විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.
2025 ඔක්තෝබර් සිට 2026 ජූලි දක්වා කාලය ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා රජය ලබා දී ඇති පොරොන්දු සහ වත්මන් ප්‍රගතිය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටූර්ක් මහතා පෙන්වා දෙන්නේ, වත්මන් රජය බලයට පත්වීමේදී මානව හිමිකම් සුරැකීමට සහ ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ලබා දුන් පොරොන්දු සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් පෙන්නුම් කළද, එම ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කළ යුතු බවයි. විශේෂයෙන්ම දූෂණයට එරෙහිව ගෙන ඇති පියවර සහ ඇතැම් දේශපාලන ඝාතන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වාර්තාවේ ඇගයීමට ලක්ව ඇත.
රජය ලබා දුන් පොරොන්දු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම ප්‍රමුඛ වුවද, එය තවදුරටත් භාවිත කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා සිය කනස්සල්ල පළ කර තිබේ.
පනත යටතේ සිදුකරන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ දීර්ඝකාලීන රඳවා තබා ගැනීම් තවදුරටත් වාර්තා වන බවත්, උතුරු සහ නැගෙනහිර පළාත්වල සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් රාජ්‍ය බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්වීම සංහිඳියා ක්‍රියාවලියට බාධාවක් බවත් වාර්තාවේ සඳහන් වේ.
2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිත්වා' සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 687 දෙනෙකු මියගොස් විශාල දේපළ හානියක් සිදුවීම මානව හිමිකම් කෙරෙහි ද බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. රටේ ණය වගකීම් පියවීම සඳහා රජයේ ආදායමෙන් විශාල ප්‍රතිශතයක් වැය කිරීමට සිදුවීම නිසා සෞඛ්‍ය, අධ්‍යාපන සහ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍ර සඳහා වෙන් කරන ප්‍රතිපාදන සීමා වී ඇති බවත්, මේ හේතුවෙන් දිළිඳු ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් එහි සඳහන් වේ.
මෑත කාලීනව වාර්තා වූ බන්ධනාගාර ගැටුම් සහ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණ පිළිබඳව ද වාර්තාව අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 32 දෙනෙකු මියයාම සහ වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශන අවශ්‍ය බව අවධාරණය කර තිබේ. මීට අමතරව, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ළමා අපයෝජන චෝදනා පිළිබඳව ද වාර්තාවේ කරුණු දක්වා ඇත.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට මරණ දඬුවම නියම වීම වගවීම සම්බන්ධයෙන් ගත් වැදගත් පියවරක් ලෙස වාර්තාවේ දැක්වේ. එසේම, ප්‍රගීත් එක්නැලිගොඩ සහ නඩරාජා රවිරාජ් වැනි ප්‍රමුඛ පෙළේ නඩු සම්බන්ධයෙන් පවතින ප්‍රගතිය පිළිබඳව ද මෙහි සඳහන් වේ.
මහ කොමසාරිස්වරයා රජයට ඉදිරිපත් කර ඇති ප්‍රධාන නිර්දේශ:
- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම අත්හිටුවා එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අහෝසි කිරීම.
- උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදාව භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම වේගවත් කිරීම.
- ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම.
- මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ තනතුරුවලින් ඉවත් කිරීම.
- අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) ස්වාධීනත්වය සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීම.
ශ්‍රී ලංකාව තුළ තිරසාර සාමයක් සහ සංහිඳියාවක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ඇතිව මෙම ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..