News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණය වෙලාවට පෙරට එන කැරට් අල

Aug 19, 2024 at 05:42 PM
|

2025 වසරේදී රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 25000කින් ඉහළ දමනවලු.. වර්ෂයකට දොස්තරලා පන්දාහක් පුහුණු කරන්න වැඩපිළිවෙළක් තියෙනවලු... 

පසුගියදාක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා  ලබන වසරේ රජයේ සේවකයන්ට රුපියල් 25000ක වැටුප් වැඩි කරනවා කියලා. 

රජයේ සේවකයෝ ආසන්න වශයෙන් ලක්ෂ දහතුනකට එහා පිරිසක් සිටින බව රහසක් නොවේ. 

හැබැයි වසර දහයකට පෙර වැටුප් වැඩි කරන ලද පැය 24 වැඩ කරන සීමාවාසික දොස්තරගේ හිගන වැටුප රුපියල්  64000 තාමත් එතන වර්ෂයකට  1500කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍යවරු. 

මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කළා ජනාධිපතිවරයාට ඔවුන්ට තිබුණු විශේෂ ගැටලු කිහිපයක් ඒකෙ තිබුණු ප්‍රධාන එක් කාරණාවක් තමයි මේ සීමාවාසික වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම  නමුත් ඒකට බාලගිරි දෝෂය වගේ ජනාධිපතිවරයාගේ පැත්තෙන්.

නමුත් කිසිදු උපාධියක් නැති මහ බැංකුවේ  කාර්යාල සහායකට ලක්ෂ දෙකකට ආසන්න වැටුපක් ගන්න ඒ ආයතන විසින්ම අනුමැතිය දෙනවා උපාධි අරගෙන පැය විසි හතර තිස්සේ වැඩ කරන දොස්තරට  වැටුප් වැඩිවීමක් නෑ. 

1500  කට පොඩි ගානක් වැඩි කරන්න බැරි ආණ්ඩුවට ලක්ෂ දහතුනකට රුපියල් 25000ක් දෙන්නේ කොහොමද? 

1390 කට පත්වීම් දෙන්න බැරි ආණ්ඩුව 5000 කට පත්වීම් දෙන්නේ කොහොමද? 

අඩු ගානේ රෝගීන් ගැන හිතලා හරි ඒ තීරණය ගන්න තිබුණා ඉල්ලීම අනුව නමුත් එහෙම කළේ නෑ බාලගිරි දෝෂය වගේ හෙට දෙන්නම් අනිද්ද දෙන්නම් වගේ තමයි කතාව. 

ඒ වගේම පසුගිය වසරේ ඔක්තෝබර් 31 සීමාවාසික පුහුණුව සම්පූර්ණ කරපු වෛද්‍යවරු 1390 කට පත්වීම් දුන්නේ මේ අගෝස්තු මාසේ මාස දහයකට අධික කාලයක් පත්වීම් දෙන්න ප්‍රමාදයි. 

පත්වීම් දෙන්න ප්‍රමාද වීමට හේතුව දොස්තරලට පත්වීම් දෙන්න බැරිලු පත්වීම් ප්‍රමාණය සම්පූර්ණ වෙලා තියෙන්නේ කියලා තමයි  ආණ්ඩුව පැත්තෙන් කියන්නේ. 

බඳවා ගන්නේ නැත්තේ රටේ වෛද්‍යවරුන් ඇති කියන පදනම නිසාද යන්න බරපතල ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවෙනවා.

මේ පාරත් දෙදහසකට වඩා වෛද්‍ය පීඨ  වලට ගන්නවලු. 

එතකොට දැන්  1390කට වසරකට ආසන්න කාලයක් තිස්සේ දෙන්න බැරි පත්වීම්.

සීමා වාසික පුහුණුව ලබන  1500කට ආසන්න ප්‍රමාණයක්  සහ වෛද්‍ය පීඨ වල ඉගෙනුම ලබන සහ දොළොස් දහසකට ආසන්න ප්‍රමාණයකට දෙන්නේ කොහොමද  යන්න ප්‍රශ්නයක්.

ඊටත් වඩා ප්‍රශ්නය තව පන්දාහක් අවුරුද්දකට ආවොතින් කොහොමද පත්වීම් දෙන්නේ? 

රටේ දොස්තරවරු හිඟයි. ඒ නිසා පර්යන්ත රෝහල් වැහිලා යනව 

වැඩි වැටුප්  හොයාගෙන  දොස්තරලා පිටරට යනව කියලා තමයි නිතරම ඇහෙන්නේ. 

ඒ නිසා පෞද්ගලික ඒවා දාලා හරි දොස්තරලා වැඩි කරන්න කියලා තමයි ආණ්ඩුව කියන්නේ. 

බාල දොස්තරලා බිහි කරන්න වෛද්‍ය සභා ආඥා පනත වෙනස් කරන්න  ඒවා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා??

ලක්ෂ 125 ට වෛද්‍ය උපාධිය ගන්න ප්‍රමිතිය පැත්තකට දාපු  වෛද්‍ය පුද්ගලික වෛද්‍ය පීඨ බිහි කරන්න ලොකු උත්සාහයක් තියෙනවා. ඒකට ඉහළින් වැඩ කටයුතු සිදු වෙනවා. 

ලක්ෂ 125 ක් දීල පත්වීම්  ගන්න බැරි වුනොත් මොකද වෙන්නේ?

2048 දී දියුණු රටක්ලු ???

හැබැයි ඉතින් අපිට රටට නම් එහෙම බවක් පේන්නේ නෑ. 

නමුත් ජනාධිපතිවරයා  පැය 24 පුරා සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 1500කට ආසන්න පිරිසකගේ ඉල්ලීම ඉටු නොකර ලක්ෂ  දාහතරකට ආසන්න රජයේ සේවකයන් ප්‍රමාණයකට එහෙම වැටුපක්  දෙන්න පුළුවන් ද? 

1390 වසරකට ආසන්න කාලයක් තිස්සේ පරක්කු කරපු වෛද්‍ය පත්වීම් වසරකට 5000 ක්v ආවොත් දෙන්නේ කොහොමද? 

නැත්නම් දෙන්න සැලසුම් කරපු රුපියල් 25000 කුලියාපිටියේ වොක්ස්වැගන් කාර්මාන්ත ශාලාව වගේ බ්‍රේස්ලට් කතාව වගේ  තවත් කතාවක් පමණද?

මේ අනුව අපිට කියන්න තියෙන්නේ රුපියල් 25000ක් කියන්නේ තවත් සුරංගනා  කතාවක් පමණයි.   

හැමතැනම වස දාපු කැරට් අල, අපි පරිස්සම් වෙන්න ඕනේ  නොකා ඉන්න.

- මහජන යුතුකම් කේන්ද්‍රය

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.