ලංකාව වටේ ම වතුර..
“රාමායනය” කියන්නේ බ්‍රාහ්මණ ආගමේ ප්‍රබන්ධ කතාවක්. පුරාණ කාලයේ හිටිය අපේ මුතුන් මිත්තෝ රාමායනය වගේ බමුණු කතන්දර ගැන වදවුණේ නෑ. ඒ අයට තමන්ගේ ලෝක අවබෝධය වෙනුවෙන් සහ අධ්‍යාත්මික අවශ්‍යතා වෙනුවෙන් ත්‍රිපිටකය සහ අටුවා ආශ්‍රිත ධර්මයත් බෞද්ධ සාහිත්‍යයත් ප්‍රමාණවත් වුණා. ඉතින් අපේ කිසිම පැරැණි බෞද්ධ සිද්ධස්ථානයක රාමායන කතන්දරයට අදාළ කැටයමක්, රූපයක්, වෙනත් නිරූපණයක් හොයාගන්න නෑ. අපේ කිසිම පැරැණි සෙල්ලිපියක රාම - රාවණා කතාවක් සඳහන් කරලා නෑ.
මුල් කාලයේ ඉඳලා ම, චෝළ වගේ රටවල්වලින් නිතර නිතර ආක්‍රමණ සිද්දවුනත් අපිට රාම - රාවණා වන්දනාවක් ලැබුණේ නෑ. අපි එහෙම වන්දනාවක් ගැන හිතුවෙත් නෑ. බ්‍රාහ්මණයන්ගේ ඒ කතා අපිට අදාළ නෑ. අපිට අපේ කතා තියෙනවා. උන්ට උන්ගේ කතා තියෙනවා. එච්චරයි.
මගේ දැනුමේ හැටියට, ක්‍රිස්තු වර්ෂ 993 දී සහ ක්‍රිස්තු වර්ෂ 1017 දී සිද්දවෙච්ච මහා චෝළ ආක්‍රමණ දෙකෙන්වත් අපි රාමායන කතාවක් උරුම කරගෙන නෑ. ක්‍රිස්තු වර්ෂ 1215 දී, අපේ රට ආක්‍රමණය කරලා මහා විනාශයක් කරපු කාලිංග මාඝයාගෙන්වත් අපි රාමායන කතන්දරේ උරුම කරගත්තේ නෑ.
දඹදෙණිය යුගයේ අවසාන කාලයේ දී සහ විශේෂයෙන් ම ගම්පොළ යුගයේ දී අපේ රටට ඉන්දියානු උප මහාද්වීපයේ උතුරින් සහ දකුණින් මිනිස්සු විශාල ප්‍රමාණයක් සංක්‍රමණය වුණා. ගස්නියේ මොහොමඩ් (Mahmud of Ghazni) විසින් ආරම්භ කරපු ආක්‍රමණ රැල්ල විසින් උතුරු ඉන්දියාවේ බලවත්වෙලා හිටිය රාජ්පුත්ලා පරාජයට පත්වුණා. ක්‍රිස්තු වර්ෂ 1192 කරපු දෙවැනි තුරෙන් යුද්ධයෙන් (Second Battle of Tarain) රාජ්පුත්ලාගේ බලය මුළුමනින් ම අවසන් වුණා. මේ විදිහට අල්ලගත්ත බිම්වල, ක්‍රිස්තු වර්ෂ 1206 දී, දිල්ලි සුල්තාන් පාලනය ස්ථාපිත කෙරුණා. පරාජයට පත්වෙච්ච රාජ්පුත්ලා දකුණට සංක්‍රමණය වෙන්න පටන්ගත්තා. මෙහෙම දකුණට පහු බැහැපු අයගෙන් පිරිසක් ලංකාවටත් ආවා.
ක්‍රිස්තු වර්ෂ 1270 – 72 කාලයේ දී, IV වැනි විජයබාහු (බෝසත් විජයබාහු) රජතුමා යටතේත් මිත්‍ර කියන සෙනෙවියා විසින් එතුමන්ව ඝාතනය කිරීමෙන් පස්සේ, ක්‍රිස්තු වර්ෂ 1272 – 1284 කාලයේ දී, I වැනි බුවනෙකබාහු රජතුමා යටතේත් බලවත්වෙලා හිටිය ඨාකූර සෙනෙවියා අයිතිවෙන්නේ උඩික් කියපු විදිහට ලංකාවට සංක්‍රමණය වෙච්ච උතුරු ඉන්දියානු රාජ්පුත් පාර්ශ්වයට කියලා කියනවා. මිත්‍ර සෙනෙවියා ඇති කරපු ආරවුල් විසඳන්න ඒ ඨාකුර සෙනෙවියාට පුළුවන් වුණා.
ඒ කාලයේ දී ම, දකුණු ඉන්දියානු ආක්‍රමණ සහ සංක්‍රමණත් සිද්දවෙමින් තිබුණා. I වැනි බුවනෙකබාහු රජතුමා මියයෑමෙන් පස්සේ යාපහුව ආක්‍රමණය කරලා දළදා වහන්සේත් පාණ්ඩ්‍ය දේශයට ඇරැගෙන ගිය ආක්‍රමණය ගැන අපි හැමෝම දන්නවා. ගම්පොළ යුගයේ දී, විශේෂයෙන් ම IV වැනි බුවනෙකබාහු (1341 - 1351) සහ V වැනි පරාක්‍රමබාහු (1351 - 1359) රජවරුන්ගේ කාලයේ දී, අපේ රටේ දේශපාලන බලය අත්පත් කරගත්ත අලකේශ්වර පවුලේ කට්ටිය සංක්‍රමණය වෙලා තිබුණෙත් දකුණු ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන්. මේ අලකේශ්වර පවුල රජතුමාටත් වඩා බලවත්වෙච්ච බව වාර්තාවෙලා තියෙනවා.
මෙන්න මේ විදිහට සිද්දවෙච්ච උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු ආක්‍රමණ සහ සංක්‍රමණත් එක්ක රාම - රාවණා කතන්දරෙත් ලංකාවට ආපු බව පැහැදිළියි. ගම්පොළ යුගයේ දී, විභීෂණ වන්දනාව පටන්ගන්නවා. කෝට්ටේ යුගය වෙද්දි, රාම - රාවණා ගැන එහෙන් මෙහෙන් කියැවෙන්න පටන්ගන්නවා. සැළැලිහිණි සංදේශයේ විභීෂණ දේව වර්ණනාවේ අන්තිම කවිය ඒ සඳහා හොඳ උදාහරණයක්. හැබැයි ඒ වෙනස්කම් දකින්න පුළුවන් වුනත් රාවණා ඇදැහිල්ලක්වත් රාමායන කතා ඇත්ත විදිහට සැළැකීමක්වත් ඒ යුගයේ සිද්දවුණේ නෑ. මේ ගැන ඉතාමත් හොඳ උදාහරණයක් ගිරා සංදේශයෙන් දක්වන්න පුළුවන්. ඒ සංදේශයේ අම්බලමේ කතාවලින් කියන්නේ වැලිතොට (දැන් බලපිටිය) පැත්තේ තිබිච්ච තත්ත්වයක්. ඒ කවිය මෙහෙමයි.
අයෙක් මිස දුටු ගත්
නොයෙක් කවි නළු රස දත්
පෙර තම-තමනු'ගත්
රාම සීතා කතා තෙපලත්
රාම - සීතා කතා කියෙව්වේ මිථ්‍යා දෘෂ්ටිකයෝ කියලයි මේ කවියෙන් කියන්නේ. මෙහෙම මිථ්‍යා දෘෂ්ටිකයෝ කියලා හඳුන්වන්නේ ඒ කාලේ ඉන්දියානු උප මහද්වීපයේ දකුණු ප්‍රදේශවලින් (ආන්ද්‍රා පැත්තෙන්) බලපිටිය පැත්තට සංක්‍රමණය වෙලා හිටිය බ්‍රාහ්මණ වංශයට සම්බන්ධ අයව කියලා හිතන්න පුළුවන්. සංක්‍රමණ සිද්දවෙන කාලයක ආගන්තුකයන්ව ඒ විදිහට හැඳින්වීමත් සාමාන්‍ය දෙයක්.
ඊට පස්සේ, ආයෙත් රාවණා ගැන කතන්දරයක් ලන්දේසි කාලේ ලියපු රාජාවලිය පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ කතාවෙනුත් රාවණාව හඳුන්වන්නේ අධාර්මික පුද්ගලයෙක් විදිහට. “රාවණාගේ අධර්මයෙන් රාවණාගේ කෝට්ටයත් මාළිගා පස්විස්සත් වීදි සාර ලක්‍ෂයත් මූදට ගිලී” ගියා කියලා ඒ කතාවෙන් කියනවා. ඒ කියන්නේ, ලන්දේසි කාලේ වෙද්දිවත් රාවණා වන්දනාවක් පටන් ඇරැගෙන තිබුණේ නෑ.
ඉංග්‍රීසි යටත්විජිත කාලය ආරම්භවෙද්දිත්, රාමායන කතා සිංහල භාෂාවට පරිවර්තනය කරලා තිබුණේ නෑ. 1840 අවුරුද්දේ තමයි, පූජ්‍ය සීනිගම ධම්මරක්ඛිත හාමුදුරුවෝ (සීනිගම තේරුන්නාන්සේ) දෙමළ කම්බ රාමායනය ආශ්‍රය කරලා “රාම කතාව” කියන නමින් සිංහල කවි පොතක් ලියලා තියෙන්නේ. රාවණා බලවත් පාලකයෙක් වනුත් ඔහු තුළ තිබිච්ච කාමුක බව සහ අහංකාරය හින්දා විනාශයට පත්වුණා කියලා වාල්මිකී ලියපු මුල් රාමායනය කතන්දරයෙන් කියනවා. ඒත් දෙමළ කම්බ රාමායනයෙන් රාවණා වේද ශාස්ත්‍රයේ පරතෙරට ගිය කෙනෙක්, වීණා වාදකයෙක් සහ මහා පරාක්‍රමයෙන් යුක්ත රජෙක් විදිහට වර්ණනාවට ලක් කරනවා.
ඊට පස්සේ, 1886 දී, නීතිඥ ජෝන් ද සිල්වා විසින් "සීතාහරණ හෙවත් ගිනිගත් රාමායණය" කියලා නාට්‍යයක් (නූර්තියක්) ලියලා නිෂ්පාදනය කළා.
ඊ ළඟට, හෙළ හවුල විසින් තමන්ගේ “රාවණා ව්‍යාපෘතිය” උස්සන්න පටන්ගත්තා. මේ ව්‍යාපෘතියෙන් රාවණා හෙළයෙක් බවට පත් කළා. කිසිම ඓතිහාසික පදනමක් නැති “සිව් හෙළ” කතාවක් හදලා ඒක අස්සටත් රාවණාවත් රිංගෙව්වා. බලි, තරු චරිතත් හෙළ කෙරෙව්වා. දඬුමොණරය කියන ප්‍රබන්ධයට පණදීලා, රාවණා සිද්ධ ආයුර්වේද ශාස්ත්‍රයේ පීතෘවරයා බවට පත් කළා. එතැනින් නවතින්නේ නැතුව, සංගීතයට, භාෂාවට විශාල සේවයක් කරපු පණ්ඩිතයෙක් බවටත් රාවණාව පත් කළා.ඉතින් හෙළ අවුලේ රාවණා ව්‍යාපෘතිය දෙමළ කම්බ රාමායනයෙන් ආභාසයෙන් හදාගත්ත එකක් කියලත් හිතන්න පුළුවන්.
හෙළ හවුලේ රාවණා ව්‍යාපෘතිය මාර්ගයෙන් අපේ ඉතිහාසයේ මුල් ම වතාවට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අරමුණු කරගත්ත, විජයාගමන - මහින්දාගමන - දුටුගැමුණු ප්‍රවෘත්තිවලට මුල් තැනක් දෙන මහා විහාර මතවාදය අභියෝගයට ලක්කිරීමේ දේශපාලන කාර්යයකුත් ආරම්භ කෙරුණා. විජය අපරාධකාරයෙක් කියලා හංවඩු ගැහුවා. අගක් මුලක් නැති රාවණයෙක් අපේ ඉතිහාසයේ මුලට තිබ්බා.
අරිසෙන් අහුබුදු වගේ අය තමන්ගේ කලා නිර්මාණ යොදාගෙන රාවණා ව්‍යාපෘතිය ජනගතකිරීමේ කාර්යයට තදින් ම කැපැවුණා. ඒ ගැන විස්තර කියන්න ඕන නෑ.
මේ මොන සෙල්ලම් කළත් මහාවංශයෙන් ප්‍රකාශ කෙරන මහාවිහාර මතවාදයට අභියෝගයක් එල්ලවුණේ නෑ. කොටි ත්‍රස්තවාදී යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කරන්න මහාවිහාර මතවාදයට පුළුවන් වුණා. ඒත් ඒ යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ, රාවණා ව්‍යාපෘතිය මහා සද්දයක් දාගෙන ඉස්සරහට එන්න පටන්ගත්තා. මේ වැඩේට සූරිය ගුණසේකර, මිරැන්ඩෝ ඔබේසේකර වගේ අය ඉතාමත් තදින් කැපැවුණා. යක්ඛ ප්‍රවාදය උස්සපු අයත් මේ ව්‍යාපෘතියට මුක්කු ගැහුවා. යක්ඛයෝ පොල් ලෙලි තලලා දුන්නාම රාවණාවාදියෝ අපේ මිනිස්සුන්ට කඹ ගිල්ලුවා.
මෙන්න මේ ප්‍රචාරක කාර්යය මැද්දේ තමයි රාවණා ව්‍යාපෘතියට පන්සල් පවා එකතුවෙන්න පටන්ගත්තේ. පන්සල් ඇතුළෙත් රාවණා මන්දිර හදන්න පටන්ගත්තා. රාවණා පෙරහැරවල් පවා යන්න පටන්ගත්තා. මේ ගැන හොඳ නිරීක්‍ෂණයක් දෙබෝරා ඩී. කොනිං (Deborah de Koning) ලියපු “The Many Faces of Ravana: Ravanisation: The Revitalisation of Ravana among Sinhalese Buddhists in Post-War Sri Lanka” කියන ආචාර්ය උපාධි නිබන්ධනයේ තියෙනවා.
දැන් ඉන්දියාවේ රාමායණ ට්‍රේල් (Ramayana Trail) සෙල්ලමට රාවණා ව්‍යාපෘතිය හරහා ඔළු හෝදපු අපේ මිනිස්සුන්ව හවුල් කරගන්න පුළුවන්. මේක ඉන්දියාවේ සංචාරක කර්මාන්තයේ උදව්වත් ලබාගෙන ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ “ස්වදේශ් දර්ශන්” (Swadesh Darshan) ව්‍යාපෘතිය මාර්ගයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක්. පහුගිය අවුරුදු සීයකට කිට්ටු කාලය තුළ ඔළු හෝදගත්ත අපේ අයට දැන් බොහොම ලේසියෙන් ඉන්දියාවේ “ස්වදේශ්” ව්‍යාපෘතියත් එක්ක සෙට්වෙන්න පුළුවන්. ඒ වැඩේට ගැලැපෙන තරමින් ම අපේ අය දැන් “පරදේශ්” වෙලයි ඉන්නේ. ඉතින් දැන් බොරුවට “මෙන්න අනුරාධපුරයේ රාම කෝවිල් අටවනවෝ. අනේ අපොයි” කියලා කෑගහලා වැඩක් වෙන්නේ නෑ.
“ලංකා” කියන නමේ මුල හොයාගන්න බැරි හින්දා තමයි මේ මුළු රැවැටිල්ල ම ඉපැදිලා තියෙන්නේ. ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ ගෝදාවරී ගඟේ ඩෙල්ටාව ගැන දන්න අයට නම් “ලංකා” කියන්නේ අමුතු නමක් නෙවෙයි. ඒ ඩෙල්ටාව ආශ්‍රිතව ගඟ මැද්දේ “ලංකා” මහ ගොඩක් තියෙනවා. අයෝධ්‍යා ලංකා (Ayodhya Lanka), බොබ්බර්ලංකා (Bobbarlanka), පෙදමල්ලම් ලංකා (Pedamallam Lanka), ගෝගුල්ලංකා (Gogullanka), භෛරව ලංකා (Bhairava Lanka) වගේ ස්ථාන මේ සඳහා උදාහරණ විදිහට දක්වන්න පුළුවන්.
තෙළිඟු භාෂාවේ “ලංකා” යන වචනයේ “දූපත” කියන තේරුම තියෙනවා. “ලංකා” නමේ උපත පැහැදිළි නෑ කියලා විල්හෙල්ම් ගයිගර් (Wilhelm Geiger) සහ ජුල්ස් බ්ලොක් (Jules Bloch) වගේ පඬිවරු කියලා තියෙනවා. මේ ගැන වැඩි විස්තරයක් මම නම් දන්නේ නෑ.
ගෝදාවරී ගඟේ ඩෙල්ටාවෙත් නැගෙනහිර සහ බටහිර ගෝදාවරී දිස්ත්‍රික්කවලත් ගඟ මැද තියෙන දූපත් සහ ගම්මාන මහ ගොඩකුත් “ලංකා ග්‍රාමාලු” (Lanka Gramalu, ලංකා ගම්මාන) කියලා හඳුන්වනවා. මේ ලංකා ග්‍රාමාලුවල නිෂ්පාදනය කරන “ලංකා පොගාකු” (Lanka Pogaku) කියන දුම්කොළවලටත් ඒ දුම්කොළවලින් හදන “ලංකා චුට්ටාලු” (Lanka Chuttalu) කියන සුරුට්ටුවලටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා.
මේ “ලංකා” නමේ භාවිතාව ක්‍රිෂ්ණා ගඟේ ඩෙල්ටාව ආශ්‍රිතවත් දකින්න පුළුවන්. වතුරෙන් වටවෙච්ච දූපත් තියෙනවා නම් “ලංකා” නො තිබෙන්න හේතුවක් නෑනේ. වතුර වැඩිවෙද්දි අතුරුදහන්වෙන සමහර ලංකාවල් වතුර අඩුවුණාම ආයෙත් මතුවෙනවා.
අපේ ලංකාවත් දූපතක්. අපි මේ දූපතට “ශ්‍රී ලංකාව” කියලා කියනවා. මේ “ශ්‍රී” යෙදුමෙන් අපි මේ දූපත (ලංකාව) ඉතාමත් ශ්‍රේෂ්ඨ, ශෝභමාන භූමියක් විදිහට හඳුන්වාගන්නවාත ඇත්තෙන්ම, මේ හැඳින්වීමේ කිසිම වැරැද්දක් නෑ. යටත්විජිත වහල්කම් හින්දා අපේ ඔළු අවුල්වෙලා තිබුණත්, අපි ස්වේච්ඡාවෙන් ම ඉන්දියානු “ස්වදේශ්” ව්‍යාපෘතිවලට කඩේ ගියත් මේ දූපත ඉතාමත් ශ්‍රේෂ්ඨ සහ ශෝභමාන එකක්.
වාල්මිකී මනඃකල්පිත දූපතක් (ලංකාවක්) පටලවාගෙන කතන්දරයක් ලිව්වා. ඒක අපිට අදාළ කතාවක් නෙවෙයි කියලා හොඳ සිහිකල්පනාවෙන් හිටිය අපේ මුතුන් මිත්තෝ සහසුද්දෙන් දැනැගෙන හිටියා. ඒත් යටත්විජිත බලපෑම සහ තවත් හේතු හින්දා ඔළු අවුල් කරගත්ත අපේ සමහර අඥාන මිනිස්සු මේ බම්‍රණු කතන්දරය බදාගනෙ මහාවංශයටත් පහරදෙන්න පටන්ගත්තා.
ඇත්තෙන්ම, අවුල තියෙන්නේ ඉන්දියාවේ නෙවෙයි. ඒ ඉන්දියානු “ස්වදේශ්” ව්‍යාපෘතිය වෙනුවෙන් කත් අදින අපේ රාවණාවාදී පරදේශ්ලාගේ තමයි ලොකු ම අවුල තියෙන්නේ. මේ මොළේ කචල් අයව හදන්න උත්සාහ කරන එකත් මහ මෝඩකමක් වෙන්නත් පුළුවන්.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ