පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (2) පැවැති අදාළ පෙත්සම් විභාගය සඳහා නිරීක්ෂකයකු ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, අවසානයේ සිදුවු දේ ඒක ඉතාමත් කණගාටුදායකය බවය.
එමෙන්ම පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකිරීම සම්බන්ධයෙන්ද ස්ටීවන් තිරූ මහතා මෙහිදී අදහස් දැක්වීය.
අධිකරණයේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතිශය වැදගත් වන මෙවැනි කරුණක් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) පත් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ ප්‍රජාව අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බවද ස්ටීවන් තිරූ මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මෙවැනි වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු විභාග කිරීම සඳහා විශාල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලබන නමුත්, මෙම නඩුව සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද හෙතෙම පැවසීය.
එබැවින් මෙවැනි තීරණාත්මක නඩුවක් සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නොදීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කළ ඒ මහතා, මෙය අධිකරණයේ ස්වාධීනත්වය හමුවේ මතුවන බරපතළ ගැටලුවක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මං අද ආවේ මේ නීති කෘත්‍ය බලන්න. අප විසින් සිදුකළ නිරීක්ෂණයන් පදනම් කරගනිමින් අපි වාර්තාවක් සකස් කරනවා. විනිසුරුවරුන් අද දවස පුරාම ඉතා ඉවසීමෙන් යුක්තව මෙම නීති කෘත්‍ය හැසුරුවා. ඔවුන් නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා.
කෙසේ වෙතත් අවසානයේ සිදුවූ දේ එක ඉතාමත් කනගාටුදායකයි. පෙත්සම්කරුවන්ට, නීතිඥවරුන්ට පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. ඔවුන්ට කිව්වා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකරන්න කියලා.
බොහොමයක් අධිකරණ ක්‍රියාවලිවලදී ඒක ඒතරම් සුලබ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම මේවගේ වැදගත් නඩුවලදී වාචික පිළිතුරුදීමේ අයිතිය සාමාන්‍යයෙන් ලබාදෙනවා.
ඉතින් මට හිතෙනවා ඒක හරිම කනගාටුදායකයි කියලා. අපේ අදහස නම් ඔවුන්ට තිබ්බා පිළිතුරුදීමට අවස්ථාවක් ලබාදෙන්න.
මම මෙතන නීතිඥ සංගමයේ සාමාජිකයන්ගෙන් දැනගත් දේ තමයි, මෙතන පූර්ණ විනිසුරු මඩුල්ලක් සිටියේ නැහැ. මොකද මේක ඉතාමත් වැදගත් නීති කෘත්‍යයක්.
සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉන්න ඕන. මට කිව්වා ඔවුන්, ඔවුන්ගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා කියලා. එතන ගැටලුවක් තියෙනවා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකළේ ඇයි කියලා.
දෙපාර්ශ්වය විසින් තර්ක කරනු ලැබූ නඩුවේ හොඳ නරක පිළිබඳ මා අදහස් දක්වන්නේ නැහැ. ඒක අපේ රාජකාරිය නෙමෙයි. නමුත් අධිකරණයේ ස්වාධිනත්වය කියන්නේ ඉතාමත් වැදගත් සංකල්පයක්.
ඒ නිසා එය ආරක්ෂා විය යුතුයි. සියලුම නීති තර්ක පැත්තකින් තියමු. අධිකරණයේ ස්වාධිනත්වය පළුදුවීමට යම් පියවරක් අරගෙන තියෙනවා නම් එය ඉවත් කළ යුතුයි. එම සැකය දිගටම පවතිනවා නම් තීතිය ගැන තර්ක කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ..."
මූලාශ්‍රය - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..