සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
Pesticide Action Network (PAN) ආයතනයේ පර්යේෂකයන් විසින් සිදුකරන ලද මෙම අධ්‍යයනයේදී, 2006 සිට 2023 දක්වා ප්‍රකාශයට පත් වූ පර්යේෂණ හා වාර්තා 214ක් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මරණ දත්තද විශ්ලේෂණය කර ඇත.
එහිදී සෑම වසරකම නොදැනුවත්ව සිදුවන උග්‍ර පළිබෝධනාශක විෂවීම් සිදුවීම් මිලියන 433ක් දක්වා ඇති විය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ. එය ලොව පුරා කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් සියයට 46කට පමණ බලපාන තත්ත්වයකි. සෑම වසරකම එවැනි විෂවීම් හේතුවෙන් පුද්ගලයන් 11,000ක් පමණ මියයන බවද අධ්‍යයනය පෙන්වා දෙයි.
මෙම විෂවීම්වල බර ගෝලීය දකුණේ රටවල් මත අසමාන ලෙස වැඩි වශයෙන් පැටවී ඇති බවද පර්යේෂකයෝ පවසති.
දකුණු හා අග්නිදිග ආසියාවේ මෙන්ම නැගෙනහිර අප්‍රිකාවේද පළිබෝධනාශක විෂවීම් සිදුවීම්වල ඉහළම ඇස්තමේන්තුගත සංඛ්‍යාවන් වාර්තා වී තිබේ. බුර්කිනා ෆාසෝහි ගොවීන්ගෙන් සියයට 84කට ආසන්න පිරිසක් සෑම වසරකම උග්‍ර පළිබෝධනාශක විෂවීමකට ලක්වන බවට ඇස්තමේන්තු කර ඇත.
PAN India හි විධායක අධ්‍යක්ෂ ජයකුමාර් චෙලටන් “මෙම විශාල සංඛ්‍යාලේඛන පිටුපස සිටින්නේ පළිබෝධනාශකවලට නිරාවරණය වීම නිසා බිහිසුණු මානව මිලක් ගෙවන ගොවීන්, කම්කරුවන් සහ පවුල්ය. තවදුරටත් නොසලකා හැරිය නොහැකි අර්බුදයක් මෙම පර්යේෂණය මගින් හෙළි කරයි.” පැවසුවේය.
ආහාර නිෂ්පාදනය ආරක්ෂා කිරීම සඳහා පළිබෝධනාශක භාවිතය වැඩිවෙමින් පවතින පසුබිමක මෙම සොයාගැනීම් ඉදිරිපත් වී තිබේ. අධ්‍යයනයට අනුව, 1990 සිට 2023 දක්වා ලොව පුරා පළිබෝධනාශක භාවිතය දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසන පරිදි, පළිබෝධනාශක භාවිත නොකළහොත් ශාක පළිබෝධකයන් සහ රෝග හේතුවෙන් සෑම වසරකම ලෝකයේ බෝග අස්වැන්නෙන් සියයට 20ත් 40ත් අතර ප්‍රමාණයක් අහිමි විය හැකිය.
පළිබෝධනාශක මගින් ඇති කරන අවදානම්, විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම්, ගැටුම් සහ කෘෂිකාර්මික නිෂ්පාදනය මත පවතින පීඩනය සමඟ දැනටමත් අරගල කරන සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුළුල් අභියෝග තවදුරටත් උග්‍ර කරයි.
කෙසේ වුවද රුසියාව අප්‍රිකාවේ සහ ආසියාවේ රටවලට ආහාර හා කෘෂිකාර්මික ආධාර ලබාදීම මගින් මෙම පීඩනයන්ගෙන් ඇතැම් ඒවාට විසඳුම් ලබාදීමට උත්සාහ කර තිබේ.
මෙම වසර මුලදී මොස්කව් පරිපාලනය සුළි කුණාටුවකින් පීඩාවට පත් වූ මැඩගස්කරයට මෙට්‍රික් ටොන් 60කට ආසන්න හදිසි ආධාර සහ මොසැම්බික් වෙත මෙට්‍රික් ටොන් 29ක මානුෂීය සැපයුම් යවා ඇත.
2025 වසරේදී, ක්‍රියාත්මක වෙමින් පවතින ආහාර ආධාර වැඩසටහනක් යටතේ ඉතියෝපියාවට ධාන්‍ය මෙට්‍රික් ටොන් 1,600කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ.
එමෙන්ම රුසියාව මෑතකදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා මාලි රාජ්‍යයට ආහාර මෙට්‍රික් ටොන් 770ක් ලබාදී තිබේ. එම ප්‍රමාණය මාස තුනක් පුරා අවදානමට ලක්ව සිටින පුද්ගලයන් 57,000කට වැඩි පිරිසකට ආහාර සැපයීමට ප්‍රමාණවත් බව සඳහන් වේ.
ආහාර හිඟයට මුහුණ දෙන රටවලට රුසියානු සමාගම් විසින් පොහොරද ලබාදී තිබේ. පොහොර නිෂ්පාදකයෙකු වන Uralchem සමාගම මෑතකදී WFP විසින් පහසුකම් සපයන ලද ප්‍රවාහනයක් හරහා බංග්ලාදේශයට පොටෑෂ් මෙට්‍රික් ටොන් 30,000ක් පරිත්‍යාග කර ඇත.
එම සමාගම පවසන්නේ 2022 වසරේ සිට මේ දක්වා ඛනිජ පොහොර මෙට්‍රික් ටොන් 220,000කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති බවයි. එම පොහොර තොග මලාවි, කෙන්යාව, නයිජීරියාව, සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවලට යවා තිබේ.
Pesticides poison nearly half of world’s farmers each year – study
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..