන්තියේ සාරය 09 ව්‍යවස්ථාව සමග ගැටෙනවා. එවිට 83(අ) ව්‍යවස්ථාවට අනුව එවැන් සංශෝධන ගෙන ඒමට නම් ජනමතවිචාරණයටකට යා යුතුයි. 

එබැවින් 22 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යා යුතු බව අප ප්‍රකාශ කර සිටිනවා.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.