ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් ඊයේ විනිසුරු අමල් රණරාජා සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥවරුන් ප්‍රකාශකර සිටියේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සාධනීය පියවරක් ගෙන නොමැති බැවින් මෙම පෙත්සම් විවිදයට ගත යුතු බවයි.
චීවරය යනු සාරියක් වැනි ගලවා ඉවත්කළ හැකි දෙයක් නොවන බවත් ඒ අනුව ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී චීවරය සමග ඉදිරිපත් කිරීමටත් නැවත එය ඉවත් කිරීම කළ නොහැකි බව ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ප්‍රකාශ කර සිටින ලදී. එමෙන්ම ජනාධිපති නීතිඥවරුන් වන මනෝහරද සිල්වා, සංජීව ජයවර්ධන, උදිත ඉගලහේවා සහ අනුර මැද්දෙගොඩ මහත්වරුන් පෙන්වා දුන්නේ ඥානසාර හිමියන් නිකායේ භික්ෂු ලේඛනයෙන් ඉවත්කොට නැති බැවින් චීවරය ඉවත් කිරීම නීතිවිරෝධී බවත්, ඒ අනුව මෙම පෙත්සම් වෙනුවෙන් දීර්ඝ වශයෙන් කරුණු දක්වා සිටීමට ඉල්ලා සිටින ලදී. ඊයේ දින විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සහභාගී නොවන ලදී.
පූජ්‍ය තීනියාවල පාලිත හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි, පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද හිමි, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය දඹර අමිල හිමි සහ විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල හේමචන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කර තිබේ.
නැවත දෙසැම්බර් 01 දින පෙත්සම් විභාගය කැඳවීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ