News Category
From Date
To Date
Maximum Number of Result

‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ

Sep 2, 2026 at 11:38 AM
|

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය. රුසියානු සිවිල් ගුවන් සේවාවලට ප්‍රහාර එල්ල කරන බවට කියෙව් පාර්ශ්වයෙන් එල්ල වන වඩ වඩාත් මංමුලා සහගත තර්ජන “රාජ්‍ය ත්‍රස්තවාදය” ලෙස හෙළා දුටුවේය. එමෙන්ම යුක්රේන භූමියේ ස්ථානගත කර තිබෙන බ්‍රිතාන්‍ය හමුදා පහසුකම් “නීත්‍යානුකූල ඉලක්ක” බවට පත්වනු ඇතැයිද අනතුරු ඇඟවීය.

බිෂ්කෙක්හිදී මාධ්‍යවේදීන් අමතමින් පුටින්, යුක්රේනය වෙත අවි රැගෙන යන නැව්වලට මොස්කව් විසින් එල්ල කරන ප්‍රහාර, ඇමරිකානු බුද්ධි අංශ සමඟ පවතින සම්බන්ධතා, ට්‍රම්ප්ගේ නියෝජිතයන් සමඟ පවතින සාකච්ඡා, ජර්මනිය සමඟ පවතින සබඳතා සහ  “අධිරාජ්‍යවාදයේ මෝරුන්” ලෙස ඔහු හැඳින්වූ බටහිර බලවේග පිළිබඳවද අදහස් දැක්වීය.

එහිදී පුටින් ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු මෙසේය:

‘සතුරා කඩා වැටෙනු ඇත’

යුක්රේන හමුදා ක්‍රමයෙන් භූමිය අහිමි කරමින් සිටින බව පුටින් පැවසූ අතර, යුද්ධය “කුරිරු සහ අනාවැකි පළ කිරීමට අපහසු” බැවින් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය නිශ්චිතවම කවදා පැමිණේදැයි පැවසීමෙන් වැළකී සිටියේය.

රුසියානු හමුදා ඉදිරියට යමින් සිටිනවා පමණක් නොව, “ප්‍රහාරයේ වේගය වැඩි කරමින්” සිටින බව ඔහු පැවසීය. ඉදිරි පෙළේ වර්ධනයන් පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමින් පුටින් කියා සිටියේ රුසියානු හමුදා ස්ලාවියන්ස්ක්, ක්‍රමටෝර්ස්ක් සහ දෘෂ්කොව්කා දෙසට ළඟා වෙමින් සිටින බවයි. එමෙන්ම යුක්රේන සෙබළුන් 5,000කට ආසන්න පිරිසක් ක්‍රස්නොස්කොල්ස්කොයේ ජලාශය ආසන්නයේ භෞතික වශයෙන් වටලනු ලැබ ඇති බවද ඔහු පැවසීය.

සපොරොෂ්යේ කලාපයේ සහ සුමි දෙසටද රුසියානු හමුදා ඉදිරියට ගමන් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

“සතුරා ‘කඩා වැටෙනු’ ඇති බවට මට කිසිදු සැකයක් නැහැ. නමුත් එය සිදුවන කාලය පිළිබඳ ප්‍රශ්නය සෑම විටම ඉතා සංකීර්ණයි.”

වර්තමාන යුද පෙරමුණු රේඛාව ඔස්සේ ගැටුම හුදෙක් "කැටිකිරීමේ” යෝජනාද රුසියානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

“අපට එය කැටිකිරීමට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ යුද්ධය අවසන් කර, යුක්රේනයේ මෙන්ම යුරෝපයේද ස්ථාවර සහ සම්පූර්ණ සාමයක් ඇති කිරීමයි.”

‘ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා නැහැ’

රුසියානු ගුවන් අවකාශය භාවිත කරන සිවිල් ගුවන් සේවාවලට ප්‍රහාර එල්ල කරන බවට ව්ලැදිමීර් සෙලෙන්ස්කි කළ තර්ජනය පිළිබඳව විමසූ විට පුටින් පැවසුවේ එම ප්‍රකාශය “රාජ්‍ය ත්‍රස්තවාදයේ උත්සාහයක්” බවයි. එය සිදුවන්නේ එකවරම කියෙව් පාර්ශ්වය “සාකච්ඡා සහ පෞද්ගලික හමුවීම්” සඳහා කැඳවුම් කරන පසුබිමක බවද ඔහු පෙන්වා දුන්නේය.

“ ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කරන්නේ නැහැ,” යැයි පුටින් පැවසූ අතර, සිවිල් ගුවන් යානා වෙත සැබෑ ප්‍රහාර එල්ල වුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට මොස්කව් ක්‍රමයක් සොයා ගනු ඇති බවට අනතුරු ඇඟවීය.

යුක්රේන දේශපාලන සහ හමුදා නායකයන් ඉලක්ක බවට පත්විය හැකිදැයි විමසූ විට පුටින් පැවසුවේ, මේ දක්වා මොස්කව් එවැනි ප්‍රහාරවලින් වැළකී සිට ඇති බවයි. එයට හේතුව අනාගතයේදී සාකච්ඡා කිරීමට යුක්රේන පාර්ශ්වයේ යම් පුද්ගලයන් අවශ්‍ය විය හැකි බැවින් බව ඔහු පැවසීය.

“මෙය ත්‍රස්තවාදය සඳහා කරන උත්සාහයක්. එය තවමත් ත්‍රස්තවාදයට මාරුවීමක් නොවේ. එවැනි තත්ත්වයකට පැමිණියහොත් අපි ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි බලමු. ඒ සඳහා අවශ්‍ය මෙවලම් අපි සොයා ගන්නවා.”

‘ඔවුන් අපට පහර දුන්නා — ඔවුන්ට නිසි පිළිතුරක් ලැබෙනු ඇත'

රුසියානු සිවිල් සහ ඉන්ධන යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස යුක්රේන බලශක්ති පහසුකම් වෙත “මහා පරිමාණ ප්‍රහාර” සඳහා සූදානම් වන ලෙස රුසියානු හමුදාවට නියෝග කර ඇති බවද පුටින් පැවසීය.

යුක්රේන ඩ්‍රෝන යානා නැවතත් රාත්‍රියේදී මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග්හි ගුවන් ආරක්ෂක පද්ධති හරහා ඇතුළු වී රුසියානු තෙල් පිරිපහදු කම්හල් තුනකට පහර දීමට උත්සාහ කළ නමුත් එම ප්‍රහාර ව්‍යර්ථ කළ බව ජනාධිපතිවරයා පැවසීය.

“ඔවුන් අපට පහර දුන්නා — ඔවුන්ට පිළිතුරක් ලැබෙනු ඇත. තත්ත්වය දැනට දළ වශයෙන් එපමණයි.”

දුර්වල ආරක්ෂාවක් සහිත අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සඳහා තාවකාලික රාජ්‍ය කළමනාකරණය ලබාදීමට අවසර දෙන නව නියෝගයක් හඳුන්වා දී ඇත්තේ ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම් සහ රාජ්‍ය ආයතන අතර වඩාත් සමීප සහයෝගීතාවක් ඇති කිරීම සඳහා බවද පුටින් පැවසීය.

එය රජයට පවරා ගැන්නිමක් ලෙස පළවන අදහස්ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

‘කියෙව් පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කළා’

යුක්රේනයට අවි හෝ පතොරම් රැගෙන එන නෞකා පමණක් ඉලක්ක කරමින් රුසියාව යුක්රේන නාවික ප්‍රවාහනයට ප්‍රහාර එල්ල කළ බව පුටින් අවධාරණය කළේය. ප්‍රහාරවලින් පසු ඇති වූ ද්විතීයික පිපිරීම් එම නැව්වල තිබූ භාණ්ඩවල ස්වභාවය තහවුරු කළ බවද ඔහු පැවසීය.

“අපි ඇතැම් නෞකාවලට නිරවද්‍ය ප්‍රහාර එල්ල කළා. නමුත් ඒවා සැබවින්ම තෝරාගත් ඉලක්ක වුණා.” සෙලෙන්ස්කි රුසියානු ආර්ථිකය සහ සැපයුම් ජාලය ඉලක්ක කරගත් බව ප්‍රචාරය කළ දින 40ක මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව පමණක් මොස්කව් සිය නාවික ප්‍රතිචාරය පුළුල් කළ බව පුටින් පැවසීය.

පුටින්ට අනුව, කියෙව් රුසියාවට කිසිදු “තීරණාත්මක හානියක්” සිදු කිරීමට අසමත් වූ නමුත් නෞකා 100කට පමණ පහර දී විදේශිකයන් ඇතුළු නාවිකයන් කිහිප දෙනෙකු ඝාතනය කර තිබේ. “ඔබම පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කළා — දැන් එයින් එන දේ භාරගන්න.”

සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන් අප්‍රිකානු රටවල සාගතය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වැඩසටහනක් ලෙස මුල් කළු මුහුදු ධාන්‍ය වැඩසටහන ප්‍රවර්ධනය කළ බව පුටින් සිහිපත් කළේය.

කෙසේ වෙතත්, ඔහුට අනුව එම වැඩසටහන යටතේ යුක්රේනයෙන් අපනයනය කළ ධාන්‍යවලින් සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළවලට ළඟා වූයේ සියයට 0.2ක් පමණි. වැඩි ප්‍රමාණයක් සාපේක්ෂව ධනවත් යුරෝපීය රටවලට ප්‍රවාහනය වූ බව ඔහු පැවසීය.

CIA සම්බන්ධතා සහ ට්‍රම්ප්ගේ ‘ආදරණීය අමුත්තන්’

රුසියානු සහ ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානීන් අතර සම්බන්ධතා පැවතීම අසාමාන්‍ය දෙයක් නොවන බව පුටින් පැවසීය. සීතල යුද්ධ සමයේදී පවා එවැනි සන්නිවේදන මාර්ග විවෘතව පැවති බව ඔහු සිහිපත් කළේය.

ට්‍රම්ප්ගේ සමීප හිතවතුන් වන ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් විශේෂයෙන් සඳහන් කළ පුටින්, ඔවුන් අවංක සාකච්ඡාකරුවන් බවත්, ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශ්වාසය ඔවුන්ට හිමි බවත් පැවසීය.

“කුෂ්නර් මහතා සහ විට්කොෆ් මහතා මෙහි සැමවිටම සාදරයෙන් පිළිගන්නා අමුත්තන්. අපි ඔවුන් සමඟ සතුටින් වැඩ කරනවා.”

යුක්රේනය සම්බන්ධ සාකච්ඡාවලට නිශ්චිත දායකත්වයක් ලබාදිය හැකි නම් අමතර පාර්ශ්වකරුවන්ටද එක්වීමට මොස්කව් විවෘතව සිටින බව පුටින් පැවසීය. එහෙත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය “අර්ථ විරහිත ආකාරයකට” ගමන් කිරීමට ඉඩ නොදිය යුතු බවට ඔහු අනතුරු ඇඟවීය.

බ්‍රිතාන්‍ය ඉලක්ක සහ ‘හමුදා රහස’

යුක්රේන භූමියේ පිහිටුවනු ලබන ඕනෑම බ්‍රිතාන්‍ය හමුදා පහසුකමක් රුසියානු හමුදාවේ “නීත්‍යානුකූල ඉලක්කයක්” ලෙස සලකන බව පුටින් තහවුරු කළේය. “යුක්රේනයේ ඇති ඕනෑම හමුදා පහසුකමක් අපගේ නීත්‍යානුකූල ඉලක්කයක්.ඒවා බ්‍රිතාන්‍යයට අයත් වුවත්, වෙනත් ඕනෑම රටක ඒවා වුවත් ඒවා රුසියාවේ ඉලක්ක.”

රුසියාවට එරෙහි ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍ය අවි භාවිත කළහොත් බ්‍රිතාන්‍යය තුළම පිහිටි හමුදා කර්මාන්ත පහසුකම්ද ඉලක්ක බවට පත්විය හැකිදැයි විමසූ විට පුටින් මොස්කව්හි “රතු සීමා” පිහිටා ඇත්තේ කොතැනදැයි හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය.

“ඒක රහසක්. හමුදා රහසක්.” පුටින් අවධාරණය කළේය.

ජර්මනියට අවශ්‍ය වන්නේ ‘බොත්තම ඔබන්න’ පමණයි

ලීප්සිග්හි සිදුවූ ඩ්‍රෝන සිද්ධිය සම්බන්ධයෙන් ජර්මනිය එල්ල කරන චෝදනාද පුටින් ප්‍රතික්ෂේප කළේය. ඔහු කියා සිටියේ බර්ලින් පාලනය අභ්‍යන්තර දේශපාලන සහ ආර්ථික ගැටලු වලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා “ආක්‍රමණශීලී රුසියාවක්” පිළිබඳ තර්ජනය ඉස්මතු කරමින් සිටින බවයි.

මීට පෙර රුසියාව තමන්ගේම නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල පද්ධති විනාශ කළ බවට එල්ල වූ චෝදනාද ඔහු සිහිපත් කළ අතර, යුරෝපයට ගෑස් අලෙවි කිරීමේ රුසියාවේම ආර්ථික උනන්දුව සලකා බැලූ විට එම චෝදනාව “විකාරයක්” බව පැවසීය. 

ජර්මනියට තවමත් ගෑස් සැපයීමට රුසියාවට හැකියාව ඇති බව ඔහු පැවසීය.“ඔවුන් කළ යුත්තේ බොත්තම ඔබන එක විතරයි.” එහෙත් ඇමරිකානු සම්බාධක හේතුවෙන් එසේ කිරීමට ජර්මානු නායකයන්ට දේශපාලන කැමැත්තක් නොමැති බව පුටින් පැවසීය. ජර්මනියේ පුළුල් රුසියානු ප්‍රතිපත්තිය ජර්මානු ජනතාවගේ අවශ්‍යතාවලට පටහැනි බවද ඔහු ප්‍රකාශ කළේය.

බටහිර ‘අධිරාජ්‍යවාදයේ මෝරුන්’

බටහිර රටවල් සමඟ රුසියාව මුහුණ දෙන ගැටුම පිළිබඳව මෑතකදී කළ ඔර්කා තල්මසුන්, ධ්‍රැවීය වලසුන් සහ රුසියාව සම්බන්ධ උපමාවක් පිළිබඳවද පුටින්ගෙන් විමසන ලදී. සාමූහික බටහිර බලවේග ඔර්කා තල්මසෙකුට සමාන කිරීම එම සත්වයාට කරන අසාධාරණයක් වනු ඇති බවට ඔහු විහිළුවක් කළේය. ඔර්කා තල්මසුන් බුද්ධිමත් සතුන් බවද ඔහු සඳහන් කළේය. ඒ වෙනුවට ඔහු පැරණි සෝවියට් ප්‍රකාශයක් යළි සිහිපත් කළේය:  “අධිරාජ්‍යවාදයේ මෝරුන්.”

“යම් කෙනෙක් අපව ආහාර දාමයේ පහළට ඇද දමා ගිල දැමීමට උත්සාහ කළහොත්, ඔවුන්ගේ දත්වලට පහර එල්ල විය හැකියි. මෙම මෝරුන්ගේ ආහාර රුචිය සහ දත් වේගයෙන් වර්ධනය වුවද, රුසියාව එසේ කිරීමට සූදානම්.”

‘Military secret’: Putin keeps Kiev and London guessing over Russia’s ‘legitimate targets’ (KEY REMARKS)

සම්බන්ධිත පුවත් | Related News

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙරට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාවක් නොමැති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නඩු තීන්දුව අනුව කොන්දේසි විරහිතව පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිව නිදහස් කළ නොහැකි බව, මාලිමාවේ නීතිඥ සංගමයේ නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි.
විහාර මහා දේවී උද්‍යානයේදී පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.
ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.
දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රධාන පුවත්

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

යුක්‍රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්!

බයිඩන් පාලනය යටතේ යුක්‍රේනයට ලබාදුන් ඇමරිකානු මිසයිලවලට සිදුවූයේ කුමක්දැයි ට්‍රම්ප් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..

සෞදි අරාබියේ ක්‍රියාත්මක වන දැවැන්ත හරිත ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට සැලසුම් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 130.16ක කොහුබත් ව්‍යාපෘතියක්, රාජ්‍ය ආයතනයක නිලධාරියකු විසින් නීතිවිරෝධී ලෙස අල්ලස් ඉල්ලීමක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇති බව වාර්තා වේ.

ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහා නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.

මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

තමන් වහන්සේගේ ඡන්දය මාලිමාවට ලබාදීම ගැන කණගාටු වන බවත්, ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලාගේ පාගමන ගැන නොදැන සිටියා නම්, ඔහු රටේ නායකයාද, නැතිනම් පැලවත්තේ නායකයාදැයි මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ ප්‍රශ්න කරති.

ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ

අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන සැලසුමේ කොටසක් වන්නේ ඇතුල් නුවර ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ලෙස අක්කර දෙසීයක භූමියක ඉඩම් සහ වන්දි ලබාදීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවත් ඇමති වසන්ත සමරසිංහ පවසයි.

ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්‍රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය තීරණය කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.