පොළොවෙන් ආලෝක දිනයක් ඈතට ගිය එකම වස්තූව වසර 49ක අපූරු සංචාරයේ කතාව..
👉 මිනිසා විසින් නිර්මාණය කළ යානාවක් ඉතිහාසයේ පළමු වරට ඊයේ දිනයේ පෘථිවියේ සිට එක් ආලෝක දිනයක දුරක් ඈතට ගමන් කළා.
👉 එක් ආලෝක දිනයක් යනු ආලෝකය තප්පරයට කිලෝ මීටර් 299,792ක වේගයෙන් පැය විසි හතරක කාලයක් තුළ ගමන් කරන දුර ප්‍රමාණය.
👉 ඒ අනුව මේ දුර ප්‍රමාණය කිලෝමීටර් බිලියන 25.9 ක් තරම් අතිවිශාල අගයක්.
👉 ඒ කියන්නේ අද මේ යානය පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 25.9කට වැඩි දුරින් තමයි පිහිටා තිබෙන්නේ.
👉 ඊයේ දිනයේ ඒ කියන්නේ නොවැම්බර් 18 වැනිදා ලංකාවේ වේලාවෙන් සවස 3.46ට තමයි අදාළ යානය මේ දුර ප්‍රමාණය පසු කර ගියේ.
👉 මේ යානය තමයි වොයේජර් 1 කියන යානය.
👉 1977 සැප්තැම්බර් පස් වැනිදා නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කළ මේ යානය එතැන් සිට නොකඩවා වසර 49ක් තිස්සේ අභ්‍යාවකාශයේ සිට පෘථිවියට තොරතුරු ලබාදීම සිදු කරනවා.
👉 වොයේජර් 1 යානයේ මූලික අරමුණක් වුණේ බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක පිළිබඳ අධ්‍යයනය කිරීම. 1979 දී බ්‍රහස්පති ග්‍රහයා පසුකර ගිය එය 1980දී සෙනසුරු ග්‍රහයා වෙත ළඟා වුණා. එහිදී එම ග්‍රහලෝකවල සහ ඒවායේ උපග්‍රහයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වුණා.
👉 මේ අතර වොයේජර් යානයේ ගමනේ තවත් සුවිශේෂී අවස්ථාවක් 1990 පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබුණා. ඒ වන විට යානය පෘථිවියෙන් බොහෝ ඈතට ගොස් තිබුණා. එහෙත් නාසා ආයතනයේ ඉල්ලීම අනුව එය නැවත පෘථිවිය දෙසට සිය කැමරා යොමු කළා. එහිදී ලබාගත් එක් ඡායාරූපයක පෘථිවිය පෙනුණේ සූර්යාලෝක කිරණයක් අතර පාවෙන කුඩා නිල් පැහැති තිතක් ලෙසයි. මෙය Pale Blue Dot ලෙස හැඳින්වෙන ලෝ ප්‍රකට ඡායාරූපයයි. මේ ඡායාරූපය ලබාගැනීමෙන් පසු විවිධ තාක්ෂණික හේතු කාරණා මත යානයේ කැමරා සදහටම අක්‍රිය කෙරෙනවා.
👉 ඉන් අනතුරුව සෞරග්‍රහ මණ්ඩලයේ පිටත ප්‍රදේශ කරා ගමන් කළ යානය 2012 අගෝස්තු මාසයේදී සූර්යයාගේ බලපෑම සහිත හීලියෝගෝලය (Heliosphere) ඉක්මවා අන්තර්තාරකා අවකාශයට (Interstellar Space) ඇතුළු වුණා. එම අවකාශයට ඇතුළු වූ මිනිසා විසින් නිර්මාණය කළ පළමු යානය වූයේද වොයේජර් 1 යානයයි.
👉 මේ යානයේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ රත්‍රන් ආලේපිත තඹ තැටියක් වන Golden Record එකක් මේ සමඟ රැගෙන යාමයි. එහි පෘථිවියේ විවිධ භාෂාවලින් කළ ආචාර කිරීම්, සංගීතය, ස්වාභාවික ශබ්ද සහ මිනිස් ශිෂ්ටාචාරය නිරූපණය කරන රූප ඇතුළත් කර තිබෙනවා. එය පිටසක්වළ ජීවීන් වෙසෙතොත් ඔවුන්ට පෘථිවිය පිළිබඳ හඳුන්වාදීමේ සංකේතාත්මක උපායක්.
👉 දශක පහකට ආසන්න කාලයක් ගත වී තිබුණත් වොයේජර් 1 යානය තවමත් ක්‍රියාත්මකයි. එහි බලශක්ති සැපයුම ක්‍රමයෙන් අඩුවීම නිසා උපකරණ කිහිපයක්ම අක්‍රිය කර තිබෙන අතර, තවමත් ක්‍රියාත්මක උපකරණ කිහිපයක් මඟින් විද්‍යාත්මක දත්ත පෘථිවියට එවීම අඛණ්ඩව සිදු කෙරෙමින් තිබෙනවා.
👉 මිනිසා විසින් නිර්මාණය කළ කිසිදු වස්තුවක් මෙතෙක් ගමන් කර නොමැති තරම් දුරකට ගමන් කරමින් සිටින මේ යානය, මානව තාක්ෂණයේ සහ විද්‍යාත්මක ගවේෂණයේ අතිවිශිෂ්ට සන්ධිස්ථානයක් ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි