ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ තියෙන්නේ මහජන බදු මුදල් තමයි.. අද නලින්ද කිව්වේ පට්ටපල් බොරු!
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අරමුදලට මුදල් ලැබෙනා ආකාර දෙකක් තියෙනවා.
1) විගමන බද්ද. මේ රටෙන් පිටවෙන සෑම පුරවැසියෙක්ම සහ විදේශිකයෙකුම බද්දක් ගෙවනවා.
මේ විගමන බද්ද (Embarkation levy) ඩොලර් 60 යි. මින් ඩොලර් 6 ක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශ අරමුදලට යනවා.
(නීතියට අනුව සියළු ගුවන් තොටුපළ බදු වලින් 1/3 ක් සංචාරක ප්‍රවර්ධන කාර්යංශ අරමුදලට යා යුතු වූවත් ගෙවන්නේ ඩොලර් 6 කි)
මේ බද්ද ශ්‍රී ලංකාවෙන් පිටත් වන සෑම ගුවන් ටිකට් පතකටම එකතු වෙනවා.
ඒ කියන්නේ මෙරට සිට දඹදිව වන්දනාවේ ගියපු අහිංසක අම්මලා, මැදපෙරදිග රස්සාවට ගිය කාන්තාවො, කොරියාවේ, ජපානේ රස්සාවට ගියපු කොල්ලො, මාලදිවයිනේ හනිමූන් ගියපු යුවලවල්, විනෝද වෙන්නේ බාලි ගියපු මිනිස්සු හැමෝම මේ බද්ද ගෙවනවා.
සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ තියෙන්නේ ඒ මිනිස්සු ගෙවපු බදු මුදල්.
නලින්ද කොහොමද සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ මිනිස්සුන්ගේ බදු මුදල් නැහැ කියලා කියන්නේ ?
2) TDL හෙවත් සංචාරක සංවර්ධන බද්ද.
ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 10 කට වඩා ආදායම් උපයන සෑම තරු හෝටලයකින්ම 1% ක් බදු ලෙස ලබා ගන්නවා.
ඒ බද්ද සංචාරක ප්‍රවර්ධන කාර්යංශ අරමුදලට යනවා.
මේ රටේ තරු පන්ති හෝටල් වල වැඩිපුරම වියදම් කරන්නේ දේශීය මිනිස්සු.
ඔවුන් හෝටල් කාමර මිලට අරන්, කොෆි එකක් බීම දක්වාම ගෙවන මුදල මේ බද්ද ඇතුළේ තියෙනවා.
ඒ කියන්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්.
ආණ්ඩුව මහරාජාට දුන්නේ මේ රටේ දඹදිව ගියපු අම්මලා, මැදපෙරදිග රස්සාවට ගියපු කාන්තාවො, කොරියාවේ ජපානයේ ගියපු කොල්ලො ගුවන් ප්‍රවේශ පත්‍රයට ගෙවූ බදු මුදල්.
මේ රටේ මිනිස්සු කෝපි කෝප්පයක් බොද්දි ගෙවන බදු මුදල්.
ආණ්ඩුව හොරකම් කළා පමණක් නොවෙයි.
මේ මහජන බදු මුදල් කියලා කිව්වේ පට්ටපල් බොරුවක්.
...... ....... ........ ......... ........ ....... ........
නලින්ද!
මේ වංචාව ඔබ මාධ්‍ය ඉදිරියේ ආරක්ෂා කළාට, බොරු කිව්වාට කැබිනට් රැස්වීමේ දි මේ යෝජනාව පරාජය කරන්න ඔබ උත්සාහ කළා.
නමුත් අනුරගේ ඉල්ලීම නිසා අවසානයේ ඔබ නිහඬ වුණා.
ABU සමුළුවේ ජනපති ලඟ ආසනය වෙන් කරලා තිබුණේ ජනමාධ්‍ය ඇමති වූ නලින්දට නොවෙයි, සල්ලි අරන් දීපු විජිතට.
නලින්ද හිටියේ දෙවන පෙළ අසුනක.
ABU සංවිධානයේ ශ්‍රී ලංකාවේ පැරණිම සාමාජිකයා ජාතික රූපවාහිනිය.
ජාතික රූපවාහිනිය විසින් ABU සංවිධානයට ගෙවීමට තිබෙනා සාමාජික මුදල රුපියල් මිලියන 2.5 යි.
සිරසට මිලියන 100 ක් ලබා දුන් ඔබ ආණ්ඩුව, ජාතික රූපවාහිනියට මිලියන 2.5 ක සාමාජික ගාස්තු ලබා දුන්නේ නැහැ.
නමුත් ඔබ සහ ජාතික රූපවාහිනි සභාපති ගිහාන් ඩි සිල්වා සිරසට මුදල් ගෙවන මේ යෝජනාවට විරුද්ධ වුණා.
අවසානයේ ගිහාන් ඩි සිල්වා ABU සමුළුව වර්ජනය කළා.
මේ යෝජනාව පසුපස හිටියේ විජිත.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රධාන වගකීම තමයි ගෝලිය සංචාරක ප්‍රචාරණ ව්‍යාපෘතිය.
මාස අටක් තිස්සේ ගෝලිය සංචාරක ප්‍රචාරණ ව්‍යාපෘති වාර්තාව තියෙන්නේ විජිත හේරත්ගේ මේසය උඩ.
සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රධාන වගකීම ඉටු නොකළත්, ආණ්ඩුව සිරසේ කැබිනට් පත්‍රිකාව එක දිනයකින් අනුමත කරනවා.
පසුවදා මුදල් නිදහස් කරනවා.
එම නිසා ආණ්ඩුවට තවදුරටත් මේ සත්‍ය සඟවන්නට බැහැ.
ආණ්ඩුව සිරසට ලබා දුන්නේ රාජ්‍ය ආයතනයක, මහජන දේපළක් වූ, මහජන බදු මුදල් තමයි.
(සචින් රත්වත්තේගේ මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..