News Category
From Date
To Date
Maximum Number of Result

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

Sep 4, 2026 at 05:43 AM
|

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

ඒ ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස හා දූෂණය දුරු කිරීමේ ක්‍රියාවලිය උනන්දුකිරීමේ අරමුණින් රජය මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය. 

කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන දෙකක් ඉදිරිපත් කිරීමට රජය සූදානමින් සිටින බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියේය.

අනතුරුව අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනු කර ඇති මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

"වත්මන් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කරන අවස්ථාවක නඩු විභාගය අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව දක්වා තිබෙනවා. සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක සැකකරුවකු ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය හිමියි. නමුත් යෝජිත සංශෝධනය තුළින් දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය සංශෝධනය කිරීම හරහා, අල්ලස් ඉල්ලීම, ලබාදීම සහ අල්ලස් දීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු හෝ අධිකරණයට භාර වන පුද්ගලයෙකු ඇප මත මුදාහැරීමට තිබෙන බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත්කර තිබෙනවා. එම බලය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරෙනවා. එය අතිශය භයානක තත්ත්වයක්. මේ තුළින් මහේස්ත්‍රාත්වරයා හුදු රබර් මුදාවක් බවට පත්වෙනවා. මොකද මෙහිදී ඇප ලබාගැනීම සඳහා මහාධිකරණය වෙත ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරිමට සිදුවෙනවා. මහාධිකරණයේදී ඇප ලබාදීමට පැමිණිල්ල විරෝධතා මතු කළහොත් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමට මාස කිහිපයක් ගතවිය හැකියි. එතෙක් සැකකරුවන්ට නිකරුණේ රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවෙනවා. එබැවින් මෙම සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගලික නිදහස අහිමි වී මූලික අයිතිවාසිකම් කප්පාදුවීමක් සිදුවෙනවා. එමෙන්ම ජනතාව සතු අධිකරණ බලය කප්පාදු වෙනවා. ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 යන ව්‍යවස්ථා උල්ලංඝනය වෙනවා. "එම නිසා මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස මා අධිකරණයෙන් ඉල්ලාසිටිනවා."

අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දැක්වූවාය.

"යෝජිත සංශෝධනය තුළින් අධිකරණය සතු බලය කප්පාදු කර විධායකය වෙත පැවරීමක් සිදුවෙනවා. අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් අවස්ථාවක අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කරනවිට එම පුද්ගලයා නඩු විභාගය අවසන් වනතෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණයට සිදුවෙනවා. නඩු විභාගය අවසන් වන තෙක් පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත්කිරීම කියන්නේ දඬුවමක්.අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඇප ප්‍රදානය කිරීම තමයි අපගේ නීතිය. මෙම සංශෝධනය හරහා ඇප පනත උල්ලංඝනය වෙනවා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ නිලධාරියෙකු නොවේ. ඔහු විධායකය නියෝජනය කරන තැනැත්තෙක්. එවැනි පුද්ගලයෙකු වෙත මෙතරම් විශාල බලයක් පැවරීම අතිශය අනතුරුදායකයි. මෙවැනි සංශෝධනයක් අනුමත කළොත් සිදුවන්නේ කුමක්ද? අවසානයේ දී ජනතාවට යුක්තිය පතා යාමට තැනක් නැතිවෙනවා.මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වැනි ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය වන බැවින් අදාළ සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වියයුතුයි."

තවත් පෙත්සමකාර පාර්ශවයක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, "දූෂණ විරෝධී පනත යටතේ පුද්ගලයින්ගේ වත්කම් සහ බැරකම් අල්ලස් කොමිසමේ නිල වෙබ් අඩවියේ පළකිරීම ඉතා වැදගත්,අගය කළයුතු කටයුත්තක්. එහිදී එකී තොරතුරුවලට ප්‍රවේශවීමට මහජනතාවට හැකියාවක් තිබෙනවා. නමුත් යොජිත සංශෝධනය එම කටයුත්ත යම් ගැටළුකාරී තත්ත්වයකට ගෙනයනවා. ‍යම් පුද්ගලයෙකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයක සංස්කරණය කළ පිටපතක් ලබාගන්නා අයෙකු යම් නිලධාරියෙකුට හෝ ආයතනයකට ඉදිරිපත් කිරීම හැර වෙනත් කාර්යයක් සඳහා එය භාවිතා නොකළ යුතු බවට යෝජිත සංශෝධනයේ දැක්වෙනවා. එය උල්ලංඝනය කරන පුද්ගලයෙකු චෝදනාවලට වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයක් හෝ වසරක් නොඉක්මවන සිර දඬුවමක් හෝ එම දඩුවම් දෙකම වුවද පැනවීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලය තිබෙනවා. මේ තුළින් පුද්ගලයින්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සීමා පැනවීමක් සිදුවෙනවා.  මෙය දූෂණ විරෝධී සටන අධෛර්යමත් කිරීමක්. එබැවින් මේ සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකියි." යනුවෙනි.

"මීඩියා ලෝ ෆෝරම්" ආයතනය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාද දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට කරුණු ඉදිරිපත් කළේය.

" වර්තමානයේ තොරතුරු දැනගැනීම මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන තිබෙන පසුබිමක මේ යෝජිත පනත් කෙටුම්පත හරහා ජනමාධ්‍යවේදින්ගේ තොරතුරු ලබාගැනීමේ නිදහසටත් සීමා පැනවෙනවා. එමෙන්ම මාධ්‍ය ආයතන වල හිමිකරුවන්, සභාපතිවරු, අධ්‍යක්ෂවරු අල්ලස් කොමිසමේ ඉලක්ක බවට පත්විය හැකියි. මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා අධ්‍යක්ෂවරුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවට මෙම සංශෝධනය තුළින් දක්වා තිබීම මාධ්‍ය ආයතන පාලනය කිරීම සඳහා වක්‍රාකාරව දරන උත්සාහයක්.මේ තුළින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බලපෑමක් එල්ලවනවා. එබැවින් මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා."

පෙත්සම් විභාගය අද දිනයේත් පැවැත්වීමට නියමිතයි.

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේදි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.
ජනතාවගේ මූලික ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමෙන් පසු රට තුළ වෙනත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවයක් මතු නොවනු ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව ද තනි පක්ෂ පාලනයක් කරා යොමු වීමේ ප්‍රවණතාවක් පවතින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - නිගමනය කථානායකට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (2) සඳහන් කළේය.

‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්‍තුවට තේරි පත් වූ මන්‍ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සෑම ඒකාධිපතියෙකුම පාහේ තමන් ගනු ලබන තීරණ ජනතාවගේ සහ රටේ යහපත උදෙසා ගනු ලබන බව පවසමින් බලය තහවුරු කරගන්නා බවයි.

22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 67 ක් සලකා බැලීම අද (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..

වත්මන් ජනාධිපති ලේකම්වරයා රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.