News Category
From Date
To Date
Maximum Number of Result

ධර්මපාල අධ්‍යාපන සහ ආර්ථික දැක්ම මිස දැයට විකල්පයක් නෑ...! - මහාචාර්ය වසන්ත දේවසිරි

Oct 31, 2023 at 08:12 AM
|

(අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ අධ්‍යාපන - ආර්ථික දර්ශනය, වර්තමානයේ අපේ රට මුහුණ දෙන අභියෝග සහ අප ගත යුතු මග පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති, මහාචාර්ය වසන්ත දේවසිරි මහතා සමග සිංහල බෞද්ධයා පුවත්පතේ පසුගිය කලාපය වෙනුවෙන් සිදුකළ සාකච්ඡාවකි.)

අනගාරික ධර්මපාලතුමාගේ 159 වන උපත් සමරුව මේ සැප්තැම්බර් මාසයට යෙදී තිබෙනවා. සුපුරුදු ලෙස මේ කාලයට එතුමා බුදු දහම නගා සිටුවීම සඳහා සිදුකළ කාර්යභාරය කතා බහට ලක් වෙනවා. නමුත් මේ රටේ එදා මුල් බැස පැවැති මිෂනාරී අධ්‍යාපන ක්‍රමයට එරෙහිව එතුමා ලොකු අරගලයක් කළා. නූතන අධ්‍යාපනඥයෙක් විදිහට ඔබ ධර්මපාලතුමාගේ ඒ අරගලය දකින්නේ කොහොමද?

අනගාරික ධර්මපාලතුමා යටත්විජිත යුගයේ දියත් කළ අරගලය බුදු දහම නගා සිටුවීමේ ව්‍යාපාරයකට ලඝු කිරීම වැරදියි. ධර්මපාලතුමා බුදු දහම, අධ්‍යාපනය, ආර්ථික ක්‍රමය වගේ ම සංස්කෘතිය අලළා දියත් කළ සියලු කටයුතු එතුමා දියත් කළ යටත්විජිත විරෝධී නිදහස් අරගලයේ විවිධ මුහුණවර විදිහට හඳුනා ගැනීම වැදගත්. 

යටත්විජිතවාදීන් මේ රටට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය ධර්මපාලතුමා හැඳින්නුවේ ස්ථීර පදනමක් නැති අවජාතක නැත්නම් තුප්පහි අධ්‍යාපන ක්‍රමයක් කියලා. තුප්පහි කීවේ hybrid එහෙම නැත්නම් දෙමුහුන් කියන එක. දෙමුහුන් කොටලුවෙකුට පරපුරක් ඉදිරියට අරන් යන්න බෑ. ඒ වගේ ම දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයකට සංස්කෘතියක් පෝෂණය කරමින් ඉදිරියට අරන් යන්න බෑ කියන අර්ථයෙන් තමයි, ධර්මපාලතුමා මේ වචනය භාවිත කළේ.

රටේ සියලු දෙනාට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පන්සල් ආශ්‍රිතව පැවැති අධ්‍යාපන ක්‍රමය යටත්විජිතවාදීන් 1870 දී තහනම් කරනවා. ධර්මපාලතුමා නිදහස් අරගලය ක්‍රියාත්මක කරන සමය වන විට ඒ කියන්නේ 1908 පමණ වන විට ලංකාවේ ජනගහනය මිලියන 40යි. අධ්‍යාපනය ලැබිය යුතු පිරිස මිලියන 16ක් වුණත් ඒ අතරින් ස්වදේශික (14%) සහ ඉංගිරිසි පාඨශාලා (16.25%)  අධ්‍යාපනය ලැබුවේ සුළු පිරිසක් විතරයි. 

1908 අවුරුද්දේ රජයේ සමස්ත ආදායම රු. 35,572,849 වුණත් අධ්‍යාපනය සඳහා වෙන් කළේ රු. 761 000ක් හෙවත් 2.1%ක් විතරයි. නමුත් එංගලන්ත ආණ්ඩුවට ලොව පුරා යුද්ධ කරන්න අපේ රටෙන් රු. ලක්ෂ 19ක් අපේ මුදල් ලබා දී තිබෙනවා. විශ්‍රාම වැටුප් සඳහා ලක්ෂ 19ක් වැය කර තිබෙනවා. අපට අධ්‍යාපනය ලබා දීමට ඔවුන් දැක්වූයේ කුඩම්මාගේ සැලකිල්ලක් බව මෙමගින් හොඳට පේනවා. මෙන්න මේ වගේ යුගයක තමයි, ධර්මපාලතුමා හඬ නගන්නේ.

ධර්මපාලතුමා එදා ඉංගිරිසි ආණ්ඩුව අපට ලබා දුන් අධ්‍යාපන ක්‍රමයට විරුද්ධ වුණේ ඇයි? 

අපේ අධ්‍යාපන ක්‍රමය තහනම් කරලා ඒ වෙනුවට අපේ සංස්කෘති උරුමයෙන් සංස්කෘතික විඥානයෙන් සම්පූර්ණයෙන් වියුක්ත වූ බටහිර ගැති අධ්‍යාපනයක් තමයි, ඉංගිරිසි ආණ්ඩුව එකල ලබා දුන්නේ. අපේ ඉතිහාසය වෙනුවට අපට ඉගැන්නුවේ ඉංගිරිසි ඉතිහාසය. 

එකල අපේ රටේ ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගත්තේ වෛද්‍යවරුන් සහ නීතීඥයින් වීමේ අභිලාෂයෙන්. ධර්මපාලතුමා කියනවා, රටේ සෙසු සමාජ කණ්ඩායම් විසින් අනුකරණය කරන ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගන්න වෛද්‍යවරුන් නීතීඥයින් වෙන්න නම් ඒ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ කියලා. කලහකාරයින්ගේ සල්ලි නීතීඥයින්ගේ සාක්කුවටත් ලෙඩ්ඩුන්ගේ සල්ලි දොස්තලගේ සාක්කුවලටත් යනවා. ඒ සල්ලි නැවත ආයෝජන විදිහට රටේ ආර්ථිකයට එකතු වෙන්නේ නෑ. මේ බව එදා ධර්මපාලතුමා දැක්කා. 

අපට රටක් විදිහට දියුණු වෙන්න නම් අප තුළ ජාතික විඥානයක් දේශප්‍රේමීත්වයක් ගොඩනැගිය යුතු වුවත් එදා පැවැති අධ්‍යාපන ක්‍රමය තුළ ඒ කිසිවක් නොවන බවට ධර්මපාලතුමා තර්ක කළා. එතුමා කෝට්ටේ මිෂනාරි පාසලේ ඉගෙනීම කරද්දි ධර්මපාලතුමා ගුරුවරු මත්පැන් පානය කළ හැටි, කුරුල්ලන් දඩයම් කළ හැටි දකිනවා. එතුමාට තෙරුවන් නමදින්න ඉඩ නොදී බලහත්කාරයෙන් පල්ලියට රැගෙන යනවා. එතුමාමේ සියල්ල  දකින්නේ ළමා මනස දූෂණය කිරීමක් විදිහට. නිවසේ අභාසයත් සමග එතුමාට ඒ බලපෑමෙන් මිදීමේ භාග්‍ය ලැබුණත් අති බහුතරයකට එම හැකියාව නැති බව එතුමා දුටුවා. 

එහෙත් සමහරු කියන්නේ මේ රට සුද්දාගේ පාලනය යටතේ තිබුණා නම් හොඳයි කියලා?

සුද්දාගේ ආණ්ඩුව මෙතෙක් කල් තිබුණා නම් එහෙම කියන අයට වගේ ම ඔවුන්ගේ මාපියන්ටත් කිසිදා පාසලක් නොදුටු නූගත් වහලුන් විදිහට තමයි, මේ රටේ ජීවත් වෙන්න ලැබෙන්නේ. අපි දැක්කා ගාලු මුවදොර තරුණ පිරිසක් අරගලය වෙලාවේ බණ්ඩාරනායක මහත්තයාගේ ඇස් වහනවා. ඔවුන් කීවේ ස්වභාෂා අධ්‍යාපනය හඳුන්වා දීමෙන් බණ්ඩාරනායක මහත්තයා වරදක් කළා කියලා. නමුත් ඔවුන් දන්නේ නෑ, 1956 වෙද්දී මේ රටේ ඉංගිරිසි දැනගෙන හිටියේ 11%යි කියලා. මේ අතරින් 4%ක් සිංහල, 7%ක් දෙමළ. එවැනි පසුබිමක සිංහල භාෂා පනත සහ දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගෙන ආවේ නැත්නම් මේ රටේ බහුතරයකට අධ්‍යාපන අවස්ථා ලැබෙන්නේ නෑ. 

ඒ සමග තමයි, නිදහස් අධ්‍යාපනය ගම් දනව් පුරා පැතිර ගියේ. අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද සහ ගනඳුරු මැදියම දකිනෙමි අරුනලු කියන කෘතිවල ගුණදාස අමරසේකර මහත්තයා පෙන්වා දෙනවා, ධර්මපාලතුමා දියත් කළ ජාතික ව්‍යාපාරය 1925 පමණ වන විට එතුමාගෙන් ගිලිහී ගොස් වෙනත් පිරිසක් අතට පත්වන ආකාරය.  ඒ පිරිස තමයි, අනතුරුව මේ රටේ ආණ්ඩුව භාර ගත්තේ. ධර්මාපලතුමා දැල්වූ ජාතික විඥානය 56 මැතිවරණයෙන් ප්‍රකාශයට පත්වුණා කීවොත් නිවැරදියි. 

ධර්මපාලතුමා කියනවා ගමේ පන්සලේ පුස්තකාලයක් වගේ ම ස්වදේශ කර්මාන්තශාලා පිහිටුවන්න ඕන කියලා?

බෞද්ධ අරමුදලට ආධාර එකතු කරන්න ලංකාවට පැමිණි ඕල්කට්තුමාගේ භාෂා පරිවර්තක ලෙස ධර්මපාලතුමාට රට පුරා චාරිකාවේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. සිංහලයා අසීමිත ලෙස දුප්පත්භාවයේ ගිලි ඇති ආකාරයත් බෞද්ධ සංස්කෘතිය පරිහානියට පත්ව ඇති ආකාරයත් ධර්මපාලතුමාට සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව එහි දී ලැබෙනවා. සියවස් ගණනක් ස්වයංපෝෂිතව පැවැති රටක් මේ විදිහට පරිහානියට පත්වීම එතුමාගේ කම්පාවට හේතු වෙනවා. මේ දුප්පත්කමින් මිදීමේ මාර්ගය විදිහට එතුමා දැක්කේ බුදු දහම අනුව ජීවත් වීම සහ කර්මාන්ත දියුණු කිරීම. ඒ නිසා තමයි, සෑම ගමක ම තිබෙන පන්සලේ පුස්තකාලයක් සහ කර්මාන්තශාලා පිහිටුවන්න ඕන කියලා එතුමා ප්‍රකාශ කළේ. 

අපි නිදහස ලබලත් දැන් දශක 7ක් ඉක්මවා ගිහින්, අද අපි දරුවන්ට ලබාදෙන්නේ ධර්මපාලතුමා අපේක්ෂා කළ අධ්‍යාපනය ද?

නැහැ, ධර්මපාලතුමා යෝජනා කළ අධ්‍යාපන ක්‍රමය සහ අද අපි ලබන අධ්‍යාපන ක්‍රමය අතර ලොකු වෙනසක් තියෙනවා. ධර්මපාලතුමා යෝජනා කළේ මහාවංශය පදනම් කරගෙන අපේ රටේ දරුවන්ට ඉතිහාසය උගන්වලා අවජාතක නොවන අභිමානවත් පරපුරක් ගොඩනගන්න. ඒ වගේ ම ජාතක කතා සහ ජනකතා ඉගැන්වීම් නිවැරදි චින්තනයක් සහිත ගැටලු නිරාකරණය කළ හැකි පරපුරක් බිහි කරන්න. නමුත් අපේ පාසල්වල ඉගැන්නුවේ අනුකාරක පේරාදෙණි උගතුන්ගේ ඉතිහාසය මිස මහාවංශ ඉතිහාසය නෙමෙයි. මේ නිසා අපට අභිමානවත් පරපුරක් හදා ගන්න බැරි වුණා. 

එතුමා ලෝකය පුරා බුදු දහම ප්‍රචාරය කිරීම ඔස්සේ වගේ ම ඉන්දියාවේ බුදු දහම නගා සිටුවීම ඔස්සේ උත්සාහ කළේ අපේ රටේ බෞද්ධ ප්‍රබෝධය සඳහා එය ශක්තියක් කරගන්න. අපේ රටේ අධ්‍යාපනයට බෞද්ධ ප්‍රතිපත්ති හඳුන්වා දීම සඳහා උවමනා ශක්තිය එමගින් ලබා ගන්න පුළුවන්. එය සාර්ථක කරගන්නත් අපට බැරි වුණා. අප පාසලෙන් ලද අධ්‍යාපනය අපේ සංස්කෘතියට බුදු දහම පදනම් කරගත් හර පද්ධතියට ආගන්තුකයි. අලුත් පරම්පරාවේ හැසිරීමෙන් එය තහවුරු වෙනවා.  

ධර්මපාලතුමා සිය දේශනාවලදී ජනතාවට කියනවා තම දරුවන් වහ වහා දඹදිව, ජපානය, ඇමෙරිකාව, ප්‍රංසය, ජර්මනිය ආදී රටවලට ගොස් ශිල්ප ශාස්ත්‍ර කර්මාන්ත උගෙන ආ යුතු බව? 

ඒ බටහිර රටවල කාර්මික විප්ලවය ඇති වෙමින් පැවැති යුගය. එකල නොයෙක් කාර්මික නිෂ්පාදන බිහි වෙනවා. නමුත් අපේ රටට කාර්මික අධ්‍යාපනය හඳුන්වා දෙන්න හෝ නව කර්මාන්ත හඳුන්වා දෙන්න සුදු පාලකයින් කිසිම අවස්ථාවක කටයුතු කළේ නෑ. ඔවුන් ලබා දුන්නේ අපේ රට දියුණුවට පදනමක් දමාගත හැකි ආර්ථික ශක්තියක් ගොඩනග ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. 

ඔවුන්ට අවශ්‍ය වුණේ අඩු වියදමින් තමන්ගේ පාලන කටයුතු කරගෙන යන්න ස්වදේශික ලිපිකරු පිරිසක් බිහි කරගන්න විතරයි. 

මේ අර්බුදය ධර්මපාලතුමා දකිනවා. ඒ නිසා තමයි, එතුමා මහාබෝධි අරමුදලින් යම් යම් කර්මාන්ත ඉගෙන ගන්න තරුණයින් ජපානය ඇතුළු විදෙස් රටවල පුහුණුවට යවන්නේ. අලියා ගිනි පෙට්ටි කර්මාන්තශාලාව පටන් ගන්නේ ධර්මපාලතුමා ඒ විදිහට පුහුණුව දුන් තරුණයෙක්. ඒ වගේ ම ලංකාවේ පළමු පේෂ කර්මාන්ත ආයතනය පටන් ගන්නේ ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් එතුමා උපන් ගෙදරමයි. ඒ වගේ ම රටේ ප්‍රභූන්ට ආරාධනා කරනවා තරුණයින්ට විදෙස් රටවලට ගිහින් කර්මාන්ත ඉගෙන ගන්න ආධාර කරන්න කියලා. එතුමා දැනගෙන හිටියා අපේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න නම් යා යුතු මාර්ගය එයයි කියලා.

ඒ වගේ ම එතුමාට ලෝකය ගැන පුළුල් අවබෝධයක් දැනුමක් තිබුණා. චීන දරුවන් තාක්ෂණය සහ කර්මාන්ත ඉගෙන ගන්න ඇමරිකාවට යවන හැටි එතුමා දැක්කා. ඉන්දියාවේ ජපානයේ දරුවන්ට කර්මාන්ත උගන්වන අයුරු එතුමා දුටුවා. ඒ නිසායි, අපේ දරුවන් ඒ රටවලට යොමු කරලා කර්මාන්ත උගන්වන්න දිරිමත් කළේ. මහා චීනය යනුවෙන් ලිපියක් ලියමින් ධර්මපාලතුමා ප්‍රකාශ කළා, අබිං කන්න පුරුදු කළ චීන ජාතිය දැන් ඉන් මිදිලා දියුණුවේ මාවතට පිවිසිලා අවසන්, ඔවුන් නුදුරේ දීම දියුණු රාජ්‍යයක් වෙයි කියලා. අද චීනය එදා තමන් ගුරුහරුකම් ගත් ඇමරිකාව අභිබවා ලෝක ආර්ථික බලවතා බවට පත්වෙලා. මහා දුරදක්නා නුවණකින් කටයුතු කළ ධර්මපාලතුමා උත්සාහ කළේ අපේ රටත් ඒ මාර්ගයේ යවන්න.

ධර්මපාලතුමා කාර්මික අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව අවධාරණය කළත් අපේ පාසල් අධ්‍යාපනයට තාක්ෂණික විෂය මාලා එකතු කළේ 2012 අවුරුද්දේ. ඒ ධර්මපාලතුමා ඒ පිළිබඳ කතා කරලා අවුරුදු 100කට විතර පස්සේ. අපේ විශ්වවිද්‍යාලවලට මේ විෂය හඳුන්වා දෙන්නේ 2014. මේක ඉතා ම කනගාටුදායක තත්ත්වයක්. නමුත් අවුරුදු 100කට පස්සේ කළත් එය ඉතා ම ප්‍රගතිශීලි පියවරක්. 

ධර්මපාල චින්තනයෙන් වර්තමාන අධ්‍යාපන ක්‍රමයට ලබා ගත හැකි ගුරුහරුකම් මොනවා ද?

අපේ රට දියුණුව කරා මෙහෙය වන්න නම් මේ රටේ අධ්‍යාපනය තුළට නව චින්තනයක් ගෙන එන්න ඕන. ඒ සඳහා ධර්මපාලතුමා පෙන්වා දුන් අපේ සභ්‍යත්වය පදනම් කරගත් බෞද්ධ චින්තනය මිස වෙන විකල්ප නෑ. හැබැයි බොහෝ දෙනා මේ වචනෙට පවා කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි, මෙතෙක් එය කිසිවෙකුට කරගන්න බැරි වුණේ. ආගම කතෝලික හින්දු ක්‍රිස්තියානි, ඉස්ලාම් කුමක් වුවත් මේ රටේ සභ්‍යත්වය පදනම් කරගත් අධ්‍යාපනයක් සියලු දරුවන්ට ලබා දිය යුතුයි. 

ධර්මපාලතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතික වීරයෙක්. එතුමා සිංහල ජාතියට දියුණු වෙන මාර්ගය පැහැදිලි කරන්න කතා නොකළ දෙයක් නෑ. කන බොන විදිහ අඳින පළඳින විදිහ විතරක් නෙමෙයි, වැසිකිළියට ගිහින් හෝද ගන්න හැටි පවා කියලා දුන්නා. නමුත් එතුමා ජාතික ව්‍යාපාරයෙන් නෙරපා හරින්න පිරිසක් නොයෙක් දේ කළා. ඒක අසාර්ථ වුණා ම එතුමා බෝධිසත්වයෙක් බවට පත් කරලා බුදු දහම ගලවා ගන්න පැමිණි ආගමික නායකයෙක් ලෙස සමාජගත කළා. 

ගුණදාස අමරසේකර මහත්තයා අනගාරික ධර්මපාල මාස්ක්වාදී ද කියන කෘතිය ඔස්සේ මේ පිළිබඳ කතා කරන්න කලින් අපි වුණත් ධර්මපාලතුමා හඳුනා ගත්තේ ආගමික නායකයෙක් විදිහට. නමුත් බහුතර සමාජයට අදත් එතුමාගේ සමාජ දේශපාලන සංස්කෘතික කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නෑ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. 

බුද්ධි ගලනය වැනි අපි අද මුහුණ දෙන අභියෝගවලට ධර්මපාල අධ්‍යාපන චින්තනයෙන් ලබා දියහැකි විසඳුම් මොනවා ද?

ධර්මපාලතුමා කියනවා, අපේ සංස්කෘතික උරුමය, සභ්‍යත්වය පිළිබඳ අවබෝධයක් අභිමානයක් ලබා දෙන අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය යුතුයි කියලා. එතකොට තමයි, අපට අපේ ජනතාව ගැන ආදරයක් ඇති වෙන්නේ. එතකොට තමයි, අපේ පවුල දූ දරුවන් වෙනුවෙන් කරදර ඉවසනවා වගේ, ඒ ජනතාව වෙනුවෙන් කරදර ඉවසන්න පුළුවන් මනසක් හැදෙන්නේ. කැපකිරීම් කරන්න පුළුවන් වෙන්නේ. 

බුද්ධිගලනය කියන්නේ අපේ උගත්තු මේ රටේ තත්ත්වයට අනුගත වෙලා ඒ දුෂ්කරතා විඳිමින් කටයුතු කරන්න සූදානම් නැති නිසා ඇති වෙන ප්‍රශ්නයක් නෙ. නියම බෞද්ධ හර පද්ධතිය තුළ හැදුණා නම් මේ විදිහට රට අතහැර ගොස් සැප හෝ නිදහස සෙවීමට අලුත් පරපුර පෙළඹෙන්නේ නෑ. මහාවංශයේ ගැමුණු කුමාරයාගේ කතාවේ පේළියක් පේළියක් ගාණේ අපට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. රට දුෂ්කර කාලයක් පසු කරද්දි අපි අපේ හර පද්ධතිය තුළ ඉඳගෙන කටයුතු කළ යුතු ආකාරය ගැමුණු කුමාරයාගේ චරිතයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. අපේ සම්ප්‍රදාය තුළ පරපුරෙන් පරපුරට ඒ කුසලතා ගෙන ආවේ වංශකතා ජාතක කතා ඇතුළු කතාන්දර සම්ප්‍රදාය ඔස්සේ. අද දරුවන් විතරක් නෙමෙයි, ඒ දරුවන්ගේ දෙමාපියන් පවා මේ සම්ප්‍රදායෙන් ඈත් කරලා. 

"මේ රටට ගෙනෙන පිටරට භාණ්ඩ මේ රටේ හදා ගැනීමට පුළුවන්කම තිබිය දී අපේ ධනය පිටරටට යවන්ට කටයුතු කරන්නේ මන්ද" කියලා ධර්මපාලතුමා වසර 100කට කලින් අහනවා? වර්තමානයේ ආර්ථික අර්බුදය මැද ඔබ කොහොමද මේ ප්‍රකාශය දකින්නේ?

එකල මේ රටේ ඉහළ මධ්‍යම පන්තියේ මිනිස්සු කෙතරම් අවිචාරවත් විදිහට පිටරට සංකර භාණ්ඩ සඳහා වියපැහැදම් කළ හැටි ධර්මපාලතුමා දකිනවා. සිංහල මිනිහට සුද්දන්ගෙන් උගතයුතු බොහෝ දේවල් තිබුණත් සිංහලයා සුද්දාගෙන් ඉගෙන ගත්තේ සුද්දා වගේ අඳින්නයි, ඉංගිරිසි කතා කරන්නයි අරක්කු බොන්නයි විතරයි කියලා එතුමා කියනවා. ඉංගිරිසිකාරයෝ කර්මාන්ත කළාට සිංහලයෝ ඒවා ඉගෙන ගත්තේ නෑ. 

ඉහළ මධ්‍යම පන්තිය අදත් ඒ විදිහට ම අපේ රටට ඔරොත්තු නොදෙන ආකාරයේ නාස්තිකාර වියදම් කරනවා. සෙසු පිරිස පුළුවන් විදිහට ඔවුන් අනුකරණය කරමින් ඔවුන් පසුපස යනවා. අපි ධර්මපාලතුමා පෙන්වා දුන් මග ගියේ නෑ. එහි ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. ඉහළ මධ්‍යම පන්තිය සංකර වියදම් නතර කළොත් අපට මේ අර්බුදයෙන් මිදෙන්න පුළුවන්. මොකද ඔවුන් අනුකරණය කරන පිරිසත් එතකොට ඒ මාවතේ යනවා. දේශපාලකයින්ට විතරක් බැනලා මේ අර්බුදයෙන් මිදෙන්න අපට බෑ. මේ සියල්ලට ම හේතුව අප ලද අධ්‍යාපනය පදනමක් නැති අවජාතක අධ්‍යාපනයක් වීමයි. 

ධර්මපාලතුමා වරක් කියනවා, අපි සියලු දෙනා මහායාන බෞද්ධයින් වගේ හැසිරිය යුතු කාලයක් ඇවිත් තියෙන්නේ කියලා. ශ්‍රාවකවාදය අනුව අපට ශ්‍රාවකයෙක් විදිහටත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මහායානය අනුව සියලු දෙනා බෝධි සත්වයෝ. බෝධිසත්වයින් සියලු දෙනා බුදු වෙනවා. ඒ බෝධිසත්වයින්ට අනෙක් අයට උදව් කරමින් බුද්ධත්වයට පත්වීම කල් දමමින් සසරේ ඇවිදින්න පුළුවන්. ධර්මපාලතුමා කියන්නේ මහායාන බෝධිසත්වයින් වගේ අපි සියලු දෙනා අනික් අයට උදව් කරමින් ජනතාව දුප්පත්කමින් මුදාගත යුතුයි කියලා. මේ වෙලාවේ ධර්මාපාලතුමාගේ අධ්‍යාපන සහ ආර්ථික දැක්ම යාවත්කාලීන කරලා ඉදිරියට ගත්තොත් අද අපේ රට අද මුහුණ දෙන ආර්ථික අභියෝගය වෙස් වලා ගත් ආශීර්වාදයක් කරගන්න පුළුවන්.

සංවාද සටහන
නාමල් උඩලමත්ත

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.